LED බල්බ් වැලක් හදමු.
LED බල්බ් කිව්වාම Elakiri එකේ අයට ආයිත් අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ නේ.. විදුලි බලය ඉතිරිකිරීම, කල්පැවැත්ම අතින් දැනට LED බල්බ් අංක 1.
අද මං මේ කියන්න යන්නේ LED බල්බ් වලින් හදන්න පුලුවන් තවත් අලුත් බල්බ් එකක් ගැන..
කට්ටිය ලඟ ඇතිනේ මෙන්න මේ ජාතියේ බල්බ් වැල්.
ඔව්, අර වොට් 5 පාට පාට බලබ් තියන ඒවා. ලඟ එන වෙසක් එකටත් ගෙදර ඕවා එල්ලනවා නේ...
ඒත් මේ බල්බ් වැලක් පත්තු කරල තිබ්බාම ඊලඟ මාසේ ලයිට් බිල ගෙවන්න වෙන්නේ බල්බ් වැල විකුනලා තමා. සාමාන්ය බල්බ් විස්සක විතර වැලකට වොට් 100 කටත් වඩා වැඩි කරන්ට් එකක් යනවා. අනික කල් පැවැත්ම හරි අඩුයි. හුඟක් අය මේ බල්බ් වැල් විශ්‍රාම යවලා නියොන් වැල් තමා පාවිච්චි කරන්නේ.
ඒත් දැන් මේකට විසඳුමක් තියනවා LED වලින්. අර ජාතියේ එක බල්බ් එකකට යන විදුලියෙන් මේ බලබ් 20ක් විතර පත්තු කරගන්න පුලුවන්..
මේවා අර වොට් පහේ සාමාන්ය බල්බ් එකේ හැඩේටම ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ ඇතුලේ තියෙන්නේ සුදු පාට තනි LED එකක්. මේවා හදලා විකුනන අය බල්බ් එකක් රු 35 - 55 අතර ගානකට තමා විකුණන්නේ.
අපේ ගෙදරත් මේ ජාතියේ බල්බ් 15 ක වැලක් තියන නිසා මාත් හිතුවා මේ බල්බ් වලට මාරුවෙන්න.
පිටකොටුවේ පලවෙනි හරස් වීදියේ අතුල බිල්ඩින් එකේ මේකට ඔනේ කරන බඩු තොග ගානට වගේ සිල්ලර ගානටත් ගන්න තියනවා. මම සිල්ලරට විකුනන එකෙක් ගෙන් මේ ජාතියේ බල්බ් හදාගන්න බඩු අරගෙන ආවා. මොකද හදලා විකුනන බල්බ් එක මට එච්චර හිතට ඇල්ලුවේ නෑ.
ඒක බල්බ් එකකට ඕනේ බඩු ටික ඔක්කොම රු 25 යි. දෙන්නේ මෙන්න මේවා..
ප්ලාස්ටික් කප් එකයි.
B22 පින් එකයි
1N4007 ඩයොඩ් 4 යි
680K රෙසිස්ටර් 1යි
270 ඕම් රෙසිස්ටර් 1යි
470nF (400V) සෙරමික් කැපැසිටර් 1යි
100uF (16V) ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් 1යි
සුදු LED 1යි
ප්ලාස්ටික් කප් එක එක පාට වලින් තියනවා. රතු, කහ, තැඹිලි, නිල්, කොල, සුදු පාට වලින් ගන්න පුලුවන්
එක LED එකක එලිය මදි කියලා හිතුන නිසා බල්බ් දෙකක් දාලා හදන්න තව සුදු LED 15 ගත්තා එකක් රු 3 ගානේ.
බල්බ් 15 බඩු වලට මට වියදම් උනේ රු 375 + 45 = රු 420/= යි. ප්ලාස්ටික් කප්, පින් කියන්නේ මෙන්න මේවාට.
දැන් තියෙන්නේ මේක හදාගන්න තමා. මේකට PCB මුකුත් එන්නේ නෑ. නිකම් පාස්සගන්න තමා වෙන්නේ. පරිපත සටහන මෙන්නේ මෙහෙම තියෙන්නේ.
මේ බල්බ් එක පාස්ස ගන්න ඔනේ LED පින් එකේ කර ලඟට සෙට් වෙන්න. එහෙම නැත්නම් එච්චර එලිය නෑ.
දැන් මේක හදාගන්න විදිය බලමු. (පින්තුර පැහැදිලි නැති එක ගැන සමාවෙන්න ඕනේ. )
මුලින්ම බ්‍රිජ් එක එහෙමත් නැත්නම් ඩයොඩ් හතර එකට පාස්සගන්න. ඩයොඩ් හතර පාස්ස ගනිද්දි හුඟක් ලං කරලා පාස්සගන්න. නැත්නම් මේක ඇතුලට බස්සගන්න බැරි වෙයි.
ඒ වගේම හරි පැත්ත බලලා පාස්සගන්න. බ්‍රිජ් එක වරද්දගත්තොත් බල්බ් එකක් වෙනුවට හැදෙන්නේ රතිඤ්ඤා කරලක්. 
සෙරමික් කැප් එකයි 680k වෙනම පාස්සගන්න.
LED දෙකයි 270 රෙසිස්ටර් එකයි වෙනම පාස්සගන්න.
එතකොට 100uF
එක පාස්සගන්නේ පස්සේ. මේ වැඩේ පිලිවෙලට කලොත් තමා හරියට හදාගන්න පුලුවන්.
දැන් කෑලී ටික සෙට් කරගන්න වැඩේ... බ්‍රිජ් එකයි, 470 කැප් + රෙසිසිටර් කොටස් දෙක හරි පැත්ත බලලා එකට පාස්සගන්න. කැපැසිටර් එකේ ඇතුල් පැත්තට හිටින්න. මෙන්නේ මෙහෙම.
දැන් තමා 100uF ඕනේ වෙන්නේ. හරියට ධන රින බලලා බ්‍රිජ් එකේ මැදට හිටින්න පාස්සගන්න.
අන්තිමට LED බල්බ් තියන කොටස පස්සගන්න. පුලුවන් තරම් ලං කරලා මේ විදියට.
දැන් බ්‍රිජ් එකේ ඉතුරු වෙලා තියන පැත්තේ කම්බියක් උඩට නමලා ඉතුරු වැඩි කම්බි ටික කපලා දාන්න. මම නම් පාවිච්චි කලේ පරණ nail cutter එකක්.
දැන් තියෙන්නේ පින් එක ඇතුලට බස්සගන්න.
පින් එකේ ගැවීලා ශොට් නොවෙන්න හරියට අල්ලගෙන පාස්සලා දාන්න.
එලියට ආපු කම්බි ටික කපලා වැඩේ ඉවර කරන්න.
කියපු විදියට පාස්සගත්තා නම් LED ටික මං කලින් කිව්වා වගේ පින් එකේ කර ගාවට සෙට් වෙන්න ඔනේ.
දැන් ප්ලාස්ටික් කප් එකෙන් වහලා, දෙවියන් බුදුන් සිහිකරගෙන ආරක්ශිත දුර ප්‍රමාණේක ඉදන් බල්බ් එක පත්තු වෙනවාද බලන්න.
ඔය තියෙන්නේ ලස්සනට...
බල්බ් එක වැඩ නම් ප්ලාස්ටික් කප් එක මල්ටිබොන්ඩ් වගේ ගම් එකක් දාලා අලවගන්න.
මේ බල්බ් සාමාන්‍ය වොට් 5 බල්බ් තරම් සැරට එලිය නෑ. ඒ උනාට වැඩේ කෙරෙන මට්ටමට එලිය තියෙනවා.
ඉතින් ඔයාලත් මේවා හදලා බලන්න. හදා ගන්න අමාරුයි නම් කඩෙන් අරං දැම්මත් පාඩු නෑ. මේ ජාතියේ බල්බ් වැල් වලට මෙච්චර කාලෙකට ආපු හොදම විසදුම මේක.

LED bulb ගැන විස්තරාත්මක ත්‍රෙඩ් ගණනාවක් පළ කල dinumadushan ට මාගේ ප්‍රණාමය.
Last edited: