••London eye_සහ_තේම්ස්_නදියේ_සංචාරය_කරමු••
එළකිරි දැනුමට සහ විනෝදයට අලුත් අත්දැකීමක් එකතු කරන්න ඔන්න බන්ටුවා ආයිත් ආවා. කරණු එකතු කරලා මේ වගේ දෙයක් එළකිරි යාලුවන්ට දෙන්නේ අප්‍රමාණ සතුටකින්. එත් වෙලාවකට දුකත් හිතෙනවා ලැබිල තියන ප්‍රතිචාර දිහා දැක්කහම.
මට විතරක් නෙමෙයි මහන්සි වෙලා නූලක් අමුණන ගොඩක් දෙනෙක්ට මේක පොදුයි. එලකිරිය දැන් විකාරයක් වෙලා; එක්කෝ කාට හරි මඩ ගහයි, නැත්තම් තම්බියන්ට පලු යන්න බනියි ( online වීරයෝ), එහෙමත් නැත්තම් මොකක්හරි කුණුහරපයක් කියල මෝඩ චූන් එකක් ගනියි. ලංකාවේ වැඩිම members ලා ගානක් ඉන්න එළකිරියේ තත්වේ ඕකයි. ගුණාත්මක බවෙන් ඉහල threads සීමිත පිරිසක් බලල අප්‍රසිද්දියේ වැලලිලා යනවා. ඒ threads ලියන හැමෝටම මගේ ශීර්ෂ ප්‍රණාමය !! 

Admin ගෙන් පොඩි ඉල්ලීමකුත් කරනවා පුලුවන්නම් අරවගේ අසහනකාරයෝ කීප දෙනෙක්වත් block කරන්න, හැමෝටම බලන්න පුළුවන් අනාගත එලකිරිය රැක ගන්න ඒක උදව් වේවි.
එහෙනම් කතාව පටාන් ගමු. අද පොඩි සවාරියක් යන්නයි හදන්නේ. කොහාටද කිව්වොත් ලෝකයේ ලස්සනම නගරයක් වන ලන්ඩන් නගර මධ්යේ පිහිටලා තියන London eye සහ තේම්ස් නදිය (River Thames) බලන්න.
අත්දැකීම් ඇති පිරිසකුත් මේ අතර ඇති. ලංකාවේ ඉන්න බහුතරයකට රස විඳින්න පුළුවන් විදියට මන් මේක ලියන්න බලාපොරොත්තු වෙනවා. තේම්ස් නදියේ බෝට්ටු සවාරියකුත් එක්කගෙන යනවා. 
මේ වගේ threads ලිව්වහම සමහරු rep කපල කුණුහරපෙන් බැනල එවනවා සුද්දට පු%දෙනවා, සුද්දගේ රටේ වැසිකිලි හෝදන එකා, bla bla bla. සමහර මිනිස්සු ඇයි මෙච්චර කුහක කියල තේරෙන්නේ නෑ.
Rep කැපුවට කමක් නෑ ඔය rep වලින් පාන් බාගයක්වත් ගන්න බෑනේ. මොකක්හරි වැරැද්දක්නම් කෙලින් කතා කරමු. මේ රටේ ජීවත් වන පිරිස මේ රට ගැන හොඳට දන්නවා. එළකිරියේ navodwickra (UK) ටත් මේ වගේ ඒවට මුණ දෙන්න වෙලා තියනවා, එයානම් එච්චර ගණන් ගන්නේ නෑ .එත් මගේනම් ටිකක් හිත රිදෙනවා.
[FONT=Times New Roman, Times, serif]
[/FONT] LONDON EYE
London eye පිලිබඳ කෙටි හැඳින්වීමක් :
London eye යනු කෙලින් අතට පිහිටා ඇති ඇති දැවැන්ත බයිසිකල් රෝදයක් වැනි නිර්මාණයක්. හරියට කතුරු ඔන්චිල්ලාවක් වගේ කියල හිතාගන්නකෝ.
විශාලත්වය කොච්චරක්ද කිව්වොත් උස අඩි 450 ක් සහ විෂ්කම්බය අඩි 400ක් පමණ වෙනවා. මෙය යුරෝපයේ පිහිටි උසම ලෝහමය රෝදය වන අතර ලෝකයේ තෙවන උසම රෝදය වෙනවා.
පලවෙනි සහ දෙවැනි ස්ථාන වෙන්නේ අනුපිළිවෙලින් සිංගප්පුරුවේ පිහිටි Singapore Flyer සහ චීනයේ පිහිටි Star of Nanchang කියන ස්ථානයි.
පිහිටලා තියෙන්නේ ලන්ඩන් නගරයේ පිහිටි South bank නම් ස්ථානයේ. තව විදියකින් කිව්වොත් House of Parliament (පාර්ලිමේන්තුව), National Theatre සහ තේම්ස් නදිය අසබඩ. ලඟම පිහිටිදුම්රිය ස්ථාන වෙන්නේ Westminster, Waterloo සහ Embankment දුම්රිය ස්ථානයි. ඒ වගේම වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනා ගත්ත ස්ථානයකුත් වෙනවා. සාමාන්යෙන් වසරකට බිලියන 4කට කිට්ටු ප්‍රමානයක් මේ ස්ථානය වෙත ඇදී එනවා.
මෙහි ඇති සුදරත්වයත් පුළුල් පරාසයකට විහිදුනු නගරය බලා ගැනීමේ හැකියාවත් සංචාරකයන් ආකර්ෂණය තවත් වැඩි කරනවා.
මෙය එලි දැක් වුනේ 1999 යේ දෙසැම්බර් 31 වෙනිදා (Toni Blair අගමැතිතුමා විසිනුයි open කරලා තියෙන්නේ.) . ඒකියන්නේ සහස්ශ්‍රකය ලබද්දී. එනිසා Millennium wheel කියලත් හඳුන්වනවා. ඒවගේම දැනට හඳුන්වන නිල නාමය වෙන්නේ "British Airways London Eye" යනුවෙනුයි.
නිර්මාණය සහ ඉදිකිරිම :
මෙහි නිර්මාණයට මුලිකවම දායක වෙලා තියෙන්නේ ඉදිකිරීම් ශිල්පින් කිහිපපොලක් වන Frank Anatole, Nic Bailey, Steve Chilton, Malcolm Cook, Mark Sparrowhawk, Julia Barfield සහ David Marks යන පිරිසයි. ඊට අමතරව සමාගම් කීපයක් මෙහි නිර්මාණයට දායක වෙලා තියනවා. විශාල රවුම් වළල්ලක් මැද ඊට සරිලන ආකාරයට බයිසිකල් spoke රැදවෙන ආකාරයෙන් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ සඳහා ශක්තිමත් ලෝහ උපයෝගී කරගෙන තියනවා. ඒ වගේම " A" frame structure කියන කරමවේදය උපයෝගී කරගෙන තියනවා.
" A" frame structure
ඒ විතරක් නෙමෙයි මගින් ගෙන යා හැකි ඕවල් හැඩති capsule 32 ක් මේ රෝදය වටා එල්ල තිබෙනවා. මෙම capsule යක එකවර මගීන් 25කට පමණ ගමන් කර හැකියි.
London eye හි සැකිල්ල පොලොව මත නිර්මාණය කර පසුව දොඹකර මාර්ගයෙන් ඉහලට ඔසොවා ස්ථාපනය කරලා තියනවා.
මෙම සුන්දර නිර්මාණයට ඇති විශාල මුදල් කන්දරාවකුත් වැය වෙලා තියනවා. හරියටම කිව්වොත් පවුම් මිලියන 70 ක් . මහජනයාට විවුර්ත කරපු දවසේ ඉඳන් (2000 හේ මාර්තු 9) අද දක්වා හොඳ අදායමක් ලබල ඇති. මගේ මතකේ විදියට London eye පමණක් සංචාරය කරනවානම් ටිකට් පතක් පවුම් 19 ක් පමණ වෙනවා.1999 දෙසැම්බර් 31 ඉඳන් 2000 හේ මාර්තු 9 වෙනකන් කාටවත් දීල නැත්තේ යම් තාක්ෂණික ගැටළු නිසයි.
Olympics සහ විවිධ ඉසව් සහ උත්සව සඳහා මේ ස්ථානය බහුලව භාවිත කරනවා.
ඉහල අහසේ සිට සුන්දරත්වය නරඹමු:
ඔයාලටත් මේ වගේ අත්දැකීමක් ගන්න පුළුවන් උනොත් London eye අමතක කරන්න එපා.
[FONT=Times New Roman, Times, serif]
[/FONT]RIVER THAMES
පිහිටීම:
තේම්ස් නදිය කිව්වහම ඕන කෙනෙක් දන්නවනේ. London නගරයේ ලස්සන දෙගුණ තෙගුණ කරන්න නගරය මැද්දෙන් ගලා බසින මේ ලස්සන නදිය උපකාරී වෙනවා. තේම්ස් නදිය ගැන කිව්වොත් නැගනහිර වෙරලින් මුහුදට වැටෙන දිග ගංගාවක් මේ රුප සටහන බලල පොඩි අදහසක් ගන්න පුළුවන් ඔයාලට.
මෙය එංගලන්තයේ දිගම ගංගාව වන අතර එක්සත් රාජධානියේ දෙවැනි දිගම ගංගාව වෙනවා.
තේම්ස් නදියත් සංචාරක ආකර්ෂණය දිනා ගත්ත ඉතා ලස්සන ස්ථානයක්, විශේෂයෙන් ලන්ඩන් නගරයේදී ඒබව හොඳින් තේරුම් ගන්න පුළුවන්. බෝට්ටු සවාරි යන හැකි ආකාරයට ඉතා පිළිවෙලට සැලසුම් කරලා තියනවා. ලන්ඩන් මධ්යේදී ස්ථාන කීපයක් වන oxford , Reading, Henley on Thames, Windsor, Kingston upon Thames සහ Richmond පසු කරගෙන මේ ගංගාව ඇදෙනවා.
කිලෝමීටර් 350 ක පමණ දිගින් යුක්තයි. භූ ගෝලමය සාධක ගැන කියන්න යන්නේ නෑ ලිපිය දැනටමත් ටිකක් දිගයි. එනිසා බෝට්ටු සවාරියට කෙලින්ම බහිමු.
බෝට්ටු සවාරිය:
River Cruise සඳහා ආයතන කීපයක් සේවා සපයන්න සැදී පැහැදී ඉන්නවා. මේ හැම එකකම සේවාව එක වගේ. මේ සඳහා ටිකට් පතක් මිලදී ගත යුතුයි.
විනාඩි 45ක පමණ සවාරියක් අපිට යන්න පුළුවන්. නැවට ගොඩ උන මොහොතේ සිට අවට පිහිටා ඇති සුවිශේෂ ස්ථාන පිලිබඳ දැනුමක් මෙයාල අපිට ලබා දෙනවා. මේ රුප සටහනින් ඔයාලටත් ඒවා පොඩ්ඩක් බල ගන්න පුළුවන්.
(1) House of parliament:
(2) HMS Belfast නැව :
(3) St. Paul's Cathedral:
(4) Festival Hall:
(5) Tate Gallery:
(6) London Bridge:
ඊළඟ දවසේ සුප්‍රකට Florence Nightingale විසු St . Thomas Hospital එකට සහ පාර්ලිමේන්තු සංකීර්ණයට යමු.
එහෙනම් මම යන්නයි හදන්නේ. ආයිත් දවසක හම්බවෙමු. අකුරු 2 -3 ක් හරි ලියල යනවනම් හරි සතුටුයි.
© බන්ටු
Last Thread by බන්ටු :
Biggest immigration scam ever in Britain
http://www.elakiri.com/forum/showthread.php?t=1543805
Thank You !!

මට විතරක් නෙමෙයි මහන්සි වෙලා නූලක් අමුණන ගොඩක් දෙනෙක්ට මේක පොදුයි. එලකිරිය දැන් විකාරයක් වෙලා; එක්කෝ කාට හරි මඩ ගහයි, නැත්තම් තම්බියන්ට පලු යන්න බනියි ( online වීරයෝ), එහෙමත් නැත්තම් මොකක්හරි කුණුහරපයක් කියල මෝඩ චූන් එකක් ගනියි. ලංකාවේ වැඩිම members ලා ගානක් ඉන්න එළකිරියේ තත්වේ ඕකයි. ගුණාත්මක බවෙන් ඉහල threads සීමිත පිරිසක් බලල අප්‍රසිද්දියේ වැලලිලා යනවා. ඒ threads ලියන හැමෝටම මගේ ශීර්ෂ ප්‍රණාමය !! 

Admin ගෙන් පොඩි ඉල්ලීමකුත් කරනවා පුලුවන්නම් අරවගේ අසහනකාරයෝ කීප දෙනෙක්වත් block කරන්න, හැමෝටම බලන්න පුළුවන් අනාගත එලකිරිය රැක ගන්න ඒක උදව් වේවි.
එහෙනම් කතාව පටාන් ගමු. අද පොඩි සවාරියක් යන්නයි හදන්නේ. කොහාටද කිව්වොත් ලෝකයේ ලස්සනම නගරයක් වන ලන්ඩන් නගර මධ්යේ පිහිටලා තියන London eye සහ තේම්ස් නදිය (River Thames) බලන්න.
අත්දැකීම් ඇති පිරිසකුත් මේ අතර ඇති. ලංකාවේ ඉන්න බහුතරයකට රස විඳින්න පුළුවන් විදියට මන් මේක ලියන්න බලාපොරොත්තු වෙනවා. තේම්ස් නදියේ බෝට්ටු සවාරියකුත් එක්කගෙන යනවා. 
මේ වගේ threads ලිව්වහම සමහරු rep කපල කුණුහරපෙන් බැනල එවනවා සුද්දට පු%දෙනවා, සුද්දගේ රටේ වැසිකිලි හෝදන එකා, bla bla bla. සමහර මිනිස්සු ඇයි මෙච්චර කුහක කියල තේරෙන්නේ නෑ.
Rep කැපුවට කමක් නෑ ඔය rep වලින් පාන් බාගයක්වත් ගන්න බෑනේ. මොකක්හරි වැරැද්දක්නම් කෙලින් කතා කරමු. මේ රටේ ජීවත් වන පිරිස මේ රට ගැන හොඳට දන්නවා. එළකිරියේ navodwickra (UK) ටත් මේ වගේ ඒවට මුණ දෙන්න වෙලා තියනවා, එයානම් එච්චර ගණන් ගන්නේ නෑ .එත් මගේනම් ටිකක් හිත රිදෙනවා. [FONT=Times New Roman, Times, serif]
London eye පිලිබඳ කෙටි හැඳින්වීමක් :
London eye යනු කෙලින් අතට පිහිටා ඇති ඇති දැවැන්ත බයිසිකල් රෝදයක් වැනි නිර්මාණයක්. හරියට කතුරු ඔන්චිල්ලාවක් වගේ කියල හිතාගන්නකෝ.
විශාලත්වය කොච්චරක්ද කිව්වොත් උස අඩි 450 ක් සහ විෂ්කම්බය අඩි 400ක් පමණ වෙනවා. මෙය යුරෝපයේ පිහිටි උසම ලෝහමය රෝදය වන අතර ලෝකයේ තෙවන උසම රෝදය වෙනවා.
පලවෙනි සහ දෙවැනි ස්ථාන වෙන්නේ අනුපිළිවෙලින් සිංගප්පුරුවේ පිහිටි Singapore Flyer සහ චීනයේ පිහිටි Star of Nanchang කියන ස්ථානයි.පිහිටලා තියෙන්නේ ලන්ඩන් නගරයේ පිහිටි South bank නම් ස්ථානයේ. තව විදියකින් කිව්වොත් House of Parliament (පාර්ලිමේන්තුව), National Theatre සහ තේම්ස් නදිය අසබඩ. ලඟම පිහිටිදුම්රිය ස්ථාන වෙන්නේ Westminster, Waterloo සහ Embankment දුම්රිය ස්ථානයි. ඒ වගේම වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනා ගත්ත ස්ථානයකුත් වෙනවා. සාමාන්යෙන් වසරකට බිලියන 4කට කිට්ටු ප්‍රමානයක් මේ ස්ථානය වෙත ඇදී එනවා.

Last edited: