ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ මළ සිරුර එතූ රෙදි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ මළ සිරුර එතූ රෙදි

    බෞද්ධයන් වන අපට වටිනාම රෙදි කඩක්‌ වෙතොත්, ඒ වූ කලී ගෞතම බුදුන් වහන්සේගේ සිවුරු කැබැල්ලකි. ලොව වෙසෙන කිතුණු ප්‍රජාවට වටිනාම රෙදි කඩක්‌ වෙතොත් ඒ වූ කලී මියගිය ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ සිරුර ඔතන ලද්දේ යයි කියන රෙදි කැබැල්ලය.

    ලෝකේ මේ දක්වා කුතුහල්කට ලක් කරපු මෙන්ම වැඩිම විද්‍යාත්මක පරීක්ෂණයකට ලක්වෙච්ච රෙදිකඩක් තිබේනම් එය මෙය වෙයි. මෙම රෙදිකඩේ පෙනෙන මනුෂ්‍යා මෙසේ මෙම රෙදිකඩේ සටහන් උනේ කෙසේද යන්න විද්‍යාවවත් මේ දක්වා විසඳා ගත නොහැකි පැනයකි. මෙමෙ රෙදිකඩේ එවකට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිටපු ඉස්රයලයේ මල් වල ශාක වල පොලොන සමුවී ඇත.
    බයිබලේ සඳහන්වන යෙසුස්වහන්සේ විඳි කස පහරවල් , ඇණ සලකුණු , හෙල්ලෙන් පපුවට අනින ලද පහරවල් සියලු දේ , මෙම රෙදිකඩේ ලේ සලකුණු ලෙස සටහන්වී ඇත.


    ඉතාලියේ ටියුරින් පල්ලියේ තැන්පත් කර ඇති මේ රෙදි කඩ කාලයෙන් කාලයට මත භේදයට තුඩු දුන්නේය. කලකදී විද්‍යාඥයන් සහ පූජකයන් කිව්වේ එය වංචාවක්‌ බවයි. තවත් කලකදී එය සත්‍යයක්‌ බව තව පිරිසක්‌ කීහ. කවුරු කොහොම කීවත් බැතිමතුන් තුළ ඒ කෙරෙහි හටගත් භක්‌තිය පසුගිය අවුරුදු 900 කට කිට්‌ටු කාලයක්‌ තිස්‌සේ ස්‌වල්පයක්‌වත් එහා මෙහා වූයේ නැත. එම ශුද්ධ වූ රෙදිකඩ මහජනයාට ප්‍රදර්ශනය කෙරෙන සෑම කාලයකම එය බැලීමට පැමිණි සෙනඟ පෝලිම තව තවත් දිගු විය.

    ventrest.jpg


    ටියුරින් රෙදි කඩ ලෙස හැඳින්විය හැකි මේ පුරාතන රෙදිකඩෙහි මියගිය ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ රූපය ඉතා පැහැදිලිව දැක ගත හැකි වෙයි. උන්වහන්සේගේ කටු ඔටුන්න නිසා හිසෙන් වැගිරුණු රුධිර පැල්ලම්, දහදිය සහ දුහුවිලි තැවරුණ මුහුණේ පෙනුම, අත්වලට හා කකුල්වලට ගසන ලද ඇණ නිසා හටගත් තුවාලවලින් ගැලූ ලේ පැල්ලම් යනාදිය මේ රෙදිකඩේ ඉතා පැහැදිලි ලෙස දැකිය හැකිය.

    033013shroudofturin600.jpg


    330px-Shroud_positive_negative_compare.jpg


    The Shroud of Turin: modern photo of the face, positive left, negative right. Negative has been contrast enhanced.

    Img-Overview-04.JPG


    ක්‍රි.ව. 1600 න් පමණ පසු ඉතා කලාතුරකින් ඉතා කෙටි කාල වකවානු සඳහා ප්‍රදර්ශනය කෙරුණු ටියුරින් රෙදි කඩ 1978 දී ප්‍රදර්ශනය කරන ලද අවස්‌ථාවේදී නවීන විද්‍යාව ක්‍රමයෙන් දියුණුව කරා ගමන් ගනිමින් තිබිණ. ඒ වන විට මිනිසා හඳට ගොස්‌ය. පරිගණකය නිමවා අවසන්ය. කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාල දෙකක්‌ යා කරමින් අන්තර්ජාලය හඳුන්වාදී අවසන්ය. දකුණු අප්‍රිකානු වෛද්‍යවරයකු වන දොස්‌තර ක්‍රිස්‌ටියන් බර්නාඩ් විසින් පළමුවන හදවත් බද්ධයද සිදු කර අවසන්ය. 1988 වන විට පල්ලියෙන් ලබාගත් විශේෂ අවසරයක්‌ මත විද්‍යාඥයන් විසින් මෙය පරීක්‌ෂා කරන ලදී. ඔවුන්ගේ අදහස වූයේ එය ක්‍රි.ව. 1300 දී කරන ලද නිර්මාණයක්‌ බවය.
    නමුත් 2005 මෙම පරීක්ෂණයේ නිගමනය අබියෝගයට ලකුනේය. එනම් Carbon Dating karnna සඳහා එදා ගත්ත රෙදි කොටස වැරදි සහගත නිසා එම පෙර නිගමනය වැරදි බවයි.
    එදා එම පරීක්ෂණය කරපු කණ්ඩායම තමන් අතින් වැරැද්දක් වී ඇති බව දැන් පිළිගන්න ඇත.

