පිරිතක් කියනවා නම් මෙහෙම කරමු.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පිරිතක් කියනවා නම් මෙහෙම කරමු.

    ඔන්න කාලෙකට පස්සේ ආපහු ආවා ට්‍රේඩ් එකක් දාලා යන්න.....
    මේ ලගදි, ලගදි කිවේ ඊයේ,
    අපේ බෝඩිමේ පිරිතක් තිබුනා......

    frrde.jpg


    ඒ කරලා දවල් දානෙකුත් දුන්න...
    මේක බෝඩිම අයිති ගෙදර අය කිව්ව පලවෙනි පිරිත,,,
    ඉතින් වුලින් වැඩ ටිකක් අනාගත්ත කලින් කරලා නැති නිසා...
    හැබැයි අන්තිමට හොදට කර ගත්තා...
    ඉතින් එකෙන් ගත්ත ඒවත් එක්ක මම අද කියන්න යන්නේ හරියට කොහොමද පිරිතකට ලෑස්ති වෙන්නේ කියලා.....
    සමහර දේවල් මම දන්නෙත් නැ,
    ඒ නිසා දන්නා ය මේකේ පොස්ට් එකක් දාලා ඒවා නිවැරදි කරන්න...
    මම අතින් වැරදි දෙයක්, වැරදි පිළිවෙලක් කියවුනොත් කරුණා කරලා පෙන්වා දෙන්න....

    මුලින්ම අපි පිරිත කියන්න මුලිකත්වය දෙන පන්සල තෝරාගන්න ඕනේ,,
    ඒ කිවේ අපි හැමෝටම මුලික පන්සලක් තියෙනවා..
    අපි පෝයට යන, දානේ අරන් යන පන්සල.....
    සමහරුන්ට දෙක තුනක් තියෙනවා....
    පිරිතට මුලිකත්වය දෙන්නේ මොන පන්සලෙන්ද කියල මුලින්ම තොර ගන්න ඕනේ,,,,

    z_p10-11-dolos3.jpg


    ඊට පස්සේ ඉදිරියට අඩුම සති 2ක්, 3ක් තියලා,
    අපිට පුළුවන් දවස් ටිකකුත් හදාගෙන නායක හාමුදුරුවෝ බැහැදකින්න යන්න ඕනේ...
    එතකොට හාමුදුරුවෝ අපිට කියයි පුළුවන් දවස් දෙක තුනක්,,,
    ඒවගෙන් අපිට පුළුවන් දවස තොර ගන්න ඕනේ....

    ඊළගට පිරිතට කි නමකට ආරාධනා කරනවද කියලා තීරණය කරන්න ඕනේ...
    මම දැකලා තියෙන්නේ 8-12 අතර හාමුදුරුවරු පිරිසකට ආරාධනා කරලා තියෙන ඒවා තමා ගොඩක්...

    ඒ කරලා ලොකු හාමුදුරුවන්ට කිවම , හාමුදුරුවෝ සාමාන්‍යයෙන් වෙන පන්සල් අනිත් හාමුදුරුවන්ට ආරාධනා කරනවා....
    හැබැයි ඒ හැම පන්සලකටම ගිහින් දවස අනිවාර්යයෙන්ම මතක් කරන්න....
    ඒ යන වෙලාවට කිරිපිටි පැකට් එකක්, සබන් කැටයක් වගේ දෙයක් අරන් යන්න.
    දැන් ගොඩක් මිනිස්සු ලොකු ලොකු ජාති අරන් යනවා...
    ඒ උනාට කරුණාකරලා හාමුදුවරුන්ට වැදගත් වන දේවල් අරන් ගන්න,,,

    දැන් ඒ වැඩේ හරි,,,,
    දැන් ගෙදර කරන වැඩ වලට ලෑස්ති වෙමු....

    මුලින්ම පිරිත් මන්ඩප්පයක් ඕනේ...

    pirith.jpg


    ඉස්සරනම් ගොඩක් ගෙවල් වල හැදුවා....
    දැන් නම් කුලියට තමා ගේන්නේ....
    කොහොම කලත් කමක් නැ, හැබැයි අවශ්‍ය ගුණාංග තියෙන පිරිත් මන්ඩප්පයක් ගෙන්න...
    මොකද මම දැකලා තියෙනවා කාන්තාවන්ගේ රුප කැටයම් කරපු පිරිත් මන්ඩප්පයක්.

    එටපස්සේ පිරිත් මන්දප්පේ වටේට තියන්න පුන් කලස් ඕනේ...
    ඒවා හදා ගන්නේ මැටි කාලෙකට වතුර දාල,
    එකට පුවක් මල් දාලා..
    තව අය තව තව ඒවා දානවා....
    ඒවා පලාතෙන් පලාතට වෙනස් වෙනවා.....

    පිරිත් පැන් යනු බෞද්ධ ආගමික වතාවතක් වන පිරිත් දේශනයකදී භාවිතා කරන ජලය සහිත භාජනයට ය. මෙම පදය පිරිත් පැන් ලෙස භාවිතා කරනුයේ ද පිරිත් මඟින් ලබාගන්නා සුවිශේෂ වටිනාකමක් සහිත ස්වභාවයක් මෙහි ඇති බැවිනි. පිරිත් යනු සතර බණවර හෙවත් පිරුවානා පොත් වහන්සේ ලෙස හඳුන් වන ග්‍රන්ථයෙහි සියලු සූත්‍ර ධර්මයන් ය. සතර බණවර වලට අන්තර්ගත නොවන හෙවත් අතිරේක වශයෙන් පිරිත් පොතේ අන්තර්ගත පිරිත් බොහොමයක් ද ඇත. ඒ සියල්ල පිරිත් වශයෙන් සලකා සජ්ඣායනා කිරීම ශ්‍රී ලාංකික බෞද්ධ සම්ප්‍රදායකි. එසේ සජ්ඣායනා කිරීම ලොව ඇති පවිත්‍ර සත් ක්‍රියාවක් ලෙස සලකා විවිධාකාරයෙන් සිදු කැරෙයි. වරු පිරිත, වත් පිරිත, දෙවරු පිරිත්, තිස් පෑ පිරිත, තුන් තිස් පෑ පිරිත, තිස් පෑ පහේ පිරිත, සති පිරිත ලෙස ඒවා නම් කැරේ. මෙම පිරිත් පින්කම් වල අත්‍යවශ්‍යම අංගයක් ලෙස පිරිත් පැන් හඳුනා ගත හැකි ය. පැන් යනු ජලයයි. එහෙත් බෞද්ධයන් පිරිත් යන සත් ක්‍රියාව සමඟ ජලය වතුර යන වචන භාවිතා නොකරයි. ඒ සඳහා බෞද්ධ සම්ප්‍රදාය තුළ භාවිතා වන පැන් යන ගෞරවය වචනය භාවිතා කරයි. පිරිත් දේශනයක් පවත්වන ස්ථානයේ නැවුම් ජල බඳුනක් තබා එයට නූලක් සම්බන්ධ කොට ඉදිරියේ තබාගෙන (වඩා ඈතින් නොවේ) වාක් ශබ්ද තරංග වඳිනා ලෙස පිරිත් කීම ඉපැරැණි සම්ප්‍රදාය විය. සමහරවිට පැන් බඳුන අතට ගෙන කලත්තමින් පිරිත් දෙසීම සිදුවූ බවද අප අසා ඇත.කෙසේ හෝ වේවා මේ උතුම් කෘත්‍ය සඳහා භාවිතා කරන ජලබඳුන පිරිත් පැන් කළය ලෙස ව්‍යවහාර වේ. වර්තමානයේ පිරිත් පැන් කළය පමණක් නොව පිරිත් පැන් බෝ තලය ලෙසද ව්‍යවහාර වේ. වෙළඳපොළේ ඇති පානීය ජල බෝතල් හා වෙනත් බෝතල් වලට ජලය පුරවා පිරිත් මණ්ඩප වල තබා, ඊට නූල් සම්බන්ධ කැරේ.
    මේ අනුව පිරිත් පැන් බෝතල් පමණක් නොව පිරිත් තෙල් බෝතල් ද, පිරිත් මණ්ඩප වල දැකිය හැකිය. සාම්ප්‍රදායික පිරිත් පැන් කළයට තිබූ සම්භාවනීය ගෞරවය පිරිත් පැන් බෝතලයට නොලැබෙන බවද පෙනෙන්නට තිබෙන ලක්‍ෂණයකි. සාම්ප්‍රදායික බෞද්ධයෝ පිරිත් පැන් භාජනයට බහාලන ජලය සපයා දීම සම්බන්ධව ගෞරවනීය පිළිවෙතක් ක්‍රියාත්මක කළහ. මේ කාරණය සඳහා නැවුම් බඳුනක් සොයාගත් අතර නොඉඳුල් ජලය ලබා ගැනීමට අලුතෙන්ම කුඩා ළිඳක් කපා ගැනීමට ඔවුහු පුරුදුව සිටියහ.
    මෙලෙස ගරුසරුව සපයාගත් ජලබඳුන සුදුපිරුවටකින් වසාගෙන වියන් අල්ලා ඇතැම් විට ශබ්ද පූජා සහිතව ද මණ්ඩපය කරා වැඩම කරගෙන එති. ඉන් පසු ගොක්කොල ආවරණයකින් සරසා මණ්ඩපයේ අසුන මත තබා ප්‍රධාන පිරිත් හුයට සම්බන්ධ කරනු ලබයි. සාම්ප්‍රදායික සමාජ රටාව තුළ දක්නට ලැබුණු මෙම ලක්‍ෂණ දැන් වියැකෙමින් පවතී.
    වර්තමානයේ පැන් ගනු ලබන්නේ නළ ජලයෙන් නිසා පෙර පැවති ගෞරවණීය භාවය ලබාගැනීමට නොහැකි ය. පිරිසුදු බව පතා පෙරහන්කඩකින් පෙරා ජලය ලබා ගැනීම සිදු කරති. මෙය නූතන සමාජයට ගැලපෙන ලෙස බෞද්ධ ආගමික සංකල්පවල වෙනස්වීම පිළිඹිබු කරයි.
    නූතන සමාජයට පිරිත් පැන්වල උපයෝගීතාව
    බෞද්ධයා පිරිත් පැන් ලෞකික අරමුණු සඵල සාර්ථක කර ගැනීමේ අරමුණින් භාවිතා කරයි. නොයෙක් අරමුණු අවස්ථා මුල් කරගෙන මෙම භාවිතය සිදුවිය.
    1. ජීවිතය සම්බන්ධ විවිධ අවස්ථා
    2. සමාජ ජීවිතයේ වැදගත් අවස්ථා
    3. ආගමික වැදගත්කමකින් යුතු අවස්ථා
    4. පොදු හා පෞද්ගලික විශේෂ අවස්ථා
    මිනිස් ජීවිතයක උපතේ සිට මරණය තෙක් සුවිශේෂී අවස්ථාවල පිරිත් පැන් භාවිතා කැරේ. දරුවෙකු බිහිවීමට පළමු, ප්‍රසූතිය බලාපොරොත්තු වන මවගේ ආරක්‍ෂාව සඳහා අංගුලිමාල පිරිත දේශනා කොට පිරිත් පැන් බීමට දෙයි. ඉතාම ආසන්න කාලයේ දී අංගුලිමාල පිරිත තැඹිලි ගෙඩියකට ජීවංකර බීමට දෙයි. සාම්ප්‍රදායික සමාජයේ දරු ප්‍රසූතිය යනු ජීවිතය හා මරණය අතර සටනකි. මේ නිසා ගැබිණියට චිත්ත ශක්තිය ලබා දීමත් පිරිතේ බලයෙන් ආරක්‍ෂාව ලබාදීමත්, මෙයින් බලාපොරොත්තු වූ බව සිතිය හැකි ය. වර්තමාන කාලයේ මව් පදවිය බලාපොරොත්තු වන අය අංගුලිමාල පිරිතෙන් ආරක්‍ෂාව බලාපොරොත්තු වෙති. ළදරු කාලයේ දී පිරිත් පැන් භාවිතා කරන අවස්ථාවක් ලෙස කොණ්ඩය කැපීම, කන් විදීම ආදී අවස්ථා සැලකෙයි. කොණ්ඩය කැපීමේ දී හක් ගෙඩියකින් හිසට පිරිත් පැන් වත් කිරීම සිදු කැරේ. කන්විදීමේදී ද කනට දමන අබරණවලට පිරිත් පැන් ඉසීම සිදු කැරේ.
    රෝගාතුරවීම, විවාහය, මරණය යන සැම අවස්ථාවලම සෙත් පිරිත් දේශනා කරනු ලැබේ. මෙහිදී පිරිත් පැන් ස්වල්පයක් පානය කිරීම සහ හිසෙහි ගා ගැනීම මගින් ආශීර්වාදය සැලසෙන බව විශ්වාසයයි. මරණයට පත්ව ආදාහනය කළ ස්ථානයටද පිරිත් පැන් ඉසීම සිදු කරති. මෙමගින් මිනී අළු සූනියම් වැනි විනාශකාරි දේ වලට යොදා ගැනීම වළක්වා ගැනීම අපේක්‍ෂා කැරේ. පිිරිත් පැන් ඉසීමෙන් පසු එම අළු වලින් අනර්ථකාරි ක්‍රියා කිරීමේ ශක්තිය නැති වන බව, මිනිසුන්ගේ විශ්වාසයයි.

