ගෑස් නොබලා සිටින්නට නම්!! ( Another Alternative Energy Pariject)
"විකල්ප බලශක්ති ගැන පසුගිය දවස්වල ත්‍රෙඩ් ගණනාවකින්ම මෙහි සාකච්ඡා වුනා!!
වෙළදපලේ පවතින තවත් එවැනි එල්පී ගෑස් හෝ අකාර්ය්‍යක්ෂම දර ලිප වෙනුවට භාවිතා කළ හැකි උදුනක් ප්‍රතිනිර්මාණය කරනු ලැබුවා. කලක සිට මෙය භාවිතා කලත් මේ කාලයේ එයට අලුත් වටිනාකමක් ලැබී තිබෙනවා."
මේ තමා කාර්යක්ෂම පොල්කටු අගුරු උදුන!!
යකෝ!! අපි මැගී පිටිකල පොල්කිරි පාවිච්චි කරන්නේ! අපි පුච්චන්නෙ කාඩ්බෝඩ් පෙට්ටියද?? කියලා අහන අයත් ඉන්නවනේ.
නෑ!! නෑ!! මේක පොල්ගෙඩි පාවිච්චිකරන අයට විතරයි!!
හැම ගෙදරකම වාගේ දවසකට පොල් ගෙඩියක්වත් අඩුතරමේ බිදෙන නිසා සතියකට සෑහෙන පොල්පටු ප්‍රමාණයක් එකතු වෙනවනේ. ඒවා පුලුස්සා අගුරු ලබා ගන්න. පොල්කටු බාගෙට පිළිස්සුන විට ජලය ඉස වේලා ගන්න.
මේක කුඩු ලිපක්. වලං කඩවල ගන්න තියෙනවා. රු.200 ක් විතර වෙයි!
මේ කුඩා මැටි ඇතිලියක්. පාවිච්චි කල එකක් නම් වඩා හොදයි. හෑන්ඩ් ඩ්‍රිල් එකකින් සිදුරු කීපයක් විදගෙන තියෙන්නෙ.
ඒක මේ ආකාරයට කුඩු ලිපට බස්සන්න පුලුවන් එකක් විට යුතුයි.
කුඩා ෆෑන් එකක් (12V නම් වඩා හොදයි ) ගෙන රූපයේ ආකාරයට කුඩු ලිපට සවිකර ගන්න. වාතය ඇතුලට යන අයුරින්. කුඩා Power pack එකකින්හෝ සෝලා පවර් ඇත්නම් එමගින් විදුලිය සපයා ගත හැකිය. 0.07A තරම් අඩු ධාරාවක් බාවිතාවන නිසා වැයවන විදුලිය ගිණිය නොහැකි තරම්ය.
පොල්තෙල් පෙගවූ පහන් තිරක් දල්වා ඒ මත අගුරු කැබලි දමා ෆෑන් එක ඔන් කරන්න.
පොල් කටු වලට ගිනි ඇවුලුන පසුව පහන් තිර ඉවත් කරන්නත නැතිනම් දුම් හටගනී.
මෙ දල්වන අවස්ථාවේ සුලු දුමක් හට ගත්තත් පසුව දුම ඇති නොවන තරම්ය. වලං වල දැලි බැදීමක්ද ඇති නොවේ!!
කෙසේ වෙතත් දර ලිප අසල හෝ පැන්ට්‍රියෙන් පිටත තැබීම වඩා සුදුසුය.
දැන් කැමති දෙයක් ලිපමත තබා පිසගන්න පුලුවන්. ගින්දර අඩු කිරීමට අවශ්‍ය විට ෆෑන් එක ඕෆ් කරන්න.
ඇඹුල් තියල්!!
මඤ්ඤොක්කා අල කරියක්!!!!
යකෝ!!
මේ මොන මගුලක්ද? මේක ඩෝං ගෑවොත් බාබකිව් වෙන්නයි වෙන්නේ!!
ටිකක් කවර් වෙලා ඉන්න එක ඇගට ගුණයි වගේ.
සැ.යු - මෙය වසර ගණනකට පෙර සිට මාවිසින් භාවිතා කරන අතර මුලින් කී සේම වෙලදපලේ ඇති රු.3000/= ක් පමණ වන මෙම ලිප අඩු මුදලින් රු.500 කට පමණ කරන ලද ප්‍රතිනිර්මාණයක් බව සැලකුව මනාය.
මෙය කුමණ හෝ දේශපාලන අරමුණු සදහා ඉදිරිපත් කර නැති අතර අලුත් සිතුම පැතුම් ඔස්සේ ජීවිතය ජයගන්නට වෙර දරණ පටු ආකල්ප වලින් තොර හුදී ජනයාගේ පහන් සංවේගය පිණිසම වෙයි!!!
"විකල්ප බලශක්ති ගැන පසුගිය දවස්වල ත්‍රෙඩ් ගණනාවකින්ම මෙහි සාකච්ඡා වුනා!!
වෙළදපලේ පවතින තවත් එවැනි එල්පී ගෑස් හෝ අකාර්ය්‍යක්ෂම දර ලිප වෙනුවට භාවිතා කළ හැකි උදුනක් ප්‍රතිනිර්මාණය කරනු ලැබුවා. කලක සිට මෙය භාවිතා කලත් මේ කාලයේ එයට අලුත් වටිනාකමක් ලැබී තිබෙනවා."
මේ තමා කාර්යක්ෂම පොල්කටු අගුරු උදුන!!
යකෝ!! අපි මැගී පිටිකල පොල්කිරි පාවිච්චි කරන්නේ! අපි පුච්චන්නෙ කාඩ්බෝඩ් පෙට්ටියද?? කියලා අහන අයත් ඉන්නවනේ.
නෑ!! නෑ!! මේක පොල්ගෙඩි පාවිච්චිකරන අයට විතරයි!!
හැම ගෙදරකම වාගේ දවසකට පොල් ගෙඩියක්වත් අඩුතරමේ බිදෙන නිසා සතියකට සෑහෙන පොල්පටු ප්‍රමාණයක් එකතු වෙනවනේ. ඒවා පුලුස්සා අගුරු ලබා ගන්න. පොල්කටු බාගෙට පිළිස්සුන විට ජලය ඉස වේලා ගන්න.
මේක කුඩු ලිපක්. වලං කඩවල ගන්න තියෙනවා. රු.200 ක් විතර වෙයි!
මේ කුඩා මැටි ඇතිලියක්. පාවිච්චි කල එකක් නම් වඩා හොදයි. හෑන්ඩ් ඩ්‍රිල් එකකින් සිදුරු කීපයක් විදගෙන තියෙන්නෙ.
ඒක මේ ආකාරයට කුඩු ලිපට බස්සන්න පුලුවන් එකක් විට යුතුයි.
කුඩා ෆෑන් එකක් (12V නම් වඩා හොදයි ) ගෙන රූපයේ ආකාරයට කුඩු ලිපට සවිකර ගන්න. වාතය ඇතුලට යන අයුරින්. කුඩා Power pack එකකින්හෝ සෝලා පවර් ඇත්නම් එමගින් විදුලිය සපයා ගත හැකිය. 0.07A තරම් අඩු ධාරාවක් බාවිතාවන නිසා වැයවන විදුලිය ගිණිය නොහැකි තරම්ය.
පොල්තෙල් පෙගවූ පහන් තිරක් දල්වා ඒ මත අගුරු කැබලි දමා ෆෑන් එක ඔන් කරන්න.
පොල් කටු වලට ගිනි ඇවුලුන පසුව පහන් තිර ඉවත් කරන්නත නැතිනම් දුම් හටගනී.
මෙ දල්වන අවස්ථාවේ සුලු දුමක් හට ගත්තත් පසුව දුම ඇති නොවන තරම්ය. වලං වල දැලි බැදීමක්ද ඇති නොවේ!!
කෙසේ වෙතත් දර ලිප අසල හෝ පැන්ට්‍රියෙන් පිටත තැබීම වඩා සුදුසුය.
දැන් කැමති දෙයක් ලිපමත තබා පිසගන්න පුලුවන්. ගින්දර අඩු කිරීමට අවශ්‍ය විට ෆෑන් එක ඕෆ් කරන්න.
ඇඹුල් තියල්!!
මඤ්ඤොක්කා අල කරියක්!!!!
යකෝ!!
මේ මොන මගුලක්ද? මේක ඩෝං ගෑවොත් බාබකිව් වෙන්නයි වෙන්නේ!!
ටිකක් කවර් වෙලා ඉන්න එක ඇගට ගුණයි වගේ.සැ.යු - මෙය වසර ගණනකට පෙර සිට මාවිසින් භාවිතා කරන අතර මුලින් කී සේම වෙලදපලේ ඇති රු.3000/= ක් පමණ වන මෙම ලිප අඩු මුදලින් රු.500 කට පමණ කරන ලද ප්‍රතිනිර්මාණයක් බව සැලකුව මනාය.

Last edited: