මචන්.. කරපු පින් ගැන නිතර ප්‍රත්‍යවේක්ෂා කලාම ඒ පින බල ගැන්වෙනවා.. වැඩෙනවා.. ඒවගේම කරපු පවත් නිතර නිතර හිතේ පැසෙව්වොත් ඒක හොඳ නෑ..
ඕක පොඩි දේ උණත් උඹට චුති චිත්තයට සෙට් උනොත් ප්‍රතිඵල ඉතා භයානයි..
ඒ පව මකා දමන්නට (කැන්සල් කරන්නට ) උඹ මොන පින කලත් බෑ මචන්.. විපාක දෙනවා මයි,, නමුත් මෙහෙම කරන්න පුළුවන්.. උඹ ඊට වඩා බලවත් පින් කලොත් ඒ පොඩි පාපකර්ම වල විපාක දීම කල් දාන්න හෝ අහෝසි කරගන්න පුළුවන්.
දැන් උඹේ හිතට මේ මාලු මරපු එක වද දෙනවා නම් මෙහෙම කරපන් මචන්... නිකම්ම පින් කරන්න නෙවෙයි බුද්ධිමත්ව හිතපන් මචන්:
උඹ කලේ සතුන්ගෙ ප්‍රාණය අහිමි කල එක..
දැන් ඒ වෙනුවට ඊට ගැලපෙන පිනක් කරන්න ඕනි.. උඹේ ශක්ති ප්‍රමාණයෙ හැටියට මස් කඩේකින් කුකුළෙක්, එළුවෙක් හෝ හරකෙක් (හරකෙක් නම් රු 27000/= විතර යනවා ) නිදහස් කරපන්.. එහෙම කරල උඹ ප්‍රාර්ථනා කරපන් උඹේ අතින් සිද්ධ උණ ප්‍රාණඝාත අකුසලයෙන් මිය ගිය සතුන් ට මේ පින අනුමෝදන් වේවා කියල..
ඒවගේම බොහොම වැදගත් ඕක හිත හිතා ඉන්න එපා මචන්.. පින්කම කලා..ඊට පස්සෙ වෙච්ච පව අමතක කරපන්.. කරපු පින නිතර මෙනෙහි කරපන්..
ඒ පින් වැඩේ උඹට සසරට උදව්වක් වේවි. මදුරුවෙක් වත් නොමරා ඉන්නට උඹට යඨාවබෝධය ලැබේවා
තෙරුවන් සරණයි