ඈත ක්ෂිතිජය මායිමේ
හිරුගේ මළගම එළැඹි මොහොතේ
බලා හිඳිනෙමි සයුරු කෙළවර
පෙනේදැයි නුඹ හිඳින දුරු රට
අසංඛ්‍යාතව මිනිස් ජීවිත
රුදුරු ලෙස ගැඹුරටම ගෙන ගිය
චන්ඩ බියකරු මහා ජළ කඳ
නැගේ හද තුළ බුර බුරා
සීත දුරු රට නදුන් උයනේ
සැදූ සෙනෙහස් රන් කැදැල්ලේ
සුවෙන් දිගුකල් දිනේවා
මගෙත් ආයුෂ ඔබ ලබා
-අමරසිරි පීරිස් | ඩෙනිස්ටර් පෙරේරා | උපුල් මල්දෙණිය-