අඟහරුගේ ස්ථිර පදිංචියට.....

~ Horizon ~

Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    අඟහරුගේ ස්ථිර පදිංචියට.....

    ඔබත් වයස 18 ත් 40 ත් අතර අයෙක්ද? අඟහරු ග්රහයා මත ස්ථීර පදිංචියට යාමට කැමතිද?
    පිලිතුර ඔව් නම් නෙදර්ලන්ත සමාගමක් වන MARS ONE ඒ සදහා පහසුකම් සැලසීමට සූදානමින් සිටී
    .
    logobyu.png

    2023 වසරේ අඟහරු ග්රහයා මත මිනිස් ජනාවාස වයාප්ත කිරීම MARS ONE වයාපෘතියෙහි මූලික අරමුණකි.
    පසුගිය April මස 22 දින ඇමර්කාවේ නිව් යෝක් නුවරදී නිල වශයෙන් අයදුම්කරුවන් බදවා ගැනීම ආරම්භ කරමින් මාධය සාකච්චාවට එක්වූ එහි ප්රධානී Bas Lansdorp පැවසුවේ දැනටමත් 20,000 වඩා වැඩි පිරිසක් ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා මේ සදහා අයදුම් කර ඇති බවයි.
    මේ සදහා උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුටhttps://apply.mars-one.com/ අඩවියට පිවිස ලියාපදිංචි විය හැක. ලියාපදිංචිය සදහා සංවර්ධනය වෙමින් පවතින රටවලින් ඩොලර් 5 ක්ද සංවර්ධිත රටවලින් ඩොලර් 73 ක්ද ඇමරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් 38ක්ද වශයෙන්ද ගෙවිය යුතුවේ.​
    92281551229097215265028.jpg

    Mars One හි ප්රධාන සැලසුම වන 2023 වසරේ 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් (පිරිමි 2 හා ගැහැණු 2) අඟහරුවෙත පිටත් කර හැරීම සදහා ඩොලර් බිලියන 6 ක මුදලක් අවශය බව ඇස්තමේන්තු කර තිබේ.ලොව පුරා සිටින අයදුම්කරුවන් තරඟයකට යොමුකර අනාගත අඟහරු වැසියන් තෝරාගැනීමට සංවිධායකයින් බලාපොරොත්තු වෙන්නේ වයාපෘතිය සදහා අවැසි ආයෝජකයින් සොයා ගැනීමේ අරමුණෙනි.
    marsone161920x1080.jpg

    2016x.jpg


    අඟහරු වැසියන් තෝරාගැනීම තරඟ වට 4 කින් අවසන් වන අතර ,
    පලමු වටය:- අන්තර්ජාලය ඔස්සේ අයදුම්කරුගේ තොරතුරු ලබා දීමෙන් අනතුරුව සංවිධායකයින් විසින් තෝරාගනු ලබන්නන් දෙවන වටය සදහා යොමු කෙරේ( 2013 අගෝස්තු 31 අවසන්වේ)
    දෙවන වටය :- පලමු වටයෙන් තෝරාගනු ලබන අයදුම් කරුවන් අදාල රටවලට ගොස් සම්මුඛ පරීක්ෂණයකට ලක් කරමින් තෝරාගනු ලබන්නන් තුන්වන වටයට යොමු කෙරේ.
    තුන් වන හා හතරවන තරඟ වට Reality Show ආකාරයෙන් පැවැත්වෙනු ඇත.මෙම තරඟය ලොව මෙතෙක් විකාශය වූ සියලුම Reality වැඩසටහන් අභිබවමින් ජනප්රිය වඩසටහනක් වනු ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසයි.මේ සියලුම තරඟ ලොවපුරා අන්තර්ජාලය හා රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමට සංවිධායකයින් බලාපොරොත්තු වේ.​
    2015 දී අවසන් වන Reality තරඟාවලියෙන් තෝරා ගන්නා 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට වසර 7 ක කෘතීමව තැනූ අඟහරුට සමාන පරිසරයක් තුල පුහුණුවට අවස්ථාව සැලසේ.​
    පෘතුවියේ සිට අඟහරු වෙත යාමම පමණක් සැලසුම් කර ඇති වයාපෘතිය අඟහරු සිට පෘතුවිය වෙත ආපසු පැමිණීමක් සැලසුම් කර නැත.. “One Way Trip” ලෙසින් හදුන්වා ඇති මේ ගමනට සහභාගී වන්නන් සැමදා අඟහරු මත ජීවත් වනු ඇත.
    2022 සැප්තැම්බර් මස ගමන් ආරම්භ කරන ඔවුන් පුරා මාස 7 ක කාලයක අභයවකාශ ගමනකින් පසු 2023 වසරේ අඟහරු වෙත ලඟාවේ.

    marsonehab10bv.jpg

    marsonefarm5bv.jpg

    marsonehab16bv.jpg
    Mars One හි අනාගත සැලසුම්
    • 2013 තෝරාගැනීමේ තරඟ ආරම්භය
    • 2014 පලමු අඟහරු සංනිවේදන චන්ද්රිකා නිර්මාන කටයුතු හා අඟහරු මත ජීවත් වීමට අවශයය දෑ සූදානම් කිරී
    • 2016 පලමු 2500kg භාන්ඩ රැගත් යානය ඔක්තෝබර් මස අඟහරු වෙත ලඟා වී
    • 2018 settlement rover යානය අඟහරු මතට ලඟාවී ජනාවාස සදහා සුදුසු ස්ථාන පරීක්ෂා කිරීම
    • 2021 යානා 6 ක්අඟහරු වෙත පිටත් කිරීම. වාස කුටි 2 ක් ,අධාරක වාස කුටි 2 ක්,එක් Rover යක්(Rover මගින් උපකරණ ජනාවාස දක්වා ප්රවාහනය කීරීම)
    • 2022 සැප්තැම්බර් මාසයේ දී 4 දෙනෙකුගෙන් යුත් පිරිස අඟහරු බලා පිටත්වීම
    • 2023 පෘතුවි වැසියන් අඟහරු වෙත ලඟා වීම.හා තවත් භාන්ඩ රැගත් යානා 5ක් (වාස කුටි 2, ආධාරක වාස කුටි 2 හා 3වන Rover ය)අඟහරු වෙත[/SIZE]
      [*]2025 අනෙක් 4 දෙනා අඟහරු වෙත.

     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,554
    53,767
    113
    Colombo
    පෘතුවියේ සිට අඟහරු වෙත යාමම පමණක් සැලසුම් කර ඇති වයාපෘතිය අඟහරු සිට පෘතුවිය වෙත ආපසු පැමිණීමක් සැලසුම් කර නැත..

    :oo:
     
    • Like
    Reactions: ~ Horizon ~

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    :D

    yana ewun maanasika rogin thama. giyama thawath wadi wei
    :yes:

    :D:D

    මොකක්ද බන් ඩොලර් පහකුත් දීලා. අයෙත් එන්නත් බැරිනම් ඒ ගමනෙන් වැඩක් නෑ.
    :yes::yes:

    :oo:

    :oo:

    :D

    :D

    :D

    ප්‍රතිචාර වලට හුඟක් ස්තූතියි....
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    moda project ekak kiyala tamai mata hitenne. mars walata ohoma gihilla monawa karannada bn ? masa 2k witara innakota epa wei. yana unta modayo wage inna tamai wenne. mama hitanne oka asartaka wei kiyala.
     
    Last edited:

    Similar threads