පොල් ඔයන්න

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    ඔන්න දවසක් දකුණෙ යාළුවෙක්ලයෙ අහ ගියා නෙව.. උන්දැල ගෙ සමහර පැතිවල බාසාව තරමක් වෙනස් නොවැ.. ඉතින් දවාලෙට උයන්න ලැහැත්ති කොරන්න එහෙම ලක ලෑස්ති කොල්ල.. යාළුවගෙ අම්ම ඇහැව්වලු

    අපේ ගිය යාළුවගෙන්

    "පුතා පොල් ඔයන්න දන්නවැයි"

    පොල් ඔයන්ව කියන්නෙ ලෙලි ගහනවටලුනෙ. මේක ඔය වගක් දන්නෙ නෑනෙව.

    මූ ගත් කටටම කියාපි

    "පොල් ඔයන්නනම් දන්නෙ නෑ අම්මෙ... අඹ බයන්න නම් දන්නව" කියල..


    මේ තවත් පලාතක සිද්දියක්.....

    ඒ පළාතේ "කොහෙද" කියන එකට කියන්නෙ "කොහා" කියල ලු. ඔය වගේම නෑගම් ගිය කොල්ලෙක් ගෙන් ඇහුවලු "පුතා ඔයා කොහා...?" කියලා. මේකා හිතලා තියෙන්නෙ අර මේ කාලෙට හතර වටේ කෑ ගහ ගහ දුවන කුරුල්ලා, 'කොහා' කියල. ඉතින් මූ ගත් කටටම කිව්වලු නෙ, "නෑ නැන්දෙ මම උලමා" ය කියල.


    අනේ කොයි පලාතකටවත් නිගරු කරන්න එහෙම නෙමෙයි දැම්මේ ඔන්න්න්න.......
    :baffled::baffled::P:P:D:D
     
    Last edited:

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    fat-kid-laughing-o.gif
     
    ඔය පොල් ඔයනවා , මක්කටෙයි , ඔහෙලා .. වගේ වචන පාවිච්චි වෙන්නේ ලංකාවේ හදවත වෙන දකුණු පළාතේ .. :yes:
    ඕවා මේ පළාතටම ආවේණික ශ්‍රේෂ්ඨ වචන .. :cool:
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මැට්ටා;14825661 said:
    ඔය පොල් ඔයනවා , මක්කටෙයි , ඔහෙලා .. වගේ වචන පාවිච්චි වෙන්නේ ලංකාවේ හදවත වෙන දකුණු පළාතේ .. :yes:
    ඕවා මේ පළාතටම ආවේණික ශ්‍රේෂ්ඨ වචන .. :cool:

    ඔව් මචං :yes::yes:
     
    • Like
    Reactions: මැට්ටා