සරල_ධාරා(DC)_ජව_සැපයුමක්_නිර්මාණය........

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සරල_ධාරා(DC)_ජව_සැපයුමක්_නිර්මාණය........

    ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයේ විවිධ අත්හදා බැලීම් කරන අපේ මිතුරන්ට හොඳ සරල ධාරා ජව සැපයුමක(DC Power Supply) අඩුපාඩුව තදින්ම දැනිල ඇති. බොහෝ Power Supply වලින් ලබාගන්න පුළුවන් උපරිම ධාරා අගය(ඇම්පියර් ගණන) සීමා සහිතයි:dull:. නමුත් සමහර යෙදීම් වලට ඉහළ ධාරා අගයයන් ලබා ගත හැකි බල සැපයුම් අවශ්‍ය වේ. ඉහළ ධාරා ලබා ගත හැකි 12V ජව සැපයුමක් අවශ්‍ය වූ විට බොහෝ විට භාවිතා කරන්නේ කාර් බැටරියක්. නමුත් ගෘහස්ථ ජව සැපයුමටම සම්බන්ධ කර භාවිතා කළ හැකි DC Power Supply එකක් ඇත්නම් බොහෝ වටිනවා. මේකට පොඩි විසඳුමක් තමයි මේ. මේ ක්‍රමය දැනටමත් භාවිතා කරන අය ඇති, නොදන්න අයත් සිටිය හැකි නිසා තමයි මේ ගැන ත්‍රෙඩ් එකක් පල කරන්න හිතුනේ.:yes:

    සාමාන්‍යයෙන් පරිඝණක වල භාවිතා කරන Power Supply එකකින් ඉහළ ධාරා අගයයන් ලබා ගන්න පුළුවන් බව හැමෝම දන්නව ඇති. 450W Power Supply එකක තියෙන 12V Rail එකෙන් 18A පමණ ඉහළ ධාරාවක් ලබා ගන්න පුළුවන් බව සඳහන් කරල තියෙනවා. නමුත් ගැටළුව තමයි එවැනි Power Supply එකකට විදුලිය ලබා දුන් පලියට එය ක්‍රියාත්මක නොවීමයි. නමුත් කුමන හෝ ක්‍රමයකින් පරිඝණකයෙන් පිටතදී මෙය ක්‍රියාත්මක කරගත හැකිනම් ඉතා හොඳ DC Power Supply එකක් වශයෙන් මෙය භාවිතා කළ හැක:cool:. මින් ඉදිරියට විස්තර වන්නේ එය සිදුකරන ආකාරයයි.

    මුලින්ම බලමු DC Power Supply එකක් විදිහට පරිඝණකයක ඇති Power Supply එකක් භාවිතා කිරීමෙන් ලැබෙන අමතර වාසි,:cool:

    • Short Circuit Protection පරිපථයකින් යුක්ත වීම.
    • ප්‍රතිදාන වෝල්ටීයතා අගයයන් ඉතා ස්ථායී වීම.
    • ඉතා ඉහළ ධාරා අගයයන් ලබාගත හැකි වීම.
    • සාපේක්ශව මිල අඩු වීම.
    • පහසුවෙන් සොයාගත හැකි වීම.
    හරි දැන් වැඩේ පටන් ගමු. මුලින්ම හොඳ තත්වයේ තියෙන, 350W හෝ ඊට ඉහළ ජව ප්‍රතිදානයක් ඇති Power Supply එකක් සපයා ගන්න(විවිධ දෝෂ සහිත Power Supply මගින් මෙය අත්හදා බැලීමෙන් වලකින්න:no:). ඉන් පසු පහත උපකරණ ලැයිස්තුව සපයා ගන්න.

