දැවැන්ත_මුහුදු_රකුසෙක්_නවසීලන්ත_වෙරළට_එය

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
දැවැන්ත_මුහුදු_රකුසෙක්_නවසීලන්ත_වෙරළට_එය

ඒ මිනීමරු තල්මස් යෝධයෙක්ද?

අද්භූත පෙනුමක් ඇති ‘යෝධ මුහුදු රකුසෙක්’ පසුගියදා නවසීලන්තයේ මුහුදු වෙරළට ගසා ගෙන ආවා. එහි ප්ලෙන්ටි බොක්කේ වෙරළට ගසා ගෙන ආ ඒ සත්වයා කවරෙක්ද? තවමත් ඒ අබිරහස විසඳී නැහැ.

නවසීලන්තයේ එලිසැබත් ඈන් විසින් මේ සත්වයාගේ මළ සිරුර වීඩියෝ කර යූ ටියුබ් එකට එකතු තියෙනවා. ඒ අනුව අපට දැක ගත හැක්කේ මුව අයා දත් විලිස්සා ගත් උගේ විශාල හිසෙහි කොටසක් විතරයි. සිරුරේ ඉතිරි කොටස් අතුරුදන් වෙලා! හිස ඇතුළු සිරුරේ උඩ කොටස වෙරළේ වැලි අතරින් මතුවෙලා තියෙනවා.

957673-sea-monster-in-new-zealand.jpg

මේ අත්භූත සත්වයා අඩි 30ක් විතර දිගයි. නවසීලන්තයේ ප්ලෙන්ටි බොක්ක ආශි‍්‍රත වෙරළේ තිබූ හමු වූ උගේ සිරුරෙහි හිස සහ වරල් පත් වැනි කොටසක් පමණයි දක්නට ඇත්තේ.

අද්භූත මුහුදු රකුසන් මතු වීම මීට පෙරත් වරින් වර සිදු වී තියෙනවා. 2011 දිත් චීනයේ ගුවාන්ඩොන් වෙරළාසන්න මුහුදේ දී අඩි 55ක් දිග යෝධ මුහුදු සත්වයකු චීන ධීවරයන් පිරිසකට හමු වුණා.

ඒ සත්වයා ධීවරයින්ගේ දැල්වල පැටලී සිටියා. දැලෙන් ගොඩට ගෙන ඒමට නොහැකි තරම් විශාල නිසා දැල් කපා ඌ මුහුදට මුදා හරින්න ධීවරයනට සිදු වුණා.

එදා ඒ ධීවරයන් කියූ විධියට ඌ ටොන් හතර හමාරක් විතර බර ඇති.

සාගර විශේෂයන් අනුමාන කළ විධියට ඒක තල්මසකුගේ විය හැකියි.

ඒ හැරෙන්නට සාගරයේ සිට යෝධ සතුන්ගේ සිරුරු කොටස් වෙරළට ගොඩ ගසා ගෙන ආ අවස්ථා ගණනාවක් ම ලෝකය පුරා ම වගේ වාර්තා වෙලා තියෙනවා.

article-0-19ADC6DC000005DC-12_634x493.jpg

ඒ අද්භූත සත්වයාගේ අයා ගත් මුවේ විශාලත්වය හා දත් මෙසේ දැක ගත හැකි වුණා. මේ රූප කැමරාවට නැඟුවේ එලිසැබත් ඈන් විසින්, නවසීලන්ත වෙරළෙදියි.

එවැනි සතුන්ගේ කොටස් ඉතා දරුණු ලෙස නරක් වී තිබීම නිසා ඔවුන් ස්ථිරව හඳුනා ගැනීම හැම විට ම අසීරු වූ දෙයක් වුණා. ඒත් මේ සතාගේ යෝධ හිස හා දත් ඇති නිසා හඳුනා ගැනීමක් කළ හැකි වේවි.

පසුගියදා නවසීලන්තයෙන් වාර්තා වූයේත් එවැනි සත්ව සිරුරක්. ඒ පසුගිය කාලයේ කුණාටු තත්වයන් යටතේ තමයි මේ සත්වයා නවසීලන්තයේ ප්ලෙන්ටි බොක්කේ වෙරළට ගොඩ ගසා ඇත්තේ.

මේ වෙරළ පිහිටා ඇත්තේ ඕක්ලන්ඞ් නගරයේ සිට කිලෝ මීටර් 120ක් දුරින්.

එලිසැබත් ඈන් මේ සතාගේ වීඩියෝව යූ ටියුබ් සඳහා යොමු කරමින් ඒ ගැන සඳහන් කළේ මෙහෙමයි.

”මේ යෝධ හිසක් හා විශාල දත් ඇති සතා හඳුනා ගන්න පුළුවන්ද? සිරුරේ අග කොටස නැහැ. ඒත් හිස අනුව ඌ දිගින් මීටර් නවයක් විතර ඇතැයි සිතිය හැකියි.”

මේ පිළිබඳ වීඩියෝ කීපයක් ම එලිසැබත් ඈන් විසින් අන්තර් ජාලයට යොමු කර තියෙනවා. ඒ එකක් සමග ඇය මෙසේ සටහනක් තබා තියෙනවා.

