අපේ යානාවලට හමුවූ පිටසක්වළ යානා

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    අපේ යානාවලට හමුවූ පිටසක්වළ යානා

    පිටසක්වළින් අපේ ලෝකයට පිවිසෙන යානා පිළිබඳව වඩාත් හොඳ අත්දැකීම් ඇත්තේ ගුවන් නියමුවන්ටයි මේ ලිපියෙන් කතා කරන්නේ මෙලොව ගුවන් නියමුවන්ගේ පිටසක්වළ යානා පිළිබඳ අත්දැකීම් කිහිපයකි

    33a7dc7e51b9.jpg

    වාර්තා වී ඇති පිටසක්වළ යාත‍්‍රා පිළිබඳ අපේ ගුවන් නියමුවන්ගේ ප‍්‍රථම අත්දැකීම ශ්‍රී ලංකාව නිදහස ලබාගත් වකවානුව වෙයි. 1948 ජූලි මස 24 වැනිදා මෙම අපූරු අත්දැකීම උරුම වූයේ ඇමෙරිකානු ගුවන් හමුදාවේ කපිතාන් ක්ලැරන්ස් චිලී සහ ගුවන් නියමු ජෝන් බී විටඞ්ය.

    ඔවුන් පැදවූ ඞී.සී. 3 ගුවන්යානය ඇට්ලන්ටා සිට ඇලබාමා බලා යාත‍්‍රා කරමින් තිබුණි. වෙලාව පාන්දර දෙකයි හතළිස් පහවීය. අහසේ තමා ඉදිරියෙන් ඇති ආලෝක ධාරාව කපිතාන් ක්ලැරන්ස් සසල කළේය. ‘‘මොකක්ද මේ ආලෝකය’’ ඔහු තම සගයාගෙන් විමසීය.
    ‘‘මාත් මේ ඔබෙන් විමසන්න හැදුවා විතරයි’’ ජෝන් පිළිතුරු දුන්නේය.

    ‘‘එය අපේ පැත්තටයි එන්නේ......’’

    යානය යාත‍්‍රා කරමින් තිබුණේ මහපොළවේ සිට අඩි පන්දහසක් ඉහළිනි.

    අසාමාන්‍ය හැඩයක් ඇති අඩි හාරසීයක් තරම් දිග යානයක් දෙදෙනාට පැහැදිලිව දක්නට හැකිවිය. එය හැඩයෙන් සමානවූයේ සිගරට්ටුවකටය.

    ‘‘ඒක යානයක්මයි...... අත්තටු පිහාටු කිසිවක් නැහැ. හරියටම සිගරට්එකක් හැඩය ඇති..... ලොකු විශ්කම්භයක් තියෙන අඩි හාරසියයක් තරම් දිග යානයක්. යානය දෙපැත්තේ ජනෙල් කවුළු පෙලක් තිබුණා.... එය පැහැදිලිව අප දුටුවා...... සුදුම සුදු ආලෝකයක් ඉන් විහිදුනා...... ඒ ආලෝකයෙන් අපි ජනෙල් පෙල දුටුවා...... යාත‍්‍රාව යටින් විහිදුනේ ගන නිල් ආලෝකයක්......’’

    1940 දශකයත් 1950 දශකයත් පිටසක්වළ යානාවන් හමුවීමේ සිද්ධීන් ඇමෙරිකානු ගුවන් නියමුවන් නිතර නිතර වාර්තා කළ අවස්ථා උදාවීය. ඒ සමගම ඇමෙරිකානු යුද නිලධාරීන් විසින් වෙළෙඳ සමාගම්වල ගුවන් නියමුවන්ගේ පිටසක්වළ යානා සමඟ ඇතිවෙන අත්දැකීම් පිළිබඳ නිදහසේ කතා කිරීමේ වාරන නියෝගයක් ඇති කළෝය.

    මේ තහංචිය ඇමෙරිකාවට පමණක් සීමා වූ අතර කැනඩාවේ ගුවන් යානයක් 1966දී අත්වින්ද එක්තරා සිද්ධියක් ලොව පුරා පතළවිය. ඞී.සී. 8 යානය මේ සිද්ධියට මුහුණ දෙන අවස්ථාවෙහි මුහුදු මට්ටමේ සිට අඩි 35000ක් ඉහළින් පියාසර කරමින් තිබුණු අතර යානය පේරු සිට මැක්සිකෝව බලා පියාසර කරමින් තිබිණි. කපිතාන් රොජර් මිල්බෑන්ක් පමණක් නොව ඔහුගේ සහයකයා ඇතුළු කාර්ය මණ්ඩලයම මේ අපූරු අත්දැකීම බෙදා ගත්හ. යානාව ඉදිරියෙන් දිස්වූ ආලෝක දෙකක් කෙමෙන් ඇතට විදින ආලෝක දෙක්ක බවට පත්වී වී අකුරේ හැඩයට යානය ඉදිරියට ආලෝක ධාරාව යොමු කළේය.

    ‘‘ඒ ආලෝක ධාරාව අපේ ගුවන් යානයට තව තවත් සමීප වී ගුවන් යානාවට ඉහළින් යානයේ වම් පස පිහාටුවට ඉහළින් දිස්වුවා..... එදා හොඳින් හඳ එළිය තිබුණු රාත‍්‍රියක් නිසා මේ ආලෝකය විහිදවූ යානයේ යම් හැඩයක් දකින්නට අපට හැකිවුවා. අපේ යානයට ඉතාම සමීපව විනාඩි කිහිපයක් තිබී යානය ගමන්කර අප පසු පසට නොපෙනී ගියා.....’’ කපිතාන්වරයා මැක්සිකෝ නිලධාරීන්ට තම අත්දැකීම නිල වශයෙන් පැමිණිලි කළ අතර පිටසක්වළ යානා පිළිබඳ අත්දැකීම් අතර එම පැමිණිල්ල අදත් සුරක්‍ෂිතවී තිබේ.

    airplane_window_ufo_by_thyrring-d2zgca1.jpg

    1954 කැනේඩියානු ගුවන් නියමුවකුගේ අපූරු පිටසක්වළ යානා අත්දැකීමක් ‘‘ඩන්ටාරියෝ ඬේලි ප්‍රෙස්’’ නම් පුවත්පත වාර්තා කළේය.
    මේ සිද්ධිය ද ගුවන් නියමු ප‍්‍රැන්සිස් බොයිඞ් පමණක් නොව, ඔහුගේ කාර්ය මණ්ඩලයම අත් විඳ ඇත. ජූලි 06 වැනිදා සිදුවූ මේ අත්දැකීම පිළිබඳ මේ පුවත්පත කතුවැකියක්ද පල කළෝය.

    ඔහු පවසන ආකාරයට විශාල මවු යානයක් සහ උපයානා හයක් ඔවුන්ට දැක ගත හැකිවී ඇත. විනාඩි දහ අටක කාලයක් තිස්සේ මේ යානා දකින්නට බොයිඞ් සහ පිරිසට හැකිවී තිබේ. මේ විනාඩි දහ අටක කාලය තුළ ඔවුන්ගේ යානය සැතපුම් අසූවක් තරම් දුර පියාසර කර ඇත.

    ‘‘මේක අපූරු අත් දැකීමක්...... මං විතරක් නොවෙයි මගේ පිරිසම දැක්කා...... ඔවුන් අපට අන්තරා කාරී පිරිසක් වීමට නොහැකියි. ඔවුන්ගේ යානා අපේ තොරතුරු සොයනවා විනා ආක‍්‍රමණ ශීලී නොවේ යැයි මගේ හිතට ආවා..... යි බොයිඞ් සඳහන් කර ඇත.
    1970 දී බි‍්‍රතාන්‍ය ගුවන්යානාවක් පෘතුගාලයේ ලිස්බන් නුවර ඉහළින් පියාසර කරද්දී මේ අත් දැකීමට පාත‍්‍රවීය. ඔහුගේ ගුවන් යානය අසලින් පියාසර කරන නන්නාඳුනන යානයක් පිළිබඳ සංඥාවක් ඔහුගේ යානයට ලැබුණි. එයාර් ට‍්‍රැෆික් පාලක මැදිරියෙන් නිකුත් කළ මේ නිවේදනය ඔහු සසල කළේය. ඒ සමගම ඔහු තම සහයකයන් වහාම දැනුවත් කළේය.

    මොහොතකින් ඔහු දුටුවේ ආලෝක ධාරා විහිදුවන සිගරට්ටුවක හැඩයගත් යානයක් තම යානය අසලින්ම පියාසර කරන බවයි. ගුවන් නියමුවා හා කපිතාන්වරයා තමා ජීවිතයේ ප‍්‍රථම වතාවට අත්දකින පිටසක්වළ යානයේ අත් දැකීම ගුවන් යානයේ මගීන් සමඟ බෙදා හදා ගන්නට කල්පනා කළේය. ඔහු යානයේ ශබ්ද විකාශන සේවාවෙන් මගීන් අමතා කතා කළේය.

    ‘‘මිත‍්‍රවරුණි..... ඔබට අසම සම අත් දැකීමක් අත් විඳින්නට වරමක්.... කරුණාකර යානයේ වම් පස බලන්න..... ඔබට දකින්නට ලැබෙන්නේ පිටසක්වළින් පැමිණි නාඳුනන යානාවක් විය යුතුමයි...... මං හිතුවා මේ අත්දැකීම ඔබ සමඟ බෙදා ගන්නට....’’ ගුවන් යානයේ සියලූම මගියෝ.... කපිතාන්වරයාගේ පණිවිඩයත් සමඟ පිබිදී මේ අසාමාන්‍ය අත්දැකීම ලබා ගත්හ. වැඩිම සංඛ්‍යාවක් එකවර අහසේදී දුටු නාඳුනන යාත‍්‍රාව මෙය බවට ලෝක වාර්තාවක් තබා ඇත. ගුවන් මගීන් මිශ‍්‍ර හැඟීම් වලින් මේ අත්දැකීම් බෙදා ගත්හ. බිය සතුට සැකය අසහනය ත‍්‍රාසය යන හැඟීම්වලින් මගියෝ අත්දැකීම් ලදහ.

    1979 දී ස්පාක්‍ද්ක්‍ද මගී ගුවන් යානයකට නාදුනන පිටසක්වළ යානයක් සමඟ වෙනත් ආකාරයක අත් දැකීමකට මුහුණ දීමට සිදුවීය. එම රාත‍්‍රියේ මෙම මගී යානය ලිබියාවේ සිට ස්පාක්‍ද්ක්‍ද ප‍්‍රධාන නගරය වෙත පියාසර කරමින් තිබිණි. යානය සිටියේ මුහුදු මට්ටමේ සිට අඩි 24000ක් ඉහළිනි.

    ආලෝක ධාරා ගුවන් යානය පියාසර කරමින් සිටි දිසාවෙහි ඉදිරියෙන් මතුවෙනු කපිතාන්වරයා දුටු අතර පාලක මැදිරියට වහා දන්වා සිටියේය. මේ ආලෝකය ගුවන් යානයට කෙළින් ප‍්‍රතිවිරුද්ධව වේගයෙන් ඉදිරියට එන බව කපිතාන්වරයා වහාම වාර්තා කළේ මහත් කලබලයෙනි. කපිතාන් වරයා වහා ආරක්‍ෂක විධි ක‍්‍රියාත්මක කොට මගීන් දැනුවත් කරමින් කඩිනම් ක‍්‍රියාමාර්ග ගනිමින් යානය ධාවනයවන මාර්ගය ක්‍ෂණයකින් වෙනස් කළේ ගැටීම වැළැක්වීම සඳහාය. මේ සිද්ධිය රෙඩාර් යන්ත‍්‍රවල පැහැදිලිව සටහන් විය.

    එපමණක් නොව මහපොළවේ සිට දහස් සංඛ්‍යාත පිරිසක් මේ සිද්ධිය නිරීක්‍ෂණය කිරීම විශේෂ සිද්ධියකි. මේ යාත‍්‍රාව තව දුරටත් ගුවන් යානයට හිරිහැර කරන්නට විය. රාඩා යන්ත‍්‍රවල මේ තත්වය සටහන් වෙත්ම ප‍්‍රහාරක ජෙට් යාත‍්‍රා දෙකක් ගුවනට පිටත්කර යැවීමට සූදානම් විය. නාඳුනන පිටසක්වළ යාත‍්‍රාව ගුවන් යානයට හිරිහැර කිරීම මඟහැර නොපෙනී ගියේ ප‍්‍රහාරක ජෙට් යානා යැවීමත් සමඟය.

    For-decades-the-village-h-010.jpg

    ආචාර්ය නිමල් සේදර
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ගොඩාක් දුරට ඕවා Reconnaissance Aircrafts :yes: . ඒවා නිෂ්පාදනය කරන අය හරි කැමති ඕවා පිටසක්වල යානා කියල අපි විස්වාශ කරනවට :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Area 51 සිද්දි , පිටසක්වල යානා මේ ඔක්කොම අපේ සිත් තුල මවන ලද සිතුවිලි පමණි
    එමගින් බලපොරෝත්තුවනුයේ වෙනත් රහස් පර්යේෂණ සැගවිමයි

    අපි තාමත් පදනම් වනුයේ මිට අව්රුදු 60 කට පමණ ඉහත කිසියම් පිරිසක් විසින් අපේ සිත් තුලට ඇතුළු කරන ලද පිටසක්වල ජීවි හැඩරුව මත වේ. ලොකු ඇස, මිටි මිනිස්සු, ලොකු ඔලුව, කොලපාට ලේ, හෝක් හොක්‌
     
    • Like
    Reactions: sandaru d

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,167
    876
    113
    ----- Hill City ----
    Area 51 සිද්දි , පිටසක්වල යානා මේ ඔක්කොම අපේ සිත් තුල මවන ලද සිතුවිලි පමණි
    එමගින් බලපොරෝත්තුවනුයේ වෙනත් රහස් පර්යේෂණ සැගවිමයි

    අපි තාමත් පදනම් වනුයේ මිට අව්රුදු 60 කට පමණ ඉහත කිසියම් පිරිසක් විසින් අපේ සිත් තුලට ඇතුළු කරන ලද පිටසක්වල ජීවි හැඩරුව මත වේ. ලොකු ඇස, මිටි මිනිස්සු, ලොකු ඔලුව, කොලපාට ලේ, හෝක් හොක්‌
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් ඔය දේවල් ලොකුවටම විශ්වාස කරන්නෙ නැහැ මචං.. Area 51 උනත් අධිඅරක්ෂක කලාපයක්.. ඕකෙ වැඩ කරන සේවක පිරිස ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට ඕකට ඇතුලු වෙන්න දෙන්නෙ නැහැනේ.. බැරි වෙලාවත් ගියොත් වෙඩි තියනවා.. ඉතිං උන් ලෝකෙටම කියන්නෙ ඕකෙ පිටසක්වල ජීවීන් එක්ක ගණුදෙනු කරනවා කියලා.. මටනම් හිතෙන විදියට උන් ලෝකයාව නොමග යවලා තියෙන්නෙ.. ලොකු රහසක් ලෝකයෙන් සඟවන්න තමා උන් උත්සාහ කරන්නෙ..

    ඕකෙ සේවය කරන එවුන් තනියම හෝ පවුල පිටින් තමා ඕකෙ සේවට බැඳෙන්න ඕනි.. ලේසියෙන් ඕකෙන් පිටවෙන්න බෑ සේවයට එන එකෙක්ටවත්.. මොකද උන් බයයි මේ රහස් පිටට යයි කියලා.. ඔතන සමහර විට පිටසක්වල ජීවීන් ගැන අතහදා බැලීම්, පර්යේෂන කරන තැනක් වෙන්නත් පුළුවන්.. ඒත් ගොඩක් දුරට ඕක යුධ රහස්, යුධ අත්හදා බැලීම් කරන, පර්යේෂන කරන තැනක් වෙන්න පුළුවන්..

    අපි හැමෝම දන්නෙ පිටසක්වල ජීවියෙක් මෙන්න මේ වගේ කෙනෙක් කියලා..
    alien_bug.jpg

    ඒ ඉතිං මාලා නාටක වල එන, චිත්‍රපට වල මේ වගේ එවුන් දැකපු නිසානේ.. ඒත් ඕක ඇත්ත වෙන්න බෑ ගොඩක් දුරට.. වෙනත් ලෝක වල අපි වගේම හරි අපිට වඩා සෑහෙන්න දැනුමකින් වැඩි ජීවීන් ඉන්න පුළුවන්.. සමහර විට උන් අපි වගේම වෙන්නත් පුළුවන්.. නැත්නම් ඊට වඩා වෙනස් වෙන්නත් පුළුවන්.. ආලෝක වර්ශ දාස් ගාණක් පහු කරලා ඔය පිටසක්වලයො මෙහෙට ආවයි කියහංකො.. උන් එච්චර දුරක් ගෙවාගෙන ඇවිත් පෘතුවිය දිහා බලන් ඉඳලා යයිද.. රෙද්ද තමා..:rofl:

    url

    මේ වීඩියෝ එක උඹලා බලලා ඇතිනේ.. බල්ලෙකුටවත් ඇතුලට යන්න නොදෙන කලාප අංක 51 එවුන් මේ වීඩියෝ එළියට දැම්මෙ ඇයි.. පිටසක්වලයො එක්ක කතාබහ කරන වීඩියෝ එලියට දැම්මෙ ඇයි.. මිනිස්සු මෝඩයො කරන්නනේ.. ඔය මැරිච්ච විකලාංග මිනිහෙක් වෙන්න පුළුවන්.. මුන් ඌව කපලා කොටලා පෙන්නනවා පිටසක්වලයෙක් කියලා අඟවන්න..:rolleyes:

    ඔය පිටසක්වලින් ආපු එවුන් අපිත් එක්ක මේ ලෝකෙම ජීවත් වෙනවද දන්නෙත් නෑ.. මොකද පිටසක්වල එකෙක් මොන වගේද කියලා අපි දන්නෙ නැහැනේ බං.. සමහර විට උන් අපේ රූපකායට 100% සමාන වෙන්න පුළුවන්..:cool:
     
    සිරා කතාව බං..:yes:
     
    smiley+2+thumbs+up.gif
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    රොස්වෙල් සිද්ධියේදී මම හිතන විදිහට නම් ඔවුන් පළමුවෙන්ම dummies සාදා , ඒවා බැලූන් වලට දමා පරීක්ෂණයක් විදිහට අහසට පා කළා, ඒවා ක්‍රියාවිරහිත වීමෙන් ඒ බැලූන් පොළොවට කඩා වැටුණා, අර dummies දෙස බැලු මිනිසුන් ඔවුන් අමුතු ජීවින් කොටසක් ලෙස සිතූහ . :rofl:

    ඇමරිකානු රජය මෙය පාවිච්චී කරමින් පිටසක්වල ජීවීන් යැයි කතාවක් මවා එය මිනිසුන් අතරේ ප්‍රසිද්ධ කරන ලදී. ඔවුන් සාදන ලද ඔත්තු බලන යානාවක් අහසේ දිස් වූ විට එය පිටසක්වල යානාවක් යැයි අදටත් මිනිසුන් සිතනවා ;)
     
    Similar threads