නුඹේ මල් ගවුමේ...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නුඹේ මල් ගවුමේ...

    ආල හැඟුමින් කෝල මාගේ හිතම හිරිවට්ටා
    නුඹේ මල් ගවුමේ මල් වල පුසුඹ මට දැනුනා
    හැමදාම නුඹ ළගම නවතින ඇස් දිහා බලලා
    නෙතින් තරවටු කල තරමටම ආදරේ හිතුනා...

    ඉරේ තාලෙට මගේ දෑසේ නෙක රටා මවනා
    නුඹේ හෙවනැල්ල හෙවනේ යන්න මට හිතුනා
    කීව නාහන හිත මගේ එහෙ මෙහේ දුව පනිනා
    නුඹ ළඟින් එක්තැන් කරන්නට ඉතින් මට හිතුනා ...

    දරා ගනු බැරි හිතේ රස්නේ නිවා ගනු බැරුවා
    නිවා සුළගේ නුඹේ කොපුලත හීන් රැළි හැදුවා
    සීරුවෙන් අත ගා නුඹේ හිස ආදරෙයි කියනා
    ඇසිල්ලක මං නුඹේ වෙනතුරු මඟබලා ඉන්නා
    .... :love::love:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    දරා ගනු බැරි හිතේ රස්නේ නිවා ගනු බැරුවා
    නිවා සුළගේ නුඹේ කොපුලත හීන් රැළි හැදුවා
    සීරුවෙන් අත ගා නුඹේ හිස ආදරෙයි කියනා
    ඇසිල්ලක මං නුඹේ වෙනතුරු මඟබලා ඉන්නා

    මේ කොටස නම් මාර ලස්සන‍යි.....:cool::cool::cool:

    රෙප් දෙන්න බැරිලු.....
    :dull::dull::dull:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේ කොටස නම් මාර ලස්සන‍යි.....:cool::cool::cool:

    රෙප් දෙන්න බැරිලු.....
    :dull::dull::dull:

    rep ඕනේ නෑ මලේ. අදහස් ගොඩක් වටිනවා. ගොඩක් ස්තුතියි :D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වර්තමානයේ ලියවෙන කවි කියන කවි නොවන වචන පේලි වලට වඩා විඳින්න පුළුවන් යමක් තියන නිර්මාණයක්.
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    වර්තමානයේ ලියවෙන කවි කියන කවි නොවන වචන පේලි වලට වඩා විඳින්න පුළුවන් යමක් තියන නිර්මාණයක්.

    ගොඩක් ස්තුතියි:D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මිහිරිය වදන් ගලපා ඇති කව ..................මනරම්
    නැගෙනා සිතුම් බලපන් මිහිරිද ...............කොතරම්
    තනිකඩ සිතේ
    නැග ඇත පැණි කොන්ඩ .........කැවුම්
    අවුරුදු කලේ ගැහුවද ගම පුරා ....................රවුම්
     
    • Like
    Reactions: Dewrangi

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mmm... meke nam padha kavi akarayen gelapenawa adui kiyalai mata therena vidiha... oka nisades wage liya una nam arthayata oita wada sadaranayak karanna thibba kiyala hitanawa...

    kollo thawamath mal wetuna ceeththa gaum adina ahinsaka kellanta adarei, denimata wada...
     
    Last edited:
    • Like
    Reactions: Dewrangi

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mmm... meke nam pada kavi akarayen gelapenawa adui kiyalai mata therena vidiha... oka nisades wage liya una nam arthayata oita wada sadaranayak karanna thibba kiyala hitanawa...

    kollo thawamath mal wetuna ceeththa gaum adina ahinsaka kellanta adarei, denimata wada...

    ඔබන්නට සිතේ ඔබේ කටතුල රං .....මසුරන්
    හොද හැටි විචාරා ඇත පඩියෙකු ........මෙන්
    ගතයුතු තමා මොහු කියනා මේ........ ඔවදන්
    එමවිට හැකිය වීමට කවි ලොව .......හපනන්