ඔබ ඔය සුරතල්කරන්නේ සතර අපායයි

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔබ ඔය සුරතල්කරන්නේ සතර අපායයි

    ඔබ ඔය සුරතල්කරන්නේ සතර අපායයි
    http://www.divaina.com/2013/01/27/feature04.html


    monk.jpg
    තාම ලෙන්ගතුභාවයෙන් සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර නම් ජලභීතිකාවත්, මැලේරියා, බරවා, වැනි රෝගවත් නොවේ. ඒවා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් සුවපත් විය හැකිය. සතුන් ඇති කිරීමෙන් සිදුවන්නා වූ භයානකම අනතුර ගැන ඔබ අවධානයෙන් සිටිය යුතුය.

    ඔබ සිතන්න ඔබ ඉතා ආදරයෙන් ඇති දැඩි කරපු සතෙක්‌ මියයනවා. මියගිහින් ඔබ ඇසුරේම ප්‍රේත සතෙක්‌ ලෙස උපදිනවා ඔබ නොදන්නවාට මේ ප්‍රේත සතා ඔබ ඇසුරේම ඔබේ නිවසේම ඉඩමේම ජීවත්වෙනවා. මෙවැනි අවස්‌ථාවකදී ඔබ ද වයසට යැම නිසා වෙනත් රෝගී තත්ත්වයක්‌ නිසා හදිසි අනතුරක්‌ නිසා මරණීය තත්ත්වයට පත්වෙනවා. අපිට කියන්න බැහැ අපි කොහොම කොයි මොහොතේ මැරෙයිද කියලා. සමහරු ඉන්නවා හොඳින් ජීවත්වෙලා මැරෙන මොහොතේ අසිහියෙන්, වේදනාවෙන් මියයනවා. මෙවැනි අවස්‌ථාවක තමාගේ මානසික තත්ත්වය බිඳ වැටිලයි තිබෙන්නේ. එවැනි විටක තමා අභිබවා ඔය අමනුෂ්‍ය බලවේග ඉස්‌මතු වෙනවා. ඒ අය මනුෂ්‍යයාගේ දුර්වල මනෝභාවයට පෙනී සිටිනවා. මෙවැනි අවස්‌ථාවක ඔබට ඔය ප්‍රේත සුරතල් සතාව දර්ශනය වුවහොත් ඔබ සුරතල් කළ, ආදරය කළ එම සතා කෙරෙහි ඡන්ද රාගය ඇතිවී තමාත් එම ප්‍රේත සතාගේ ලෝකයේ ඉපදීම සිදුවිය හැකියි. ජීවිතයේදී කාය, වචී, මනෝ කුසල කර්මයන් පුරුදු පුහුණු කර නොතිබුණ හොත් අපි මැරෙන මොහොතේ අධ්‍යත්මිකව වැටිල අසරණවෙන විට අපි ඉදිරියට එන ඕනෑම ප්‍රිය රූපයක්‌ අල්ලාගන්නවා, උපාදානය කර ගන්නවා. අපි ද එහිම බැසගන්නවා. තෙරුවන් කෙරෙහි සද්ධාව නොමැති නිසා, සද්ධර්මය ශ්‍රවණය නොකිරීම නිසා කල්‍යාණමිත්‍ර සේවනය නොකළ නිසා සතර අපාය මොකක්‌ද කියලාවත් මේ අය දන්නෙ නැහැ. තමා ඉදිරියේ පෙනී සිටින ප්‍රේත සුරතලා, ජීවමානව සිටි සුරතලා වශයෙනුයි මේ අය හඳුනාගන්නේ. අවසානයේ ස්‌වාමියා ප්‍රේතයෙක්‌ ලෙසත් ඔහුගේ ප්‍රේත ලෝකයේ සුරතලා ප්‍රේත සතාත් බොහෝම සමීපව ප්‍රේත ලෝකයේ ජීවත්වෙනවා.

    සතුන් කෙරෙහි තෘෂ්ණාව ඇතිකරගත් පිංවතුන් තමාත්, එම අසරණ සතුන්වත් දුකෙන් දුකට පත්කරනවා. ඉහත ස්‌වභාවයන් අවබෝධකරගෙන සතුන් ඇති කිරීම දෙපාර්ශ්වයටම යහපත් වෙනවා. එසේ නොවුන හොත් සතර අපාය තව තව පිරීම හැර වෙනත් විකල්පයක්‌ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේද භික්‍ෂුන් වහන්සේලාට තම පාත්‍රය සෝදා ඉතිරිවන ඉඳුල් වතුරටික පවා සතුන් නොමැති ජලයේ පා කර හරින්න යෑයි අනුදැන වදාළේ, සතුන් ඇති දැඩි කිරීමට නොහැකි ආකාරයට විනය නීති පැනවූවේ ගිහි පැවිදි සැමටම ඉහත සතුන් පලිබෝධයක්‌ වන නිසාමය. අද සතෙකුට කෑමට යමක්‌ දැම්මොත් එම සතා නැවත ඔබ සොයා එනු ඇත. මෙය නැවත නැවත සිදුවීමේදී සතා ඔබේ හිතවතා, සුරතලා වීම අනිවාර්යය. සතාගේ හිතවත්භාවය නිසා, අසරණ භාවය නිසා ඔබ එම සතාට ආහාර ලබාදෙයි. මෙහිදී සිදුවන්නේ තෘෂ්ණාව මත ඇති වන ගනුදෙනුවකි. එම ගනුදෙනු ඔබව මුලාකරනු විනා සත්‍යවබෝධය සදහා නම් උපකාර නොකරයි. ප්‍රේත අලියාගේ ඉරණම සම්බන්ධයෙන් ඉහත සටහන තැබුවේ භික්‍ෂුව එය ගලපාගත් ආකාරයටය. ඔබට එය වැරදි යෑයි හැඟේ නම් පිංවත් ඔබට කැමති ආකාරයට එය ගලපාගත හැකිය. පිංවත් ඔබ කෙසේ ගලපාගත්ත ද සීමාව ඉක්‌මවා ගිය සතුන් කෙරෙහි බැඳීම ඔබේත් සුරතලාගේත් දුක පිණිසම හේතුවේ. සුරතලා කොහොමත් සිටින්නේ සතර අපායේය. එහෙත් ඔබ උතුම් මනුෂ්‍ය ජීවිතයකය. මේ දෙක ඔබ පටලවා නොගතයුතුය. තමාවත් තමාට අයිති නැතිකොට සතර අපායේ සතෙකු තමාගේ කරගැනීමට යැම අනතුරුදායක බව මෙනෙහි කරන්න. ඔබේ සෙවනේ වැඩෙන සුරතලා කුමන සතෙකු වුවද එම සතා පෙර ජාතියක මනුෂ්‍යයෙක්‌ බව හොඳින් සිහිකරන්න. එම මනුෂ්‍යයා තිරිසන් සත්වයෙක්‌ ලෙස සතර අපායට වැටුණේ පෙර මනුෂ්‍ය ජීවිතයේදී තිරිසන් සත්ව සංඥා වැඩු නිසා වීම එක හේතුවක්‌ විය හැකිය. මනුෂ්‍ය ජීවිතය ප්‍රපාතයට හෙලන මෙවැනි හේතූන්ගෙන් ඔබ අත්මිදෙන්න. තිරිසන් සත්වලෝකය විවිධත්වයෙන් පිරී ඇත. මේ විවිධත්වය යනු එම සතුන් ගෙවන කර්ම සහ කර්ම විපාකයන්ගේ ස්‌වභාවයයි. මෙහි පර්යේෂණ කිරීමට, ඇති දැඩි කිරීමට, සුරතල් කිරීමට දෙයක්‌ නොමැත. ඔබ සුරතල් කරන්නේ නම් ඒ ඔබ සුරතල් කරන්නේ සතර අපායේ කර්ම විපාකයකි. ඔබ දක්‍ෂයෙක්‌ වන්නේ සතර අපායේ දුක තිරිසන් සත්වලෝකයේ දුක දැක එය කමටහනක්‌ කර ගෙන සතර අපායෙන් එතෙර වීමෙන්ය. එසේ නොකොට සතර අපාය සුරතල් කිරීමෙන් නොවේ.



    book.jpg
    මෙම ලිපි මාලාවේ මෙතෙක්‌ පළවූ ලිපි එකතුවෙන් ඔබ අතට පත්වූ 'මහරහතුන් වැඩි මග ඔස්‌සේ' අතහැරීම 1 සහ අතහැරීම 2 යන පොත් වලට පාඨක ඔබගෙන් වූ ඉල්ලුම සපුරාලීමට විටෙක අප අපොහොසත් විය. එහෙත් මේ වන විට අප දිවයිනේ ප්‍රධාන පොත්හල් මගින් සහ 'දිවයින' අලෙවි නියෝජීතයන් මගින් එම පොත හිඟයකින් තොරව ඔබට ලබාදීමට අප වැඩපිළිවෙලක්‌ සකස්‌ කර ඇත්තෙමු. ඒ අනුව මෙම සතියේ බදාදා සිට පහත සඳහන් පොත්හල්වලින්ද 'අතහැරීම 1' සහ 'අතහැරීම 2' පොත් ලබාගත හැකිය.

    තවත් මාස 2ක ඇවෑමෙන් 'අතහැරීම 3 පළමු කොටස්‌ පොතද පළවීමට නියමිත බව පිංවත් ඔබට දැනුම්දීමට කැමැත්තෙමු.

    (මේ සෑම ධර්ම ග්‍රන්ථයක්‌ම ලාභ අපේක්‍ෂාවකින් තොරව අවම මිලට ඔබ අතට පත්වන බව කරුණාවෙන් සලකන්න)

    බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය(නැදිමාල,තුම්මුල්ල), සරසවි පොත්හල (කොළඹ කොටුව, කොල්ලුපිටිය, නාරාහේන්පිට, බොරැල්ල, මහරගම, දෙහිවල, ගම්පහ, මහනුවර, පිළියන්දල, කුරුණෑගල, වත්තල, මාතර, කිරිබත්ගොඩ, ගාල්ල) ශ්‍රී සම්බෝධි පොත්හල- කොළඹ 07, දයාවංශ ජයකොඩි පොත්හළ, සමුද්‍ර පොත්හල (මාතර, මහනුවර, කුරුණෑගල, බොරැල්ල) ලේක්‌හවුස්‌ පොත්හල, සේනාධීර පොත්හල (හෝමාගම)

    උපාලි පුවත්පත් ප්‍රධාන කාර්යාලය බ්ලුමැන්ඩල් පාර, කොළඹ 13, උපාලි පුවත්පත් දැන්වීම් කාර්යාල, කොළඹ කොටුව, මහනුවර ක්‌වීන්ස්‌ හෝටලය, වජීර හවුස්‌ බිල්ඩර්ස්‌, වජීර පාර, බම්බලපිටිය.

    මෙම පොත් අවශ්‍ය වෙනත් පොත්හල් හෝ පිරිස්‌ වේ නම්

    071-2199900 දුරකථන අංකයට අමතන්න.



    ඉන්ද්‍රජිත් සුබසිංහ
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ගැබුරු ධර්ම කාරණා විස්මයජනක ලෙස එදිනෙද උපහැරණ මගින් පැහැදිලි කරන ලද ඉතා වටිනා ලිපි පෙළකි...කව්රුන් හෝ කෙනෙක් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ලොව පුර බෙදා හරිය යුතු ලිපි මාලාවකි ....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ධර්මයේ හරවත් ගැඹුරු කොටස් තේරුම් ගැනීමට අපහසුවූ කල බුදුන් වහන්සේ විසින් දේශනා නොකරන ලද්දේයයි කියා මගහැර බෞද්ධයා මුලා කරන සමයක මෙවන් දෑ බෞද්ධයාගේ යහපත පිණිසම වන්නේය.
    තෙරුවන් සරණයි.
     
    • Like
    Reactions: MC New York

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔබේ වටිනා කාලවැය කර මෙය කියවුවාට මගේ ප්‍රණාමය :)
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ගොඩක් අය කල්පනා කරනෙන් නැති වැදගත් කරුණක්...:cool:
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පිංවත් ඔබ කෙසේ ගලපාගත්ත ද සීමාව ඉක්‌මවා ගිය සතුන් කෙරෙහි බැඳීම ඔබේත් සුරතලාගේත් දුක පිණිසම හේතුවේ. සුරතලා කොහොමත් සිටින්නේ සතර අපායේය. එහෙත් ඔබ උතුම් මනුෂ්‍ය ජීවිතයකය. මේ දෙක ඔබ පටලවා නොගතයුතුය. තමාවත් තමාට අයිති නැතිකොට සතර අපායේ සතෙකු තමාගේ කරගැනීමට යැම අනතුරුදායක බව මෙනෙහි කරන්න. ඔබේ සෙවනේ වැඩෙන සුරතලා කුමන සතෙකු වුවද එම සතා පෙර ජාතියක මනුෂ්‍යයෙක්‌ බව හොඳින් සිහිකරන්න. එම මනුෂ්‍යයා තිරිසන් සත්වයෙක්‌ ලෙස සතර අපායට වැටුණේ පෙර මනුෂ්‍ය ජීවිතයේදී තිරිසන් සත්ව සංඥා වැඩු නිසා වීම එක හේතුවක්‌ විය හැකිය. මනුෂ්‍ය ජීවිතය ප්‍රපාතයට හෙලන මෙවැනි හේතූන්ගෙන් ඔබ අත්මිදෙන්න

    :confused::confused:
    12.gif
    12.gif


    මොනවද බන් මේ දාල තියෙන්නෙ .

