මෙන්න සැබෑ අපි......

KissMass

Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    මෙන්න සැබෑ අපි......

    ඉස්සෙල්ලාම මේ කතාව කියවලාම පටන් ගමු.....

    ඕන්න එකෝමත් එක කාලෙක බොහොම ධාර්මික පියතුමෙක් වාසය කළා . මෙතුමා බොහොම ධාර්මිකයි ඒ වගේම හරිම ගුණවත් පියතුමෙක් . ප්‍රදේශයේ ජනතාවත් මෙතුමාට දැක්වුයේ පුදුමාකාර ආදරයක් සෙනෙහසක් කොටින්ම කිව්වොත් පියතුමන් වෙනුවෙන් ප්‍රාණය පරිත්‍යාගය කරන්න උනත් කැමැත්තෙන් තමයි මිනිසුන් සිටියේ , එහෙම මිනිස්සු නැති වග දැන් අපි දන්නවා උනාට ඒ පියතුමා ඒ බව දැනගෙන උන්නේ නැහැ ඒ කාලේ . ඉතින් එතුමත් මිනිසුන්ට උදව් උපකාර කරගෙන බොහොම දැහැමින් සෙමින් කාලය ගතකරගෙන සිටියා .

    ඔහොම කාලයක් යනකොට පියතුමා ටිකෙන් ටික රෝගාතුර වුනා . ෛවද්‍යවරු පරික්ෂා කරලා කියනවා මෙතුමාට බොහොම දරුණු වකුගඩු රෝගයක් වැලදී තිබෙන බව , රෝගය නිසා මෙතුමාගේ වකුගඩු දෙකම අක්‍රිය වෙමින් පවතින බව . තව බොහොම ටික කාලයකින් පියතුමාට මියයෑමට වෙන බවත් මෙයන් ගැලවීමට නම් වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් සොයාගත යුතු බවත් ෛවද්‍යවරු කියා සිටිනවා .

    තමන්ට වකුගඩුවක් පරිත්‍යාග කරන්න ඕනේ තරම් ජනතාව සිටින බව දන්නා පියතුමාත් සතුටින් පිටව යනවා ,

    පස්සේ තමන්ගේ හිතෙෂි ජනතාවට පණිවිඩයක් යවනවා මට මෙහෙම රෝගයක් වැලදී තිබෙනවා එබැවින් මරණයෙන් බේරෙන්ට වකුගඩුවක් පරිත්‍යගය කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් දෙව් මැදුර ඉදිරියට පැමිණෙන්නය කියලා ,

    පණිවිඩය යවලා ටික වෙලාවකින් එතුමා දෙව්මැදුරේ උඩුමහලේ ජනේලය අසලට ඇවිත් පහත බලනවා ... එතුමා මොකක්ද දකින්නේ පින්වතුනේ ? බලුබල්ලෙක්වත් නැති දේවස්ථාන භූමියක්ද ? එහෙමයි නේද හිතෙන්නේ , නැහැ මුළු දේවස්ථාන භූමියම පිරිලා ඉතිරිලා යන තරමේ සෙනගක් , පොදිකන ජන ගංගාවක් , මේ තරම් තමන්ට ආදරේ කරන ජනතාවක් ඇස්පනාපිටම ඉන්නවා දකින පියතුමා ට ඇතිවෙන්නේ පුදුමාකාර සතුටක් .

    පියතුමා උඩුමහලේ ජනේලයෙන් හිස පිටතට දාල ජනතාවගෙන් අහනවා “ මේ අය අතරින් මට වකුගඩුවක් පරිත්‍යග කරන්න කැමති අය අත ඔසවන්නය කියලා ,

    කිසිකෙනෙක් අත ඔසවන්නේ නැහැ නෙමෙයි හැමෝම අත ඔසවනවා . සමහරු අත් දෙකම උස්සනවා . හරියට වකුගඩු දෙකම ගලව ගන්ට කියනවා වගේ ..

    දැන් පියතුමාට තවත් සතුටුයි දස දහස් සංක්‍යාවක් මිනිසුන් තමන්ට වකුගඩු පරිත්‍යාග කරන්න සුදානමින්නේ ඉන්නේ . එත් ස්වාමීන්වහන්සේ කල්පනා කරනවා මට මොකටද මේ තරම් වකුගඩු ගොඩක් මට ඕනේ එක වකුගඩුවයිනේ ඉතින් මම කොහොමද මෙතනින් එකක් තොර ගන්නේ . එහෙම හිතපු පියතුමා ආයෙත් ජනේලයෙන් ඔලුව එලියට දාල පරිත්‍යාග කරන්න පොරකමින් සිටින හැමෝටම ස්තුති කරලා එහෙම මෙහෙම කියනවා .