    (මේ ටික ගත්තේ නෙට් එකෙන්...)


    ඊටපස්සේ පිරිත් මන්ඩප්පේ සාමාන්‍යයෙන් කොළ වර්ග එල්ලනවා....
    ඒවත් පලාතෙන් පලාතට වෙනස් වෙනවා..
    ඒ ගැනත් සැලකිලිමත් වෙන්න....

    new+2.jpg


    ඊට පස්සේ පිරිත් මන්ඩප්පෙට පෙන විදිහට එළියෙන් පහන් පලක් ගහන්න ඕනේ....

    4855629683_5170132c88_m.jpg


    එකේ පහනක් පත්තු කරලා තියන්න....
    ගොක් කොළ වලින් තමා හදන්නේ....

    ඊට පස්සේ පිරිත් නුල...

    pirith.jpg


    මේ සදහා සැකසු නුල් වර්ගයක් තියෙනවා...
    මේ නුල් පුවක් මලක ඔතලා ගන්න.....


    ටිකක් වැඩිපුර ගන්න....
    මොකද සාමාන්‍යයෙන් එන ය තව අයට නුල් අරන් යන නිසා.....

    අනික ගෙදර වටේටම පිරිත් නුල අදින්න...
    හැබැයි කාටවත් පිරිත් නුල උඩින් පනින්න දෙන්න එපා.....

    ඉලගට බලන්න ඕනේ පිරිත් දවසට ස්වාමින්වහන්සේලා වැඩම කරවන්න වාහන...
    අනික ස්වාමින්වහන්සේලා දෙනමක් හො තුන් නමක් තමා එක පාරකට පිරිත් කියන්නේ...
    ඒ අතර තුර අනිත් ස්වාමින්වහන්සේලට සැතපෙන්න ස්ථානයක්, වෙනම වැසිකිලියක් ලෑස්ති කරන්න...
    සමහර ස්වාමින්වහන්සේලා සැතපෙන්න පන්සලට වැඩම කරනවා..
    ඒ වෙලාවට අවශ්‍ය වාහන එහෙම ලෑස්ති කරලා තියා ගන්න......

    තව දෙයක් තියෙනවා....
    ස්වාමින්වහන්සේලාට පිරිත් දේශනාව අතරතුර නිදිමත ගතිය පහව යාමට හා කට වෙලේනවාට ගිලන්පස හා පැණිරස කැවිලි දෙනවා....
    රටඉදි , සුකිරි, වගේ දේවල්.
    ඒවත් වෙනම ලෑස්ති කරන්න ඕනේ.....


    ඒ වගේම එදා පිරිත් අහන්න එන අයට සංග්‍රහ ලෑස්ති කරන්න ඕනේ..
    සාමාන්‍යයෙන් රැ වෙන්න වෙන්න විනාඩි 45න් 45ත වගේ තේ, කොපි දෙනවා...
    කරුණාකරලා කාඩ් කුට්ටමක් නම් ගෙන්න එපා....
    ඒවා සුදුසු නැ,
    මත්පැන් හා මත්ද්‍රව්‍ය ලංකර ගැනීමෙන් වලකින්න...
    නැත්නම් පිරිත් කියන එකෙනුත් වැඩක් නැ....

    ඒවගෙන පිරිත් අතර රතින්නා (මේක ටයිප් කරන්න හෙරෙන් නැ.) දානවා...
    එකටත් ලෑස්ති වෙන්න....

    පිරිත් ඉවර උනාම සාමාන්‍යයෙන් කොළ කැද දෙනවා....
    මහන්සි ගතිය පහු වෙලා ගිහින් ශක්තියක් එන්න තමා දෙන්නේ.,
    ගොටුකොල, පෙනෙල, කරපිංචා වගේ ඒවා තමා ගන්නේ....

    පහුවදා උදේට හීල් දානය දෙන්න ලෑස්ති වෙන්න,,,
    ගොඩාක් වෙලාවට ඉදිඅප්ප, පිට්ටු, කිරිබත් වගේ ඒවා තමා දෙන්නේ...
    කරුණා කරලා පාන් නම් දෙන්න එපා.....
    එක ගැලපෙන් නැ....
    තව දෙයක්,
    හීල් දානය පන්සලට අරන් යන්නත් ඕනේ.....
    එකටත් එක්ක ලෑස්ති වෙන්න.....

    මේ තමා මුලිකම කරුණු ටික...
    තව ගොඩක් ජාති තියෙනවා....
    කරුණාකරලා දන්නා අය කොටාගෙන යන්න....
    දානෙකුත් තිබ්බ පහුවෙනිදා....
    ඒ ගැන වෙනම කියන්නම්....
    එහෙනම් අපි කැපුනා...
    ඔබ සැමට බුදු සරණයි.....





     
    Last edited:

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    good post bro.You have given out too much Reputation in the last 24 hours, try again later