කාන්තන්කුඩි උණුසුම්වෙයි - ආරක්ෂාවට හමුදා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කාන්තන්කුඩි උණුසුම්වෙයි - ආරක්ෂාවට හමුදා

    කාන්තන්කුඩි මීරාබාලිකා ප්‍රදේශයේ අද සවස ඇති වූ උණුසුම්කාරී තත්ත්වයකින් පසු එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලීසිය හා හමුදාව යොදා තිබේ.

    මීරාබාලිකා ප්‍රදේශයේ සුසාන භූමියක කොටසක් කාන්තන්කුඩි නගර සභාවේ පාලනයට ගැනීමට විරෝධය පළ කළ මුස්ලිම් වැසියන් පිරිසක් නගර සභාවේ නිලධාරීන් කිහිප දෙනෙකු සමග අද සවස උණුසුම් වචන හුවමාරුවක පැටලී ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.

    එම වචන හුවමාරුව දුරදිග ගොස් කාන්තන්කුඩි නගර සභාවේ සභාපතිවරයාගේ ආධාරකරුවෙකුට ඔවුන් පහරදී ඇතැයි ද හෙතෙම කියයි.

    මෙම අවස්ථාවේදී පොලීසිය එම ස්ථානයට පැමිණ සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සාහ කර තිබේ.

    එසේම ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාව ද එම ස්ථානයට කැඳවා ඇති අතර පොලීසිය හා හමුදාව එක්ව රැස්ව සිටි පිරිස විසිරුවා හැරීමට පියවර ගත් බව අප වාර්තාකරු පවසයි.

    එම සිද්ධියෙන් පසු කාන්තන්කුඩි මීරාබාලිකා ප්‍රදේශයට මේවන විටත් පොලිස් හා හමුදා ආරක්ෂාව යොදවා ඇති බව හෙතෙම වැඩිදුරටත් කියයි.


    393610079LL.jpg



    393610079LL.jpg



    393610079LL.jpg



    393610079LL.jpg


    393610079LL.jpg