    අනිත් ආගම් වල උන් කියයි. බුද්ධාගම් කාරයොන්ට පිස්සු කියලා.
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    THE FUCK ?

    The FUCK is THIS ?

    I am sorry, i might be oblivion to the teaching of Buddha... but does this mean that we are NOT SUPPOSE to raise animals? .. as in pets?


    :confused::confused:
    12.gif
    12.gif


    මොනවද බන් මේ දාල තියෙන්නෙ .

    අනිත් ආගම් වල උන් කියයි. බුද්ධාගම් කාරයොන්ට පිස්සු කියලා.


    සීමාව ඉක්‌මවා ගිය සතුන් කෙරෙහි බැඳීම ඔබේත් සුරතලාගේත් දුක පිණිසම හේතුවේ.

    මිත්‍රයා මේක අදාල වන්නේ මේ සිද්ධියට පමණක් නොවෙයි. වරද තිබෙන්නේ වටහාගත් අයුරෙයි. මෙහි ප්‍රධාන කරුණ උපාදානයයි. දැඩිව අල්ලා ගැනීම, තෘෂ්ණාවයි.. බෞද්ධයාගේ අරමුණ විය යුත්තේ තම සන්තෝශය පිණිස සත්ත්වයන් ඇති කිරීමද එසේත් නොමැති නම් ධර්මයේ හැසිරෙමින් නිවන් මග කරා යාමද ?

    සද්ධර්මය ශ්‍රවණය නොකිරීම නිසා කල්‍යාණමිත්‍ර සේවනය නොකළ නිසා සතර අපාය මොකක්‌ද කියලාවත් මේ අය දන්නෙ නැහැ. තමා ඉදිරියේ පෙනී සිටින ප්‍රේත සුරතලා, ජීවමානව සිටි සුරතලා වශයෙනුයි මේ අය හඳුනාගන්නේ. අවසානයේ ස්‌වාමියා ප්‍රේතයෙක්‌ ලෙසත් ඔහුගේ ප්‍රේත ලෝකයේ සුරතලා ප්‍රේත සතාත් බොහෝම සමීපව ප්‍රේත ලෝකයේ ජීවත්වෙනවා.


    ඔබ නිරන්තරයෙන් ධර්මයේ හැසිරෙන්නේ නම් කළණමිතුරන් ආශ්‍රය කරන්නේ නම්... ධාර්මික ඔබට මරණාසන්න මොහොතේ ඔබට වැටහෙනවා මේ කුමක්ද යන්න. උදාහරණ ලෙස අවසාන කාලයේ අන්ධව එක්තැන්ව සිටියද භාවනා වැඩීම නිසා සිහි මදක්වත් විකල් නොවී. මතකය මදක්වත් අඩු නොවී අපවත්වූ හිමිනමවල් පසුගිය යුගයේ සිටියා. ධර්මයේ නොහැසිරී සද්ධර්මය ශ්‍රවණය නොකර සිටියානම් ඔබට මරණාසන්න මොහොතේ මෙම කරුණු අවබෝධවන්නේ නැහැ. ලෞකික ජීවිතයට ඇලී සිටි ඔබට ධර්මය පිළිඹඳ හැඟීමක් නොමැති නිසා මෙය සත්‍ය ලෙස සිතා මිය යනවා.

