වරක ආදරණීය සොහොයුරියක ලෙස
වරක හිතාදර මිතුරියක් ලෙස
වරක දෙවැනි මවක් ලෙස
සැමදා ආදරණීය බිරිදක් වී






රණවිරුවෙකු වු මා දයාබර පියෙකු කර
ඒ දරුවන් රැකීමට ඔබ සිරුරැති
ලේ කිරි කර දී දිවා රෑ නොනිදා
ඔබ නිවසේ ස්වාමියා වූ රණවිරුවාගෙන්
නිවසට ඉටුවිය යුතු කාර්යෙන්ද
හරි අඩක් ඔබ කරමත තබාගෙන
දුරදර්ශී නුවණින් යුතුව පැමිණෙන දුක් කම්කටොලු
පැණි රසක් ලෙස සිතමින් ආදරය කරුණාව
දයාව පිටාර ගලන පවුල වෙනුවෙන්ම
කැප වූ ඔබගේ මහා මෙහෙය
ඔබගේ ස්වාමියා වු රණවිරුවාට
මහා ශක්තියකි ධෛර්යකි ඔහු ලැබි භාග්යකි
ඔබ සැමදා ලොව දිනූ දිරිය කාන්තාවයි
ඔබ සිතන ජීවිතය ජය ගන්නට
ශක්තිය ධෛර්ය ලැබේවා .......







