මගේ බෙහෙත ඒඩ්ස්‌වලට සියයට සීයක්‌ සාර්ථකය

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ බෙහෙත ඒඩ්ස්‌වලට සියයට සීයක්‌ සාර්ථකය

    tharanga.png


    තමන් සොයා ගනු ලැබුවේ එච්. අයි. වී. (ඒඩ්ස්‌) ආසාදිතයන්ගේ ප්‍රතිශක්‌තිය සියයට සියයක්‌ ඉහළ දමන සාර්ථක ඖෂධයක්‌ බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය පැවසුවාය.

    එච්. අයි. වී. පොසිටිව් තත්ත්වය මාසයක්‌ ඇතුළතදී සියයට සියයක්‌ම මේ ඖෂධයෙන් නෙගටිව් වෙනවා යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය පැවසුවාය.

    ‘එච්. අයි. වී. ආසාදිතයන් කිහිපදෙනකු යොදාගනිමින් මම මේ පර්යේෂණ කළා. සියයට සියයක්‌ම සාර්ථකයි. සිංහල වෛද්‍ය ක්‍රමය අනුව දේශීය ඖෂධීය ශාක යොදාගනිමින් මේ ඖෂධය නිපදවන්නේ’ යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

    ‘මේ ඖෂධය තවම ආයුර්වේදවලට දැමුවේ නැහැ. ප්‍රතිකාර ලබන්න එන එච්. අයි. වී. ආසාදිතයන්ගේ අනන්‍යතාව රැකගත යුතු නිසා. මගෙන් මේ ඖෂධය ඉල්ලා සිටින ඕනෑම කෙනකුට එය ලබා දිය හැකියි. ඒත් සතියකට විතර කලින් දැනුම් දෙන්න ඕනෑ.

    මේ ඖෂධයෙන් කෙරෙන්නේ වෛරසය විනාශ කිරීම සහ රක්‌තානු පිරිසිදු කිරීමයි. ආයුර්වේද සභාවට තවම මම මේ ගැන දැනුම්දීමක්‌ කළේ නෑ. දේශීය වෛද්‍ය ඇමැතිතුමා උපකාර කරන බව පැවසුවා. මම තවම ඇමැතිතුමා හමුවුණෙත් නැහැ.

    එච්. අයි. වී. ආසාදිත ඕනෑම කෙනෙක්‌ ආවොත් මම බෙහෙත් දෙනවා. මට කළ හැකි දේ මම කරනවා. විදේශීය රෝගීන් වුණත් කමක්‌ නෑ. අපේ රටට එනවා නම් මම මේ ප්‍රතිකාරය ලබා දෙනවා. මේ මගින් අපේ රටට ආදායමක්‌ ලබාගන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ දුප්පත්කම නැති කරගන්න හොඳ අවස්‌ථාවක්‌’ යෑයි ද ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

    මීට පෙර ඩෙංගු රෝගය සඳහා ඇය විසින් ඖෂධයක්‌ සොයාගත්තාය. එයද සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌ බව පවසන වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය මෙම ඖෂධ වර්ග දෙකම පිළිබඳ විමසීම් 0714845335 දරන ඇගේ දුරකථන අංකයට අමතා ලබාගත හැකි බව ද කීවාය.


    පුවත් පලවෙන වෙබ් අඩවියකින් උපුටා ගන්නා ලදි.