පාකිස්‌ථානු මාෆියාවක්‌!!

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
පාකිස්‌ථානු මාෆියාවක්‌!!

ශ්‍රී ලංකාව තුළ පාකිස්‌ථානු මාෆියා ජාලයක්‌!

මුස්‌ලිම් පාතාලය සහ ජාත්‍යන්තර මුස්‌ලිම් අන්තවාදය සමග අත්වැල් බැඳගත් පාකිස්‌ථානු ජාතික මාෆියා ජාලයක්‌ කලක සිට මෙරට තුළ ක්‍රියාත්මකව ඇතැයි රාජ්‍ය ඔත්තු සේවා මගින් හෙළි කරගෙන තිබේ.

මේ පිළිබඳව පසුගිය දිනක ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක මණ්‌ඩලය රැස්‌වූ අවස්‌ථාවකදීද සාකච්ඡාවට බඳුන් වී ඇත.

පාකිස්‌ථානයේ කරච්චි නුවර සමග Rජු සබඳතා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවට හෙරොයින් මත් කුඩු, මත් පෙති වර්ග මෙන්ම විවිධ හානිකර දේ රැගෙන ඒම මගින් ශ්‍රී ලාංකීය ජන ජීවිතය අඩාල කිරීමට මොවුන් ක්‍රියා කරමින් සිටින බවද වාර්තා වී තිබේ.

සංචාරක සහ නේවාසික වීසා මගින් ශ්‍රී ලංකාවට පැමිණ විවාහයන් සිදු කරගනිමින් මෙරට සාම්ප්‍රදායික මුස්‌ලිම් ජනතාව බහුලව වෙසෙන සහ ඉහළ ධනපතියන් වාසය කරන ප්‍රදේශවල ස්‌ථානගත වී සිය ජාවාරම් කරගෙන යැම මෙම මාෆියා සාමාජිකයන්ගේ උපක්‍රමය වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ඉහළ පෙළේ රජයේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.

ඉකුත් දිනවල ආනයනික අල කන්ටේනර් තුනක සඟවා උපත් පාලන එන්නත් තොගයක්‌ මෙරටට රැගෙන ඒම මෙන්ම කටුනායක ගුවන් තොටුපළේදී මත් පෙති තොගයක්‌ රැගෙන ඒමේ සිද්ධීන් පිටුපසද මෙම මාෆියා ජාලයේ කෙරුමන් සිටින බවට තොරතුරු වාර්තා වේ.

මොවුන් ශ්‍රී ලංකාවට පැමිණ මේ අයුරින් ක්‍රියාත්මක වීමෙන් පාකිස්‌තානු රජයේ කීර්ති නාමයට බරපතල හානියක්‌ සිදු වන බවද ඉහත රජයේ ප්‍රකාශකයා පැවැසීය.

-
සමන් ගමගේ සහ ප්‍රභාත් විතාන
http://www.divaina.com/2013/05/12/news05.html

:angry::angry: එල එල ...ඔහොම සහජීවන‍යෙන්ම ඉස්සරහට ‍යමු....