    මේ පරීක්ෂණය පිළිඹඳ දැක්වෙන vedio Documentary එක පහතින් .




    ක්‍රිරිස්‌තුස්‌ වහන්සේගේ මළ සිරුර එතූ රෙදි කඩක්‌ ඇති බවත් ක්‍රිස්‌තුස්‌ වහන්සේ මරණයෙන් නැගී සිටි පසු උන්වහන්සේගේ සිරුර තැන්පත් කළ තැන ආශ්‍රයෙහි තිබූ කුඩා ගුහාවකින් ඒ රෙදිකඩ සොයාගත් බවටත් පුරා වෘත්තයක්‌ තිබේ. පසුව එය තුර්කියට ගෙන යන ලද බවත් පසුව ප්‍රංශයට ගෙන යන ලද බවටත් එයිනුත් පසු ඉතාලියේ වංශවත් පවුලක්‌ වූ සැබෝධි පවුලට අයත්ව තිබූ බවටත් කටකතා තිබේ. ඒ වන විට ක්‍රි.ව. 1300 උදාවී තිබිණි.

    පහළොස්‌වැනි සියවසේදී වැඩි පරෙස්‌සම සඳහා මේ රෙදිකඩ ප්‍රංශයේ පළමුවන ලුවී රජුට භාර දෙන ලදී. ඔහු දේව මාළිගයක්‌ තනා එය එහි තැන්පත් කළේය. පල්ලිය පිහිටියේ රජ මාලිගයට යාබදවය. 1532 දී මාලිගය ගිනි ගත් අතර පල්ලියටද ගිනි ඇවිලී රෙදිකඩට හානි විය. එවිට එය ජල පොකුණක ඔබන ලදී. එම පිළිස්‌සුම් සලකුණ අදටත් එම රෙදි කඩෙහි දැකිය හැකිය.

    රෙදිකඩ ටියුරින් පල්ලියට ගෙන එන්නේ 1518 දීය. එතැන් සිට 1978 දක්‌වා එය ප්‍රසිද්ධියේ පෙන්වනු ලබන්නේ පස්‌ වතාවක්‌ පමණි. ඉතාලිය බොනිටෝ මුසෝලිනිගේ නායකත්වය යටතේ දෙවන ලෝක යුද්ධයට එක්‌වූ විටද ආරක්‌ෂාව සඳහා එය සඟවන ලදී.

    මේ රෙදිකඩේ වැඩි කොටස යම් තරමකට කලු පැහැතිය. එහි සටහන්ව ඇති මනුෂ්‍ය රූපකාය අඩි 5 අඟල් 10 1/2 ක්‌ උස මිනිසකුගේය.
    එහි මිනිසෙකුගේ නෙගටිව් (Negative) රූපයක් සටහන්ව ඇති බවත්, එහි තැවරී ඇති ලේ පැල්ලම් ගැඹුරට උරා බී ඇති ඒ බී පොසිටිව් (AB Positive) වර්ගයට අයත් බවත් හෙළිදරව් වී ඇත. තවද,

    එම සළුවේ සටහන්ව ඇති නෙගටිව් ඡායාව කුණු දූවිලි සහිත පැල්ලමක් නොව, එය එතීමට ලක් වූ පුද්ගලයාගේ ශරීරයෙන් නිකුත් වූ තත්පරයකටත් වඩා අඩු කාලයක් තුළ බැබළුණ අධි බලැති කිරණකින් හා ආලෝක ධාරාවකින් (X - Ray or Auto X - Radiation) ඇති වූවක් බව අදහස් පළවේ .
    මෙම රෙදිකඩ 13වන සියවසේ බොරුවක් නම් මෙවැනි චයවක් රෙදිකඩේ සඳහන් කිරිමර තරම් තාක්ෂණයක් තිබුනේ නැතිබවත් , 21 වන සියවසේ තාක්ෂණය දැනගැනීමටත් එම තාක්ෂණයට පවා බොරු යැයි ඔප්පු නොකිරීමට තරම් ඉතා සුක්ෂමව කිරීමට ට තරම් හැකියාවක් 13 වන සියවසේ හෝ ඊට එපිට නොතිබුණු බව විද්යත්නයන්ගේ මතයයි .



    එමගින් මෙම හන රෙද්දේ එම මිනිස් රූපය සටහන් වෙන්න ඇත්තේ උත්ථානය වෙන අවස්ථාවේ රැස් විහිදීමක් , හෝ බලය පිටවීමක් එමගින් බව කිතුනුවන් යේසු තුමාගේ උත්ථානය අලලා මතිමතාන්තර දරයි. නමුත් විද්‍යාවේ එම නැවත උත්ථානය විද්‍යාත්මක පදනමක් නැති බැවින් කිතුනුවන්ගේ එම අදහස පිළිඹඳ එකඟ නොවන අතර නමුත් එම රූපය එම රෙදි කඩේ සඳහන් වීමටනම් එවැනි විද්‍යාවෙන් ඔප්පු කළනොහැකි සිද්දමයක් නිසා විය හැකි අදහසද තුලද සිටි,විද්‍යාවත් විශ්වාසයත් ගැටෙන්නේ මෙම ස්ථානයේදි ය. නමුත් විද්‍යාවට කිතුනුවන්ගේ මතයද එක හෙලා ඉවත හෙළිය නොහැකි ස්ථානයක සිටි.

    එසේම, මෙම ​සළුවෙහි සඳහන් නෙගටිව් ඡායා සටහන අනුව, මැරුණ පුද්ගලයාගේ ශරීරය සළුව ලෙහා හෝ ගළවා හෝ ඉවතට නොගෙන ඇති බවත්, එය කිසියම් වාෂ්ප වීමකට හෝ ප්‍රබල ආලෝක කිරණකට හැරී සළුව තුළින් පිට වී ගොස් තිබෙන බවත් සනාථ වී ඇත. මෙයසාදකයක් වෙන්නේ මෙම රූපය 3D පරීක්ෂණයකට යොමු කලවිට , 3D රූපලක්ෂණ පෙන්නුම් කිරීමයි , උදහරන්කට සාමාන්‍ය චායාරූපයක් මෙම පරීක්ෂණයට ලක් කළහොත් 3D රූපලෂණ පෙන්නුම් නොකරයි.

    real-face-of-jesus-3d-profile.jpg




    100330-coslog-body2-466px-1p.jpg


    ඉතාලියේ ආධුනික ඡායාරූප ශිල්පියකු වූ ස්‌තුන්ඩෝ පියාට 1898 දී රෙදිකඩෙහි ප්‍රථම ඡායාරූප ගැනීමට අවසර දෙන ලදී. ඔහු ජයරූපයේ negative පරික්ෂා කිරිමේදී ඉතා පුදුමයට පත්විය. එනම් එහි මිනිසාගේ රූපය ඉතා පැහැදිලිව දිස්වීමෙනි .අද ඉමහත් ප්‍රසිද්ධියට පත් රෙදිකඩෙහි negative ඡායාරූප සමූහය එදා ඔහු ගත් ඡායාරූපයි.

    Picture%20399%202%20Turin%20Shrowd.jpg


    මේ අතර මේ රෙදිකඩ වංචාවක්‌ නොව සත්‍යයක්‌
    විය හැකි බව පසුගියදා විද්‍යාඥයන් පිරිසක්‌ විසින් නැවත සොයා ගන්නා ලදී. කවුරු කෙසේ කීවත් ටියුරින් රෙදිකඩ කෙරෙහි තිබූ භක්‌තිය එක දිගටඑක සමානව ඉදිරියට යයි.

    Shroud-of-Turin.jpg


    vlcsnap-380738.png




    අවසන් වරට මෙය මහජනතාවට ප්‍රදර්සනය කරනලද්දේ 2010 වසරේ වන අතර මෙය අද දින එනම් 2013 මාර්තු 31 නැවත වරක් රූපවාහිනී සහ කෙටි මහජන ප්‍රදර්හානයකට තබනු ලැබේ .

    මේ පිළිඹඳ අද්‍යනය කරීමේදී 2007න් පසු කෙරුණු ඇදහ්යනයන් සහ documentry වඩාත් යාවත් කාලීන ඒවා වේ



    Thread එක එල නම් ඉතුරු රේප් වලින් සලකල යන්නන.
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    මේ රෙදිකඩෙහි පිටපතක් නුවර අම්පිටිය ජාතික දෙව්සත්හලෙහි තියෙනව.ගියොත් බලගන්න පුලුවනි.

    elama thamai !!!
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හුඟ දවසකට පස්සෙ කුතුහලෙන්ම කියවපු ත්‍රේඩ් එකක්.එළම තමයි සහෝ.
    11.gif
    rep බෑ.වටේ යන්නලු :(
     
    • Like
    Reactions: ntayya