පොදු රද මඩුළු සමුළුව ලංකාවේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොදු රද මඩුළු සමුළුව ලංකාවේ

    කෝ දැන් මේ සුද්දට පලු යනඩ බැනපු අය අත උස්සන්ඩ :P

    පොදු රද මඩුළු සමුළුව ලංකාවේ

    ජාත්‍යන්තර බලපෑම් විසිවේ

    2013 අපේ‍්‍රල් මස 26 21:19:16 | . , රත්නපාල ගමගේ

    මෙවර පොදු රාජ්‍ය මණ්ඩල රජ්‍ය නායක සමුළුව මේ වසරේ නොවැම්බරයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අද තීරණය කෙළේය.

    ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩල විදේශ අමාත්‍ය ක්‍රියාකාරී කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළැඹීයේය. රටවල් 9ක පොදු රාජ්‍ය මණ්ඩල විදේශ අමාත්‍යවරු ඊට සහභාගී වූහ. සභාපති බංගලාදේශ විදේශ ඇමැති ආචාර්ය දීප මොන් මහතාය. උප සභාපති ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍ය බොබ් කාර්, මහලේකම් කමලේෂ් ෂර්මා සහ ප්‍රකාශක රිචඩ්වුකු යන මහත්වරු පවත්වනු ලැබූ මාධ්‍ය හමුවදී මේ තීරණය ප්‍රකාශ කළහ.

    ශ්‍රී ලංකාවේ අයහපත් මානව හිමිකම් වාර්තාවක් නිසා පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ශ්‍රී ලංකාවේ නොපවත්වන ලෙස රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක්ම විදේශ අමාත්‍ය කමිටුවෙන් ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවෙන් තහනම් කරන ලෙස පොදු රාජ්‍ය මණ්ඩල නීතිවේදීන්ගේ සංගම් ද බලපෑම් කෙළේය.


    http://www.thecommonwealth.org/news/34580/254560/260413srilanka.htm