    “ මට ඕනේ එක වකුගඩුවයි එක්කෙනෙක් තොර ගන්න ඕනේ නිසා මම දැන් මෙතන ඉදලා මේ කුරුළු පිහාටුව පහලට දානවා ඒක පාවෙලා ඇවිත් කාගේ හරි ඇගකට වැටෙයි ඒ වැටෙන කෙනා මට වකුගඩුවක් දෙන්න “

    එහෙම කියලා පියතුමා කුරුළු පිහාටුව පහතට දානවා .. බොහෝ වෙලාවක් සුළගේ පාවුන පිහාටුව අන්තිමේදී කාගේ හරි ඇගකට වැටෙනවද , නැහැ පිහාටුව උඩමයි තියෙන්නේ දිගටම පාවෙනවා ඇගකට වැටෙන්නේ නැහැ , ඇයි එහෙම වෙන්නේ , දේව හාස්කමක්ද එහෙමත් නැත්නම් අදුශ්‍යමාන බලවේගයක්ද ...????

    අපට වගේම පියතුමා මේක ගැටලුවක් උන්වහන්සේත් උපැස් යුවල එහෙම පිහදාගෙන හොදින් පහත බලනවා මොකක්ද මෙතන සිද්ද වෙන්නේ කියලා ,

    එතකොට තමයි උන්වහන්සේත් දකින්නේ කුරුළු පිහාටුව නොවැටී පාවෙන්න හේතුව , පිහාටුව ඇගට වැටෙන්න එනකොට ඒ කෙනා ඒකට කටින් පිබිනවා එතකොට ආයෙමත් පිහාටුව උඩගිහින් වෙන කෙනෙක් ලගට යනවා එතකොට එයත් පිබිනවා එහෙම එහෙම පිහාටුව කාගේවත් ඇගට නොවැටී උඩම තියෙනවා . මිනිසුන්ගේ ඇතුලාන්තය තේරුම් ගන්න පියතුමාට ඇතිවෙන්නේ දැඩි කණගාටුවක්.

    අන්තිමේදී පාවෙවී තිබුනු කුරුළු පිහාටුව කාගෙවත් ඇගකට නොවැටී බිමට වැටෙනවා, එයිට ටික කාලෙකට පස්සේ අර පියතුමා වකුගඩු රෝගයෙන් මියයනවා ,
    ඔන්න ඕකයි කතන්දරේ ,


    දැන් බලමු අර මිනිස්සු ඇයි වකුගඩුවක් දෙන්න අකමැතිනම් අර පණිවිඩය ලැබුණු හැටියේම දෙව්මැදුර ඉදිරියේ රැස් වුනේ කියලා , ඒ වගේම ඇයි අත් ඔසවමින් කැමැත්ත ප්‍රකාශ කලේ කියලා .. එහෙම තමයි බහුතරයක් මිනිස්සු අනිත් මිනිස්සු ඉදිරියේ තමන්ගේ සැබෑ මුණ එලියට දාන්න කැමති නැහැ පුළුවන් තරම් කාලයක් සුන්දර වෙස් මුහුණෙන් පෙනී ඉදලා අවශ්‍යම මොහොතේදී සැබෑ මුහුණ පෙන්වලා පලා යනවා .

    කිස්තු ධර්මයේ හැටියට ජේසුස් වහන්ස්සේ මෙවැනි මනුෂ්‍ය කොටසකට මෙහෙම කියනවා “නුබලා සුදු හුණු ගෑ සොහොන් කොත් වලට සමානය කියලා , එකේ තේරුම පිටතින් සුදු හුණු ගා අලංකාර කර තිබුනත් සොහොන් කොත්වල ඇතුලේ ඇත්තේ මළකුණු බැවිනි . බොහෝ මිනිසුන් සමාජයට සුදු චරිතයක් පෙන්වාගෙන හිටියද සමහර අවස්ථාවන්හිදී ඔවුන්ගේ වෙස්මුහුණු ගැලවී සබැ චරිතය දිස්වේ ...


    පල ඇති රුකක වවුල්ලු එල්ලිල්ලා ඉදලා පල නැතිදා ගහ හැරලා වෙන ගහක එල්ලෙනවා වගේ පල ප්‍රයෝජනෙට විතරක් ලංවෙලා ඉන්න ඈයෝ පලක් නැති දාට ඉගිල්ලිලා යනවා ඒක තමයි ලෝක ස්වභාවේ එක මේ යාළු මිත්‍ර කමටත් පොදුයි මම හිතන්නේ ආන්න ඒ වගේ අවස්ථාවකදී තේරුම් ගන්ට පුලුවන් මේ වටේ ඉන්න පිරිසෙන් කියෙන් කි දෙනාද හැබෑ යාළුවො කියලා බොහෝ විට තනි අතක ඇගිලි ගනනටත් අඩුයි . එහෙම නැත්නම් තම හිසට තම අතමය කියන කියමන වගේම තමන්ට තමන් විතරක් ඉතිරි වෙන්නත් බැරි නැහැ , කවුරු නැතත් වදාපු මවයි පියයි ඉදි , විවාහකයන්ට සහකාරයයි දරු මල්ලෝයි ඉදි , ඔය අතලොස්ස තමයි අන්තිමට ඉතිරි වෙන්නේ ඕං... ඕවා තේරෙන්ට ඉතින් පාඩමක් ඉගෙන ගන්ටම ඕනේ .

    මේක නම් ලිව්වේ මම නෙමේ....හැඹයි එළකිරියේ යාළුවන්ට යමක් ඉගෙන ගන්න පුලුවන් නිසයි share කරන්න හිතුනේ..
    රෙප් (Rep) දුන්නාට කම් නැත...මන්ද තවදිනක මෙවැනි වැදගත් යමක් SHARE කිරීමට එය දිරියක් වෙන හෙයිනි....


    ගත්තේ මෙතනින්
     
    Last edited:

    dhanu1978shka14

    Junior member
  • Jan 31, 2007
    59
    7
    8
    කතාව සහතික ඇත්ත යාළුවා .. මටත් යාළුවො ගැන හොඳ අත්දැකීමක් තියෙනවා. එක සැරයක් මගේ ජොබ් එක නැතිවුණා (බැඳලා හිටියේ හොඳ වෙලාවට ) . යාලුවෝ දුසිම් ගණනක් හිටියත් අන්තිමට මට කෝල් කරන්නවත් ඉතිරිවුණේ එකම එක යාළුවයි. ගොඩක් උන් කිව්වා සල්ලි ප්‍රශ්නයක් වුනොත් කතා කරන්න කියල. උන්ට කෝල් කරාම answer කරන්නෙත් නැහැ.

    කොහොමහරි අර එකම එක යාළුවා මට ජොබ් එකක් හොයාගන්නත් උදවු කරා. (ජොබ් නැති කාලේ කරපු උදවු වලට අමතරව ).

    රස්සාව නැති වුනොත් නියම යාළුවො ටික අඳුන ගන්න පුළුවන්
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    මෙහෙම එකක් තියෙනවා. මේ ලෝකේ කිසිම කෙනෙක් අනෙක් කෙනාට උදව් කරන්න බැදිලා නෑ. එහෙම උදව් කරනවා නම් ඒ කෙනා හොද කෙනෙක් නමුත් උදව් නොකර හිටියා කියලා නරක කෙනෙක් වෙන්නේ නෑ. මොකද මිනිස්සු ළග තියෙනවා විවිධ හේතු. සමහර අය තමන්ගේ සෞඛ්‍යය තත්වය ගැන හිතනවා වෙන්න පුලුවන් ඒ කියන්නේ සමහර අය හිතන්න පුලුවන් මගේ මේ තනි වකුගඩුවට මොනවා හරි වුනොත් මට වෙන්නේ මොකක්ද කියලා හිතන්න පුලුවන්, සමහර අය තමන්ට හානි වුනොත් තමන්ගේ ළමයින්ට, බැදලා ඉන්න කෙනාට යන කළ ගැන හිතනවා වෙන්න පුලුවන්. නමුත් පළිගන්න චේතනාවෙන්, වෛරය නිසා, ඊරිෂියා නිසා උදව් නොකර ඉන්නවා නම් ඒක වැරදියි ඉතින් ඒක පුද්ගලයාගේ චේතනාව අනුව තීරණය වෙන දෙයක්.
    ඉතින් වකුගඩුවක් ඒ පියතුමාට දෙන්නෙ නැතුව හිටියා කියලා ඒ කෙනා නරක කෙනෙක් වෙන්නේ නෑ නමුත් මේ විදියට දෙනවා කියලා ව්‍යාජ පෙනුමක් පෙන්වලා පස්සේ නොදි ඉන්න නරක වැඩක්. දෙන්න අකමැති නම් ඒක අවංකව කියන්න ඕනේ නැත්නම් අඩුම ගානේ එන්නේ නැතුව ඉන්න තිබුනා. කොහොම වුනත් අන් අය ගැන සැලකිලිමත් වෙන එක, අන් අයට උදව් කරන එක ගොඩක් හොද දෙයක්. අර අන්තිමට කියලා තියෙන එක හරි තමන් හිසට තම අතමය විතරයි කවදා හරි ඉතින් මුලින්ම තමන්ට සේවය කරන්න, තමන්ට සලකන්න හොදට, තමන්ට ගෞරව කරන්න, තමන්ව හොදට පෝෂණය කරන්න ඊට පස්සේ අන අය බලන්න. සමහර මිනිස්සු කියනවා බඩට පෙර රට කියලා නමුත් රට තමන් ගැන බලන්නේ නෑ. බඩට නැත්නම් රට රකින්නත් බෑ. ඉතින් මම කියන්නේ අන් හැම දේකටම ප්‍රථම තමන්. තමන්ට පස්සේ තමයි ඕනෙම දෙයක් තියෙන්නේ.
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    මෙහෙම එකක් තියෙනවා. මේ ලෝකේ කිසිම කෙනෙක් අනෙක් කෙනාට උදව් කරන්න බැදිලා නෑ. එහෙම උදව් කරනවා නම් ඒ කෙනා හොද කෙනෙක් නමුත් උදව් නොකර හිටියා කියලා නරක කෙනෙක් වෙන්නේ නෑ. මොකද මිනිස්සු ළග තියෙනවා විවිධ හේතු. සමහර අය තමන්ගේ සෞඛ්‍යය තත්වය ගැන හිතනවා වෙන්න පුලුවන් ඒ කියන්නේ සමහර අය හිතන්න පුලුවන් මගේ මේ තනි වකුගඩුවට මොනවා හරි වුනොත් මට වෙන්නේ මොකක්ද කියලා හිතන්න පුලුවන්, සමහර අය තමන්ට හානි වුනොත් තමන්ගේ ළමයින්ට, බැදලා ඉන්න කෙනාට යන කළ ගැන හිතනවා වෙන්න පුලුවන්. නමුත් පළිගන්න චේතනාවෙන්, වෛරය නිසා, ඊරිෂියා නිසා උදව් නොකර ඉන්නවා නම් ඒක වැරදියි ඉතින් ඒක පුද්ගලයාගේ චේතනාව අනුව තීරණය වෙන දෙයක්.
    ඉතින් වකුගඩුවක් ඒ පියතුමාට දෙන්නෙ නැතුව හිටියා කියලා ඒ කෙනා නරක කෙනෙක් වෙන්නේ නෑ නමුත් මේ විදියට දෙනවා කියලා ව්‍යාජ පෙනුමක් පෙන්වලා පස්සේ නොදි ඉන්න නරක වැඩක්. දෙන්න අකමැති නම් ඒක අවංකව කියන්න ඕනේ නැත්නම් අඩුම ගානේ එන්නේ නැතුව ඉන්න තිබුනා. කොහොම වුනත් අන් අය ගැන සැලකිලිමත් වෙන එක, අන් අයට උදව් කරන එක ගොඩක් හොද දෙයක්. අර අන්තිමට කියලා තියෙන එක හරි තමන් හිසට තම අතමය විතරයි කවදා හරි ඉතින් මුලින්ම තමන්ට සේවය කරන්න, තමන්ට සලකන්න හොදට, තමන්ට ගෞරව කරන්න, තමන්ව හොදට පෝෂණය කරන්න ඊට පස්සේ අන අය බලන්න. සමහර මිනිස්සු කියනවා බඩට පෙර රට කියලා නමුත් රට තමන් ගැන බලන්නේ නෑ. බඩට නැත්නම් රට රකින්නත් බෑ. ඉතින් මම කියන්නේ අන් හැම දේකටම ප්‍රථම තමන්. තමන්ට පස්සේ තමයි ඕනෙම දෙයක් තියෙන්නේ.

    Machn well said !! I really appreciate your view, I am agreeing with u.
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    2ignbea.gif


    +++rep
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඒකනම් සැරටම වදින කතාවක්....
    දැන්න ඉතින් සල්ලි ධනය බලය තියනකන් මිනිස්සු ඉන්නවා..
    අනේ මන්දා මටනම් හිතා ගන්න බෑ මම ඇයි මිනිස්සුන්ට උදව් කරන්නේ කියලා... හිතලා හිතලා හිතලා
    අන්තිමට උත්තරයක් හොයා ගත්තා..
    ඒක හෙන පොඩි දෙයක්
    :D:D:D:D