    • 330Ω , 1W ප්‍රතිරෝධකයක්.
    • LED බල්බයක්.
    • 10Ω , 10W හෝ ඊට වැඩි ක්ෂමතා ප්‍රමාණනයකින් යුත් ප්‍රතිරෝධකයක්.
    • කුඩා on, off ස්විචයක්.
    • 15A කනෙක්ටර් බාර් එකක්.
    • Insulation Tape එකක්.
    ප්‍රථමයෙන් PSU එකේ පරිඝණකයට ජවය සපයන Connectors සියල්ල කපා ඉවත් කර ගත යුතුයි. නැවත සම්බන්ධ කිරීමට ඉඩ ඇතිවන පරිදි Connector එකෙන් ටිකක් ඈතට වන පරිදි වයර් හනස්ස කැපිය යුතුයි. මීළඟට Power Supply එක විවෘත කර ගන්න. මෙහිදී ආරක්ෂාකාරී ක්‍රමයක් අනුගමනය කළ යුතුයි. එයට හේතුව Power Supply එක තුල ඇති අධි වෝල්ටීයතා ධාරිත්‍රක වල විද්‍යුත් ආරෝපණ ගබඩා වී තිබිය හැකි වීමයි. එම නිසා එම ආරෝපණ විසර්ජනය වන තෙක් දින දෙක තුනක් විදුලියෙන් විසන්ධි කර තැබිය යුතුයි. එතෙක් ඉවසිය නොහැකි නම් Power Supply එක ඇතුලත උපාංග ස්පර්ෂ නොකිරීමට වග බලා ගන්න:rofl:(මමත් අනුගමනය කළේ ඒ ක්‍රමය:P). ඒ අනුව Power Supply එක විවෘත කර වයර් වල පැහැය අනුව වෙන් කරගෙන වයර් මිටි වශයෙන් ටේප් කැබලි වලින් එකට බැඳගන්න.

    • කළු ~ Ground (0V)
    • තැඹිලි ~ +3.3V
    • රතු ~ +5V
    • කහ ~ +12V
    • අළු ~ Power OK
    • කොළ ~ Power Supply ON
    • සුදු ~ -5V
    • නිල් ~ -12V
    • දම් ~ Standby Power (+5V) [අවශ්‍ය නොවේ]
    මෙහි දම් පැහැ වයරය අපට අවශ්‍ය නොවන බැවින් මුල හරියෙන්ම කපා අග Insulation Tape මගින් පරිවරණය කරගන්න. කළු පැහැ වයර් වලින් 1 ක් 10Ω ප්‍රතිරෝධකයේ එක අග්‍රයකටත්, තව එකක් LED බල්බයේ සෘණ අග්‍රයටත්, තව එකක් on off ස්විචයේ එක් අග්‍රයකටත් පාස්සා ගන්න. අනෙක් කළු වයර් සියල්ල එකට සම්බන්ධ කර පාස්සා ගන්න(මෙම අග්‍රය අපගේ DC Power Supply එකේ භූගත අග්‍රය(0V) වේ).

    රතු පැහැ වයර් වලින් එකක් 10Ω ප්‍රතිරෝධකයේ අනෙක් අග්‍රයට පාස්සන්න. අනෙක් සියලු රතු වයර් එකිනෙක සම්බන්ධ කර පාස්සා ගන්න(මෙය අපගේ DC Power Supply එකේ +5V ප්‍රතිදානය වේ). කහ පැහැ වයර් සියල්ල එකිනෙක සම්බන්ධ කර පාස්සා ගන්න(මෙය +12V අග්‍රයයි). තැඹිලි පැහැ වයර් සියල්ල එකිනෙක සම්බන්ධ කර පාස්සන්න(මෙය +3.3V ප්‍රතිදානයයි). තනි වයර් වශයෙන් ඇති නිල් හා සුදු පැහැ වයර් පිළිවෙලින් -12V හා -5V ප්‍රතිදාන වේ.

    ඉන්පසු 330Ω ප්‍රතිරෝධකය LED බල්බයේ ධන අග්‍රයට පාස්සා ප්‍රතිරෝධකයේ අනෙක් අග්‍රයට අළු පැහැ වයරය(Power OK) පාස්සා ගන්න. ඉන්පසු ප්‍රතිරෝධකය හා පරිවරණය නොවූ සියළු සම්බන්ධක කම්බි insulation tape මඟින් හොඳින් පරිවරණය කරගන්න. මෙහිඳී 330Ω ප්‍රතිරෝධකය මද වශයෙන් තාපය විසර්ජනය කරන බැවින් හොදින් insulation tape මගින් ආවරණය කරගන්න. කොළ පැහැ වයරය on off ස්විචයේ ඉතිරි අග්‍රයට පාස්සන්න.

    බොහෝ PSU වල 3.3V sensing වයර් එකක් පැමිණේ. මෙය සාමන්‍යයෙන් තැඹිලි පැහැ වන අතර අනෙකුත් තැඹිලි පැහැ වයර් වලට වඩා මදක් සිහින්ය. මෙය අනිවාර්යයෙන්ම අනෙකුත් තැඹිලි පැහැ වයර්(+3.3V) වලට සම්බන්ධ කළ යුතුය:yes:(රූලන්න).

    dsc00360l.JPG


    10Ω ප්‍රතිරෝධකය තාපය විසර්ජනය කරයි. යොදාගෙන ඇති 10Ω ප්‍රතිරෝධකය Heat sink එකකට සවි කළ හැකි ආකාරයේ එකක් නම් එය අනෙකුත් රැහැන් වල නොගෑවෙන පරිදි PSU එකේ බඳට සවිකරගන්න. එසේ සවි කිරීමට පෙර ප්‍රතිරෝධකයේ Heat sink එකට සවි කරන කොටසට විදුලිය කාන්දු වනවා දැයි පරීක්ෂා කර බැලිය යුතුය. එසේ කාන්දු වෙයි නම් එම ප්‍රතිරෝධකය භාවිතා නොකරන්න. එසේම සමහර ප්‍රතිරෝධක සෙරමික් ආවරණයක් සහිතව පැමිණේ. එවැනි ප්‍රතිරෝධක කම්බි කැබැල්ලකින් PSU හි බඳට තබා ගැට ගැසීම ප්‍රමාණවත්ය.:yes:

    දැන් පරිවරණය කළ යුතු සන්නායක කොටස් insulation tape මගින් හොඳින් පරිවරණය කර on off ස්විචය හා LED බල්බය නිසි පරිදි PSU එකේ ආවරණයට සවිකරගන්න. ඉන්පසු පෑස්සුම් සියල්ල නැවත පරීක්ෂා කරන්න. වයර් පළුදු වී ඇත්දැයි පරීක්ෂා කරන්න. සියල්ල නිවැරදි නම් Drill එකකින් PSU එකේ ආවරණයේ සිදුරු විද ප්‍රතිදාන රැහැන් සියල්ල (+12V, +5V, +3.3V, 0V[GND], -5V, -12V) පිටතට ගන්න. ඉන්පසු එම රැහැන් බාහිර පරිපථ වලට සම්බන්ධ කිරීමට පහසු වන පරිදි 15A කනෙක්ටර් බාර් එකකට සවිකර ගන්න(එසේ නැතහොත් ඔබ කැමති ක්‍රමයක් අනුගමනය කරන්න):yes:.

    සියල්ල අවසානයි. දැන් PSU එකට විදුලිය සපයා ස්විචය on කරන්න. LED බල්බය දැල්විය යුතුයි(නොදැල්වේ නම් LED එකේ ධන සෘණ අග්‍ර නිවැරදිව පාස්සා ඇත්දැයි නැවත පරීක්ෂා කරන්න). Multimeter එකක් මගින් සියලු වෝල්ටීයතා අගයයන් මැන බලන්න. සියල්ල නිවැරදි නම් සාර්ථකව වැඩේ අවසන් වී ඇත.:cool:


    සැ.යු.-

    නිර්මාණය කර ලද DC Power Supply එකේ සෘණ හා ධන වෝල්ටීයතා රැහැන් භාවිතා කර ඉහළ වෝල්ටීයතා සැපයුම්ද ලබා ගත හැක. උදා: +12V හා -12V රැහැන් එකට භාවිතා කර 24V ක වෝල්ටීයතා සැපයුමක් ලබා ගත හැක. නමුත් එවැනි සැපයුම් වලින් විශාල ධාරා අගයයන් ලබා ගත නොහැක. එයට හේතුව -12V, -5V rails මගින් ලබාගත හැකි ධාරාව 1A වැනි අගයකට සීමා වීමයි. එමනිසා කුඩා ධාරා ලබා ගන්නා භාරයන් සඳහා පමණක් එවැනි සැපයුම්(සෘණ වෝල්ටීයතා සැපයුම් සම්බන්ධ කර ගන්නා) භාවිතා කළ යුතුය. තවද 3.3V රැහැන 0V හැර අනෙකුත් රැහැන් සමඟ භාවිතා කළ නොහැක(එනම් +3.3v හා +12v රැහැන් භාවිතා කර 8.7V ක වෝල්ටීයතා සැපයුමක් සාදා ගත නොහැක).

    මේ තියෙන්නෙ මම හදපු එක:P(සෘණ වයර් ටි නම් එළියට ගත්තෙ නෑ:dull:)
    dsc00357k.JPG



    ගැටළු ඇති උනොත් අහන්න, දන්න විදිහට උත්තර දෙන්නම්.:yes:

    -----------------------------------------------------------------------------------------------------------------------------------------

    ත්‍රෙඩ් එක ගැන අදහස් ගොඩක් වටිනවා:yes:, ඒ නිසා අනිවාර්යයෙන් comment එකක් දාලම යන්න.:)
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල කොල්ලා.. සුපිරි වැඩක්..
    මාත් කාලෙක ඉඳන් ත්‍රේඩ් කිහිපයක් දාන්න ආසාවෙන් ඉන්නෙ ඉලෙක්ටොනික් සම්බන්ධව.. කොහෙද.. වෙලාවකුත් නෑ.. වැඩ කරන තැනට කැමරා ගේන්නත් තහනම්.. පිංතූර නැතුව වැඩේ කරන්න බෑ.. ගෙදර ගියපු දවසක කරන්න ඕන..

     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එල එල කොල්ලා.. සුපිරි වැඩක්..
    මාත් කාලෙක ඉඳන් ත්‍රේඩ් කිහිපයක් දාන්න ආසාවෙන් ඉන්නෙ ඉලෙක්ටොනික් සම්බන්ධව.. කොහෙද.. වෙලාවකුත් නෑ.. වැඩ කරන තැනට කැමරා ගේන්නත් තහනම්.. පිංතූර නැතුව වැඩේ කරන්න බෑ.. ගෙදර ගියපු දවසක කරන්න ඕන..

    උඹ වැඩ කරන්නෙත් මේ සයිඩ් එකේ නේද, වෙලාව අරගෙන දාපන් මචන්, හැමෝටම වැදගත් වෙයි..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ වැඩ කරන්නෙත් මේ සයිඩ් එකේ නේද, වෙලාව අරගෙන දාපන් මචන්, හැමෝටම වැදගත් වෙයි..:yes:
    මම ඉතිං Assembling කරන එකනේ කරන්නෙ..:D
    අනිවා දානවා මචෝ.. නිවාඩු නැහැ මට වැඩිය..
    කැමරා ගේන්න දෙනවා නම් මට මේක ඇතුලෙදිම හදලා දාන්න පුළුවන්..
    ඒත් කැමරා ගේන්න දෙන්නෑ බං..
    නිවාඩුවක් ලැබෙන්නම ඕන.. ඒ ලැබුණත් ඉතිං රට වටේ දුවනවා මිසක් ඒ වෙලාවට ඕවා මතක් වෙන්නෑ.. :(
    ලැබෙන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා..

     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මම ඉතිං Assembling කරන එකනේ කරන්නෙ..:D
    අනිවා දානවා මචෝ.. නිවාඩු නැහැ මට වැඩිය..
    කැමරා ගේන්න දෙනවා නම් මට මේක ඇතුලෙදිම හදලා දාන්න පුළුවන්..
    ඒත් කැමරා ගේන්න දෙන්නෑ බං..
    නිවාඩුවක් ලැබෙන්නම ඕන.. ඒ ලැබුණත් ඉතිං රට වටේ දුවනවා මිසක් ඒ වෙලාවට ඕවා මතක් වෙන්නෑ.. :(
    ලැබෙන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා..

    :(වෙලාවක් හම්බුනොත් දාපන්කෝ..:yes:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ

    මීළඟට Power Supply එක විවෘත කර ගන්න. මෙහිදී ආරක්ෂාකාරී ක්‍රමයක් අනුගමනය කළ යුතුයි. එයට හේතුව Power Supply එක තුල ඇති අධි වෝල්ටීයතා ධාරිත්‍රක වල විද්‍යුත් ආරෝපණ ගබඩා වී තිබිය හැකි වීමයි. එම නිසා එම ආරෝපණ විසර්ජනය වන තෙක් දින දෙක තුනක් විදුලියෙන් විසන්ධි කර තැබිය යුතුයි. එතෙක් ඉවසිය නොහැකි නම් Power Supply එක ඇතුලත උපාංග ස්පර්ෂ නොකිරීමට වග බලා ගන්න:rofl:(මමත් අනුගමනය කළේ ඒ ක්‍රමය

    මචන් මේකේ Capacitor එක Discharge කරන්න ඕන නම්. 230V බල්බ් එකක් අරගෙන එකේ කන්ටැක් දෙක Capacitor එකේ Pin දෙකට වද්දන්න. එතකොට බල්බ් එක පත්තුවෙලා Capacitor එක Discharge වෙනවා. කරන්ට් එකට බය නැති බුවාලා ඉන්නවනම් ටිකක් මහත වයර් කෑල්ලක් අරගෙන Capacitor Pin දෙක short කරන්න එතකොට වැඩේ හරි..:yes::yes: