සිසේරියන් සැත්කම | cesarean surgery

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සිසේරියන් සැත්කම | cesarean surgery

    සිසේරියන් සැත්කම | cesarean surgery





    newborn-heart-surgery.jpg





    ~ ඉතිහාසය ~



    ප්‍රථමයෙන් සීසර් සැත්කමකට පසු මවත් දරුවාත් ජීවත් වූ අවස්ථාව පළමුව වාර්ථා වන්නේ ස්විට්සර්ලන්තයේ 1500 දී පමණය.දහ හත්වන සියවසේදී මෙම සැත්කම නාරි හා ප්‍රසව වෛද්‍යවරු විසින් සිදු කිරීම ආරම්භ කරනු ලැබිණි. මෙකල සිදු කළ සීසර් සැත්කම්වලදී 80% ක්ම අසාර්ථක විය.

    මුලින්ම කරන ලද සැත්කම්වලදී ගර්භාෂයම සිරස් කැපුමක් සිදු කළ අතර එවිට සිදු වන ලේ වහනය අධික විය.1926 දී "කර්" නැමැත්තා විසින් ගර්භාෂයේ පහළ ඛණ්ඩය හරහා කරන කැපුම හදුන්වා දෙන ලදී.මීට වසර පනහකට පමණ පෙර මවගේ හා දරුවාගේ ජීවිතයට හානිදායක වූ තිබූ නමුත් එහි භයානක තත්ත්වය දැන් අඩුවෙමින් පවතී.





    ~ සිසේරියන් සැත්කම කරන අයුරු ~


    1079.jpg



    උදරය විවෘත කර ගර්භාෂයේ පහළ හෝ ඉහළ ඛණ්ඩය හරහා කැපුමක් සිදු කර දරුවා එළියට ගැනීම මෙම සැත්කමේදී සිදු වේ. මෙකල සීසර් සැත්කම්වලින් 99% කට වඩා සිදු වනුයේ ගර්භාෂයේ පහළ ඛණ්ඩය හරහා කෙරුණු කැපුමකිනි. දරුවා ප්‍රසූත වූ පසු සින්ටොසිනොන් අන්ත:ශිරා මාර්ගයෙන් ගර්භාෂයසංකෝචනය වීමට දෙනු ලැබේ. ඉන්පසු වැදෑමහ අතින් ඉවත් කිරීම සිදු කරනු ලැබේ. ඉන්පසු කැපුම්වලට මැහුම් දැමීම සිදු කරනු ලැබේ.





    ~ සීසර් සැත්කමක් සිදු කිරිමට හේතු ~


    ∎ සීසර් සැත්කමක් සිදු කිරිමට හේතු රැසක් ඇති නමුත් බොහොමයක් හේතු හදිසියේ පැන නගින ඒවා වේ. ඒවැනි අවස්ථාවලදී කෙරෙනු ලබන සිසර් සැත්කමකින් දරුවාගේ හා මවගේ ජීවිතය අනතුරුසහගත තත්වයෙන් මුදා ගැනීමට හැකි වේ.එවැනි හදිසි අවස්ථා ලෙස හිස ප්‍රසුත මාර්ගයේ අවහිර වීම දරුවාගේ සෞඛ්‍ය තත්වය අහිතකර තත්වයේ පැවතීම දැක්විය හැක.

    ∎ ඇතැම් අවස්ථාවලදී දරුවා සීසර් සැත්කමකින්ම ප්‍රසූත කළ යුතු නිසා ඒ සඳහා මුල සිටම තීරණය කරනු ලැබේ. මෙය මව හා වෛද්‍ය කණ්ඩායම පෙර සිටම දන්නා නිසා එය දෙපාර්ශවයටම පෙර සූදානම් වීමට කාලය දෙනු අතර එය වඩා සාර්ථක සිසේරියන් සැත්කමකට මුල පුරනු ලැබේ.

    මෙසේ මුල සිටම දරුවාගේ ප්‍රසූතය යෝනි මාර්ගික ප්‍රසවයක් නොවී සීසර් සැත්කමක් වීමට ප්‍රධාන හේතුව වනුයේ දරුවාගේ ප්‍රමාණය හා සසදන විට මවගේ ශ්‍රෝණි කුහරය කුඩා වීමයි

    පෙර පිහිටි වැදෑමහ
    මවට ඇති දියවැඩියා, අධික රුධිර පීඩන වැනි රෝගී තත්වවල සංකූලතා ඇති වූ අවස්ථාවන්හිදි සීසර් සැත්කමකට යොමු වේ.
    දරුවාගේ පිහිටීම අසාමාන්‍ය වූ විට
    බහු දරුවන් ඇති විට
    යෝනිමාර්ගයේ හර්පීස් ආසාදන තත්වය පෙන්නුම් කරන විට
    මවට එච්.අයි.වී ආසාදනය වී ඇති විට දරුවාට එය සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට


    ~ සීසර් සැත්කමක් සිදු නොකරන අවස්ථා ~


    ∎ මවගේ සෞඛ්‍ය තත්වය දුර්වල වීම.
    උදා - උත්සන්න වූ ශ්වසන පද්ධතිය ආශ්‍රීත රෝග
    ∎ දරුවාගේ අංගවිකල තත්වයන් ප්‍රසූතියෙන් පසු දරුවාගේ මරණයට හේතු වන විට


    සිසේරියන් සැත්කමට පෙර සූදනම

    සිසේරියන් සැත්කමක් සිදු කිරිමට පෙර මව සැත්කම සඳහා අවශ්‍ය සෞඛ්‍ය තත්වයකින් යුතු වේද යන්න පරික්ෂා කරනු ලැබේ.

    සිසේරියන් සැත්කම සිදු කිරිමට පෙර කරනු ලබන පරීක්ෂණ

    ∎ රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම

    ∎ රුධිර ගණ ගැලපීම සහ රුධිර සාම්පල පසු භාවිතයට වෙන් කිරිම


    ∎ මුත්‍රා ආසාදන හදුනාගැනිමට මුත්‍රා පරීක්ෂාවක් සිදු කරනු ලැබේ.


    ∎ මිට අමතරව මවට රෝගී තත්ත්වයන් ඇත්නම් එහි තත්ත්වය පිරික්සිමට පරීක්ෂණ සිදු කරනු ලැබේ.



    ~ සැත්කමට පෙර මව සූදානම් කරන්නේ කෙසේද...?


    th+%283%29.jpg



    ∎ සීසර් සැත්කම කිරිමේදී නිර් වින්දනය කරනු ලබන නිසා අවම වශයෙන් පැය හයක්වත් නිරාහාරව සිටිය යුතු වේ.

    ∎ එමෙන්ම ආමාශයේ ආම්ලික ද්‍රව්‍ය එකතුවීම සෑම පුද්ගලයකු තුළම නිරතුරුව සිදු වන්නකි. නිර් වින්දන අවස්ථාවේදී මෙම ආම්ලික ද්‍රව්‍ය, ආහාර මෙන්ම පෙනහැලිවලට ගොස් එහි පටක විනාශ කිරිම හේතුවෙන් ජීවිතය අවදානමකට ලක්වේ.එම නිසා අම්ල ස්‍රාවය අඩුකිරිමට ඖෂධයක් (සිමෙටිඩීන් වැනි) සිසේරියන් සැත්කම සිදු කරන දිනට පෙර රාත්‍රියේ හා එදින උදේ ගැනිමට ලබා දෙනු ලැබේ.

    ∎ ඊට අමතරව සැත්කමට පෙර සෝඩියම් සිට්රෙට් නම් අවර්ණ දියරයෙන් මිලි ලීටර පහලොවක් පමණ මවට බොන්නට දීමෙන් ආමාශයේ රැස්ව ඇති අම්ලය උදාසීන කිරීමට හැකියාව ලැබේ.

    ∎ නිර්වින්දනයත් සමගම ප්‍රතිජීවක ඖෂධ අන්ත:ශිරා මාර්ගයෙන් දෙනු ලබන අතර එමගින් සිසේරියන් සැත්කමක් නිසා සිදු විය හැකි ආසාදන අවම කිරිමට හැකියාව ලැබී ඇත.

    ∎ සැත්කමට පෙර සේලයින් දියරය අන්ත:ශිරා මගින් ලබාදීම ආරම්භ කරනු ලැබේ.

    ∎ නිර්වින්දනය කිරීමෙන් පසු මුත්‍රා බටයක් දමා මුත්‍රාශය හිස්කිරීම සිදු කරන අතර එය සැත්කම අවසාන වන තෙක් එලෙස තබනු ලැබේ. මෙසේ කිරීමෙන් සැත්කම අතරතුර මුත්‍රාශයට ඇති විය හැකි හානි අවම කර ගත හැක.



    ~ සිසේරියන් සැත්කමකින් පසු ~


    සිසේරියන් සැත්කමකින් පසු මුල් පැය කිහිපය තුළ විමසිලිමත් විය යුතු කරුණු කිහිපයක් ඇත.

    ∎ රෝගියා නිවැරදි ආකාරයට හුස්ම ඉහළ පහළ ගන්නේද හා එහි වේගය, රෝගියාගේ හෘද ස්පන්දන වේගය, රුධිර පීඩනය, මුත්‍රා පිටවීම, සුදුමැලි බව පරීක්ෂා කල යුතු වේ.

    ∎ සිසේරියන් සැත්කමකට පසු සාමාන්‍යයෙන් පැය විසි හතරක් පමණ යන තුරු මවගේ බඩවැල ක්‍රියාත්මක නොවේ. එම නිසා මෙම කාලය තුල මුඛ ආහාර දෙනු නොලැබේ. මේ හේතුවෙන් මවට අවශ්‍ය දියර අන්ත: ශිරා ගත කිරීම මගින් සපයා දෙනු ලැබේ. උදරයේ පිම්බුන ගතිය අඩු වීම, අධෝමාර්ගයෙන් වාතය පිටවීම පටන් ගැනීමත් සමග දියර ස්වල්පය බැගින් මුඛයෙන් දීම ආරම්භ කරනු ලැබේ. මුලින්ම තේ හැන්දකින් දෙකකින් මෙය අරඹා පසුව දියර දීම ටිකෙන් ටික වැඩි කරනු ලැබේ. එම දියර දීමත් සමග වමනය, බඩ පිරවුනු ගතිය වැනි ලක්ෂණ පහළ නොවන්නේ නම් ඝන ආහාර දීම පටන් ගත හැක. මවට ශක්ති ජනක ආහාර සැපයිම අත්‍යාවශ්‍ය වේ.

    ∎ රෝගියාගේ වේදනාව සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු අතර වේදනා නාශක බෙහෙත් අවශ්‍ය විටක ලබා ගැනීමට ඉඩ සැලසිය යුතු වේ.

    ∎ දෙවැනි දින සිට ගැඹුරට හුස්ම හෙළිම, දෙපා සෙලවීම ආදී ව්‍යායාමවල යෙදිය යුතු වේ. මෙමගින් මවගේ කායික සෞඛ්‍ය පවත්වා ගැනීමට හැකියාව ලැබේ. සීසර් සැත්කමකට පසුව පෙනහැල්ලේ සෙම එකතු වීමට හැකි බැවින් හොදින් හුස්ම ඉහළ පහළ දැමිමේ ව්‍යායාම හා හොදින් සිදු කරන කැස්සක් මගින් සෙම ඉවත් කිරීම අත්‍යාවශ්‍ය වේ.

    ∎ සැත්කමකට පසු හැකි පමණ ඉක්මණින් ඇදෙන් නැගිට සිටීම, දෙපා ව්‍යායාම කිරීම මගින් ලේ කැටි කකුල් වල ශිරා තුළ ඇති වීමත් ඒවා පුපුඵුසීය ධමනියේ තැන්පත් වී අවහිර වීමත් වළක්වා ගත හැක.

    ∎ සීසර් සැත්කමේ දී යොදා ගත් මුත්‍රා බටය හැකි පමණ ඉක්මනින් ගලවා ඉවත් කොට රෝගියාගේ උත්සාහයෙන්ම මුත්‍රා පිට කිරීමට උනන්දු කිරීම වැදගත් වේ. මෙයින් මුත්‍රා බටය රැදීම නිසා ඇතිවිය හැකි අනවශ්‍ය ආසාදන මග හැරීයයි.


    121386667.jpg





    ∎ සීසර් තුවාලය වියළිව තබා ගැනීම සුවවීමට උපකාර වන අතර දින පහ හයකට පමණ පසු මැහුම් එකක් හැර එකක් ඉවත්කරන අතර ඊළග දිනයේදී ඉතිරි මැහුම් ඉවත් කරනු ලැබේ.

    පුහුණු, දක්ෂ, පළපුරු වෛද්‍ය කණ්ඩායමක් විසින් නිවැරදි තීරණ ගෙන, නියමිත අවස්ථාවලදී සුදුසු ලෙස පිළියෙල කොට කෙරෙන සීසර් සැත්කමක් සැමවිටම වාගේ සාර්ථක වේ. ප්‍රශ්න ඇතිවීම කලාතුරකින් දක්නට ලැබෙන සිදුවීමක් වේ.

    එක් වරක් සිසේරියන් සැත්කම කළ පසු අනත් ප්‍රසූතියද සිසේරියන් සැත්කමකින් සිදු කළ යුතුය යන ප්‍රකාශය අතීතයේ සත්‍ය වූ නමත් දැන් එම තත්ත්වය වෙනස් වී ඇත. නමුත් සිසේරියන් සැත්කමකට පසු යෝනිමාර්ගික ප්‍රසූතිය සිදු කරනු ලබන අවස්ථා ගණන 30 -40% ක් වන අතර ඉන් සාර්ථක වනුයේ 10% ක් පමණි. සිසේරියන් සැත්කමක් පෙර දරු උපතේ සිදු වී තිබීම මෙවර ප්‍රසූතිය අවදානම් තත්ත්වයකට පත් කරනු ලැබේ.


    ~ සීසර් සැත්කමකින් පසු යෝනිමාර්ග ප්‍රසූතය සාරර්ථක වීමට හේතු ~


    ∎ මීට පෙර යෝනිමාර්ග ප්‍රසූතියක් සිදු වී තිබීම

    ∎ සීසර් සැත්කමින් පසු සාර්ථක යෝනිමාර්ග ප්‍රසූතියක් සිදු වීම

    ∎ ගැබ්ගෙල, ප්‍රසූතිය සඳහා සුදුසු වීම

    ∎ ප්‍රසූතිය ස්වභාවිකව සිදු වීම

    ∎ ප්‍රසූතිය සති තිස්හතට පෙර සිදු වීම

    ∎ සීසර් සැත්කමට හේතු වූ සාධකය නැවත ඇතිවන්නක් නොවීම
    ( දරුවා තට්ටමෙන් පිහිටීම, පෙකිණිවැල හදිසියේ පහත් වීම, අධික රුධිර පීඩනය නිසා ඇතිවන සංකූලතා)


    ~ යෝනිමාර්ගික ප්‍රසූතිය අසාර්ථක වීමට හේතු ~


    ∎ මවගේ ස්ථූලභාවය

    ∎ මවගේ උස අඩුවීම

    ∎ දරුවාගේ බර වැඩිවීම

    ∎ මවගේ වයස අවුරු හතලිහට වඩා වැඩිවීම

    ∎ ප්‍රසූතිය ප්‍රේරණය කිරීම

    ∎ සීසර් සැත්කමට හේතු වූ සාධකය නැවත ඇතිවන්නක් වීම




    • යෝනිමාර්ගය හා දරුවා අතර ඉඩකඩ අඩුවීම මුල් සීසර් සැත්කමට හේතු වූයේ මවගේ ශ්‍රෝණි කුහරය කුඩා වීම නම් එවැනි තත්ත්වයක් දිගටම පවතින බැවින්ද, සාමාන්‍යයෙන් දෙවන දරුවා පළමු දරුවාට වඩා බරින් වැඩි බැවින්ද එවැනි දරු ප්‍රසූතියක් සඳහා නැවත වරක් සීසර් සැත්කමක් සිදු කිරීම අත්‍යාවශ්‍ය වේ.

    • දරුවා ප්‍රසූතියේදී අවහිර වීම

    • ප්‍රසූතියේ දෙවන අවස්ථාව අසාර්ථක වීම


    cesarean.jpg




    ∎ ගර්භ දෙක අතර මවගේ බර වැඩිවීම

    ∎ ගර්භය සති හතලිස් එකක් හෝ ඊට වැඩිවීම

    ∎ මව දියවැඩියාවෙන් පෙළීම






    ~ සීසර් සැත්කමකින් පසු යෝනිමාර්ග ප්‍රසූතිය නිසා සිදු විය හැකි සංකූලතා ~


    • සාර්ථක වුවහොත් ඇති වන ප්‍රතිඵල සීසර් සැත්කමකට වඩා සුභදායක වුවත් යෝනිමාර් ගික ප්‍රසූතිය අසාර්ථක වී සීසර් සැත්කමකට යාමට සිදු වුවහොත් අහිතකර ප්‍රතිඵල මතුවේ.

    ∎ ගර්භාෂය පිපිරීම එවැනි අවස්ථාවලදී ඇති වේ. ගර්භාෂය ඉවත් කිරීමට සිදු වීමෙන් මවට නැවතත් දරුවන් හැදීමේ හැකියාව නොලැබී යයි.

    ∎ මව මරණයට වුවද පත්විය හැක.

    ∎ පරිප්‍රසූතික මරණ අනුපාතිකය වැඩිවීම

    ∎ මන්ද බුද්ධික දරුවන් ඇතිවීම

    • දෙවන දරුවා කෙසේ ප්‍රසූත කළ යුතුද යන්න විශේෂඥ වෛද්‍යවරයකු විසින් තීරණය කරනු ලැබේ. යෝනිමාර්ගික ප්‍රසූතිය සිදු කරන්නේ නම් එහි ඇති හිතකර හා අහිතකර ප්‍රතිඵල පිළිබදව මව හා පියා දැනුවත් කළ යුතු වේ. ඉන්පසු ප්‍රසූතය පිළිබදව තීරණයකටවෛද්‍යවරයා හා දෙමාපියන් විසින් සාකච්ඡා කර තීරණය කරනු ලැබේ.

    • එහෙත් මෙම දෙවන දරුවා ප්‍රසූත කළ යුත්තේ ශල්‍යාගාර, විශේෂඥ වෛද්‍ය පහසුකම් ඇති රෝහල්වලයි.

    • සාමාන්‍යයෙන් ගර්භයට සති තිස් අටක් පමණ වූ විට මව වාට්ටුවට ඇතුලු කරනු ලැබේ






    rFOL.jpeg





    ප:ලි - මෙය උපුටා ගැනීමක් වන අතර අඩුපාඩු වෙතොත් එය පෙන්වා දීම ඔබ සතු යුතුකමකි...!!
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,499
    3,736
    113
    magen +8 onna s

    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    වටින post එකක්.
    LSCS ( Lower segment cesarian section ) කරන්න හේතු තව ටිකක් කියන්නම්. මෙතන උඹ කිවුව ඒවත් ඇති.

    1.Cephalopelvic dispropotion
    දරුවාගේ හිස හා මවගේ ශ්‍රෝණි කුහරය අතර පවතින නොගැලපීම.
    දරුවාගේ බර වැඩි වීම හෝ මවගේ දේහ ප්‍රමාණය කුඩා වීම මේකට හේතු වෙන්න පුළුවන්.

    2.Fetal malpresentation
    සාමාන්‍යයෙන් දරුවා ලැබීමට ලං වෙද්දී දරුවාගේ හිස පහලට හැරිලා මවගේ ශ්‍රෝණි කුහරයට ඇතුල් වෙනවා. ඒත් සමහර අවස්ථා වලදී මේක සිද්ද වෙන්නේ නැතුව දරුවාගේ හිස වෙනුවට දේහයේ වෙනත් කොටසක් ඇතුල් වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට සාමාන්‍ය ප්‍රසුතියකට යන්න බෑ.

    3.Antipartum haemorrhage
    දරුවා ලැබෙන්න ආසන්න කාලය වෙද්දී සමහර වෙලාවට මවගේ යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වෙන්න පුළුවන්. Placenta previa, placental abruption වගේ වැදෑමහේ අසාමාන්‍යතා මේකට හේතු වෙන්න පුළුවන්. මෙහෙම අම්ම කෙනෙක් සිසේරියන් කලේ නැත්නම් එක දරුවාගේ වගේම අම්මගේ ජීවිතේටත් හානියක් වෙන්න පුළුවන්.

    4.Conjoined twins
    එකිනෙකා බද්ධ වූ නිවුන් දරුවන් සිටින අවස්ථා.

    5.Previous LSCS
    මවගේ කලින් දරුවා සිසේරියන් කරලා ගත්තානම් සාමාන්‍යයෙන් ඊළඟ දරු උපත් වලටත් සිසේරියන් ක්‍රමයම යොදා ගන්නවා.

    6.මවගේ රෝගී තත්වයන්.
    දියවැඩියාව, අධි රුධිර පීඩනය, යෝනි මාර්ගයේ අසාදන , වලිප්පුව වගේ අවස්ථා.

    7.Fetal distress
    ප්‍රසුතිය ආසන්නයේදී දරුවාගේ ඇතිවන අසාමාන්‍යතා.

    8.Cord prolapse
    ප්‍රසුතිය ආසන්න වන විට දරුවාගේ පෙකණි වැල මවගේ යෝනි මාර්ගයෙන් පිටතට පැමිණීම.
    මේක emergency එකක්. ඉක්මනින් සිසේරියන් සැත්කම නොකලොත් දරුවා මැරෙනවා.

    9.Abnormal uterine contraction.
    ප්‍රසුතිය ආසන්නයේදී ගර්භාෂයේ සංකෝචන අසාමාන්‍ය වෙන අවස්ථා.

    10.Fetal macrosomia
    අසාමාන්‍ය ලෙස වර්ධනය වූ දරුවන්. (අධි බර උපත්.)

    11.Bad obstetric history
    කලින් ගැබ් ගත් දරුවන් ගර්භාෂය තුලදීම මිය යාම හෝ උපතින් කෙටි කලක් තුල මිය යාම වගේ දේවල් තියෙනවනම් එහෙම අම්ම කෙනෙක්ට සිසේරියන් සැත්කම කරනවා.

    12.මවගේ වයස අනුව දරු ප්‍රසුතිය සිදු කරන ක්‍රමය තීරණය වෙනවා. සාමාන්‍යයෙන් අම්මගේ වයස වැඩි නම් සිසේරියන් සැත්කම කරනවා.

    13.Intrauterine growth restriction
    ගර්භාෂය තුල දරුවාගේ වර්ධනය අතිශයින්ම බාල වූ අවස්ථා.

    14.Cervical or vaginal stenosis
    ගැබ්ගෙල හෝ යෝනි මාර්ගය ගොඩක්ම පටු අවස්ථා.

    15.abnormal CTG reports
    දරු ප්‍රසුතිය ලං වෙද්දී අම්මට CTG කියලා පරීක්ෂණයක් කරනවා. මේක අසාමාන්‍ය වෙනවනම් සිසේරියන් කරනවා.

    කියනවනම් තව ගොඩක් හේතු තියෙනවා. දැනට මේ ඇති. :D
     
    • Like
    Reactions: ♥-Aurora-♥