සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරමු
සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරමු
මේ මගේ දෙවැනි ත්‍රෙඩ් ඒක. මේකෙන් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ තරු පන්තියේ පිළිගත් සංචාරක හෝටලයක රැකියාවක් ලබා ගන්නේ කොහොමද කියලා.
හැබැයි ඒක දෙයක් කියන්න ඕනි. මෙව්වගේ තිබෙන්නේ වෙන ආයතන වගේ උදේ 8 ට ඇවිත් හවස 4 ට ගෙදර යන්න පුළුවන් විදියක් නෙමෙයි. මෙව්වගේ තිබෙන්නේ පැය 9 යේ සේවා මුර. ඒ කියන්නේ උදේ 7 සිට හවස 4 වෙන තෙක්, එසේ නැතිනම් හවස 2 සිට රාත්‍රී 11 තෙක්, නැතිනම් රාත්‍රී 11 සිට උදේ 7 තෙක්. මේ වගේ තමයි සේවා මුර වැටෙන්නේ. අනික තමයි බොහෝ වෙලාවට උදේ 7 ට සේවයට පැමිණුනාට හරියටම හවස 4 ට යන්න වෙන්නේ නෑ, ඇතැම් විට හවස 6 පමණ වන තෙක් සේවය කරන්න වෙනවා.
දෙසැම්බර් වැනි මාස වලදී මා ඒක දිගට උදේ 7 ට සේවයට පැමිණුනාම සේවය අවසන් කරන්නේ ඊලග දවසේ උදැසන 2 ට 3 ට පමණ. අන්න ඒ වගේ තත්වයක් තුලදී සේවය කිරීමේ හැකියාවක් ඔබට තිබෙනවා නම් පමණක් මේ හොටල් ක්ෂේත්‍රයහි රැකියාවක් තෝරා ගන්න.
අධ්‍යාපනය ලබන්නේ කොහෙද?
ශ්‍රී ලංකාවේ තිබෙනවා විවිධ උපාධි පිරිනමන ආයතන රාශියක්. ඒවායින් ඇතැමක් රාජ්‍ය අංශයේ වන අතර සමහරක් පෞද්ගලික ආයතන වෙනවා. රාජ්‍ය හා පෞද්ගලික දෙයංශයටම කොටස් අයිති ආයතනද තිබෙනවා.
මේ අතුරින් සංචාරක වියාපාරය හා සම්බන්ධව අධ්‍යාපනය ලබා දෙන ආයතන අතුරින් ලංකාවේ ඉදිරියෙන්ම සිටින්නේ සම්පුර්ණයෙන්ම රාජ්‍ය අංශයේ ආයතනයක් වන ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය හෙවත් සිලෝන් හොටෙල් ස්කුල් ආයතනය. දැන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අධික වේගයෙන් දියුණු වන නිසා බොහෝ පෞද්ගලික ආයතනත් මේ අධ්ය අධ්‍යාපනය ලබාදීමට විවිධ ආයතන පිහිටුවා තිබෙනවා. ඒ නමුත් ඒ කිසිම ආයතනයක් ලබා දෙන සහතිකය "ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය" මගින් ලබා දෙන පුහුණුව තරම් පිළිගැනීමක් නෑ. බොහෝ තරු පන්තියේ හෝටල් වල ප්‍රධානින් "ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය" මගින් අධ්‍යාපනය ලබා පැමිණුනු අය.
අනික තමයි මෙහි පුහුණුවට ගෙවිය යුතු ගාස්තුව අල්පයි. පෞද්ගලික ආයතයක පුහුණුව ලැබීමේදී රුපියල් 60,000 පමණ ගෙවිය යුතු නමුත් මෙහිදී රුපියල් 16,000 පමණ ගෙවා ඊටත් වඩා හොඳ අධ්‍යාපනයක් ලැබිය හැකියි. එම නිසා මා ඔබට රෙකමදාරු කරන්නේ "ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය" තෝරා ගන්නා ලෙසයි.
සම්බන්ධ වීම
මේ ආයතනය මගින් මුලික පාඨමාලා 4 ක් පවත්වනවා.
1 Professional Cookery
2 Housekeeping
3 Front Office
4 Food And Beverage
මේවයින් ඔබ කැමති කුමකටද කියා තෝරා ගන්න. ඔබට සාමන්‍යය පෙළ පාස් නම් මේවාට සම්බන්ධ විය හැකියි. මේ එක් පාඨමාලාවක් මාස 5 පැවැත්වෙනවා. මේ එක් පාඨමාලාවක් හැදෑරීමට මාස 5 ටම ගාස්තුව රුපියල් 16,000 චාගේ. නමුත් ඇදුම් පැළදුම් වලට, පිහි ආදිය මිලට ගැනීමට සැලකිය යුතු මුදල් වැයවනවා. බොහෝ විට රුපියල් 6,000 පමණ වැයවේවි. ඉන් පසු මාස 6 ක් තරු පන්තියේ හෝටල් වලට අනුයුක්තව පුහුණුවක් ලබා දෙනවා. ඉන් පසු කැමති අයට තමන්ගේ දක්ෂතාවය පෙන්වා හෝටලයේම රැදී හෝ වෙනත් හෝටලයක සේවයට යා හැකියි. හෝටලයේ පුහුණුව ලබන මාස 6 තුල කෑම බිම ඇදුම් පැළදුම් සහිතව රුපියල් 8,000 සිට 15,000 පමණ වන තෙක් වැටුපක් ලැබිය හැකියි. මෙය හෝටලය අනුව වෙනස් වනවා. ඉන් පසු මුලික පඩිය හා සර්විස් චාර්ජ් සමගින් රුපියල් 25,000 සිට ඉහලට වැටුපක් ලැබිය හැකියි.
නමුත් ඉහලට අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන්නෙක් නම් මේ පාඨමාලා 4 ම සම්පුර්ණ කල යුතුයි. ඒ සදහා අවුරුදු 4 වැයවනවා.
............
මම මේ ත්‍රෙඩ් ඒක දැම්මේ කවුරු හරි අලුතින් සංචාරය ක්ශේත්‍රයේ රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් එකට උදව්වක් විදියට. මොකද සංචාරක ක්ශේත්‍රයේ ලංකාවේ දියුණු වෙන වේගයෙන් පුහුණු ශ්‍රමිකයන් මේ ක්ෂේත්‍රයට එන්නේ නෑ. මම හිතන්නේ මේකට හේතුව තමයි මේ ක්ශේත්‍රය ගැන ඇතැමුන් තුල ඇති අසත්‍ය මත.
ගැටළු තිබෙනවා නම් විමසන්න. පුළුවන් විදියට, කාලය ඇති විදියට පිළිතුරු දෙන්නම්.
තෙරුවන් සරණයි !