ජර්මන් භාෂාව ඉගන ගමු - Learn German Language

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ජර්මන් භාෂාව ඉගන ගමු - Learn German Language

61-h_main-w.png


ජර්මන් භාෂාව ඉගන ගමු / සිරිපාලගේ ජර්මන් පන්තිය / Deutsch lernen Sprache


ඔන්න මම හිතුව ජර්මන් භාෂාව සඳහා එළකිරි එකේ පන්තියක් තියන්න. මොකද හිතන්නේ ? අදහස හොඳයිද ? ජර්මන් භාෂාව කියන්න ලෝකයේ තියන ප්‍රධාන භාෂා වලින් එකක්.අනෙක් කරුණ තමයි වෙනත් භාෂාවක් දන සිටීම ඉතා වැදගත් . ඔබ අලුත් රක්ෂාවක් සඳහා අයදුම් කරන්නේ නම් ඔබ වෙනත් භාෂාවක් දැන සිටීම විශාල රුකුලක්. තවද ඔබ ජර්මනියට යන්න අදහසක් තියනවනම් භාෂාව ඉගනීම ඉතා වැදගත්. මොකද ඉංගිරිසි වලින් වැඩකරන්න අමාරුයි ජර්මනියේ. 90 % වඩා ජනතාව කතා කරන්නේ ජර්මන් බස. මම කුඩා කල සිටම ජර්මන් භාෂාව ඉගන ගැනීමට දැක්වුයේ මහත් ආසාවක්. ඉතින් ඒ ආසාව නිසාම විවිද ක්‍රම වේදයන් තුලින් ජර්මන් භාෂාව ඉගන ගත්ත. ඉතින් මම අසයි ඒ දේ තව කෙනෙකුට උගන්වන්න.

ජර්මන් භාෂාව ඉතා පහසු භාෂාවක්. අපි ලියන ආකාරයෙන්මයි ශබ්ධ කරන්න. උදහරණයක් විදියට bank යන වචනය ගමු. අපි ඉංග්‍රීසි භාෂාවෙන් නම් මෙය ශබ්ධ කරන්න "බෑන්ක් " කියල. නමුත් ජර්මන් බසින් ශබ්ද කරන්න "බන්ක් " කියල. ඉතින් මම හිතෙනවා මෙය ඔබට ගොඩක් පහසු වෙයි කියල. හැබැයි හැම තිස්සෙම අකුරු අනුව ශබ්දය ලැබෙයි කියල බල පොරොත්තු වෙන්නත් බැහැ.

හරි එහෙනම් ඔන්න පටන්ගමු අපේ පළමු පාඩම . මම මෙතැනදී මුලින්ම ඔබට ජර්මන් හෝඩිය උගන්වන්න යන්නේ නැහැ. එදිනෙද භාවිතා කරන වචන කිහිපයක් පමණක් උගන්වන්නම්.නැත්නම් ජර්මන් බස ඔබට ඉතා ඉක්මනින්ම එපාවෙලා යාවි.

Good Morning (සුභ උදැසනක් ) ගුටන් මෝර්ගන් guten Morgen
Good Day (සුබ දවසක් ) ගුට්න් ටාග් guten Tag
Good Evening (සුබ සැන්දෑවක් ) ගුට්න් ආබන් guten Abend
Good Night (සුබ රාත්‍රියක් ) ගුට නාහ්ට් gute Nacht
Thank You ( ස්තුතියි ) ඩන්ක Danke


ඉහත මා සඳහන් කලේ ජර්මන් බසින් කොහොමද කෙනෙකුට සුභ පතන්නේ කියල. දැන් බලමු තමන් ගැන හදුන්වා දෙන්නේ සහ නම ගම විස්තර කියන්න කොහොමද කියල.

Wie ist Ihr Name වී ඉස්ට් ඉයර් නාම? ඔයාගේ නම මොකක් ද What is your name ?
තවද මේ ආකාරයෙනුත් අහන්න පුළුවන්. මේවගේ අහන්නේ අපි නිකන් කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් වගේ ඉන්න අවස්ථාවක. මේක formal නැහැ.

wie heiße sie? වී හයිස සී ? ඔයාගේ නම මොකක් ද What is your name ?

Mein Name ist Siripala. මයින් නාම ඊස්ට් සිරිපාල. My name is Siripala. මගේ නම සිරිපාල

තව ඕනනම් මෙහෙමත් කියන්න පුළුවන් . Ich heiße Siripala ඉෂ් හයිස සිරිපාල තවද මෙහෙමත් පිළිතුරු දෙන්න පුළුවන් Ich bin Siripala ඉෂ් බින් සිරිපාල

ඉතින් මම මෙම පාඩම් මාලාව ඉදිරියට ගෙන යන්න තීරණය කරන්න ඔබගේ ලැබෙන ප්‍රතිචාර මතයි.තවද Video කිහිපයකුත් එක් කිරීමට බලා පොරොත්තු වෙනවා. ඔබට මෙමගින් වැදගත්කමක් තියෙයි කියල දැනෙනවා නම් මම ඉදිරියට යන්නම්. නැතිනම් කාලය අපතේ යමක් විතරයි.
 
Last edited:

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නියමයි සහෝ.මග නවත්තන්නෙ නැතුව දිගටම අදින්න.ෆට්ට ත්‍රේඩ් එකක්:yes:
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    මග නවත්තන එහෙම එපෝ.
    පට්ට නුල.
    දිගටම ඇදපාන්.