මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ගෝත්‍රවාදී අදහ&
ශ්‍රී ලංකාවේ මුස්ලිම් වෙළඳ ව්‍යාපාර වර්ජනය කරන මෙන් කිසිවෙක් ඉල්ලා සිටින්නේ නම්, එය "සම්පූර්ණ ගෝත්‍රවාදී අදහසක්" බව පවසන බොදු බල සේනා සංවිධානය, තමන් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ප්‍රකාශ කරයි.
එම සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් බීබීසී සංදේශයට ඒ බව කියා සිටියේ පැපිලියානේ ෆැෂන් බග් රෙදිපිළි වෙළඳසැලට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරය පිළිබඳව අදහස් පළ කරමින්.
බෞද්ධ භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ සිය ගණනක පිරිසක් විසින් වෙළඳසැලට ගල්මුල්වලින් ප්‍රහාර එල්ල කරද්දී, පොලිස් නිලධාරීන් බලා සිටිනු වීඩියෝ පටවල දැක්වේ.
එම "අඥාන, පහත ගණයේ" ප්‍රහාරය තදින්ම හෙලා දකින බව සංදේශයට පැවසූ ඥානසාර හිමියන් එය විග්‍රහ කරන්නේ තම සංවිධානය අපකීර්තියට පත් කිරීම පිණිස දියත්ව ඇති ක්‍රියාදාමයක කොටසක් ලෙසින්.
කෙසේ නමුත් සමාජයේ ජන කොටස් අතර ප්‍රචන්ඩ ක්‍රියා මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බවද එහිමියෝ පවසති.
ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තිදෙනකු අත් අඩංගුවට ගෙන සිටින බව පොලිස් ප්‍රකාශක, පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි ට පැවසීය.

Last edited: