හොල්මන් කාර් එක

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    හොල්මන් කාර් එක

    හොල්මන් කාර් එක


    ඔන්න දවසක් එක මිනිහෙක් මළ ගෙදරකට සහභාගී වෙලා තනියම රෑ ආපහු ගෙදර එනව. පාරෙ බලු බල්ලෙක් නෑ. ඒ මදිවට අමාවක දවසක්.. මිනිහ චණ්ඩිය වගේ ආවට හිත බයයි. ඒක මඟ ඇරෙන්න විසිල් පාරකුත් ගගහ ආව. යන්න තව ගොඩක් දුරත් තියෙනව..
    ඔන්න එතකොටම මිනිහ දැක්ක ඈතින් පරණ කාර් එකක් පාකිං ලයිට් දාගෙන එනව. නිකං පයින් යන ගානට හෙමින් එන්නෙ. පොරටත් හෙන සතුටුයි. ළං වෙනකොට පාරට පැනල අත දැම්ම.. ම්හු. නවත්වන පාටක් නෑ. ඒත් පොඩ්ඩක් ස්ලෝ උනා වගේ. මිනිහ කරපු දේ පටස් ගාල පිටිපස්සෙ දොරත් ඇරන් වාඩි උනා..
    වාඩි වෙලා හොඳ හුස්මක් අරං ඩ්‍රයිවර්ට ස්තූති කරන්න හදනකොට තමයි මිනිහට හීන් දාඩිය දැම්මේ.. කාර් එකේ කවුරුවත්ම නෑ.. ඩ්‍රයිවර් කෙනෙක් නැතුව කාර් එක ඉබේම යනවා. මිනිහගෙ තොල කට වේලිලා කෑ ගහන්න හැදුවට සද්දෙ පිට වෙන්නෙ නෑ.
    වාහනේ පාක් ලයිට් එළියෙන් මිනිහට පේනව ඉස්සරහ ප්‍රපාතයක් තියෙනව. දැන් තවත් ඉස්සරහට ගියොත් අනිවාර්යයෙන් කාර් එක පෙරලෙනව. මිනිහ හිත හයිය කරන් ඉස්සරහට නැමිල ස්ටීරියං වීල් එක කපන්න හැදුව. එතකොටම ඒ පැත්තෙ බාගෙට ඇරුණු වීදුරුවෙන් ඇතුලට ආපු රෝම පිරුණු අතකින් ස්ටීරියං එක අල්ල ගත්ත.. මිනිහට මතක එච්චරයි. එතනම සිහි නැතුව වැටුන..

    ආපහු ඇස් ඇරල බලද්දි පොර හිටියෙ ටිකක් එළිය තියෙන තැනක. පොර ඉස්සිල වීදුරුවෙන් එළිය බැළුව.. ඒ ටවුමෙ පෙට්‍රල් ෂෙඩ් එක. දැන් කාර් එක නැවතිල. ඉස්සෙල්ල වගේ ඉබේ යන්නෙ නෑ. එළියෙ මිනිස්සු කීපදෙනෙකුත් ඉන්නව පේනව.. මිනිහ සියළු ශක්තිය එකතු කරන් දොර ඇරගෙන එළියට පැනල දිව්ව. ඊට ටිකක් එහායින් තිබුන වතුර ටැප් එකට කට තියාගෙන බීගෙන බීගෙන ගියා.. දැන් බයත් ටිකක් අඩු වෙලා. ඇස් පිහිදාල බලද්දි මිනිහ දැක්ක තවත් කෙනෙක් ඒ වාහනේට නගින්න හදනව.. මිනිහෙක් අමාරුවෙ වැටෙනවට අකමැති මෙයා එතනට දුවල ගියා..

    "මහත්තය ... මහත්තය... ඔය කාර් එකට නම් නඟින්න එපා.. කිව්වට විස්වාස කරන්නෙ නෑ. ඕක හොල්මන් කාර් එකක්.. මාත් වැරදිල නැඟල බොහොම අමාරුවෙන් ජීවිතේ බේර ගත්තෙ.. "

    අර කෙනා මූ දිහා ඔරවල බැළුවා. චටාස් ගාල කණ පිරෙන්න පාරක් දුන්න.

    -"ඈ.. යකෝ... මං මේ කාර් එකේ පෙට්‍රල් ඉවර වෙලා පණ දාගෙන තල්ලු කරා. උඹ ඒක ඇතුලෙ ආතල් ගත්තද ? "

     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    00020468.gif
    rep+
     
    • Like
    Reactions: sebastian show

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඈ.. යකෝ... මං මේ කාර් එකේ පෙට්‍රල් ඉවර වෙලා පණ දාගෙන තල්ලු කරා. උඹ ඒක ඇතුලෙ ආතල් ගත්තද ?