සිහිනයෙන් පියනගන...

Nohim Ys

Well-known member
  • සිහිනයෙන් පියනගන...

    සිහිනයෙන් පියනගන - ඒ සිතුම් වල සුවද
    දැනෙනවා සියුමැලියේ - විදිමි මම සන්සුන්ව
    සනසමින් සසල සිත - පවසමින් මෘදු වචන
    කියාදෙන පෙම් කවිය - සිහිනයකි සොදුරුතම

    දෙසවන් පුරා
    මා නෙතු වසා
    හදගැස්ම ලග නවතා
    සෙනෙහසින් මා සතපා
    ලියවෙනා පෙම් පුවත - රැදෙයි ලොව සැම කල්ම

    ඔය නෙතගේ නිල් එළිය - සද පරදනා මුහුන
    සුසුම් වල රිද්මයට - සලිත වන්නේ මහද
    සෙනෙහසින් මා ලබන - ඔය කොපුල් වල සුවය
    බොළඳ බස් අඩු නැතිව - සතුව ඇත ඔය මුවඟ

    දෙසවන් පුරා
    මා නෙතු වසා
    හදගැස්ම ලග නවතා
    සෙනෙහසින් මා සතපා
    ලියවෙනා පෙම් පුවත - රැදෙයි ලොව සැම කල්ම


    :):):):):):):):):):):):):):):):):):):):):)
     

    Nohim Ys

    Well-known member