ලොව විශාලම නෞකාව

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ලොව විශාලම නෞකාව

    ලොව විශාලම නෞකාව

    ලෝකයේ පළමු භාණ්ඩ ප්‍රවාහන නෞකාව වුයේ SS Ideal X නම් නෞකායි .එය 1956 අප්‍රේල් 26 වැනිදා දියත් කරන ලදී .එහි බහලුම් ධාරිතාව 58 කි .කාලයත් සමග වරින් වර විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකා නිපද වන ලදී .එදා මේදා ලොව නිපදවූ විශාලම නෞකාව ලෙස ඉතිහාස ගතවී තිබෙන්නේ CMA CGM Marco Polo නම් නෞකාවයි . එය දියත් කරන ලද්දේ 2012 වසරේදීය .
    ideal-x.jpg

    SS Ideal X

    marco-polo-ship-12%25255B2%25255D.jpg

    CMA CGM Marco Polo


    නමුත් මෙවර Maersk ආයතනය විසින් නිපදවනලද Maersk Triple E නම් නෞකාව ලොව නිපදවනලද විශාලතම නෞකාව බවට පත්වේ ඇත .එය දිගින් මිටර් 400 ක් ද පළලින් මිටර් 59 ක් ද උසින් මිටර්73 ක් ද වේ .මෙම නෞකාව ද භාණ්ඩ ප්‍රවාහන නෞකා ගණයට අයත් වේ .
    මෙහි බහලුම් ධාරිතාව TEU (Twenty-foot equivalent unit) 18 000 කි .
    ආසියාව හා යුරෝපය අතර වෙළද කටයුතු සදහා මෙය දියත් කෙරෙන අතර සාපේක්ෂව ඉන්ධන කාර්යක්ෂමතාව ඉතා ඉහලය .මෙහි එන්ජින් ජවය 10% ක ඉතිරියක් සහිත වීම විශේෂත්වයකි .එය යුරෝපීය නිවාස 5000 ක සාමාන්‍ය පරිභෝජනයේ සාමාන්‍ය හා සමාන වේ .නෞකාවට ටොන් එකක බරක් දරමින් කිලෝවොට් එකක ශක්තියක් වැය කරමින් කි.මී 184 ක් ගමන් කල හැකි අතර ජම්බෝ ජෙට් යානයකට මේ හා සමාන ශක්තියක් වැය කරමින් ගමන් කල හැක්කේ කි .මී භාගයක් පමණි .තවද මෙම නෞකාවට මෝටර් රථ 36 000 ක් පැටවියහැකි අතර නෞකාව නිෂ්පාදනය සදහා අයිෆල් කුළුණු 8ක වනේ ප්‍රමාණයක් වය වී ඇත .
    Maersk ආයතනය විසින් මෙවැනි නෞකා 20 ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන අතර ඉන් නෞකා 10 ක වැඩ කටයුතු මෙම වසර හා 2014 වසර තුල නිම කිරීමට නියමිතය .මෙම නෞකා නිපද වීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ Daewoo shipbuilding සමාගම විසිනි .Maersk සමාගම වසරේ හොදම පලදායි නෞකා ක්‍රියාකරු යන සම්මානයෙන් පිදුම් ලැබීමට මෙම ව්‍යාපෘතිය ඉවහල්වී ඇත .

    3.jpg
    Maersk Triple E vessel

    compare-it.jpg


    පුවත්පතකින් උපුටාගන්නා ලදී
    අමාරුවෙන් කෙටුවේ බම්ප් එකක් වත් දාලා යන්න හොදේ ;)

    ජය වේවා !


     

    gadola777

    Member
    Feb 26, 2013
    519
    18
    0
    kottawa
    Thanks :D

    Pattane...:D

    cosco.png


    Meka wage da?:cool:
    containr ship hama ekema design eka same macho.capacity witharai wenas wenne.a wagema engine power and engine brand,engine type.maersk la use karanne sulzer comn rail engine,ape tiyenne MAN B&W engine
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    containr ship hama ekema design eka same macho.capacity witharai wenas wenne.a wagema engine power and engine brand,engine type.maersk la use karanne sulzer comn rail engine,ape tiyenne MAN B&W engine
    Mchan uba work karana section eka mokadda?