සල්ලි ඉතිරි කරන හැටි..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සල්ලි ඉතිරි කරන හැටි..

    [FONT=&quot]
    piggy-bank.jpgw300
    [/FONT]

    [FONT=&quot]
    මුදල් ඉතිරි කිරීම පහසු නැත. ඒත් ඒ සඳහා ඇප කැපවීමෙන් යුතුව ක්‍රීයා කළ හොත් එය අප බොහෝ දෙනෙකු සිතන තරම් අසීරු කාර්යයක් නොවනු ඇත. මුදල් ඉතිරි කිරීමේදී ප්‍රධාන වශයෙන් ඉලක්ක තබා ගතයුතුය. ඒ ඉලක්ක තබමින් ඒවා ඉටුකරගන්නා සැටිත් ඔබ අත රැඳෙන මිල මුදලින් උපරිම ඵල ප්‍රයෝජන ගන්නා සැටිත් දැන් විමසා බලමු.[/FONT]


    Ø [FONT=&quot]ඔබේ ණය වලින් නිදහස් වන්න.[/FONT]

    [FONT=&quot]ඔබ දැනට ණය වී සිටින්නෙහිද.? එසේ නම් ඒ ණය තුරුස් වලින් නිදහස් වීම සඳහා ඔබ මසකට කොපමණ මුදලක් ගෙවිය යුතුද යන්න ප්‍රථම කොටම ගණන් බලන්න. ණය වලින් ඔබ ක්‍රම ක්‍රමයෙන් මිදෙද්දී ඔබේ අත රැඳෙන මුදල් ප්‍රමාණය වැඩිවනු පමණක් නොව ඔබට ඒවා ඵලදායී ලෙස යොදවාගත හැකි වපසරියද වැඩිවනු ඇත.[/FONT]
    [FONT=&quot]ණය ගෙවීමෙන් අත රැඳි මුදල් නිදහස් කරගත් පසුව ඉතිරි කිරීම සඳහා ඒ මුදල් හෝ ඉන් කොටසක් යොදාගත හැකි වේ.[/FONT]

    [FONT=&quot]ඔබේ ණය වලින් සහමුලින්ම මිදීමට පෙර මුදල් ඉතිරි කිරීමට ඔබ තුල බලාපොරොත්තුවක් ඇත්නම් ඔබේ විවිධ ණය ඒකාබද්ධ කර ගැනීමට තැත් කරන්න. එවිට ඔබට එතරම් පොලීයක් ගෙවීමට සිදු නොවනු ඇත.[/FONT]

    [FONT=&quot]ඔබේ ණය වලින් මුළුමනින්ම නිදහස් වීමට පෙර මුදල් ඉතිරි කිරීමේ වැඩපිළිවෙල ඇරඹීම සඳහා ඔබ කළ යුතු අනෙක් කාර්යය වන්නේ හදිසි අරමුදලක් පිහිටුවීමයි. මේ හදිසි අරමුදල පිහිටුවිය යුත්තේ ඔබේ වර්තමාන ආදායම් මාර්ගය නැති වී ගියහොත් මාස පහ හයක් ඔබට ජීවිතය ගැටගසා ගැනීමට ඉඩකඩක් ලැබෙන අන්දමිනි. ඔබ වෙත දැනටමත් මෙවැනි හදිසි අරමුදලක් නැතහොත් ඔබ වහාම එවැන්නක් ඇරඹිමට පියවර ගත යුතුය.[/FONT]

    Ø [FONT=&quot]ඉතිරි කිරීමේ ඉලක්ක තබන්න.[/FONT]

    [FONT=&quot]කෙටි කාලීන ඉලක්ක වෙනුවෙන් මෙය පහසුය. උදාහරණයක් වශයෙන් ඔබට වීඩියෝ ක්‍රීඩා කට්ටලයක් මිලදී ගැනීමට අවශ්‍ය යයි අප සිතමු. එවැන්නක මිල කොපමණදැයි සොයා බලන්න. ඔබට නිවෙසක් මිලදී ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔබ මුදලින් ගෙවිය යුතු අත්තිකාරම් මුදල කොපමණදැයි සොයා බලන්න.[/FONT]
    [FONT=&quot]සේවයෙන් විශ්‍රාම ගැනීම වැනි දීර්ඝ කාලීන ඉලක්ක සඳහා ඔබ බොහෝ සැලසුම් කළ යුතුය. ඔබ සේවයෙන් හෝ රැකියාවෙන් ඉවත් වූ පසුව වසර 20ක් 30ක් ඉදිරියට නිදහසේ සහ සැප පහසු ලෙස ජීවත් වීමට කොපමණ මුදලක් අවශ්‍ය වන්නේ දැයි සොයා බලන්න. එමෙන්ම ඔබේ ඉලක්ක ඉටුකොට ගැනීමට ඔබේ ආයෝජන ඔබට උදව් විය හැක්කේ කවර අන්දමින්දැයි සොයා බලන්න.[/FONT]

    Ø [FONT=&quot]කාල රාමුවක් තබාගන්න[/FONT]

    [FONT=&quot]උදාහරණයක් වශයෙන් අද පටන් අවුරුදු දෙකක් ඇතුළතදී නිවෙසක් මිදලී ගැනීමට මට අවශ්‍යයි.[/FONT]

    [FONT=&quot]කෙටි කාලීන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා නිශ්චිත දිනයක් තබාගන්න. ඒ කාල සීමාව ඇතුලතදී ඉලක්කය සක්ෂාත් කරගත හැකි වන බවට සහතික වන්න. ඔබට එය ඉටුකර ගැනීමට නොහැකි වුවහොත් ඔබ අධෛර්යයට පත්විය හැකිය. ඒ බව නිතර සිත තබාගෙන ඔබේ ඉලක්කය ඉටුකරගත හැකි වන අන්දමට සියලු කටයුතු සම්පාදනය කර ගැනීම වැදගත් බව මෙහිදී අවධාරණය කෙරේ.[/FONT]
    [FONT=&quot]ඔබේ ඉතුරුම් ඉලක්ක එකින් එක ගන්න. ඒ සඳහා ඉතුරු කොටගත යුතු මුදල කොපමණ දැයි ගණන් බලන්න. ඊළඟට ඔබේ ඒ ඉලක්කය ඉටුකර ගැනීම සඳහා දැන්ම තියා ඉතුරු කරගත යුතු මුදල කොපමණ දැයි ගණන් හදා බලන්න. බොහෝ ඉතුරුම් ඉලක්ක වෙනුවෙන් ඒ ඒ කාලපර්ච්ඡේද තුළදී එකම මුදල් ප්‍රමාණයක් ඉතුරු කර ගැනීම සෑහේ.[/FONT]

    [FONT=&quot]උදාහරණයක් වශයෙන් නිවෙසක් වෙනුවෙන් අවුරුදු තුනක් (මාස 36ක්) ඇතුළතදී රුපියල් හාර ලක්ෂයක මූලික ගෙවීමක් ඔබ සිදුකළ යුතු යැයි අපි සිතමු. එසේ නම් සෑම මාසයක් පාදා රුපියල් 10,000ක් ඉතිරි කිරීමට ඔබට සිදුවේ. එහෙත් ඔබේ මාසික වැටුප රුපියල් 20,000ක් නම් මෙය යථාර්ථවාදී ඉලක්කයක් නොවේ. එබැවින් ඔබේ කාලරාමුව ඔබට දැරිය හැකි මාසික වාරිකයක් ගලපාගත හැකි අන්තමින් දීර්ඝ කරන්න.[/FONT]

    Ø [FONT=&quot]ඔබේ වියහියදම් පිළිබඳ වාර්තාවක් තබාන්න.[/FONT]

    [FONT=&quot]ඔබ දෛනික වශයෙන් වියදම් කරන මුදල් ප්‍රමාණය පිළිබඳව ඔබට නිනව්වක් තිබෙනවාද.? ඔබ දිනපතා වියදම් කරන සෑම මුදලක්ම සති දෙකක් හෝ මාසයක් තිස්සේ සටහන් කොට තබා බලන්න. හැකිතාක් දුරට විස්තර සහිතව මෙම වාර්ථාව තැබීම අවශ්‍ය වේ.[/FONT]

    [FONT=&quot]ඉතා සුළු වියදමක් වුව මෙම වියදම් ලැයිස්තුවට ඇතුළු කිරීමට වගබලා ගන්න. ඒ ඒ මිදලී ගත් සහ භාණ්ඩය හෝ දරන ලද වියදම් වෙනුවෙන් ගෙවල්, කඩ කුලී, මෝටර් රක්ෂණ, මෝටර් රථය සඳහා ගෙවීම්, දුරකථන බිල්, ඉන්ටර්නෙට් බිල, විදුලි බිල, ජල, ගෑස්, ආහාර, විනෝද වියදම්, වරිපනම්, ආදායම් බඳු ආදී වශයෙන් වැය ශීර්ෂයක් යොදන්න.[/FONT]

    [FONT=&quot]මෙහිදී කුඩා සටහන් පොතක් සාක්කුවේ සෑම විටම තිබීම වැදගත්වේ. සෑම වියදමක්ම ඒ පොතේ සටහන් කර ගැනීමෙන් යට කී ප්‍රධාන වියදම් ලැයිස්තුවට කවර හෝ වියදම් ශීර්ෂයක් ඇතුලු නොවී තිබීම වැනි අවස්ථා වළකාගත හැකිය.[/FONT]
    [FONT=&quot]ලදුපත්, කුවිතාන්සි ආදිය ප්‍රවේශමේ කරමින් ලඟ තබාගන්න.[/FONT]
    [FONT=&quot]සතියකට වරක් ඔබේ කුඩා සටහන් පොත සහ එකතු වූ ලදුපත් දෙස බලා ඒවායේ සඳහන් මුදල් ප්‍රමාණයන් ප්‍රධාන වියදම් ලැයිස්තුවට හෝ මේ සඳහා වෙන් කළ මොනිටර් අභයාස පොතක් වැනි විශාල පොතකට ගන්න.[/FONT]

    Ø
    [FONT=&quot]වියදම් කපා හරින්න.[/FONT]

    [FONT=&quot]මාසයක් හෝ දෙකක් ගෙවී ගිය පසුව ඔබේ වියදම් වාර්ථා (සටහන් පොතක්) දෙස ඕනෑකමින් බලන්න. ඒවා අතරෙන් ඇතැම් වියදම් දැකීමෙන් ඔබ මවිතයට පත්විය හැකිය. කුමක් නිසාදයක් ඔබේ වියහියදම් කිසිදු වැදගැම්මකට නැති වියදම්ද ඔබ දරා තිබීම නිසාය. අයිස් ක්‍රීම් වෙනුවෙන් රුපියල් 1000ක්, සිගරට් වෙනුවෙන් රුපියල් 1500ක්, සිසිල් බීම වෙනුවෙන් රුපියල් 2000ක් වැනි වියදම් ඔබේ වියදම් ලැයිස්තුවේ තිබීමට ඉඩ ඇත. ඒවා පහසුවේන වැළැක්විය හැකි වියදම් වේ.[/FONT]

    [FONT=&quot]ඔබ ඉතිරි කළ යුතු මුදල අනුව ඔබ ගතයුතු අසීරු තීරණද තිබෙන්නට පුළුවන. ඔබේ ප්‍රමුඛතාවන් ගැන සිතා බලන්න. අතශවශ්‍ය වියදම් කපා හැරිය හැකි මඟක් ගැන සොයා බලන්න.[/FONT]

    [FONT=&quot]දැනට වඩා අඩු වියදම් සහිත නිවෙසක පදිංචියට යෑමට ඔබට පුළුවන්ද.? ඔබේ නිවසේ උකස්කරයේ උකස යළිත් ගණන් බලා සකස් කරගත හැකිද.?[/FONT]
    [FONT=&quot]ගෑස් විදුලිබලය ආදිය වෙනුවෙන් වූ වියදම් අඩුකළ හැකිද.? මෝටර් රථයක් භාවිත කිරීඹ ඔබට නතර කළ හැකිද.? ඔබේ පවුල සතුව කාර් ගණනාවක් ඇත්නම් එය එක මෝටර් රථයකට බැස්සවිය හැකිද.?[/FONT]

    [FONT=&quot]ඔබේ රක්ෂණ වාරිකය දැනට වඩා අඩු මිලකට සකස් වන සේ වට්ටමක් වැන්නක් ලබාගත හැකිදැයි පරික්ෂා කර බලන්න.[/FONT]

    [FONT=&quot]රෙදි සාප්පුවල වට්ටම් රාක්ක වලින් රෙදි මිලදී ගැනීමට තැත් කරන්න. ඒවායේ ඇතැම් අවස්තා වලදී සියයට 50 තෙක් වට්ටම් ලැබේ.[/FONT]

    [FONT=&quot]ඔබ සතුව ඇත්තේ ස්ථාවර දුරකතනයක් නම් ඒ වෙනුවට ජංගම දුරකතනයක් හෝ අන්තර්ජාලයේ ස්කයිප් වැනි සේවාවන් නොමිලයේ ලබාගැනීම කෙරෙහි සිත යොමු කරන්න.[/FONT]

    [FONT=&quot]ඔබට කේබල් හෝ චන්ද්‍රිකා රූපවාහිනී නොමැතිව ජීවත් විය නොහැකිද.?[/FONT]
    [FONT=&quot]ඔබේ උපයෝගිතා (විදුලිය, ජලය දුරකතන ආදී) බිල්පත් අඩු කරගත හැකිද.? නිවෙසින් බැහැරව ගොස් කෑම ගැනීමේ පුරුද්ද ඔබට සීමා කළ හැකිද.?[/FONT]
    [FONT=&quot]මෙවැනි වියදම් කපා හැරීම පිළිබඳව සිතා බලන්න. ඔබ ඉතුරුම් ඉලක්ක යලි තක්සේරු කොට බලන්න.[/FONT]

    [FONT=&quot]ගෙදර ගෙනයන ඔබේ ආදායමෙන් ඔබට කපා හැරිය නොහැකි වියදම් ප්‍රමාණය අඩු කරන්න. ඒ වෙනස කොපමණද.? ඔබේ ඉතුරුම් ඉලක්කවලට එය ගැළපේද.? ඔබට මසකට රුපියල් 15,000කින් ජීවත් විය හැකි යැයි ඔබ තිරණය කරන ලදැයි අප සිතමු. ඔබේ පඬිපත හෝ ආදායම මසකට රුපියල් 20,000ක් නම් ඔබට ඉතිරි කිරීමට ඉඩ ලැබෙන්නේ රුපියල් 5000ක් පමණි. ඔබේ සියලු ඉතුරුම් ඉලක්ක ඔබේ මාසික ආදායම තුළින් ඉටුකර ගැනීමට කෙසේවත් නොහැකි නම් ඔබේ ප්‍රධාන ඉතුරුම් ඉලක්කය ඉතිරි වෙන්නට හැර අනෙක් අවශේෂ ඒවා කපාහරින්න. නැතහොත් ඉතුරුම් ඉලක්ක වෙනුවෙන් තබා ඇති කාලරාමුව ගළපන්න. නැතහොත් අත්‍යවශය නොවන වියදම් කපාහරින්න. නැත්නම් සීමා කරන්න.[/FONT]

    [FONT=&quot]උදාහරණයක් වශයෙන් අලුතින් මෝටර්රියක් මිලදී ගැනීම තවත් වසරකට කල් තබන්න. එසේ නැතහොත් විශාල තිරයක් සහිත [/FONT][FONT=&quot]LED [/FONT][FONT=&quot]රූපවාහිනී යන්ත්‍රයක් ඔබට සැබැවින්ම අවශ්‍ය නොවන බව ප්‍රත්‍යක්ෂ වනු ඇත.[/FONT]

    Ø [FONT=&quot]අය වැය වාර්ථාවක් සම්පාදනය කරන්න.[/FONT]

    [FONT=&quot]ඔබේ ඉපැයීම ඉතුරුම් ඉලක්ක සහ මාසික වියදම් සමග තුලනය කිරීමට ඔබට හැකි වුණි නම් ඔබේ අය වැය වාර්ථාව සම්පානදය කරන්න. එවිට කිසියම් අවශ්‍යතාවක් හෝ අවශතාවන් ගණනාවක් වෙනුවෙන් මාසිකව ඔබට වියදම් කළ හැකි මුදල ඔබට දැනගත හැකි වනු ඇත. උච්චාවචනය වන වියදම් වෙනුවෙන් මෙම උපදෙස ඉතා වැදගත් වේ. එසේ නැතහොත් යම් යම් වියදම් අඩු කිරීමට හෝ කපා හැරීමට තැත් කරන්න. (උදා: මෙම මාසයට රුපියල් 5000ක් පමණක් චිත්‍රපට, චොකලට්, අයිස් ක්‍රීම්, කෝපි, කඩල, රටකජු වෙනුවෙන් වැය කරමි.)[/FONT]

    Ø [FONT=&quot]ක්‍රෙඩිට් කාඩ් භාවිතය නතර කර දමන්න.[/FONT]

    [FONT=&quot]ඔබ මිලදී ගන්නා සෑම භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් මුදල් වලින් ගෙවීම් කරන්න. කිසි විටෙකත් චෙක්පතකින් හෝ ක්‍රෙඩිට් කාඩ් පත ඔස්සේ හෝ ගෙවීම් සිදුකිරීමෙන් වළකින්න. කුමක් නිසාද යත් චෙක් පතකින් හෝ ක්‍රෙඩිට් කාඩ් පතකින් මුදල් ගෙවද්දී ඔබේ ගිණුමේ හෝ ක්‍රෙඩිට් කාඩ් එකේ නිශ්චිත වශයෙන් ඉතිරිව ඇති මුදල ඔබ දැන නොසිටීමට ඉඩ තිබේ.[/FONT]

    [FONT=&quot]ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඔබට අවශ්‍ය නම් ඒවා අඩංගු ඔබේ පසුම්බියේ අදාළ කුටිය හරහා ඔබේ ඉතුරුම් ඉලක්කය ඔබට සිහිපත් කෙරෙන අයුරින් කඩදාසි කැබැල්ලක ලියා අලව ගන්න.[/FONT]

    [FONT=&quot]ක්‍රෙඩිට් කාඩ් නරක නැත. මෙහෙදී වැදගත් වනුයේ ඔබේ ස්වයං පාලනයයි. ඔබ ඒවා වගකීමෙන් යුතුය පරිහරණය කරමින් මාසයක් පාසා ඒවායේ ගෙවීම් නිසි පරිදි පියවන්නේ නම් ක්‍රෙඩිට් කාඩ් භාවිතය එතරම් අනතුරක් නැත.[/FONT]

    [FONT=&quot]බුද්ධිමත්ව එය භාවිතා කළහොත් ඔබේ පෞද්ගලික වාසියට වුණත් එය හරවාගත හැකිය. එහෙත් බොහෝ ක්‍රෙඩිට් කාඩ් සමාගම් ඉන් මුදල් උපයා ගන්නේ මිනිසුන් තමන් අත නොතිබෙන මුදල් වැඩි වැඩියෙන් වැය කිරීමට ඉදිරිපත් වීම හේතුකොටගෙනය. ඔබට නිතිපතා මාසිකව ක්‍රෙඩිට් කාඩ්වල ගෙවීම් කළ හැකි නම් විනා සහ එසේ ඒවා ගෙවීමට ඔබට ඇප කැපවිය හැකි නම් විනා ක්‍රෙඩිට් කාඩ් භාවිතයේන වැළකීම සෑම අතින්ම හිතකරය.[/FONT]

    Ø [FONT=&quot]පොලී සහිත ජංගම ඉතුරුම් ගිනුමක් විවෘත කරන්න.[/FONT]

    [FONT=&quot]ඔබේ ඉතුරුම් පිළිබඳව සෙවිල්ලෙන් සිටීමට මෙවැනි ගිණුමක් බෙහෙවින් ඉවහල් විය හැකිය.[/FONT]

    Ø [FONT=&quot]ඔබේ ගෙවීම් පළමුකොම ගෙවන්න.[/FONT]

    [FONT=&quot]ඉතුරුම් මුදල් ඔබේ ප්‍රමුඛතාවයි. එබැවින් මාසේ අන්තිමට ඉතිරි වන මුදලක් ඉතිරි කරන්නෙමි යැයි මොහොතකටවත් නොසිතන්න.[/FONT]

    [FONT=&quot]ඔබ ඉතිරි කරන මුදල වෙනම ගිණුමකට බැර කරන්න. ඔබට ලැබෙන චෙක්පත් වලින් සියයට 10 බැගින් ඉතුරුම් ගිණුමක තැන්පත් කරන්න. ඔබට චෙක්පතක් ලැබුණහොත් අපි සිතමු ඔබට රුපියල් 820.68ක චෙක් පතක් ලැබුණ නිසා එහි දශම තිත එක ස්ථානයක් වමට ගෙන එන්න. එවිට රුපියල් 82.07කි. ඒ මුදල දැන් ඉතුරුම් ගිණුමක තැන්පත් කරන්න.[/FONT]

    [FONT=&quot]මෙය මැනවින් සිදුවනු ඇත. අවුරුදු කීපයක් යද්දී ඔබේ ඉතුරුම් වශයෙන් සඳහන් මුදලක් ඔබේ නමට බැංකුවේ රැස්වී තිබෙනු ඇත.[/FONT]

    [FONT=&quot]විශ්‍රාම වැටුපක් හෝ ගිනුමක් සම්පානදය කර ගැනීමට සඳහා ඔබේ ආදායමෙන් හෝ වැටුපෙන් විශ්‍රාම වැටුප් යෝජනාවලියකට දායක වී කොටස් වශයෙන් මුදල් වාරිකය ගෙවිය හැකිය.[/FONT]

    Ø [FONT=&quot]අධෛර්යයට පත් නොවන්න. ඉලක්කය අතහැර නොදමන්න.[/FONT]

    [FONT=&quot]ආක්‍රමණශීලී ඉතුරුම් සැලැස්මක් පසුපස ඔබ හඹා ගියහොත් ඒ ඔස්සේ ඔබට ලක්ෂපතියෙකු වුවද විය හැකිය. අවශ්‍ය වන්නේ ඔබේ ඉලක්කය සඳහා ඇප කැපවී අධිෂ්ඨානයෙන් හා අප්‍රතිහත ධෛර්යයෙන් නොපසුපසින උත්සාහයෙන් කටයුතු කිරීම පමණි. හොඳ දේවල් ඉටුකර ගැනීමට කලක් ගතවේ.[/FONT]

    § [FONT=&quot]ඒ. ජේ. ඉලේපෙරුම.[/FONT]
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ++ගොඩක් වටිනවා මචෝ.මාත් දැන් තමා ඉතුරු කරන්න පටන් ගත්තේ.මම තරම් සල්ලි නාස්ති කරපු එකෙක් මේකේ නැතුව ඇති..අවුරුදු දහයක් හම්බ කරපු ඒ සල්ලි අද තිබ්බනම් මම අද කෝටිපතියෙක්.සිරාවට කියන්නේ.උබලත් සල්ලි නාස්ති නොකර ඉතුරු කරපල්ලා..
     
    • Like
    Reactions: S_S_S

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ++ගොඩක් වටිනවා මචෝ.මාත් දැන් තමා ඉතුරු කරන්න පටන් ගත්තේ.මම තරම් සල්ලි නාස්ති කරපු එකෙක් මේකේ නැතුව ඇති..අවුරුදු දහයක් හම්බ කරපු ඒ සල්ලි අද තිබ්බනම් මම අද කෝටිපතියෙක්.සිරාවට කියන්නේ.උබලත් සල්ලි නාස්ති නොකර ඉතුරු කරපල්ලා..
    ඔවු බං.. මමත් උඹ වගේම තමා.. සෑහෙන්න සල්ලි වියදම් කරනවා.. දැන් නම් ගොඩක් දුරට මෝඩ වැඩ නවත්තල තියෙන්නෙ..:yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔවු බං.. මමත් උඹ වගේම තමා.. සෑහෙන්න සල්ලි වියදම් කරනවා.. දැන් නම් ගොඩක් දුරට මෝඩ වැඩ නවත්තල තියෙන්නෙ..:yes:

    ඔව් බං අපිට තියෙනකම් තමා කවුරුත් අපි ගාව ඉන්නේ.නැති උනාම බල්ලෙක්වත් නැහැ.අනික අපිට මැරෙනකම්ම හම්බ කරන්න බැහැනේ.අපි එන්න එන්න වයසට යනවනේ බං.හොද වෙලාවට මට හොද වයිෆ් කෙනෙක් හම්බ උනා.:love:.එයත් නාස්ති කාර ගැණියෙක් උනානම් සොරිම තමා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    matama Kiyapu Thread ekak. Thank u Boho WEwa.
    බලන් ගියාම හැම කොල්ලම සෑහෙන්න වියදම් කරනවනේ..
    ඉතුරු කරපල්ලා..:yes:


    වටිනාම වටිනා පෝස්ට් එකක් මචං...
    තෑන්ක්ස් මචෝ..

    godak hoda lipiyak ayye ..
    rep denna be lu :/
    තෑන්ක්ස් නංගියා..

    ඔව් බං අපිට තියෙනකම් තමා කවුරුත් අපි ගාව ඉන්නේ.නැති උනාම බල්ලෙක්වත් නැහැ.අනික අපිට මැරෙනකම්ම හම්බ කරන්න බැහැනේ.අපි එන්න එන්න වයසට යනවනේ බං.හොද වෙලාවට මට හොද වයිෆ් කෙනෙක් හම්බ උනා.:love:.එයත් නාස්ති කාර ගැණියෙක් උනානම් සොරිම තමා.
    ඒ ගැන නම් මොකට කතා කරනවද බං.. නැති බැරි වෙච්චි දාට හෙවනැල්ලත් අපිව දාලා යනවා.. තියෙනකන් ඉඳියි බං ඕන තරම්.. අපිට ඕවා කලින් තේරුනේ නැති එකයි වැරැද්ද..

    මං සතුටු වෙනවා උඹට ඒ වගේ බිරිඳක් ලැබිච්ච එක ගැන.. ගොඩක් බිරින්ඳෑවරු මහත්තයව හූරගෙන කන එකනේ කරන්නෙ.. දවසෙම ශොපින් කරනවා.. ඒ අතින් උඹ වාසනාවන්තයි..:yes:

    අපිට සල්ලි තියෙනකන් යාලුවො නම් ඕන තරම්
    ඒත් ඒ සේරම අපිට තියෙනකන්
    නැති බැරිකම් ආපු ගමන් යාලුවො කෝ දාලා ගිහින්
    එදාට දැනෙයි කරපු මෝඩකම්

    ඒ වගෙද මවුපියන් අත හැර යයිද ඉන්නකන්
    ඒ තමයි අපට පෙනෙනා දෙවියන්
    නැති දා අතහැර නොයමින් යළි නැගිටින්න අත දෙමින්
    එයාලා ඉඳියි අපේ සෙවනැල්ල ලෙසින්

    අතේ සතේ නැතත් මගේ
    පුතේ කියයි අම්මා මගේ

    :yes:

    niyamai..
    තෑන්ක්ස් මචෝ..
     
    • Like
    Reactions: ewmdyn

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බලන් ගියාම හැම කොල්ලම සෑහෙන්න වියදම් කරනවනේ..
    ඉතුරු කරපල්ලා..:yes:



    ඒ ගැන නම් මොකට කතා කරනවද බං.. නැති බැරි වෙච්චි දාට හෙවනැල්ලත් අපිව දාලා යනවා.. තියෙනකන් ඉඳියි බං ඕන තරම්.. අපිට ඕවා කලින් තේරුනේ නැති එකයි වැරැද්ද..

    මං සතුටු වෙනවා උඹට ඒ වගේ බිරිඳක් ලැබිච්ච එක ගැන.. ගොඩක් බිරින්ඳෑවරු මහත්තයව හූරගෙන කන එකනේ කරන්නෙ.. දවසෙම ශොපින් කරනවා.. ඒ අතින් උඹ වාසනාවන්තයි..:yes:

    අපිට සල්ලි තියෙනකන් යාලුවො නම් ඕන තරම්
    ඒත් ඒ සේරම අපිට තියෙනකන්
    නැති බැරිකම් ආපු ගමන් යාලුවො කෝ දාලා ගිහින්
    එදාට දැනෙයි කරපු මෝඩකම්

    ඒ වගෙද මවුපියන් අත හැර යයිද ඉන්නකන්
    ඒ තමයි අපට පෙනෙනා දෙවියන්
    නැති දා අතහැර නොයමින් යළි නැගිටින්න අත දෙමින්
    එයාලා ඉඳියි අපේ සෙවනැල්ල ලෙසින්

    අතේ සතේ නැතත් මගේ
    පුතේ කියයි අම්මා මගේ

    :yes:



    තෑන්ක්ස් මචෝ..

    එල එල මචෝ වටිනා අදහස් ටිකක්
    11.gif
    11.gif
    11.gif



    මේ දැන් උඹගේ වයසත් හරි නොවැ කසාදයක් කොර ගන්න උඹත් ඉතිරි කිරිමේ බැංකුවක් හොයා ගනින් නැත්නම් ඉතිං සොරි ඩොට් කොම් තමා :D :D ;)