තරඟය ආරම්භ විය ....... ?????

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
තරඟය ආරම්භ විය ....... ?????

තරඟය ආරම්භ විය



තරඟය 1964 ඔලිම්පික් තරඟාවලිය
සත්කාරක රට ජපානය
දිනය 1964 ඔක්තොම්බර් 14
තරඟ ඉසව්ව පිරිමි මීටර 10000 දුර දිවීම 400 x 25
තරඟකරුවන් 29
රටවල් 17


මීටර 10000 තරඟය ආරම්භ වුනා. ජාතීන් 17 තරඟකරුවන් 29 දෙනෙක් තරඟ වදිනවා. වට 25 ක් දුවන්න තියෙනවා. තරඟකරුවන් එකිනෙකා අභිබවමින් ධාවනයේ යෙදෙනවා. තියුණු තරඟයකින් අනතුරුව අමෙරිකානු ජාතික
[FONT=&quot]Billy MillS[/FONT] නව ඔලිම්පික් වාර්තාවක් සමගින් තරගය වි 28 තත්පර 24.4 තරඟය නිමාකරනවා. දෙවන ස්ථානයට ටියුනියානු ජාතික තරඟකරුවකුත්, තෙවන ස්ථානය ඔස්ටේ‍්‍රලියානු ජාතිකයකුත් හිමි කර ගන්නවා. ජයග‍්‍රහයකින් දිනලා අවසානයි. නමුත් තරඟය අවසන් නෑ. කතාවත් අවසාන නෑ. අපේ කතානායකයා මතුවන්නේ දැන් තමයි.

ජයග‍්‍රාහකයා තරඟය නිමාකලාට අපේ කතානායකයා ඉන්නේ ඔහුට වට 4 ක් පිටුපසින්, දැන් සියලූ තරඟකරුවන් තරඟය නිමාකරලා ඉවරයි. නමුත් අපේ කතානායකයා ධාවනයේ යෙදෙනවා. තරඟයේ වට 4 පිටුපසින් සිටින අප කතානායකයා අවසන් වට හතරේ පළමු වටය ආරම්භ කරනවා. පේ‍්‍රක්ෂකාගාරයේ සිටින අයගේ උසුළු විසුළු මේ තරඟකරුට එල්ලවෙනවා. ඇතැමෙක් හු කියනවා. අවසන් වට හතරේ පළමු වටය අවසන් කරන මේ ක‍්‍රිඩකයා, අවසන් වට හතරේ දෙවන වටය ආරම්භ කරනවා. පේ‍්‍රක්ෂකයාගාරය බලා සිටිනවා මොකද මේ වෙන්නේ කියලා. දෙවන වටය ආරම්භ කරන කොට නරඹන්නන් නිශ්ශබ්දයි. ඔවුන් තේරුම් ගන්නවා මොකද මේ වෙන්නේ කියලා.

අවසන් වට හතරේ තෙවන වටය ආරම්භ වෙනවා පේ‍්‍රක්ෂයන් මේ ක‍්‍රිඩකයාව දිරිමත් කරනවා. "කමොන් සිලොන්" "කමොන් සිලොන්" කියලා. අවසන් වටය ආරම්භ වෙනවා පේ‍්‍රක්ෂකයන් අත්පොලසන් දෙනවා. ජයඝෝෂා කරනවා. ක‍්‍රිඩකයා වේගයෙන් ධාවනයේ යෙදනවා. අසුන් වලින් නැගිසිටින නරඹන්නන් අත්පොලසන් දෙනවා. පේ‍්‍රක්ෂකාගාරයේ සිටින බොහෝ නරඹන්නන්ගේ ඇස්වලින් කදුළු ගලාහැලෙනවා. ක‍්‍රිඩා පිටිය දෙදරවමින් මහ ඔල්වරසන් හඬක් මතුවෙනවා මේ ක‍්‍රිඩකයා තරඟය අවසන් කරන විට

කවුද මේ තරඟය අතනොහැර වට 4 පසුපසින් සිට ධාවනයේ යෙදුන කෙසඟ සිරුරක් ඇති ක‍්‍රිඩකයා. එවක සිලොන් කියලා හැදින්වුන රට නියෝජනය කල රණතුංග කරුණානන්ද නොහොත් ආර්. කරුණානන්ද යන නමින් හදුන්වන අප ශ‍්‍රිලාංකික පුත‍්‍රයා.

ස්වභාවයෙන්ම අතිශය සංවේදි ජපන් ජාතිකයන්ට R.කරුණානන්දගේ මේ ක‍්‍රියාව අගය කරනවා. තරඟයේ සැබැ වීරයා වන්නේ ජයග‍්‍රහකයා වන්නේ අපේ කරුණානන්ද, 1964 ඔලිම්පික් උළෙලේ සුපිරි වීරයා වන්නේ පදක්කමක් නොලැබු අපේ කරුණානන්ද


එකල ජපානයේ මාධ්‍යයේ වීරයා වන්නේ කරුණානන්ද, උත්සහවන්ත, ධෛර්ය්‍යවන්ත මිනිසුන් ජිවත්වන ජ
පානයේ මිනිසුන්ට කරුණානන්දගේ මේ පාඩම ඔවුන්ගේ හදවතට කිදා බහිනවා.

පසු කලෙක මේ ධෛර්ය්‍ය වන්ත කරුණානන්ද ගැන ජපානයේ පාසැල් පෙළ පොත් වලට එකතු කරනවා. ජපන් දරුවන්ට උත්සහවන්ත මිනිසුන් ගැන කියා දෙන්නේ අපේ කරුණානන්දගෙන්, මෙහේම ජපන් පෙළපොත් වලට එකතු වුන අනෙක් ශ‍්‍රි ලාංකිකයා ජේ.ආර්. ජයවර්ධන මහතා තමයි.

ඔලිම්පික් ඉතිහාසට කරුණානන්ද නැවුම් තේමාවක් ගෙන එනවා ඒ තමයි "තරඟයක වැදගත් වන්නේ ජයග‍්‍රහණය නොව තරඟ කිරිම" ඔලිම්පික් ඉතිහාසයේ රන් අකුරෙන් අපගේ කරුණානන්දගේ නම ලියවෙන්නේ මේ තේමාවෙන් ලොවට පුර්වාදර්ශයක් සැපයු නිසයි. අදටත් ලොකයේ උත්සහය, කැපවීම ගැන කියවෙන සම්මන්ත‍්‍රණ වලදි වගේම ජාත්‍යන්තර ක‍්‍රිඩා අධ්‍යාපන ආයතන වලත් අපගේ මේ කරුණානන්ද ගැන කතාකරනවා, උගන්වනවා


බොහෝ කතාවල අවසානයේ දුක්බර අවසානයක් තිබෙනවා වාගේම මේ කතාවේ අවසානය දුක්බරයි. පසු කලෙක කරුණානන්දට ජපානයෙන් ආරාධනයක් ලැබෙනවා ඒ රටේ රැකියාවකට, ජපානයට යන්නට දින කිහිපයකට පෙර කරුණානන්ද මිය යනවා. ඒ නාමල් ඔයේ දියේ ගිලිලා. බොහෝ දෙනා කියන්නේ මෙය ස්වභාවික අනතුරක් නෙමේ මිනිමැරුමක් කියාලා. කරුණානන්දගේ අභිරහස් මරණයෙන් කම්පනයට පත්වන ඔහුගේ බිරිඳ සිහිවිකල් වෙනවා. ඔහුගේ පවුල ඉතා අසරණ තත්වයකට පත්වෙනවා.

ජපානයට වීරයෙක් වුන අපගේ කරුණානන්ද ගැන ශ‍්‍රි ලංකාවේ නිසි ඇගැයිමකට ලක්වුනේ නෑ. ලෝකයාට පෙන්වු ආදර්ශය අප රට දැක්කේ නැද්ද? ජ
පානයේ පෙළපොත් වල කරුණානන්ද ගැන කියලා දෙනකොට, එහෙම කෙනෙක් ලංකාවේ හිටියද කියන්න අපේ බොහෝ දෙනා දන්නේ නෑ. අපේ රටේ නම ලෝකයට ගෙන ගිය මේ පුංචි මිනිසාව අප අමතක කිරිම ගැන අප ලැජ්ජා විය යුතුය. ඔහුට නිසි ගෞරවය තබා ඔහුගේ මරණය ගැන වත් නිසිලෙස අපේ බලධාරින් සොයා බලා නෑ. ඒ තමයි අපේ රටේ හැටි

පසු සටහන

මෙය පොස්ටුව Repost එකක් විය හැකිය. මෙය ලියුවේ ලගදි මං දැකපු එක්තරා සිද්ධියක් නිසයි. අවුරුදු උත්සවය
ගමහරහා දිවිමේ තරඟයක ඉදිරියෙන් යන තරඟකරුවන් ආධාර කරුවන්, සහයෝගය ඇතුව ධාවනයේ යෙදෙනෙවා. පළමු තරඟකරවාට බොහෝ පිටුපසින් කිසිම ආධාරකරුවෙක් නැතිව බොහෝම විඩාබරව එක් තරඟකරුවෙක් ධාවනයේ යෙදෙනවා. මට ඒ අවස්ථාවේදි කරුණානන්දගේ සිද්ධිය මතක් වුනා. කරුණානන්දගේ ආදර්ශය තමයි අදටත් ජාතික, ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රිඩකයන් අනුගමනය කරන්නේ, මෙය මගේ 100 පොස්ටුව වශයෙන් post ලැබිම ගැන සතුටුයි.



 
Last edited:

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ශ්‍රී ලාංකිකයෙක් විධිහට මම අවන්කවම ලජ්ජා වෙනාවා, ඒ වගේම කනගාටු වෙනවා. මම මේ කාරණය මීට කලින් දැනගෙන හිටියේ නැහැ. නමුත් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ශ්‍රීමතාණන් ජපානයේදී සිදුකල ඒ විශිෂ්ඨ කථනය නිසා අප රට ලැබූ කීර්තිය පමණක් මා අසා දැක තිබෙනවා. ඔබට බොහොමත්ම ස්තුතියි මේ ලිපිය මෙහි පලකිරීම සම්බන්දයෙන්...
    4+
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    11.gif


    good one bro....+rep

    ස්තූතියි
    11.gif


    fatta mathaka kirimak saho rep 24 walin pasuwa
    rep balagena damma neme kiyala dannawa
    tfs

    meka ta ahata kaulakuth awa

    ඔව් මචෝ හිතට දුකක් වගේම කණගාටුවක් ඇති වෙනවා මෙවැනි අයට නිසි ගෞරවයක් නොදැක්විම ගැන


    11.gif
    11.gif



    11.gif


    ශ්‍රී ලාංකිකයෙක් විධිහට මම අවන්කවම ලජ්ජා වෙනාවා, ඒ වගේම කනගාටු වෙනවා. මම මේ කාරණය මීට කලින් දැනගෙන හිටියේ නැහැ. නමුත් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ශ්‍රීමතාණන් ජපානයේදී සිදුකල ඒ විශිෂ්ඨ කථනය නිසා අප රට ලැබූ කීර්තිය පමණක් මා අසා දැක තිබෙනවා. ඔබට බොහොමත්ම ස්තුතියි මේ ලිපිය මෙහි පලකිරීම සම්බන්දයෙන්...
    4+

    ඔව් මේ ගැන වර්තමාන පරපුර නොදන්නා තරම් දැනගන්න ඉතින් ඒ මිනිස්සු ගැන පොත් පත් වල ලියවෙන්න එපැයි පිළිම නෙලා නැති වීරුවන් අප රටේ ඕනෑ තරම් ඉන්නවා (නන්දා මාලනී මහත්මිය එහෙම කියුවේ වෙනත් අර්ථයකින් වුනත් මේ කතාවට ඒක අදාල කර ගන්න පුළුවන්)

    ස්තූතියි + 4

    බෙදා ගත්තට ස්තුතියි

    ස්තූතියි
    11.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ela machan thnxxxxxxx

    ela ela ........
    11.gif


    machanan me karunanandage puthagana 2003di witara rupavahiniye programme ekak giya eka puluwannam hoyala denawada?
    eya school teacher kenek..

    පුතෙක් ගැන නම් දන්නේ නෑ මචෝ, දුවෙක් හිටියා කියලා ඒ කාලේ සඳහන් වෙනවා. අනිවා එහෙම විස්තරයක් ලැබුනොත් දාන්නම් මචෝ

    පසුකාලයේ ජපානයේ NHK රූපවාහිනි ආයතතය R. කරුණානන්ද ගැන වාර්තා වැඩ සටහනක් කරන්න ලංකාවට එනවා. අදාල බලධාරින්ගෙන් ඔහු ගැන විමසනවා කිසිකෙනෙක් දන්නේ නෑ මෙහෙම කෙනෙක් හිටියද කියලා. රූපවාහිනි කණ්ඩායම
    අන්තිමට වැරදිමකින් හමුවන්නේ K. කරුණාරත්න (මැරතන් කරු)

    good post bro.

    thz machoo
    11.gif


    Patta machn :)

    ow banz meka patta kathawak
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කලින් දැකලා තියනවා
    ඒ වුනත් පළවෙනි පාර බලද්දි ඇතිවුන හැගීමම ආවා ඇගට
    ඇස් දෙකට කදුළුත් ආවා
    නියම ධෛර්්‍යවන්ත මිනිස්සු
    මේ පහල විඩියෝ කියන වීඩියෝ එකත් මම කාලෙකට ඉස්සර දැම්මා එළකිරි එකේ
    ඒකත් බලන්න

    -------------------------------------------------------
    දහසක් බලාපොරොත්තු තියාගෙන පිටියට ගියා
    ඇත්තෙන්ම ඔහු දක්ෂ ධාවන ශූරයෙක්
    නමුත් අවාසනාවකට දෛවය ඔහුට හරස් වුණා.
    ඔහුට හදිසියේ පාදයේ ආබාධයක් ඇති වුණා.
    ඒ වුණත් ඔහු නැවතුනේ නෑ.
    හිතට ධෛර්යය ගත්තා
    ඔහු නැවතත් දිවීම ආරම්භ කලා.
    ඔහුගේ සදාදර පියා ඔහු සමග එකතු වුණා.
    "තාත්තේ මට දුවන්න අමාරැයි.ඒත් මට දුවන්න ඕනා......."

    "කමක් නෑ මගෙ පුතේ.අපි දෙන්නම දුවමු."

    යාලුවනේ මේ වගේ ‍‍ධෛර්යයක් අපේ හිතටත් ගන්න පුලුවන් නම් අපි අපේ ජීවිතයෙන් කවදාවත් පරදියිද?

     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    ශ්‍රී ලාංකිකයෙක් විධිහට මම අවන්කවම ලජ්ජා වෙනාවා, ඒ වගේම කනගාටු වෙනවා. මම මේ කාරණය මීට කලින් දැනගෙන හිටියේ නැහැ. නමුත් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ශ්‍රීමතාණන් ජපානයේදී සිදුකල ඒ විශිෂ්ඨ කථනය නිසා අප රට ලැබූ කීර්තිය පමණක් මා අසා දැක තිබෙනවා. ඔබට බොහොමත්ම ස්තුතියි මේ ලිපිය මෙහි පලකිරීම සම්බන්දයෙන්...
    4+
    anna e kathawa ahanna koheda ban tiyenne.... youtube nadda?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    ජපානෙ මිනිස්සු ඔය සිද්ධිය දැක්කෙ ලංකාවෙ අයට වෙනස් විදියකට ජපනුන්ගෙ ඔය විදියෙ ආකල්ප නිසා තමයි ජපානෙ දියුණු වුනේ