මීනිමරු R. ප්‍රේමදාස and JVP

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මීනිමරු R. ප්‍රේමදාස and JVP

    අසුනවයේ භිෂණය අදුරු මතකය. මෙය ලිවීමට මුලික උනේ ප්‍රහාරය බ්ලොග සුමිත්ගේ භිෂණය පිළිබද ලිපියයි.. සුමිත් නිරිඇල්ල ට තරම් අත්දැකීම් නැතත් අසුනවයේ වකවානුව ගැන මටත් ඇත්තේ අප්‍රසන්න මතකයකි.. යන්තම් හය හතර තේරෙන වයසේ සිටිමුත් භීෂණයේ භයංකරත්වයේ මුසල මතකය මගේ හිතේ හොදින්ම තැම්පත් වී ඇත..

    ඒවකට බස්නාහිර පළාතේ පුංචි ගමක ජීවත්වූ මා මුලින් මුලින් දුටුවේ.. හදිස්සියේ අවි අයුධ රැගෙන පැමිණෙන හමුදා බටයන් සහ පොලිස් නිලධාරින් නිතර නිතර ගම පුරා ඇවිදීමයි.. දහවල් කාලයට වඩා විශේෂයක් රාත්‍රී කාලයට තිබුනා.. එයට හේතුව රාත්‍රී කාලයේ ගම පුරහා සැරි සරුවේ හමුදා සෙබළුන්ම පමණක් නොවීම..

    රාත්‍රීයේ දී කණ්ඩායම දෙකම තමුන්ගේ බලපුළුවන්කාර කම් ප්‍රදර්ශනය කරන්න උනා.. දෙපැත්තෙන්ම බැට කන්න උනේ අහිංසක ගැමියන්ට.. ඒක පැත්තකින් රජ්‍ය නීතියට අවනත වීමට සිදුවූ අතර තව පැත්තකින් රාජ්‍ය විරෝධී කණ්ඩායම්වල තර්ජන වලට යටත් වීමට සිදු විය.. එයට විරුද්ධ වූ අහිංසක ජිවිත කියක්නම් මරණයට ගොදුරු වුනිද..

    බොහෝ දිනවල දහවල් කාලයේ නගරයේ කඩ සාප්පු වසා දැමීමට සිදුවී තිබුනී.. එයට හේතු වුයේ රාත්‍රි කාලයේ කණ්ඩායම් විසින් එල්ල කල තර්ජන වලට යටත් වීමට කඩ සාප්පු හිමි කරුවන් හට සිදුවීමයි ... “ නැවත දන්වන තුරු වසා දැමිය යුතුය”

    එහෙත් පසුදා උදැසන හමුදාව විසින් තර්ජනය කර සිටින්නේ “ සියලුම කඩ සාප්පු විවුර්ත කරන්න සාමාන්‍ය විදියට යන්න” නිතින් දෙකක් අතර අතරමංවූ මිනිසුන් කුමක් කලයුතුද? රටේ නීතියද නිදාගෙන සිටි එම යුගයේ රජ කලේ කෑලෑ නීතියම පමණි..

    බොහෝ දිනවල රාත්‍රියට විදුලිය විසන්ධි වීමක් සිදුවන අතර . කුප්පි ලාම්පු එලිත් එක්මනින් නිවා දමා අදුරට ගුලි වන්නේ නිදිමතටම නොව.. බොහෝ දිනවල රාත්‍රී කාලයේදී අසන්නට ලැබෙන පරුෂ වචනයෙන් කෑගසගෙන යන වාහන ශබ්ධය , ඉද හිට ඇසෙන අහසට වෙඩි තියන ශබ්ධය , විලාප. හඩවල් ඇසීමට ඇති අකමැත්ත නිසාමය..

    එහෙත් වැඩි කාලය යන්නට මත්තෙන් රාත්‍රියේ නිදාගෙන සිටින නිවෙස් වලටද පැමිණ නිවැසියන්ගේ හැදුනුම්පත් රැගෙන යාමට කණ්ඩායම පුරුදු විය.. එය කුමන අරමුණක් හේතු කරගෙන සිදුකලද මේ වනතුරුත් එම හැදුනුම් පත් නැවත කවදාවත් හිමි කරුවන්ට ලැබූනේනම් නැත..

    දිනෙන් දින තත්වය උත්සන්න විය.. ගම පුරා තැනින්තැන තරුණයන් එකා දෙන්නා අතුරු දහන් වන්නට විය.. එම අතුරු දහන් වීම් වල වගකීම ගන්නට කෙනෙක් සිටියේ නැත.. නිෂ්චිතව කළා යැයි වරදක් පෙන්වීමට කෙනෙක් නැත .. මේ දඩුවම් විදින්නේ කුමන වරදටද කියාවත් නොදන්නා වුන්ද දඩුවම් විද මරණයට පත්වී තිබුණි.. වදකාගාරයට ගිය කිසි කෙනෙක් නැවත නිරුප්පදිතව පැමිනුනේනම් නැත.. රුධිරයම ඉල්ලා වැටෙන භූමියක මනුස්ස කමට කිසිසේත් ඉඩක් නැත..

    අතුරු දහන්වූ දරුවන් සොයා ගිය දෙමාපියන්ට කිසිදාක ඔවුන්ගේ විස්තරයක් පොලිසියකින් හෝ හමුදා කාර්යාලයකින් ලබාගත හැකි වුනේ නැත.. යන්තමින් හෝ බලයක් තිබු පුද්ගලයන් එම බලය යොදාගෙන තම පුද්ගලික අරමුණු හෝ පෞද්ගලික එදිරිවාදී කම් වලට දඩුවම් කිරීමට යොදාගත්හ.. නමුත් එම ගිනුම්ද බැර වුයේ භිෂනයටමය ..

    වැඩි දිනක් යාමට මත්තෙන් තරුණයන් එකා දෙන්නා ගමේ කිහිප පොලක මරා ටයර් දමා පුළුස්සා තිබුණි.. එහෙත් ඒ සිටින්නේ අපගේ ග්‍රාමයේ තරුණයන්ම දැයි හරි හැටි වටහා ගැනීමට හැකියාවක් තිබුනේ නැත.. ඒ තරමටම ඒම සිරුරු පිලිස්සී විකුර්තිවී තිබුණි .. ඒම චිතකයන් දකින විට දරුවන් අතුරුදහන් වූ මව් වරුන් නගන අදෝනා හදවතක් ඇත්තෙක්ට අසා සිටිය නොහැක.


    බොහෝ විට ඒම ටයර් සැයවල් තිබුනේ ගමේ සිට ප්‍රධාන පාරට වැටෙන තුන්මං හන්දිය අසලය.. ඒ තුන්මං හංදිය වටේටම තිබුනේ කුබුරු යායකි.. නිවාස බොහෝ දුරින් තියෙන බැවින් .මිනිමරුවන්ගේ තෝරාගැනීම සාර්ථකය . කුමන හෙතුවකට හෝ ඒම යුගයේ කිසිම මිනිසෙක් රාත්‍රියේ මෙතනින් ගමන කලේ නැත. එතැන් රාත්‍රියේ භිෂණය රජ කරන්නන්ගේ තෝතැන්නක් වී තිබුණි.. උදැසන ඉද හිට මිනී පිච්චෙන ගද දැනෙන විට සියලුම මිනිසුන් මෙතනට රොක්වෙති..

    ඒ දවස ඉබාගාතේ ඇවිදින බල්ලන්ට බළලුන්ට කෑම හිගයක් තිබුනේද නැත.. ඇති තරමට පිළිස්සුනු මිනී මස් තිබුණි.. ටයර් සැයක් නිවෙන විට ඒ අවටට රොක්වන බල්ලන්ගේ පොරකෑම් හඩද සාමාන්‍ය දෙයක් බවට පත්විය.. ඉන්පසු නිවැසියන් හැකි තරම් බල්ලන්ව කොටුකර තැබීමට උත්සහ කලේ බල්ලන් රැගෙන ඇවිත් බුදින්නේ තම අසල්වැසියන්ගේම මාංශ නොවේදැයි සිතෙන නිසාය..


    ඉන් නොබෝ දිනකින්ම බිෂණයේ බයන්කරත්වය දෑසින්ම දැක ගැනීමට මටද ලැබුණි. ඒ අවදියේ මාගේ නැන්දනිය විවාහ ගිවිසගෙන සිටි තරුණයා රාත්‍රියේ ඇගේ නිවසට පැමිණ සිටියේය..


    ඒ පැමිණ සිටියේ කුමන කරුනකටදැයි මා දන සිටියේ නැත එහෙත් එදින ඔහුගේ මුහුණේ අමුත්තක් දුටිමි. එදින මාද සිටියේ ඒම නිවසේය.. රාත්‍රී නවය පමණ වන විට ජීප් රථ දෙකක් නිවස ඉදිරි පිට නවත්වා හමුදා නිල ඇදුම ඇදී පිරිසක්‌ නිවසේ දොරට තට්ටු කරමින් කථාකර තරුණයාව නිවසින් එලියට ගත්හ ..

    ඒ පිලිබදව විමසු නැන්දනියගේ පියාට ඔවුන් දුන් පිළිතුර වුයේ . කට උත්තරයක්‌ ගැනීමට රැගෙන යන බව සහ පසුවදා උදේම නැවත එවන බවය.. එහෙත් නැවත කවදාවත් ඔහු පැමිණුනේ නැත . අද වන තුර ආරංචියකුත් නැත..

    එදායින් පසු මගේ එක මාමා කෙනෙකු ජීවිතය බේරා ගැනීමට දරන උත්සාහය මම දුටිමි.. ඔහු නිවසට ආවේ ඉද හිටය.. බොහෝ රාත්‍රීන් ගතකර තිබුනේ ගස් උඩ.. පාරවල්වල බෝක්කු අස්සේ මඩ වගුරු වලය.. කුස ගින්න ඉවසගැනීමට බැරිම විටදී පමණක් ඔහු මධ්‍යම රාත්‍රියේ නිවෙසට පැමිණ කෑමට යමක් රැගෙන නැවත දුවයි.. කිහිප විටක් ඔහුව කොටු කර ගැනීමට සන්නද්ධ කණ්ඩායම් පැමිණුනත් ඔහු කොටු කරගැනීමට අපොහොසත් විය. ඔහුට ජීවත්වීමේ වාසනාව තිබුණි..

    මා සිටි නිවසට ඉදිරි පස නිවසේ සිටියේ පුංචි පවුලකි . කලක් හමුදා සේවයේ සිටි තරුණයෙක් ඔහුගේ බිරිද හා වසරක් වයසැති ගැහැණු දරුවා පමණි.. මේ අහිංසක ජිවිත වලටද භීෂණයේ අදුරු සෙවනැල්ල වැටී තිබුණි. ඔහුව රැගෙන යාමට ගෝනි බිල්ලෙකුත් සමග නිළදාරින් පැමිනෙන විට ඔහු හිද ඇත්තේ වසරක් වයසැති දියනියවද වඩාගෙනය . දියණියව බිරිදට දී පාරට ගිය ඔහුට අන ලැබුනේ ජීප් රියට නගින ලෙසය.

    . ඒ වන විට සරමකින් පමණක් සැරසී සිටි ඔහුට වෙන ඇදුමක් ඇදගෙන එමටවත් නැවත නිවාස තුලට යෑමට අවසර දී තිබුනේ නැත . ඔහුත් නැවත පැමිණුනේ නැත.. එදවසේ පටන් වසරක් වයසැති දියණියක් සමග තනිවූ මවක් කොයි තරම්නම් දුකක් වින්දදැයි දුටිමී. අදටත් ඔවුන් දුක් විදිති එහෙත් ඒවාට වගකිව යුත්තන්ට.. එය නොපෙනෙති.. ඔවුන් ඒවාට නිරයේ සිට දඩුවම් විදුනු ඇතැයි සිතමී..

    කාගේත් සිත් සසල කල දුක්බරම සිදුවීම සිදුවුයේ ගමේ වැදගත්ම පවුලටය ඒ වේද මහත්මයාගේ ගෙදරටය එය කාගේත් නෙත් කදුලින් තෙත් කිරීමට සමත්වූ ඛේදවාචකයකි .. වේද මහතාට සිටියේ එක පුතෙක් පමණි . ඔහු කා සමගත් සුහදව සිටි තරුණයෙකි . ඔහු දේශපාලන පක්‍ෂයකට සම්බන්දව වැඩ කල බවක්නම් කිසිවෙකු නොදනිති. ඔහුගේ ඝාතනය භිෂණය මුවාවෙන් සිදුකල පෞද්ගලික එදිරිවාදිකමක් පිරිමසා ගැනිමක් යැයි ද සිතේ..

    ඔහුව රැගෙන යාමට පැමිණි පිරිසේ සියල්ලම මුහුණු ආවරණය කරගෙන සිට තිබුණි .. අයුධ සන්නද්දව සිටි පිරිස කළහ කාරී ලෙස හැසිරෙමින් නිවස තුලදීම ඔහුට දෙමාපියන් ඉදිරි පිටදී තුවක්කු බදෙන් හිසට පහර කිහිපයක් ගසා තිබුණි .. දරුවෙක්ට මා පියන්ගේ දෑස් ඉදිරියේ අමානුෂික ලෙස දඩුවම් දීම කොයි තරම් නම් නින්දිතද .. දෙමා පියන්ගේ විලාප ඔවුන් ගනන් ගෙන තිබුනේ නැත.. අසල්වැසියන්ට ජනෙල් කවුළු තුලින් සිදුවීම බලාගෙන කම්පාවීම හැර වෙන කිරීමට යමක්ද නොමැත .

    අවසානයේ ඔවුන් පැමිණි ඩබල් කැබ් රථයේ ලණුවකින් ඒක කොනක් තරුණයාගේ සිරුරේ ගැට ගසා අනිත් කොන රථයේ පිටු පස බාර් එකේ ගැටගසා පාර දියේ රථය පැදගෙන ඔවුන් පිට විය.. පාර දිගේ මුනින් අතට ගල් මුල් වල වැදෙමින් ඇදී යන පුතා පස්සෙන් අවසිහියෙන් මෙන් ටික දුරක් දිවගිය වේද මහතා සිහිසුන් විය.
    පසුව බලන විට ඔහුත් ඒ මොහොතේම හෘර්ධාබාද යෙන් මිය ගොස් තිබුණි .. පසුදා උදැසන තරුණයාගේ සිරුර බෝක්කුවක් අසල ටයර් දමා ගිනිතබා තිබුණි.. ඒම පවුලම භීෂණයෙන් විනාශවිය..

    බොහෝ දෙමා පියන්ට දරුවන් අහිමි වෙද්දී , බිරින්දෑ වරුන්ට සැමියන් අහිමි වෙද්දී ළමුන්ට පියවරුන් අහිමි වෙද්දී .. මේ කූර පාලනයට විරුද්ධව දෙවියන්ගෙන් ශාප ඉල්ලනවා හැරෙන්න වෙන කරන්නට යමක් මිනිසුන්ට තිබුනේ නැත.


    . අවසානයේ දිට්ඨ ධම්මවේදය පල දුන්නේය.. භිෂණය පටන් ගත් අය සේම භිෂණය පැතිරු මුලිකයන්ගේ අවසානයන්ද ඒ අයුරින්ම සිදුවිය.. භිෂණය වැපිරූ පාලනයේ අවසානයේදී පක්‍ෂ බේදයකින් තොරව ගම පුරා රතිඤ්ඤා පත්තුවිය.. ගම්මුන් දෙවියන්ට පිං දුන්හ.. එහෙත් භීෂණ සමයේ විදි දඩුවම් වල විපාක විදින මිනිසුන් අදටත් සිටි.. අදටත් එහි සලකුණු ඉතිරිව ඇත..


    අලුත් සමාජ ක්‍රමයක් උදෙසා දිවි පිදු කණ්ඩායම සම්පුර්ණයෙන්ම විනාශ වුවා යයි මට සිතේ.. අද එහි ශේෂයක් ඉතිරි වී ඇතත් මෙහි ඇත්තේ එදා ජිවිත කැප කල තරුණයක් අපේක්ෂා කල දෙය නොව .. අද ඒ නමින් පෙනී සිටින්නේ වෙනත් අරමුණු සහිත පිරිසකි , එදා අලුත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් හඩනගා දළුලමින් තිබු වෘක්ෂය වියැකී හමාරය අද ඇත්තේ ඒ පෙනුම සහිත ආකෘතියක් පමණි . එහි ඇතුලත තිබු ගුණාංග ප්‍රතිපත්ති කිසිත් නැත ඇතුලතින් හිස්‌ අවකාශයක් සහිත භාහිරෙන් පෙන්වන මවා පෑමක් පමණි.. රෝ.වීජෙවිර සහෝදරයත් සමගම ඒම පක්ෂයද මිය ගොස් ඇත..

    භීෂණ අවධිය සිහිවෙන විට මෙම ගීතයද මට නිතැකින්ම සිහිවේ.. භීෂණයේ අතුරුදහන්වූ පුතෙක් ගැන මවක විසින් කියවෙන ගීතය.. පසු කලක මෙම ගීතය මාධ්‍ය ප්‍රචාරණය තහනම් කරද තිබුණි...

    යමින් බැද විලංගු ලා ... මගේ පුතා රැගෙන යයි
    ඉදිකටු ඇන ඇගිලි තුඩේ .. දෙතිස් වදය පමුණුවා..
    අළුත් ලොවක් ගැන සිතීම ... දඩුවම් දෙන වරද නම්..
    කුමට මෙරට අධිකරණය ..නිතිය සහ විනිසුරන් ....

    ප.ලි.
    කිසිදා ලිවීමට සිතු කථාවක් නොව . එහෙත් සුමිත් ගේ ලිපියෙන් මගේ පරන මතකයන් නැවතත් අලුත් විය. මෙහි ඇත්තේ භිෂණය සමයේ මුළු රටේම වාතාවරණය නොව මා සිටි ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිද්දීන් කිහිපයක් පමණි..
    මෙයින් පසු භිෂණය ගැන කිසිත් නොලියමි . සුමිත් ගේ කථාවට නිදහසේ ගලායාමට ඉඩදී බලා සිටිනවා පමණි.!!


    copyright
    http://chami4u.blogspot.ca/2012/08/blog-post.html
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕවා අපේ මිනිස්සුන්ට මතක නෑ බන්. මගේ තාත්තත් ඒ කලේ අතුරුදහන් උනා. අරන් ගියේ නෙවි එකෙන්. වෙච්ච් දෙයක් අද වෙනතුරු දන්නේ නෑ.
     
    • Like
    Reactions: kinkon

    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    ඕවා අපේ මිනිස්සුන්ට මතක නෑ බන්. මගේ තාත්තත් ඒ කලේ අතුරුදහන් උනා. අරන් ගියේ නෙවි එකෙන්. වෙච්ච් දෙයක් අද වෙනතුරු දන්නේ නෑ.

    තාත්තා කොහෙද වැඩ කරේ?
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    තාත්තා කොහෙද වැඩ කරේ?

    තාත්ත ටීචින් කලේ බන්. මොකක් හරි ස්ට්‍රයික් එකක් කරලා ජොබ් එක නැති උනා. ඊට පස්සේ කාන්ට්‍රක්ට් කම්පැනි එකක තමා වැඩ කලේ. මට අවරුදු 4 යි බන් නැති වෙනකොට.
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    තාත්ත ටීචින් කලේ බන්. මොකක් හරි ස්ට්‍රයික් එකක් කරලා ජොබ් එක නැති උනා. ඊට පස්සේ කාන්ට්‍රක්ට් කම්පැනි එකක තමා වැඩ කලේ. මට අවරුදු 4 යි බන් නැති වෙනකොට.

    :(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ඕවා අපේ මිනිස්සුන්ට මතක නෑ බන්. මගේ තාත්තත් ඒ කලේ අතුරුදහන් උනා. අරන් ගියේ නෙවි එකෙන්. වෙච්ච් දෙයක් අද වෙනතුරු දන්නේ නෑ.

    sorry to hear that brother. My father was hiding those days. He did some politics (left wing-sama samaja long ago).
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ඕවා අපේ මිනිස්සුන්ට මතක නෑ බන්. මගේ තාත්තත් ඒ කලේ අතුරුදහන් උනා. අරන් ගියේ නෙවි එකෙන්. වෙච්ච් දෙයක් අද වෙනතුරු දන්නේ නෑ.

    Did your father actively engaged in politics?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්‍රේමදාස යටින් දුන්න වැඩ දැන් ඉන්න ගොඩක් අය දන්නෙත් නෑ මතකත් නෑ වගේ,ප්‍රේමදාස දුප්පත් මිනිස්සු වෙනුවෙන් හොඳ වැඩත් කලා තමා..රනිලුත් ඒකාලෙ ඕව පස්සෙන් හිටියනෙ,UNP එකට ආය නැගිටින්න බැරි කරුමයක් උනෙත් පොරගෙ වැඩ කියලයි මට හිතෙන්නෙ!
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ප්‍රේමදාස යටින් දුන්න වැඩ දැන් ඉන්න ගොඩක් අය දන්නෙත් නෑ මතකත් නෑ වගේ,ප්‍රේමදාස දුප්පත් මිනිස්සු වෙනුවෙන් හොඳ වැඩත් කලා තමා..රනිලුත් ඒකාලෙ ඕව පස්සෙන් හිටියනෙ,UNP එකට ආය නැගිටින්න බැරි කරුමයක් උනෙත් පොරගෙ වැඩ කියලයි මට හිතෙන්නෙ!

    :yes::yes::yes::yes:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ඕවා අපේ මිනිස්සුන්ට මතක නෑ බන්. මගේ තාත්තත් ඒ කලේ අතුරුදහන් උනා. අරන් ගියේ නෙවි එකෙන්. වෙච්ච් දෙයක් අද වෙනතුරු දන්නේ නෑ.
    2.gif
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama dakala ahala thibuna mea wage siduvim gananawak a time ekedi. Ath mage heart eka wadathma kampa kala dey asune ,mea thread eke dala thiyena vedha mahathage puthata saha vedha mahathata una deytai. Puduma vedanawak mata danenawa. A vedanawa dannenne oba adharaya karana daruwek or relation daruwek hari innawanam , vedahanawa koi tharamda kiyala hitha ganna puluwan. Mea wage murders deela kata hari sathutin inna puluwandha? Thama karapu waradhi gana mathak venakota sathutin inne kohomadha ? Maranin pasu apayata yana eka gana ohunata biyak danenne natthdha ?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ---Mama--- kiyana word eka pahasu pavicchiya sadaha pamanai. Mama kiya sabavinma ven kirimak karanna bariya. Thienne wiswa sakkthiye [universal energy] venas vimak pamanai [change of energy] . Aka nisa kawru maruwath aparadhayaki, vedhanawaki.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම හිටියේ නැතිවුනාට අපේ පවුලටත් හුඟක් දේවල් වෙලා තියෙනවා. දේශපාලනේදි ජේවීපී ලොකු චරිතයක් හිටියා අපෙ තාත්තා එයාගෙ පන්තිවලටත් ගිහින් තියෙනවා, කොටින්ම ඒ කෙනා තාත්තගෙ ලොකු අම්මාගෙ පුතා. කොහොම කොහොමහරි දන්න සෙල්ලම් දාලා බේරුනා, ඒත් පස්සෙ එයා නැතිවුනා, එයා ඒ පන්ති ගිහින් ලැබුන පොත් මගෙ ලඟ තාම තියෙනවා
    1.gif
     

    unp.lk

    Banned
  • Dec 25, 2012
    52
    13
    8
    මාතලේ මිනීවලේ අයිතිකරු රාජපක්ෂ කෙනෙක්ලුනේ බොලව්.
    :P:P:P:P:P:P:P:D:D:D:D:D
     

    unp.lk

    Banned
  • Dec 25, 2012
    52
    13
    8
    20130410073646.png

    උම්මා උම්මා උම්ම්මා
    උම්මා උම්මා උම්ම්මා
    උම්මා උම්මා උම්ම්මා
    :D:D:D:D:D
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea siyalu siduveem walata start ekak dunna hethuwak thibuna. J R Jayawarrdhana 1983 july kalabala walata passe JVP eka thanam kala. A vana vita JVP eka samakamiwa prajachanthra wadi margayata pivisila hitiye. Ath hethuwak nathiwama JR Jayawarrdhana JVP eka thanam kala. 1983 kalabala athi kale JVP eka nevei. Ath J R jayawardhana moda thiranayak gattha JVP eka thanam karanna. Mea siyalu avasana wanttha siduweem patan ganna ema moda thiranaya hethu una. JVP eka thanam noka lanam mea ekkenk wath marenne naha. Moda thiranayak nisa visala vinasayak una.
     

    unp.lk

    Banned
  • Dec 25, 2012
    52
    13
    8
    Mea siyalu siduveem walata start ekak dunna hethuwak thibuna. J R Jayawarrdhana 1983 july kalabala walata passe JVP eka thanam kala. A vana vita JVP eka samakamiwa prajachanthra wadi margayata pivisila hitiye. Ath hethuwak nathiwama JR Jayawarrdhana JVP eka thanam kala. 1983 kalabala athi kale JVP eka nevei. Ath J R jayawardhana moda thiranayak gattha JVP eka thanam karanna. Mea siyalu avasana wanttha siduweem patan ganna ema moda thiranaya hethu una. JVP eka thanam noka lanam mea ekkenk wath marenne naha. Moda thiranayak nisa visala vinasayak una.
    ඒක ජේආර් ගත්ත නුවනක්කාර තීරනයක්.මොකද 1983 කලබල වලට ආන්ඩුවට එරෙහිවුන එවුන් සම්බන්ධයි. අනිත් එක ඕක කොමියුනිස්ට් කුමන්ත්‍රනයක් කියලා පෙන්නුවේ නැත්නම් ලංකාවට 1983 අනිවාර්යෙන්ම ආර්ථික සහ යුධමය සම්බාධක වැටිලා ලොකු විනාශයක් වෙනවා.දෙමල ඊලාම පවා බිහිවෙනවා.නමුත් ඒක කොමියුනිස්ට් සහ රුසියන්,චීන කුමන්ත්‍රනයක් කියලා බටහිර රටවලට පෙන්නලා යන්තම් බේරුනා.මොකද ඇමරිකන් කාරයෝ කොමියුනිස්ට් කුමන්ත්‍රන වලට සැන්ක්ෂන් දාන්නේ නෑ.විජේවීරට තිබුනේ ටික කලක් හැංගිලා ඉඳලා වාසුදේවලා,වික්‍රමබාහුලා වගේ පස්සේ හෙමිහිට එලියට ඇවිල්ලා දේශපාලනය කරන්න.