බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?

    බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?

    අවුරුද්ද ඉවර වෙනකම් මම හිටියේ මේ මාතෘකාව කතා කරන්න . කලින් කතා කරානම් බැනුම් අහන්ඩ වෙන නිසා.

    සිංහල අවුරුරුද්ද යනුවෙන් සමරන්නේ කුමක්ද. සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණ වීමයි.බෞද්ධයන්ට මෙහි ඇති වැදගත්කම කුමක්ද? සුර්ය නමසකාර්ය බුදුදහම පහල වීමට පෙර තිබු එක මිත්යදුෂ්ටික වන්දනා ක්‍රමයක්.අපි සරණ ය යුත්තේ තෙරුවන් සරණයි. ඉර හඳ ගස් ගල් සරණ යෑමේ තේරුම කුමක්ද? ජොතිශය යනු බමුණු මතවාදයක්. එහි එන එක සිදුවීමක් අපි සමරන්නේ කුමකටද?බ්‍රහ්මජාල සුත්‍රයේදී බුදුන් වහන්සේ මෙවැනි ලාමක විද්‍යා මිත්‍යා ජීවිකතා ලෙස ප්‍රතික්ෂේප කල සේක
    "´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්-
    (ෂ)සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මූසික ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය වාස්තු විද්‍යාය, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන භූත විද්‍යාය, මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑ කල පිළියම් කිරීමේ විද්‍යාය, කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්‍ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය,...."


    එවන් පැහැදිලි බුද්ධ දේශනාවන් පවත්තිදී දැඩි භක්තියෙන් නැකත් අනුව යමින් කෙරෙන් බමුණන්ගේ මත කරගහගෙන යන අලුත් අවුරුද්ද කොතරම් බෞද්ධයන්ට ගැලපේද?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ පටලවගෙන.. මේක බෞද්ද උත්සවයක් නෙමෙයි මචන්.. සන්ස්කෘතික උත්සවයක්..
    මේකත් නැති කලොත් සින්හල අපිට කොහින්ද අපේ කමක්. ජාතික උත්සවය,සන්ස්කෘතික උත්සව සහ ආගමික උත්සව පටලව ගන්න එපා..
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උබ පටලවගෙන.. මේක බෞද්ද උත්සවයක් නෙමෙයි මචන්.. සන්ස්කෘතික උත්සවයක්..

    සංස්කෘතික කියල අපි සමරන්නේ මොකක්ද?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සංස්කෘතික කියල අපි සමරන්නේ මොකක්ද?
    උබ ඔය කියන්නෙ නැකැත් ගැනනෙ.. නැකත තමයි මචන් චාරිත්තරය.. උත්සවය තමයි අවුරුද්ද.. ඔතන අපි පවත්වන්නෙ පාරම්පරික සිරිතක් විතරනෙ.. හිතපන්කො මෙහෙම.. දැන් අපි ගනුදෙනු කරනවනෙ, වෙලාවට/නැකතට.. අපි ඒක කරන්නෙ අවුරුද්දට විතරනෙ.. මේ දවසට විතරනෙ.. අනික් දවස්වල උබවත් අපි කවුරුවත් බැක්නුවට සල්ලි දාන්නවත්, ATM එකෙන් සල්ලි ගන්නවත් නැකැත් බලලා යන්නෙ නැනෙ.. අන්න ඒකයි, චරිත්තරය.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක වැරදි වෙන්නෙ අන්ද බක්තියකට ගියොත්.. හැමදේටම නැකත් බැලුවොත්. ගෙදරින් එලියට යන්නත්, උදේට කන්නත්, බස් එකට නගින්නත් මේ ඔක්කොටම නැකත් බැලුවොත් අන්න බමුනු මතවාදය...
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උබ ඔය කියන්නෙ නැකැත් ගැනනෙ.. නැකත තමයි මචන් චාරිත්තරය.. උත්සවය තමයි අවුරුද්ද.. ඔතන අපි පවත්වන්නෙ පාරම්පරික සිරිතක් විතරනෙ.. හිතපන්කො මෙහෙම.. දැන් අපි ගනුදෙනු කරනවනෙ, වෙලාවට/නැකතට.. අපි ඒක කරන්නෙ අවුරුද්දට විතරනෙ.. මේ දවසට විතරනෙ.. අනික් දවස්වල උබවත් අපි කවුරුවත් බැක්නුවට සල්ලි දාන්නවත්, ATM එකෙන් සල්ලි ගන්නවත් නැකැත් බලලා යන්නෙ නැනෙ.. අන්න ඒකයි, චරිත්තරය.

    ඇයි මචන් නැත්තේ... ලංකාවේ තරම් නැකත් බලන්නේ නැතුව ඇති ඉන්දියාවේ වත් ... ඉපදුන පොඩි එකාගේ කොන්ඩේ කපන්නේ නැකතට ,ඉඳුල් කට ගාන්නේ නැකතට, ඉස්කෝලේ යවන්නේ නැකතට,ලොකු වුනාම නාවන්නේ නැකතට, බඳින්නේ නැකතට, පෝරුවට නගින්නේ හා බහින්නේ නැකතට. අන්තිමට නැකත් බලන්ඩ බැරි වෙන්නේ ඉපදෙන වෙලාවටයි මැරෙන වෙලාවටයි විතරයි.
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    සංස්කෘතික කියල අපි සමරන්නේ මොකක්ද?


    samaranne hindu kattiiyage avrudda

    sinhalayta pamanak kiyala kisideyak ne................

    ithing kohomada me sinhalayage rata witharaka kiyala kiyanne.............

     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ පටලවගෙන.. මේක බෞද්ද උත්සවයක් නෙමෙයි මචන්.. සන්ස්කෘතික උත්සවයක්..
    මේකත් නැති කලොත් සින්හල අපිට කොහින්ද අපේ කමක්. ජාතික උත්සවය,සන්ස්කෘතික උත්සව සහ ආගමික උත්සව පටලව ගන්න එපා..

    :yes:
     
    • Like
    Reactions: janakaparakkuwa

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එතකොට උබ කියන්නේ මිනිස්සුන්ට අවුරුදු කන්න එපා කියලද?

    අවුරුදු කන එක නෙමෙයි බන් ප්‍රශ්නේ... අපි මොකක්ද මේ සමරන්නේ ..නොකා නොබී සමහරු නොනගතය කියලා ඉන්නවා.තිතට නැකතට වැඩ.... මොකක්ද මේ කරන විහිලු වැඩ....
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඇයි මචන් නැත්තේ... ලංකාවේ තරම් නැකත් බලන්නේ නැතුව ඇති ඉන්දියාවේ වත් ... ඉපදුන පොඩි එකාගේ කොන්ඩේ කපන්නේ නැකතට ,ඉඳුල් කට ගාන්නේ නැකතට, ඉස්කෝලේ යවන්නේ නැකතට,ලොකු වුනාම නාවන්නේ නැකතට, බඳින්නේ නැකතට, පෝරුවට නගින්නේ හා බහින්නේ නැකතට. අන්තිමට නැකත් බලන්ඩ බැරි වෙන්නේ ඉපදෙන වෙලාවටයි මැරෙන වෙලාවටයි විතරයි.
    ඒක වැරදියි කියලා මමත් කියනවා.. ඒක මගේ පුද්ගලික මතය. මම නම් අවුරුද්දට චාරිත්තරයක් හැටියට නැකතට වැඩ කලාට ඊට පස්සෙ ආයෙ ඔවා කරන්නෙ ඊලග අවුරුද්දෙ.. නමුත් තම තමන්ට කැමති විදියට ඒක විශ්වාස හො අවිශ්වාස කල හැකිනෙ.. එත් සන්ස්කෘතික උත්සවය නැකත් තියන නිසා කියලා පවත්වන්න එපා හො, ඒක බෞද්දයන්ට නුසුදුසුයි කියන එක වැරදියි..
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    samaranne hindu kattiiyage avrudda

    sinhalayta pamanak kiyala kisideyak ne................

    ithing kohomada me sinhalayage rata witharaka kiyala kiyanne.............


    ඔව් ඔව් මේ හින්දු එවුන්ගෙන් අපිට හම්බෙච්ච එව්වා...තව අවුරුදු ගානකින් රාමලාන් සමරෑන්ඩත් සිංහල බවුද්ධයෝ එයි...

    Is that What you want?
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බුදුන් කාලයේද බෞද්ධයන් තමතමන් උගත් ශිල්ප ශාස්ත්‍රයන් "බෞද්ධයන්" වූ නිසා බැහැර කලේ නැත. ඔවුන් කිසිම සංස්කෘතික උත්සවයක් "බෞද්ධයන්" වූ නිසා බැහැර කළ බවක් අසන්නට නැත. අවු. 8 වැනි කාලයකදී සෝවාන් වූ විශාඛා පවා අනෙක් කාන්තාවන් මෙන් උත්සව වලට සහභාගි විය. අනෙක් කරුණ නම් අප රටේ වැඩසිටි රහතන් වහන්සේලා කිසිම සංස්කෘතික උත්සවයක් ඉවත් කරන්නට උපදෙස් දුන් බවක් අසන්නට නැත.

    ජෝතිශ්‍රය වැනි ශාස්ත්‍ර ඇත්තේ භාවිතය සඳහා මිස ඇදහීම සඳහා නොවේ. ජෝතිශ්‍රය භාවිතා කර සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ ඇතිවන කාලයන් කීම වඩදිය ඇතිවන කාලය ගැන කීම ආදිය බුදුන් කාලයේද පැවතිණි. බුදුන් වහන්සේ මේවා නොකළ යුතු දේවල් ලෙස කිසිවිට කියා නැත. ඒවායින් ප්‍රයෝජනයක් ඇති තැන ප්‍රයෝජන ගත යුතුය. සිදුහත් කුමරාගේ ශරීරාංග බලා උන් වහන්සේ බුදු වන බව කී බමුණන් ගේ ශාස්ත්‍රයේ වරදක් තිබේද?

    වරක් හිස් කබල් වලට තට්ටු කර අයිතිකරු දැනට ඉපදී සිටින ස්ථානය කියන ජනප්‍රිය බ්‍රාහ්මණ තරුණයෙක් බුදුන් හමුවට පමුණුවන ලදී. ඔහු සහ ඔහුගේ දෙමව්පියන් ජීවත් වූයේ එම ශාස්ත්‍රය නිසාය. ඔවුන් බොහෝ නඟර වල සංචාරය කර තිබිණි. බුදුන් වහන්සේ ඔහු එනබව දැන සාමාන්‍ය මිනිසුන් දෙදෙනෙකුගේ හිස් කබල් හා එක් රහතන් වහන්සේ කෙනෙකුගේ හිස් කබලක් ගෙනවුත් තැබූ සේක. මිනිසුන් දෙදෙනා උපන් තැන් නිවැරදිව කී බ්‍රාහ්මණ තරුණයා රහතන් වහන්සේගේ හිස් කබල ඉදිරියේ නිරුත්තර විය. තමන්ගේ ශාස්ත්‍රයේ අඩුපාඩුවක් ඇතැයි සිතූ බ්‍රාහ්මණ තරුණයා එය ඉගෙනීමට සිතා මහණ වී රහත් විය.

    මෙතැනදී බුදුන් වහන්සේ මෙවැනි ශාස්ත්‍ර ප්‍රතික්ශේප කරන අයෙක් නම් එම ශාස්ත්‍රය මිථ්‍යාවක් බව දේශනා නොකළේ ඇයි? (
    ඔහුගේ ශාස්ත්‍රයේ අඩුපාඩුවක් නැත. එය නිවැරදි එකකි. බුදුන් වහන්සේ එසේ අඩුපාඩුවක් ඇතැයි සිතීමට ඉඩ හැරියේ ඔහුගේ යහපත සඳහාය.) උන් වහන්සේ කලේ ඉන් "වැඩක් නැති බව" පෙන්වා දීමයි.

    බුදුන් වහන්සේ කිසිම ආකාරයක ශිල්පයකට හෝ ශාස්ත්‍රයකට අවමන් නොකළ සේක. නමුත් ඒවායින් සසර ගමන කෙටි කර ගැනීමට උපකාරයක් නොවන නිසා ඒවා වැදගත් කොට නොසැළකූ සේක.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උබ පටලවගෙන.. මේක බෞද්ද උත්සවයක් නෙමෙයි මචන්.. සන්ස්කෘතික උත්සවයක්..
    මේකත් නැති කලොත් සින්හල අපිට කොහින්ද අපේ කමක්. ජාතික උත්සවය,සන්ස්කෘතික උත්සව සහ ආගමික උත්සව පටලව ගන්න එපා..

    ethakota meka lankawe jeewath wena hamotama podu wenna ona neda. eith kianne sinhala hindu awurudda kiala ne. muslim aya samaranne nah neda.

    umba kivvath wage meka sinhala aya samarana uthsawayak nam lankawe hama purawasiyekma samaranna ona nadda.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිංහල අවුරැද්ද කියන්නේ කෘෂිකාර්මික පදනම මත ඇති වෙච්ච දෙයක් .අස්වැන්න ‍නෙලා ගෙන එ අස්වැන්න ලබාගත් සතුට සමරන එක අවුරැද්ද දක්වා විකාශණය වුනා අදටත් අවුරැදු චාරිත්‍ර තියෙන්නේ කෘෂිකර්මික පදනමින් නවසද බැලිම ,වැඩ ඇල්ලිම ,රැකිරක්ෂා සදහා පිටවිම වගේ චාරිත්‍ර ‍
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අවුරුදු චාරිත්‍ර වලින් බෞද්ධ කමට හානි වෙන්නේ කොතනින්ද කියල පැහැදිලි කරපන් බලන්න. අවුරුදු චාරිත්‍ර නකර හිටිය කියල අපිට මොනවද වැඩියෙන් ලැබෙන්නේ? අවුරුදු චාරිත්‍ර කරා කියල මොනවද අපිට මොනවද අහිමිවෙන්නේ? අවුරුදු චාරිත්‍ර වලින් සසර ගමන දික් වෙනවද? කව්ද කිව්වේ අවුරුදු චාරිත්‍ර බුදු දහමට අකැපයි කියල.? මහමෙවුනාවෙන්ද?