පිටසක්වළින් පැමිණ සැකසූ ලෝක සිතියමක්

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    පිටසක්වළින් පැමිණ සැකසූ ලෝක සිතියමක්

    1513 නිර්මිත මේ ලෝක සිතියම ගුවනේ සිට බලාවිත් නිර්මාණය කිරීමට හැකියාවක් නැත. මේ සිතියම අඳින්නට පාදක වූ කරුණු පිටසක්වළින් පැමිණ කළ සිතියමකින් ගත්තේද?

    අලූත් ලෝකය සොයාගන්නටත් පෙර අඳින ලද අංගසම්පූර්ණ ලෝක සිතියමක් 1929 ඉස්තාම්බුල් හි ටොප්කාපි මාලිගාවෙන් සොයා ගැනීමත් සමගම ඉතිහාසඥයින්ට මෙතෙක් විසඳාගත නොහැකි ප‍්‍රශ්න වැලකට මැදිවෙන්නට සිදුවිය.

    මේ සිතියම ඇන්ටිලෝප් නම් වනාත්තරයේ ජීවත්වෙන ගවයින්ගේ හමක ඇඳ තිබෙන අතර මේ සිතියම ලොව පුරා හැඳින්වෙන්නේ පිරි රිසි සිතියම (PIRI RISI MAP) යනුවෙනි. පිරි රිසි යන නම මේ සිතියමට තබන ලද්දේ වාසනාවකට මෙන් මේ සිතියමේ නිර්මාතෘ වූ වශයෙන් ඔහුගේ නම මේ ‘‘ඇන්ටිලෝප්’’ හමේ ශේෂව තිබූ නිසාය. තවත් භාග්‍යමත් දෙයක් නම් 1513 යනුවෙන් සිතියම අඳින ලද වර්ෂය එහි සටහන් වීමයි.


    Piri_Reis_map_interpretation.jpg


    පිරිරිසි සිතියම
    මේ සිතියමෙන් තුනෙන් දෙකක තරම් කොටසක් විනාශවී ඇති අතර ශේෂව තිබුණු තුනෙන් එකක කොටස කොතරම් නිවැරදි ද යත් ඉතිහාසඥයින්ට පමණක් නොව සෙසු අදාළ සියළුම විද්‍යාඥයින් සසල කරන ලදි.
    1513 වනාහි කොලොම්බස් අලූත් රටවල් සොයාගෙන වසර කිහිපයක් ගතවූ කාලයකි. එපමණක් නොව ආක්ටික් රටවල් පිළිබඳව මිනිසා දැනගත්තේ මේ සිතියම ඇඳ ඇති කාලයට ශත වර්ෂ තුනකට තරම් පසුවය.
    ශේෂව ඇති සිතියමේ යුරෝපයේ බටහිර වෙරළ ඉතාම නිවැරදිව පෙන්වයි. දකුණු අප‍්‍රිකාවත්, දකුණු ඇමෙරිකාවේ බ‍්‍රසීලය ඇතුළු ප‍්‍රදේශයන් ඉතාම නිවැරදිව පෙන්වාලයි. පිරි රිසි තුර්කි අද්මිරාල්වරයෙක් ලෙස හඳුනාගෙන තිබේ. භූගෝලවිද්‍යාව කෙරෙහි ද උනන්දුවක් දැක් වූ පිරි රිසි මේ සිතියම සම්පාදනය කොට ඔටෝමන් සුල්තාන්වරයාවෙත 1517 දී පරිත්‍යාග කොට ඇත. මේ ලෝක සිතියම සම්පාදනය සඳහා තමා යොදාගත් සිතියම ගැන ද පිරි රිසි සඳහන් කර ඇත. ඒ අතර ඇලෙක්සැන්ඩර් රජතුමාගේ දික් විජය ආශ්‍රීතව ක්ලෝඩියස් ටොලමි ක‍්‍රි.පූ. හතර වැනි ශත වර්ෂයේ අඳින ලද සිතියම් ගැන ද කොලොම්බස් ගේ සිතියම් ගැන ද සටහන්ව ඇත. මේ කරණු නිවැරදිවීම ඉතිහාසඥයින්ට බරපතල ප‍්‍රශ්නයකි.

    අහම්බෙන් හමු වූ හැටි
    ගස්ටාව් ඇඩොල්ෆ් ඩෙසිටන් නමැති තැනැත්තා 1929 ඔක්තෝබර් 09 වෙනිදා මේ සිතියම සොයාගත්තේ ඉතාම අහම්බෙනි. ජර්මන් ජාතිකයෙක් වූ ඔහු තුර්කි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සේවයට ගත්තේ ටොප්කාපි සරේ පුස්තකාලයේ (TOPKARPI SARAY) ඇති ඉස්ලාමීය නොවූ කඩදාසි අතර ඇති සිතියම් සහ ප‍්‍රස්ථාර පිළිබඳ ලේඛනයක් සැකසීම සඳහාය. සෙන්ටි මීටර් 90 දිග හැටපහක් (65) පළල මේ සිතියම සහිත හම අනිවාර්යයෙන්ම වටිනා සිතියමක් ලෙස සලකා එය ආයතනයේ කළමනාකාරවරයාගේ අතට පත් කළේය.

    කොලොම්බස් ගේ සිතියම
    පෙර රිසි ගේ ලෝක සිතියම කොලොම්බස්ගේ සිතියම ගැන ඇති සඳහන හේතුකොටගෙන ඉතිහාසඥයෝ මහත් සතුටට පත් වූහ. හේතුව කොලොම්බස් බටහිර ඉන්දීය කොදෙව්හි සිට අඳින ලද සිතියම අස්ථාන ගතවී තිබීමත් මේ සිතියමේ ඒ ගැන සටහනක් තිබීමත්ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් හෙන්රි ස්ටිම්ස් වහාම තුර්කියේ ඇමරිකානු තානාපතිට කතා කොට කොලොම්බස්ගේ මුල් සිතියම තුර්කියේ කොතැනක හෝ ඇත් දැයි ගැඹුරින් සොයා බැලූහ. එහෙත් එම වෙහෙසින් අර්ථයක් නොවීය.
    පිරි රිසි සිතියම දැන් අධි සුරක්‍ෂිතව ඉස්තාම්බුල් හි ටොපොකායි මාලිගාවේ කෞතුකාගාරයේ තැන්පත්කර තිබේ. එහෙත් එය සාමාන්‍ය මහජන දර්ශනය සඳහා තබා ඇත.
    එහෙත් තුර්කියේ මිලියන දහයෙ මුදල් නෝට්ටුව සැරසීම සඳහා පිරි රිසි සිතියම යොදා ගෙන තිබේ. 2005x2009 අතර කාලයේ අලූත් මීරා දහයේ නෝට්ටුවට ද පිරි රිසි සිතියම මුද්‍රණය වීය.


    Piri_reis_world_map_01.jpg


    චාර්ල්ස් හැප් ගුඞ්ගේ න්‍යාය (CHARLS HAPGOOD)
    වාර්ල්ස් හැබ් ගුඞ්ගේ න්‍යාය අනුව (ප‍්‍රකට සිතියම් විද්‍යාඥයෙක්) මේ පිරි රිසිගේ සිතියම එවකට ලෝකයේ පැවැති තාක්ෂණය ඉක්මවා නිර්මිත වූ සිතියමකි. ‘‘මේ වනාහි ආකාස වස්තුවක් උපයෝගී කරගෙන නිර්මාණය වූ සිතියමකි’’
    ‘‘ආක්ටික් කලාපය ගැන මේ කරුණු නිවැරදිව තොරතුරු මතුකර ගන්නට එදා තිබුණු දැනුමෙන් කෙසේවත් නොහැකිය.’’ ඔහු අවධානය කළේය. ‘‘ආක්ටික් කලාපය හොයාගත්තේ 1818 දී ඒ හා අදාළ සිතියමක් නිර්මාණය වූයේ 1949 දී’’

    ග‍්‍රීන්ලන්තය
    වඩාත් විශ්මිත දේ මේ පිරිරිසිගේ සිතියමේ ග‍්‍රීන් ලන්තය පෙන්වා ඇති ආකාරයයි. ග‍්‍රීන් ලන්තය වෙනම දුපත් තුනක් ලෙස මේ සිතියමේ පෙන්වා ඇත. මේ සිද්ධාන්තය සොයාගත්තේ මෙම ශතවර්ෂයේදීය. එහෙත් 1513 අඳින ලද සිතියමේ එය නිවැරදිව සටහන් වූයේ කෙසේද? FALK LAND ISLANDS ෆොක්ලන් දුපත් ඉතා නිවැරදිව මේ සිතියමේ පෙන්වා ඇත. මේ දුපත් ප‍්‍රථම වතාවට සොයාගත්තේ මේ සිතියම ඇඳ වර්ෂ අසූවකට පසුවය.
    මේ අතර පිරි රිසිගේ සිතියමට පාදක වූ සිතියම් අතර අපේ මිහිතලය පිළිබඳ ගුවනේ සිට අධ්‍යයනය කරන්නට මුහුකුරාගිය අප මෙතෙක් සොයා නොගත් සංස්කෘතිය අප අතරම තිබී ඇත. එසේ නොවේ නම් පිට සක්වළින් පැමිණ මේ මිහිතලය පිටපත් කළ දියුණු තාක්‍ෂණයක් නිසැකවම තිබෙන්නට ඇත. නොඑසේ නම් පිරි රිසිට මේ ලෝක සිතියම 1513දී නිර්මාණය කිරීමට අදාළ සාධක කිසිවක් නොවීය.


    ආචාර්ය නිමල් සේදර
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    re post

    ලංකාදීපෙන් නේද ගත්තේ...මමත් ඕක දැම්මා ...


    එල එල රේප්+
     

    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    Piri Reis map

    From Wikipedia, the free encyclopedia
    Jump to: navigation, search

    Surviving fragment of the Piri Reis map showing Central and South America shores. In his notes appended to it is written "the map of the western lands drawn by Columbus"[1]


    The Piri Reis map is a pre-modern world map compiled in 1513 from military intelligence by the Ottoman admiral and cartographer Piri Reis (pronounced [piɾi ɾeis]). Approximately one-third of the map survives; it shows the western coasts of Europe and North Africa and the coast of Brazil with reasonable accuracy. Various Atlantic islands including the Azores and Canary Islands are depicted, as is the mythical island of Antillia and possibly Japan.
    The historical importance of the map lies in its demonstration of the extent of exploration of the New World by approximately 1510, and in its claim to have used Columbus's maps, otherwise lost, as a source. It used 10 Arabian sources, 4 Indian maps sourced from Portuguese and one map of Columbus. More recently it has been the focus of pseudohistoric claims for the premodern exploration of the Antarctic coast

    for more :- http://en.wikipedia.org/wiki/Piri_Reis_map