සිංහල-බෞද්ධ විරෝධී කුමන්ත්‍රණ
මද්‍යස්ථ ලෙස සමාජය දෙස බැලීමෙන් මා අතින් සිංහල බෞද්ධයන්ට මෙතෙක් සිදුවූ අසාධාරණයට හිලව් වන්නට ඔවුන් වෙනුවෙනුත් යමක් ලිවීම මෙම සටහනේ අරමුණයි. ඒ සඳහා සිංහල බෞද්ධයෙක් නොවන මා හට මහත් ආයාසයකින් ‘සිංහල බෞද්ධ කෝණයකින්’ බැලීමට සිදුවූ අතර, එහිදී දුටු ඇඟ කිළිපොලායන ආකාරයේ දරුණු සිංහල-බෞද්ධ විරෝධී කුමන්ත්‍රණ කිහිපයක් පහත දක්වා ඇත.
1 සිංහල-බෞද්ධ ජීවිත තර්ජන -
සිංහල බෞද්ධයන්ට ඇතිවෙමින් පවතින ජීවිත තර්ජන දිනෙන් දින ඉහල යමින් පවතී. ආසන්නතම සිද්ධිය ලෙස කටුවනදී පසුගියදා සිදුවූ ම්ලේච්ඡ ඝාතන දැක්විය හැකිය. එහිදී යම් දේශපාලන රැස්වීමකට සහභාගි වෙමින් සිටි සිංහල බෞද්ධ පිරිසකට යම් කණ්ඩායමක් විසින් එල්ල කරන ලද නින්දිත වෙඩි ප්‍රහාරයක් නිසා සිංහල බෞද්ධයින් දෙදෙනෙකුගේ ජීවිත අහිමි විය. මෙලෙස පසුගිය කාලය තුල විවිධ වෙඩිතැබීම් සහ පැහැරගෙන යාම් මගින් සිංහල බෞද්ධයන් සැලකිය යුතු පිරිසක් ඝාතනය විය. මෙලෙස සිංහල බෞද්ධයින් ඝාතනය කරන විවිධ කල්ලි කණ්ඩායම් වලට රජයේ රැකවරණ ලැබෙන බවට විවිධ චෝදනා ඇති බැවින් සිංහල බෞද්ධයින් ඒ පිළිබඳව වඩාත් විමසිලිමත් විය යුතු නොවේද?
2 සිංහල බෞද්ධයින්ගේ ජීවන තත්වය පිරිහීමට ලක්කිරීම
මෙය කිසිවෙකුටත් නොදැනෙන පරිදි යම් පිරිසක් විසින් ඉතා සූක්ෂමව සිදු කරන කුමන්ත්‍රණයකි. අද වන විට අප සිංහල බෞද්ධයන් විසින් එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවාන්හි මිල, සිංහල-බෞද්ධ බහුතරයකට දැරිය නොහැකි මට්ටමකින් ඉහල දමා ඇත. මෙය පසුගිය දශකය තුලදී කැපී පෙනෙන ලෙස සිදුවී ඇති බව පහත වගුවෙන් පැහැදිලි වේ.
මෙම කුමන්ත්‍රණයේ ප්‍රතිඵල මේ වන විටත් ලැබෙමින් පවතී. වෙනදා පැය අටක් වැඩකල අප සිංහල-බෞද්ධයනට මේ වන විට එදිනෙදා වේල ගැටගසා ගැනීම සඳහා පමණක් දිනකට පැය දාහතරක පමණ කාලයක් වැඩෙහි යෙදීමට සිදුව ඇත. බලන්න කෙතරම් අපරාධයක්ද? මෙලෙස අධික ලෙස වෙහෙසෙන අප සිංහල බෞද්ධයන්ගේ කායික මානසික සුවතාව ඉතා ඉක්මණින් ක්ෂය වී යන අතර එය අප ජාතියේ පැවැත්මට මරු පහරකි.
එමෙන්ම ආහාර ද්‍රව්‍ය මිලද කිසිදු පාලනයකින් තොරව ඉහල යාම නිසා සමබල ආහාර වේලක් නොලැබීමෙන් අප සිංහල-බෞද්ධ දරුවන් දිනෙන් දින මන්ද පෝෂණයට ගොදුරු වෙමින් පවතී.
3 සිංහල -බෞද්ධයන්ට එරෙහි වංචාව සහ දූෂණය
අප රට විදේශ වලින් ණයට ගන්නා මුදල් වලින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවලින් වැඩිම ප්‍රතිලාභ ලැබෙන්නේ ජනගහනයෙන් 70% ක් වන සිංහල බෞද්ධ අපට වීම අභිමානයට කරුණකි. එහෙත් එලෙස ලැබෙන මුදල් වැඩි ප්‍රමාණයක් විවිධ කණ්ඩායම් විසින් ගසාකෑම මගින් එම මුදලින් නිසි ප්‍රයෝජන අපට ලැබීම සූක්ෂම ලෙස වලක්වමින් පවතී.
උදාහරණයක් ලෙස සිංහල-බෞද්ධ අපට වන්දනාවේ යාම සඳහා මාර්ග තැනීමේදී මිලියන 200 ක් වැයවන කිලෝමීටරයකට මිලියන 400 ක් ඇස්තමේන්තු දක්වා එකට එකක් ගසාකෑම මගින් සිදු කරන්නේ සිංහල බෞද්ධයන්ට මෙරටේ හිමිවිය යුතු මාර්ග වලින් හරි අඩක් අපට අහිමි කිරීමයි. එමෙන්ම මෙරට සිංහල බෞද්ධයන්ට වරායවල් දෙකක් සාදාගැනීමට හැකි මුදලකින් එක් වරායක් තැනීම? සිංහල බෞද්ධ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වැය කල යුතු විශාල මුදලක් කසිකබල් ඉන්දීය නිළියන්, කාර්රේස්, කානිවල් වැනි විජාතික විගඩම් සඳහා විනාශකිරීම.....
මේවා පැහැදිලිවම සිංහල බෞද්ධ විරෝධී කුමන්ත්‍රණ වේ.
4 සිංහල බෞද්ධයන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය කෙළෙසීම
මෙය සිංහල බෞද්ධයන් අද දවසේ මුහුණ දෙන විශාල ඛේදවාචකයකි. අප මෙරටේ උරුමය හිමි ප්‍රධාන ජන කොටස වශයෙන් රටෙහි සිදුවන සියළු දේ එහි යථා ස්වරූපයෙන් දැන ගැනීමේ පරම අයිතිය අපට තිබිය යුතුය.
එහෙත් සියුම්ව නිරීක්ෂණය කිරීමේදී රටේ සියළුම ජනමාධ්‍යයන් යම් කුමන්ත්‍රණකාරී බලවේගයකට නතුව සත්‍යය වෙනුවට අසත්‍යයම අප වෙත පතුරවමින් සිටින බව පෙනේ. උදාහරණයක් ලෙස කලින් සඳහන් කල කටුවන සිංහල බෞද්ධයන් දෙදෙනා ඝාතනයේදී ‘රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය’ නම් කුමන්ත්‍රණකාරී රජයේ ආයතනය විසින් එම සාහසික ඝාතකයා ආරක්ෂා කරමින් සිංහල බෞද්ධ අප නොමග යැවීමට කටයුතු කලේය. එමෙන්ම රටේ සිදුවන සිංහල බෞද්ධ විරෝධී මහා පරිමාණ සොරකම්/දූෂණ/වංචා යනාදී කිසිවක් මේ මාධයන්ගෙන් හෙළිදරව් නොකරයි.
මේ නිසාම අප පින්වත් සිංහල බෞද්ධයන් නිවැරදි තොරතුරු දැනගානීම සඳහා පාපකාරී ගොසිප් අඩවි වෙත නැඹුරු වීමෙන් මහත් පවක් සිදුකරගන්නා අතර එය අපගේ මීළඟ භවය දුකට පත්කීරීමේ කුමන්ත්‍රණයක් ලෙසද සැලකිය හැකිය.
5 සිංහල බෞද්ධයන්ගේ ප්‍රතිරූපය කෙළෙසීම
මෙය නම් අප විසින් වහ වහා පිළියම් යෙදිය යුතු කුමන්ත්‍රණයකි. මෙම කුමන්ත්‍රණ කරුවන් විසින් සූක්ෂමව සිදු කරන්නේ අවිහිංසාව අගයන සිංහල බෞද්ධ අපද තලේබානුන් මෙන් ම්ලේච්ඡ විලිසංගයක් නැති උන්මත්තකයින් ලෙස පෙන්වීමට උත්සාහ කිරීමයි. මෙම කුමන්ත්‍රණයේ කොටස් ලෙස ප්‍රකෝපකාරීව විවිධ ආගමික සිද්ධස්ථාන මාධ්‍ය ඉදිරියේ කඩා බිඳ දැමීම, සිවුරු උස්සාගෙන සටන් පාඨ කියමින් පෙළපාලි යෑම, විවිධ චීවරධාරීන් ලවා අහිංසක ගෑනුන්ට පාට් දැම්මවීම වැනි දේවල් අපි පසුගිය කාලයේ දුටිමු. අප සිංහල බෞද්ධ අනන්‍යතාව ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු කිරීම මෙම කුමන්ත්‍රණයේ මූලික අරමුණයි.
6 තවත් මෙවන් කුමන්ත්‍රණ රාශියකි.
ඒවා අධ්‍යාපන/ප්‍රවාහන/විදුලි සංදේශ/නීතිය හා සාමය/කුඩා කර්මාන්ත/සත්වෝද්‍යාන/ආර්ථික සංවර්ධන/ළමා හා කාන්තා/පාරිභෝගික කටයුතු ආදී බොහෝ ක්ෂේත්‍රවල සිදුවන බව මගේ නිරීක්ෂණයයි. එහෙත් ඒ සියල්ල හෙළිදරව් කිරීමට මෙය අවස්ථාව නොවේ. ඩෙංගු වසංගතයද දැනට පවතින භයානකම කුමන්ත්‍රණයකි. මෙම වසංගතය මෙතෙක් වැඩිපුරම වැළදී ඇත්තේ සිංහල බෞද්ධයින්ට බව සංඛ්‍යාලේඛන මනාව පෙන්වයි. බීටීඅයි බැක්ටීරියාව පවා සඟවමින් මේ කුමන්ත්‍රණකරුවන් උත්සාහ දරන්නේ ඩෙංගු මදුරුවා ලවා හෝ අප සිංහල බෞද්ධයන් වලපල්ලට යැවීමටයි.
අවසන් වශයෙන් කිවයුත්තේ සිංහල-බෞද්ධයෙකු නොවන මා, මහත් ආයාසයකින් සිංහල බෞද්ධ කෝණයකින් බැලීමේදී දුටු මෙම කුමන්ත්‍රණ කිසිවක් ‘සැබෑ-සිංහල-බෞද්ධයන්’ යයි කියාගන්නා අයවළුන් මෙතෙක් නොදැකීමයි. තම ජාතිය වලපල්ලට යමින් සිටියදීත්, එයට සම්බන්ධ සියළු කුමන්ත්‍රණකාරීන් දිවි හිමියෙන් ආරක්ෂා කරන මෙම ඊනියා-සිංහල-බෞද්ධයින්, දෙමළුන් හා මුස්ලිමුන්ට ඔරවමින් බලා සිටිති. මෙම ඊනියා-සිංහල-බෞද්ධයින් කරන කුමන්ත්‍රණය මේවායින් විශාලතම කුමන්ත්‍රණය නොවන්නේද?
http://reargate.blogspot.com/
ඇතිවිය හැකි ප්‍රශ්න
ප්‍රශ්නය :මේ සමහර පස්න ජාති තුනටම පොදුයි නේද??
උත්තරය :මචංස්ලා මේ නව සංකල්පෙ හැටියට අනික් අයට තියෙන ප්‍රස්න ගනන් ගන්නෙ නෑ. එච්ච හොයන්නෙත් නෑ. කොටින්ම ඒ අයට තියෙන ප්‍රස්න අපි දන්නෙත් නෑ. අපිට වැඩකුත් නෑ.
මෙ නව සංකල්පෙ හැටියට අපි කෙලින්ම බලන්නෙ 'අපිට තියෙන ප්‍රස්න' දිහා.

Last edited: