කුකුලෙක් ඉන්නවා ගන්නවද

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    කුකුලෙක් ඉන්නවා ගන්නවද

    ඔන්න ඉතිං ඇම්ඩලගේ ගමේ හිටියලු ගැනු කෙනෙක්. මෙයා එයාගේ ස්වාමි පුරුෂයාට හිතවත් උනාට එයාට හොරෙන් පාර්ට් ටයිම් විදියට ලෝකේ පරණම රස්සාව කරනවලු. එහෙම නැතිව බැනේ අප්පා, හෙට අනිද්දට ආපහු ලයිට් බිලත් වැඩි වෙන එකේ අමතර අදායමක් කියලා තියෙන්න එපාය. ඔන්න කොහොමින් කොහොම හරි දවසක් මෙයාගේ මහත්තයා ගමනක් ගියාලු. මෙයා ඉතිං බලාගෙන හිටියලු ගැනුම් කාරයෙක් එනකම්. මොකද මුලු ගමටම නිව්ස් එක යනවලු මහත්තයා ගිය ගමන්ම. හැබැයි එදා නම් ටික වෙලාවක් යනකල් කිසිම කෙනෙක් ආවේ නෑලු. අර ගැනු මනුස්සයත් හුල්ල හුල්ලා ඉන්නවලු.
    ඔය අතරේ කොහෙන්දෝ උස්සපු කුකුලෙකුත් අරන් ඇම්ඩා ගේ ළගින් යන්න හදනවලු. ඇම්ඩා අර ගෑණු මනුස්සයා දැකලා පොඩ්ඩක් ට්‍රයි එකක් දාන්න බැලුවාලු කබල රත් වුන වෙලවෙදිවත් රොටියක් බෑ ගන්න. මොකද මේකා අතේ කවදාවත් සල්ලි තියන එකක් යැ. කොහොම හරි ඔන්න ඇම්ඩා කුකුළා දීලා අහුවල් එක කරන්න කැමති කර ගත්තලු. ගෑනිත් ඉතිං නිකන් තියන එකනේ. අනික කිලෝව උනත් කියක් වෙනවද කියලා වැඩේට කැමති උනාලු.
    දෙන්නා වැඩ පටන් ගන්න යද්දී ම වගේ ඔන්න කවුද දොරට තට්ටු කරනවලු. ගැනී අම්බානක භය උනාලු, මිනිහා ආවේ කියලා. අනික ඉන්නෙත් පොඩි එකෙක්නෙ. හෙමිට කිට්ටු කරලා ඇහුවලු කව්ද කියලා. මිනිහත් කොදුරනවා වගේ කිව්වලු 2000ක් දෙන්නම් මම ඇතුලට ගනින් කියලා. බැලින්නම් ඔන්න ගනුදෙනු කරුවෙක්ලු. කුකුලා වගේ ද 2000 කියලා ගැනී ඇම්ඩව ඇද යටට ඔබලා කටවහගෙන ඉදපන් කියලා අර මනුස්සයා ඇතුලට ගත්තලු.
    දැන් ඉතිං ඇම්ඩට මල ලු උපරිම. එත් එලියට එන්නත් බැනේ. ඉතිං අපු එකාට හිතින් බැන බැන කරබාගෙන ඉන්නවලු. ඔන්න ඔය වෙලේම ආපහු මොකෙක්දෝ එකෙක් දොරට ගහනවලු. බැලින්නම් ඇත්තම මිනිහා ඇවිල්ලලු. කර කියා ගන්න නැති කමට අර ගනුදෙනු කාරයා අනිත් පැත්තෙන් ඇද යටට ඔබලා ගිහින් දොර ඇරිය ලු. අර මිනිහට ඉතිං ගැනු මනුස්සයා ගැන අවිශ්වාසයක් නැති හින්දා කිසිම අවුලක් නෑලු.
    ඔන්න දැන් ඒ දෙන්නා උඩ මොනවදෝ කරනවලු. අර මනුස්සය දැන් දත් මිටි කකා ඉන්නවලු ඇද යටට වෙලා. ඔය අතරේ ඇම්ඩා කොදුරනවා වගේ අර මනුස්සයගෙන් මෙහෙම අහනවලු.
    "එයි අංකල්"
    අරු අම්බානක බය උනාලු. කරන්නට දෙයක් නැනේ දැන්. ඉතිං හෙමිට අහනවලු,
    "මොකද?"
    "මේ මේ කුකුලෙක් ඉන්නවා ගන්නවාද?"
    අර මනුස්සයට මල ලු දැන්.
    "තොට පිස්සුද යකෝ. මට මොකටද කුකුල්ලු"
    "එහෙනම් මම කෑ ගහනවා ඔන්න"
    "අනේ පුතේ කෑගහන්න නම් එපා, කෝ දියන් එහෙනම්" කියලා අර මිනිහා හෙමිට කොදුරලා කියලා කුකුලා අර ගෙන සාක්කුව ත ගලා සල්ලි දුන්නලු.
    ඔහොම ටික වෙලාවක් යද්දී ඇම්ඩා අපහු කතා කරනවලු අර මනුස්සයට.
    "ඒයි මගේ කුකුලා දීපන්"
    "මොන කුකුලද මම මේකා සල්ලි දීලනේ ගත්තේ"
    "ඒවා මම දන් නෑ මගේ කුකුලා දීපන් නැත්තම් කෑ ගහනවා"
    මොනවා කරන්නද ඉතිං. මේකා කෑ ගැහුවොත් වසලා හමාරනේ. ඉතිං ආපහු කුකුලා දුන්නලු. ටිකක් වෙලා යද්දී ඇම්ඩා අහනවලු.
    "අංකල් අංකල් කුකුලෙක් ඉන්නවා දෙන්නද? ශෝක් කුකුලා. මේ.."
    අර මිනිහට දැන් නහුතෙට තද වෙලාලු. වෙව්ලනවලු මල පැනල. එත් ඉතිං කෑගහන්න බැනේ මෙතන. ඒ හින්දා කරබාගෙන ආපහු සල්ලි දීලා ගත්තලු. ඔය විදියට එලිය වැටෙනකල්ම ඇම්ඩා එකම අරුට කුකුලා විකුනනවලු.
    ඔන්න උදේ වෙලා. ගෙදර මනුස්සයා එහෙ මෙහේ වෙන වෙලාවක් බලලා අද යට හිටියා මිනිහා මුලින් ම එලියට අරන් ගෙදර යැව්වා ලු. ආපහු වෙලාවක ඇම්ඩා එලියට දැම්මාලු. සේවාවක් ලබා ගත්තේ නැති හින්දා කුකුලත් ඇම්ඩටම තියා ගන්න දුන්නාලු. ඔන්න දැන් ඇම්ඩා කුකුලත් කිහිල්ලේ ගහගෙන ගෙදර යද්දී තාත්තා හෙන අවුලෙන් මිදුලේ ඇවිද ඇවිද ඉන්නවලු. ඉතිං ඇම්ඩා හෙමිට තාතාත්තාට කිට්ටු කරලා අහනවලු,
    "තාත්තේ ශෝක් කුකුලෙක් ඉන්නවා ගන්නවද" කියලා
    තාත්තා මල පැනලා ඇම්ඩා දිහා බලලා කියනවලු,
    "තෝ මේ මගුලක් කතා කරනවා. මම ඊයේ රෑ එකම කුකුලා දහ පාරකට වඩා සල්ලි දීලා ගත්තා"




    රිපොස්ට් නම් සොරි හොඳේ.... :P:P
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala

    "තාත්තේ ශෝක් කුකුලෙක් ඉන්නවා ගන්නවද" කියලා
    තාත්තා මල පැනලා ඇම්ඩා දිහා බලලා කියනවලු,
    "තෝ මේ මගුලක් කතා කරනවා. මම ඊයේ රෑ එකම කුකුලා දහ පාරකට වඩා සල්ලි දීලා ගත්තා"

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    content_12174_prev.gif


    :lol: :lol: :lol: :lol: