සඳ එළියක් වී වඩින්න....
සඳ එළියක් වී වඩින්න
සමන් පිච්ච මල් පිපෙන්න..
මට ආසයි සඳ පින්නේ
පිපුණු මලක සුවඳ ගන්න..
හිරු හැංගි දුරට යන්න
රෑ කළුවර අරන් එන්න..
මට ආසයි කළුවර රෑ
හීනෙන් තරු මල් ගනින්න..
හීන් හඬින් කවි කියන්න
මතක ඉමේ ඔයා ඉන්න..
මට ආසයි හැමදාමත්
මේ දුක් හිත රිදවගන්න..
තනි තරුවේ මේ අහන්න
මං ගැන දුක් නොහිත ඉන්න..
මට ආසයි හිත රිදුනත්
ඒ හීනෙම මියෑදෙන්න..
හිතේ දුකට කවි ලියන්න
ඒ කවියට අරුත දෙන්න..
මට ආසයි හැමදාමත්
කඳුළු බිඳක් වෙලා ඉන්න..
හඬන සිතක දුක නිවන්න
ගඟක වතුර මදි ඉහින්න..
පරවී යලි බිම වැටෙන්න
එපා ආයේ කවදාවත්
මේ හිත තුල මල් පිපෙන්න...
~dreamzd~
**අනවසරයෙන් උපුටාගැනීම තහනම්**
සමන් පිච්ච මල් පිපෙන්න..
මට ආසයි සඳ පින්නේ
පිපුණු මලක සුවඳ ගන්න..
හිරු හැංගි දුරට යන්න
රෑ කළුවර අරන් එන්න..
මට ආසයි කළුවර රෑ
හීනෙන් තරු මල් ගනින්න..
හීන් හඬින් කවි කියන්න
මතක ඉමේ ඔයා ඉන්න..
මට ආසයි හැමදාමත්
මේ දුක් හිත රිදවගන්න..
තනි තරුවේ මේ අහන්න
මං ගැන දුක් නොහිත ඉන්න..
මට ආසයි හිත රිදුනත්
ඒ හීනෙම මියෑදෙන්න..
හිතේ දුකට කවි ලියන්න
ඒ කවියට අරුත දෙන්න..
මට ආසයි හැමදාමත්
කඳුළු බිඳක් වෙලා ඉන්න..
හඬන සිතක දුක නිවන්න
ගඟක වතුර මදි ඉහින්න..
පරවී යලි බිම වැටෙන්න
එපා ආයේ කවදාවත්
මේ හිත තුල මල් පිපෙන්න...
~dreamzd~
**අනවසරයෙන් උපුටාගැනීම තහනම්**






