~සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර 2013~
~නව සඳ බැලීමට~
අභිනව චන්ද්‍ර වර්ෂය සහ අභිනව සූර්ය වර්ෂය සඳහා 2013 ක් වූ අප්‍රේල් මස 14 වන ඉරිදා දින නව සඳ බැලීම මැනවි.
~පරණ අවුරුද්ද සඳහා ස්නානයට~
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
~පුණ්‍ය කාලය~
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපර භාග 07.05 සිට අප්‍රේල් මස 14 වන ඉරිදා දින පූර්ව භාග 07.53 දක්වා පූණ්‍ය කාලය බැවින්, අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපර භාග 07.05 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද , පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන ඉරිදා දින පූර්ව භාග 01. 29 සිට පූර්ව භාග 07.53 දක්වා පහත දැක්වෙන අයුරු වැඩඇල්ලිම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර විධි ඉටුකිරිම ද මැනවි.
~අලුත් අවුරුදු උදාව~
අප්‍රේල් මස 14 වන ඉරිදා පූර්ව භාග 01.29 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
~ආහාර පිසීම~
අප්‍රේල් මස 14 වන ඉරිදා දින පූර්ව භාග 04.06 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.
~වැඩඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය~
අප්‍රේල් මස 14 වන ඉරිදා දින පූර්ව භාග 07.05 ට තඹ (රතු සහ කහ මිශ්‍ර) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියළු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
~හිසතෙල් ගෑම~
අප්‍රේල් මස 15 වන සදුදා දින පූර්ව භාග 06.41 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නැගෙනහිර දිශාව බලා හිසට දිඹුල් පත් ද , පයට ඉඹුල් පත් ද තබා තෙල් සහ දිඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරිම මැනවි.
~රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම~
අප්‍රේල් මස 17 වන බදාදා පූර්ව භාග 07.42 ට පලාවන්(කොළ) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා හකුරු මිශ්‍ර ආහාරයක් අනුභව කර දකුණු දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත්ව යෑම මැනවි.
~රාශි අය වැය~
මේෂ 02-05, වෘෂභ 11-11, මිථුන 02-11, කටක 11-05, සිංහ 14-02, කන්‍යා 02-11, තුලා 11-11
වෘශ්චික 02-05, ධනු 14-08, මකර 08-11, කුම්භ 08-11, මීන 14-08
~~
ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි වාසනාවන්ත
සුභම සුභ නව වසරක් වේවා..!

Last edited: