වේරහැර ගිහින් වැඩේ හරියට කර ගැනීම .......

chathurakalugal

Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    වේරහැර ගිහින් වැඩේ හරියට කර ගැනීම .......

    වාහනයක් ගත්තම එකේ Registration එක හරියට කරගන්නේ කොහොමද කියල මගේ පරණ Thread එක බැලුව නම් මතක ඇති නේ.

    අද කියන්න යන්නේ ඒවගේම වාහනයක් ගත්තම ඕන වෙන අනිත් එක ගන්න රස්තියාදු වෙන්නේ නැතිව කරගන්න පුළුවන් විදිය ගැනයි.

    Driving Licence එක ගන්න අපි යන්න ඕන වේරහැර තියෙන RMV Office එකට.

    ගමන් මාර්ගය .....
    කොළඹ-කැස්බෑව 120 බස් එකෙන් ඇවිත් කෙලින්ම බහින්න පුළුවන්.
    හයිලෙවල් එකේ එනවා නම්, මහරගමින් කටුවාවල 345 හෝ 341/1 ඇවිත් RMV එක ළඟටම එන්න පුළුවන්.
    ගාලු පාරේ එනවා නම් දෙහිවලින් 119 ක බොරලස්ගමුවට ඇවිත් එතනින් 120 එන්න පුළුවන්.

    ලයිෂන් එක ගන්න RMV එකට යන්න ඕන වුනත් අපි මුලින්ම යන්න පුරුදු වෙලා තියෙන්නේ හන්දියක් හන්දියක් ගානේ තියෙන ලර්නර්ස් කියල බෝඩ් ගහපු තැන් වලටමයි.

    ඒත් ඒ තැන් වලට ගිහින් සල්ලි නාස්ති කරගන්නේ නැතුව අපිටම කරගන්න පුළුවන්.
    ඒ ගැන කලින් දැනගෙන යන එක තමයි ලේසි. විශේෂයෙන් Bike ලයිෂන් එකක් ගන්න නම් ඔය ලර්නර්ස්කරුවෝ පස්සේ යන්න ඕන නෑ.

    මුලින්ම කරන්න ඕනේ තමන්ගේ උප්පැන්න සහතිකේ ඔරිජිනල් එකක් හොයා ගන්න එක. ඩුප්ලිකටේ
    ඒවා කොච්චර දුන්නත් භාර ගන්නේ නෑ.

    ඊළඟට මෙඩිකල් එක. එක කරගන්න ඕන තරම් ගොඩ වෙද්දු ඉන්නවා RMV එක ඉස්සරහ . උන් ගෙන් ඕක කරගන්න රු.200 ක් විතර යන්නේ. Blood group එක දැනගෙන යන්න පුළුවන් නම් හොඳයි ,එකට හොඳ තැනකින් Blood test එකක් කරගෙන යන එක හොඳයි.

    තව ඕන ID copy එකක් .

    මේ ටික අරගෙන උදේ 7.00 වෙනකොට එතනට යන්න ඕන.

    ගිහින් එතන security එකට තමන්ගේ අවශ්‍යතාවය කිව්වම යන්න ඕන තැන පෙන්නනවා.

    එහෙම පෙන්නන පලවෙනි office එකට ගිහින් තමන්ගේ මම කලින් කියපු සහතික ටික පෙන්නුවම number එකක් දෙනවා.
    එකට කතා කරන කන් ඉන්න ඕන . එතැනදී උදෙන්ම යන තරමට හොඳයි.

    ඊට පස්සේ ඇතුලට ගියාම වැඩෙන් බාගයක් ඉවරයි .

    එතැනදී තමන්ගේ number කතා කරාම ගිහින් එතන ඉන්න ලස්සන අක්ක කෙනෙක්ට ගෙනාපු documents ටික දෙන්න .

    එච්චරයි ......

    එයා details ටික database එකට enter කරගෙන ඔයාට සල්ලි ගෙවන්න counter එකක් පෙන්නයි.

    එතනට සල්ලි ගෙවල J Building එකේ තියෙන exam office එකට ගිහින් exam date එකක් ගන්න.


    :D:D:D:D:D
     
    Last edited:

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    J Building කියන්නෙ මොකක්ද බං ?
    ඔතනින් බයික් ලැයිසොම ගන්න කීයක් යනවද ?
     

    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    J Building කියන්නෙ මොකක්ද බං ?
    ඔතනින් බයික් ලැයිසොම ගන්න කීයක් යනවද ?

    RMV එකේ buildings ඉංග්‍රීසි අකුරු වලින් නම් කරලා තියෙන්නේ.

    බයික් ලයිෂන් එකට 2000 ක් යනවා.
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    RMV එකේ buildings ඉංග්‍රීසි අකුරු වලින් නම් කරලා තියෙන්නේ.

    බයික් ලයිෂන් එකට 2000 ක් යනවා.

    තෑන්ක්ස් මචං.දවස් කීයක් යනවද ලැයිසොම ගන්න ඔක්කොම ?මට three wheel ,bike දෙකම ගන්න ඕනි.ලර්නස් යන්නෙ නැතුව ඔහොම කෙලින්ම ගියාම අවුලක් නැද්ද ?
    photos එතනින් ගන්නවද ?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙඩිකල් එකනම් දැන් පිටින් ගේන ඒවා බාරගන්නෙ නැනේ.නුගේගොඩ යන්ඩ ඔනනේ
     

    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    මෙඩිකල් එකනම් දැන් පිටින් ගේන ඒවා බාරගන්නෙ නැනේ.නුගේගොඩ යන්ඩ ඔනනේ

    නුගේගොඩ යන්නේ නැතුව RMV එක ඉස්සරහ තියෙන ෆාමසි එකකින් කරන්න පුළුවන්
     

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    2h3mscn.gif