කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class
[FONT="]රොටෙල්ලි සහ බූවල්ලන්/Rotelle with Octopus[/FONT]
අපේ එළකිරියේ කොල්ලන්ට කෙල්ලන් ගේ ගෑස් බලන්නේ නැතුව ඉදීම පිණිස උයන්න උගන්නන්න පටන් ගත්ත ත්‍රෙඩ් මාලාවේ 20 වෙනි ත්‍රෙඩ් එක මේ.............
[FONT="]හුග කාලෙකට පස්සේ ඔන්න යන්තං ලැබිච්ච නිවාඩුව පාවිච්චි කරල හදපු කෑමක වරුණාව මේකට ඔබන්න හිතුනා. එච්චර ම කන්න ලැබෙන්නේ නැති බූවල්ලන් තමා මේකට යොදා ගන්නේ.....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අවශ්‍ය ද්‍රව්‍ය-[/FONT]
[FONT="]
[/FONT]
1.[FONT="]බූවල්ලන් ග්‍රෑම් 500ක් (පොඩි/මධ්‍යම ප්‍රමාණයේ සයිස් එවුන් 6-8ක් විතර, මට නම් හම්බ වුණේ දෙන්නයි [/FONT]
[FONT="])[/FONT]
2.[FONT="]සකසා, අඹරා ගත් තක්කාලි පේස්ට් එක (මෙසේ තක්කාලි පිළියෙළ කිරීම සවිස්තරව [/FONT]http://www.elakiri.com/forum/showthread.php?t=[FONT="]1522243[/FONT][FONT="] හි දක්වා ඇත)[/FONT][FONT="]
[/FONT]
3.[FONT="]ඉතා සිහින් ව කැපූ සුදු ළූණු ලොකු බික් 8ක් පමණ[/FONT]
4.[FONT="]කුඩාවට කැපූ ලොකු ළූණු ගෙඩි 2ක්[/FONT]
5.[FONT="]වියළි ඔරිගානෝ කොළ තේ හැදි [/FONT]½[FONT="]ක්[/FONT]
6.[FONT="]වියළි බැසිල් කොළ තේ හැදි 1ක් (ඇත්තෙන් ම ගත යුත්තේ අමු බැසිල් කොළ. අපිට කොහෙන් ද පූසො තෝර මාළු!
[/FONT][FONT="])[/FONT]
7.[FONT="]තල තෙල් මේස හැදි 3ක්[/FONT]
8.[FONT="] . [/FONT][FONT="]රොටෙල්ලි වර්ගයේ පැස්තා ග්‍රෑම් 300ක් පමණ (මෙය දත ගැසිය හැකි වන තරමට ලුණු දමා විනාඩි 5-8ක් පමණ නටන වතුරේ තම්බා වතුර පෙරා ගත යුතුය)[/FONT]
9.[FONT="]ලුණු (රස පමණ)[/FONT]
10.[FONT="]ගම්මිරිස් කුඩු මේස හැදි [/FONT]½[FONT="] ක් පමණ[/FONT]
11.[FONT="]මිරිස් කැබලි මේස හැදි [/FONT]½[FONT="] ක් පමණ[/FONT]
12.[FONT="]මිරිස් කුඩු මේස හැදි [/FONT]½[FONT="] ක් පමණ[/FONT]
13.[FONT="]කරපිංචා ඉති 2ක්[/FONT]
14.[FONT="]සීනි මේස හැදි 3ක් පමණ[/FONT]
[FONT="]බූවල්ලන් පිරිසිදු කොට සකසා ගැනීම.[/FONT]
[FONT="] බූවල්ලන් හොයන්න පුළුවන් වුණත් අපේ අයියල දන්නේ නැති සාත්තරේ මේක නිසා අර කළින් වතාවක දැල්ලන් සුද්ද කිරීම සවිස්තරාත්මකව දැම්ම වගේ බූවල්ලන් සුද්ද කිරීමත් දාන්න හිතුනා-බහු ජන හිතාය-බහු ජන සුඛාය- කියලා.[/FONT]
[FONT="]බූවල්ලා අයත් වන්නේ දැල්ලා වගේ ම මෘද්වංගීන් වර්ගයට. මේ හාදයා ගේ ශරීරය ලොකු හිසකින් (හිස කිව්වට මේ තමා ශරීරය. ඒක මොල්ලියක් ආකාරයට පවතින්නේ) සහ මෞඛ ග්‍රාහිකා වලින් සමන්විතයි.හිසේ ඇස් වලට පහලින්, හිස සහ මෞඛ ග්‍රාහිකා පැහැදිළි ව වෙන්වන සේතු ආකාර ස්ථානයක් පවතී. (සුද්ද කරන්න ඔච්චර දැන ගත්තාම ඇති!!!!
)[/FONT]
[FONT="]
අ. පළමුව බූවළු ඇගේ මතු පිට සිවිය තදින් පිරිමැද ඉවත් කර ගන්න.[/FONT]
[FONT="]ආ. ඇස් වලට පහලින් කපා හිස සහ මෞඛ ග්‍රාහිකා වෙන් කර ගන්න.[/FONT]
[FONT="]ඇ. හිස කොටසේ බූවල්ලා ගේ අන්ත්‍රය (බඩවැල) පවතී. එය පොට්ටනියක්/බල්බයක් ලෙස තැඹිළි පාටට/දුඹුරු පාටට පිටතට පෙනේ.[/FONT]
[FONT="]ඈ. මේ අන්ත්‍රය පුපුරවා ගන්නේ නැතුව පරිස්සමෙන් ඉවත් කොට ගන්න. එය බුබුලක් ලෙස වෙන් කර ගත හැකිය.[/FONT]
[FONT="]ඉ. මෞඛ ග්‍රාහිකා අතර කවචමය “හොටක්“ බූවල්ලාට ඇත. මෙය මෞඛ ග්‍රාහිකා මඩල ඇගිල්ලෙන් පිටතින් තද කිරීමෙන් ඉවත් කර ගන්න.[/FONT]
[FONT="]ඊ. දිගු ග්‍රාහිකා මැදින් මෙලෙස කපා ගන්න.[/FONT]
[FONT="]සාදන ක්‍රමය-[/FONT]
[FONT="]රොටෙල්ලි පැස්තා ටික නටන වතුරේ තම්බා වතුර පෙරා ඉවත් කර පිළියෙළ කර ගන්න. ඇයි කලින් කිව්වේ, දැක්කෙ නැද්ද මනුස්සයෝ!![/FONT]
1.[FONT="]තල තෙල් මේස හැදි 3 බදුනක තබා රත් කර ගන්න. එයට සිහින් ව කැපූ සුදුළූණු, ලොකු ළූණු සහ කරපිංචා එක් කර ගන්න.[/FONT]
2.[FONT="]මෙය හොදින් බැදුණු පසුව එයට ලුණු, ගම්මිරිස්, මිරිස් කැබළි, මිරිස් කුඩු, ඔරිගානෝ සහ බැසිල් කොළ එක්කර හොදින් බැදෙන්නට හරින්න.[/FONT]
3.[FONT="]හොදින් බැදුණු එම මිශ්‍රණයට අඹරා ගත් තක්කාලි යුෂ එක්කරන්න.[/FONT]
4.[FONT="]මෙය හොදින් රත් වූ විට සීනි එක්කරන්න.[/FONT]
5.[FONT="]සීනි එක්කට විනාඩි 5කට පමණ පසු සෝස් එකට පිරිදු කොට ගත් බූවල්ලන් එක් කරන්න.[/FONT]
6.[FONT="]මෙය වැඩි ගින්දර මත බුබුළු දමන තෙක් විනාඩි 10ක් පමණ උයා ගන්න.[/FONT]
7.[FONT="]බුබුළු දමන විට සෝස් එකට තම්බා සකසා ගත් රොටෙල්ලි පැස්තා එක් කරන්න.[/FONT]
8.[FONT="]අවම ලෙස හැදි ගාමින් මිශ්‍රකර, විනාඩ් 3තට පමණ පසු ලිපෙන් ඉවත් කර ගන්න.[/FONT]
[FONT="]උණුවෙන් කෑමට ගන්න.[/FONT]
[FONT="]අවසන් ලෙස පැවසිය යුතු කරුණු 3-[/FONT]
1.[FONT="]ලබාදෙන ඉහලම රෙප් එක මෙය ඔබ විසින් සකසා එහි ඡායාරූපයක් මෙහි පළකිරීම බව.[/FONT]
2.[FONT="]බූවල්ලන් වෙනුවට ඉතා පහසුවෙන් දැල්ලන් ආදේශ කළ හැකි බව.[/FONT]
3.[FONT="]මම ඉදිරිපත් කරන හැම ත්‍රෙඩ් එකකට ම -රෙප් ගසන අර්ධ-මානව උන්මත්තක වෘෂභ රාජෝත්තමයාණන්වහන්සේට දැන් වැඩ ඇල්ලිය හැකි බව.
[/FONT]
[FONT="]රොටෙල්ලි සහ බූවල්ලන්/Rotelle with Octopus[/FONT]
අපේ එළකිරියේ කොල්ලන්ට කෙල්ලන් ගේ ගෑස් බලන්නේ නැතුව ඉදීම පිණිස උයන්න උගන්නන්න පටන් ගත්ත ත්‍රෙඩ් මාලාවේ 20 වෙනි ත්‍රෙඩ් එක මේ.............
[FONT="]හුග කාලෙකට පස්සේ ඔන්න යන්තං ලැබිච්ච නිවාඩුව පාවිච්චි කරල හදපු කෑමක වරුණාව මේකට ඔබන්න හිතුනා. එච්චර ම කන්න ලැබෙන්නේ නැති බූවල්ලන් තමා මේකට යොදා ගන්නේ.....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අවශ්‍ය ද්‍රව්‍ය-[/FONT]
[FONT="]
[/FONT]
1.[FONT="]බූවල්ලන් ග්‍රෑම් 500ක් (පොඩි/මධ්‍යම ප්‍රමාණයේ සයිස් එවුන් 6-8ක් විතර, මට නම් හම්බ වුණේ දෙන්නයි [/FONT]
[FONT="])[/FONT]2.[FONT="]සකසා, අඹරා ගත් තක්කාලි පේස්ට් එක (මෙසේ තක්කාලි පිළියෙළ කිරීම සවිස්තරව [/FONT]http://www.elakiri.com/forum/showthread.php?t=[FONT="]1522243[/FONT][FONT="] හි දක්වා ඇත)[/FONT][FONT="]
[/FONT]
3.[FONT="]ඉතා සිහින් ව කැපූ සුදු ළූණු ලොකු බික් 8ක් පමණ[/FONT]
4.[FONT="]කුඩාවට කැපූ ලොකු ළූණු ගෙඩි 2ක්[/FONT]
5.[FONT="]වියළි ඔරිගානෝ කොළ තේ හැදි [/FONT]½[FONT="]ක්[/FONT]
6.[FONT="]වියළි බැසිල් කොළ තේ හැදි 1ක් (ඇත්තෙන් ම ගත යුත්තේ අමු බැසිල් කොළ. අපිට කොහෙන් ද පූසො තෝර මාළු!
[/FONT][FONT="])[/FONT]7.[FONT="]තල තෙල් මේස හැදි 3ක්[/FONT]

ela ela TFS