”මේ යෝධ සාගර සත්වයා මුහුදේ ඇති වූ කුණාටු තත්වයක් යටතේ ගසා ගෙන ආවෙක්. ඌට සාගරය මැද දී කිසිවකු විසින් පහර දෙන්නට ඇති. මෙහි වැසියන් මේ ගැන විවිධ කතා කියනවා.

ඇතැම් අය කියන්නේ මේ අද්භූත සත්වයාගේ යෝධ කට හා ගොරොසු සම ප‍්‍රාග් ඓතිහාසික ඩයිනසෝර සතකු සිහිපත් කරන බවයි. එසේ නොවේ නම් මෙය යෝධ මොරේ ආඳකුගේ හෝ කරදිය කිඹුලකුගේ හෝ විශාල ඩොල්පිනයකුගේ හෝ සිරුරක් විය හැකියි.

මේ ඡායාරූප දැනටමත් හඳුනා ගැනීම සඳහා නවසීලන්තයේ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා කෙලී ටාල්ටන් මත්ස්‍යාගාරයට යවා තියෙනවා.

නවසීලන්තයේ චැනල් 3 රූපවාහිනිය මේ ගැන කළ විමසුමට පිළිතුරු දුන් සාගර ජීවී ක්ෂීරපායීන් පිළිබඳ විශේෂඥයකු වූ ඇන්ටන් වැන් හෙල්ඩන් ඒ අදහස් සියල්ල ප‍්‍රතික්ෂේප කළා. ඔහු කියන්නේ මෙහි ඇති වරල් පත් අනුව මේ සතා මිනීමරු තල්මසකු බවයි.

මිනීමරු තල්මසුන් ෆීජී දූපත් ආශි‍්‍රත මුහුදේ හා ප්ලෙන්ටි බොක්ක අසල මුහුදේ ඕනෑ තරම් සිටින බවයි.

මේ පිළිබඳව තහවුරු කර ගැනීමට ඔවුන් විසින් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙනවා.

article-0-19ADC6D0000005DC-952_634x389.jpg

සිත්කළු දසුනක්, ඒත් ඒ මෙහි වෙරළේ වැතිර සිටින අද්භූත යෝධ මුහුදු රකුසා දකින තෙක් පමණයි. සාගර විශේෂඥයන් කියන්නේ මේ මිනීමරු තල්මසකු බවයි. ඔවුන් එසේ කියන්නේ මේ ස්ථානය ආශි‍්‍රතව ඒ මිනීමරු තල්මසුන් ගහනව ඇති නිසයි.

o-SEA-MONSTER-NEW-ZEALAND-570.jpg

මේ අද්භූත සත්වයා මුව හා සම සිහිපත් කරන්නේ ප‍්‍රාග් ඓතිහාසික සතකුවයි. එසේ නෙවේ නම් මෙය යෝධ මොරේ ආඳකුගේ හෝ කරදිය කිඹුලකුගේ හෝ සිරුරක් විය හැකියි.

map-new-zealand_1724450a.jpg

මේ සිතියමෙන් දැක්වෙන්නේ මේ අද්භූත සත්වයා හමු වූ තැනයි.

article-0-19ADC6D0000005DC-952_634x389.jpg

මේ අද්භූත සත්වයා හමු වූයේ නවසීලන්ත වෙරළේදියි. මීටර් නවයක් විතර දිග ඇති කියලයි හිතන්නෙ. යෝධ හිසක් විතරයි තියෙන්නෙ. සිරුරේ අග කොටස නැහැ. සතුරකුගේ පහර දීමක් නිසා වෙන්වන්නට ඇතැයි සිතිය හැකියි.

article-0-19ADC6E5000005DC-139_634x409.jpg

මේ අද්භූත සත්වයා හඳුනා ගන්න මේ යෝධ දත් උදවු වේවි. දැනටමත් ඒවා දෙස බලා මේ යෝධ මිනීමරු තල්මසකුගේ යැයි මතයක් පළ වී තියෙනවා.






ගත්තේ "මල් කැකුළු"එකෙන්..
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට පේන්නේ නම් කිඹුල්-මත්‍යස හයිබ්‍රිඩ් එකක්.....
    තල්මස් මෝරක්...වෙන්න බෑ.....හක්ක වෙනස්..........

    ප්‍රාග් ඓතිහාසික යුගයේ මගේ නෑදෑයෙක් වෙන්න පුළුවන් බොහෝ විට.....
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ow machan samahara wita wadawela giyapu jathiye ekek wenna puluwan.naththam samahara wita mokak hari wiparyasayakata bajanaya kala/una sathek wenna puluwan
    naththam haduna nogan pirana nawa ekek wennath puluwan :)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඩයිනොසර් පරම්පරාවේ එකෙක් වෙන්න ඇති. මුහුදේ කොච්චර ඉන්නවද දැනට හඳුනාගත්තේ නැති සත්තු. ප්‍රාග් අයිතිහාසික යුගයට අයිති සත්තු තවම ඇති. මචන් රෙප් දුන්නා.
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මොනවා උනත් පට්ට බොක්ක. මැරිලා නිසා හොඳයි. නැත්තම් අහුවෙන අහුවෙන එකාව පන පිටින් හම ගහයි. :P
    තෑන්ක්ස් මචන්!!
    රෙප් එහෙම දීලලු :(