    මා කියවා තිබෙනවා පොත්වල.. පැරණි යුධ බිම්වල තවමත් සැරිසරණ සොල්දාදුවන් ගැන විස්තර. මාර්ග අනතුරුවලදී මියගොස් සිය දරුවා සොයමින් දණගාමින් සිටි අය ගැන.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඔබ ධර්මයේ හැසිරෙන්නේ නම්.. තෘෂ්ණාවක් ඇලීමක් නොමැතිනම් මේ ගැන බිය විමට අවශ්‍ය නැහැ. පෝයට පමණක් භාවනාවලට සහභාගීවන අයෙක් නම්, පෝයට පමණක් සිල් රකින්නේ නම්, පොයට පමණක් සිල් ගන්නේ නම්, පිරිතක් කියන්නේ අවුරුද්දකට සැරයක් නම්, ධර්ම පුස්තකයක් කියවූ කාලයක් මතක නැත්නම් බිය විය යුතුයි.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    එහෙනම් අපි අතර ඉඳල මැරිලා ගිය අපේ නෑදෑයෝ ඉන්නේ ප්‍රේත ආත්මවල නම් අපි මැරෙනකොට අපිත් එහෙට යයිනේ ? අනිත් එක සත්තුන්ට කන්න දෙන එක පිනක් ලෙසනේ ගන්නේ. මිනිස්සු හැදුවේ නැත්නම් බල්ලෝ පුසෝ වගේ සත්තු කොහොමත් මැරිලා යනවා.

    අනිත් එක කවුද රජ කෙනෙකුත් ඔහොම මැරෙන මොහොතේ තරහ ගිහිල්ලා සර්පයෙක් වෙලා ඉඳල දවස් 7 කට පස්සේ දිවය ආත්මයක් ලබපු කතාවක් තියෙන්නේ. ඒ කියන්නේ මැරෙන මොහොතේ චේතනාව මොකක් උනත් කරපු කුසල් අනුව තමයි ඊළඟ ආත්මය තීරණය වෙන්නේ.


    එහෙම නැත්නම් ජීවුත කාලය පුරාවටම පව් කරලා මැරෙන මොහොතේ පිරිත් ඇහුවොත් දිවය ලෝකෙට යන්න පුළුවන් වෙයිනෙ :rofl:

     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    එහෙනම් අපි අතර ඉඳල මැරිලා ගිය අපේ නෑදෑයෝ ඉන්නේ ප්‍රේත ආත්මවල නම් අපි මැරෙනකොට අපිත් එහෙට යයිනේ ? අනිත් එක සත්තුන්ට කන්න දෙන එක පිනක් ලෙසනේ ගන්නේ. මිනිස්සු හැදුවේ නැත්නම් බල්ලෝ පුසෝ වගේ සත්තු කොහොමත් මැරිලා යනවා.

    අනිත් එක කවුද රජ කෙනෙකුත් ඔහොම මැරෙන මොහොතේ තරහ ගිහිල්ලා සර්පයෙක් වෙලා ඉඳල දවස් 7 කට පස්සේ දිවය ආත්මයක් ලබපු කතාවක් තියෙන්නේ. ඒ කියන්නේ මැරෙන මොහොතේ චේතනාව මොකක් උනත් කරපු කුසල් අනුව තමයි ඊළඟ ආත්මය තීරණය වෙන්නේ.


    එහෙම නැත්නම් ජීවුත කාලය පුරාවටම පව් කරලා මැරෙන මොහොතේ පිරිත් ඇහුවොත් දිවය ලෝකෙට යන්න පුළුවන් වෙයිනෙ :rofl:


    පින් කරලා කරලා.. අවසන් මොහොතෙ කරුමයක් දැකලා අපායෙ යනවා. ගිහින් දවස් තුන හත වගේ ඉඳලා එතනින් රිලීස් වෙලා සුගතියට යනවා. ඒ වගේම පවු කරලා කරලා සුගතියට ගියත් වැඩිකල් එහි රඳන්නේ නැහැ. දුගතියට යනවා. මෙතන වැදගත් කරුණ සතා නොවෙයි මට හිතෙන විදිහට. වැදගත් කරුණ උපාදානයේ භයානක කම.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    පින් කරලා කරලා.. අවසන් මොහොතෙ කරුමයක් දැකලා අපායෙ යනවා. ගිහින් දවස් තුන හත වගේ ඉඳලා එතනින් රිලීස් වෙලා සුගතියට යනවා. ඒ වගේම පවු කරලා කරලා සුගතියට ගියත් වැඩිකල් එහි රඳන්නේ නැහැ. දුගතියට යනවා. මෙතන වැදගත් කරුණ සතා නොවෙයි මට හිතෙන විදිහට. වැදගත් කරුණ උපාදානයේ භයානක කම.

    එක හරි . එත් හාමුදුරුවෝ ඒ ගැන සම්පූර්ණ වැරදි චිත්‍රයක් දෙන්නේ