එපා_එපා_මස්_කන්නට_කිරි_අම්මාගේ . . .
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ . . .
මෙවැනි කතා ඔබත් අසා ඇතිවාට කිසිම සැකයක් නැත.
"මේ කෙන්දරේ හැටියට නම් මේ දරුවට ගොඩක් ලොකු අපලයක් තියෙනවා . . . ඒ අපලෙන් ගැළවෙන්න නම්, කිරි හරකෙකු මරණයෙන් බේරා ගන්න ඕනෑ.”
‘‘කිරි හරක් දහ දෙනෙකු මරණින් බේරා ගැනීමේ මහා පුණ්‍ය කර්මය.”
සාමාන්‍යයෙන් මෙවන් අවස්ථාවල දී සිදුවන්නේ, ඝාතනය සඳහා මස් මඩුවට විකුණූ ගවයෙකු, මස් මඩුවේ මුදලාලි විසින් පවසනු ලබන වටිනාකම ගෙවා, මරණින් නිදහස් කර ගැනීමයි.
බරපතළ රෝග පීඩාදීන්ගෙන් පෙළෙන අවස්ථාවල දීද, විශේෂයෙන් කිරි හරකෙකුට අභය දානය ලබා දී, පින් අත් කර ගන්නා ලෙසට අප හට නොයෙක් අවස්ථාවලදී උපදෙස් ලැබෙනු ඇත.
එහෙත්, මරණයට නියම වූ කිරි හරකකු මරණින් මුදා ගැනීමේ සත් ක‍්‍රියාව පිටුපස, පිනට දහමට ලැදි සිංහල බෞද්ධ ජනතාව ගසා කන තවත් ප්‍රෝඩාකාරී ක‍්‍රියාවලියක් තිබෙන බව ඔබ දන්නවා ද ?
ආවට ගියාට හොඳ සිහියෙන් තොරව, කලබලේට පින් කර ගන්න යන්නේ නැතිව, පහත සඳහන් කරනු ලබන කරුණු පිළිබඳව මනා සිහියෙන් යුතුව කටයුතු කරන්නෙකු හට, ශතයක්වත් වියදම් නො කර, කිරි හරක් මරණින් මුදවා ගැනීමේ පුණ්‍යකර්මයට දායක වන්නට පිළිවන් බව ඔබ දන්නවා ද ?
ඒ මෙසේ ය . . .
මස් පිණිස ඕනෑම ගවයෙකු ඝාතනය කිරීම සඳහා ‘ගෝ ඝාතකයෝ’ ආඥා පනතේ සහ පළාත් පාලන අණ පනත්වල සඳහන් විධි විධාන ප‍්‍රකාරව, අදාළ පළාත් පාලන ආයතනයේ සභාපතිගෙන් හෝ නගරාධිපතිගෙන් ඒ සඳහා බලපත‍්‍රයක් ලබා ගත යුතුව ඇත.
එම බලපත‍්‍රය ලබා දීමේ දී,
අදාළ සතාගේ අයිතියේ නිරවද්‍යතාවය, වයස, ස්ත‍්‍රී පුරුෂභාවය, එළහරකෙක් ද මීහරකෙක් ද යන වග සහ සතාගේ නිරෝගීකම යන කරුණු කාරණා නිත්‍යානුකූලව තහවුරු කර ගත යුතුව ඇත.
මෙම ක‍්‍රියාවලිය සඳහා ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරී, මහජන සෞඛ්‍ය පරික්ෂක, හා පශු වෛද්‍යවරයා සම්බන්ධ වනු ඇත.
කෙසේ වෙතත්, පැටවුන් ලැබිය හැකි වයසේ සිටින කිරි හරක්, මස් සඳහා ඝාතනය කිරීම ශ‍්‍රී ලංකාව තුළ නීතියෙන් තහනම්ය.
ඒ සඳහා බල පැවැත්වෙන අණ පනත්වල සඳහන් විධි විධානයන් මෙසේය.
අදාළ ගවයා එළදෙනකු, මීහරකෙකු හෝ එම වැස්සියක් නම්,
2 1988 අංක 46 දරන පනතෙන් සංශෝධනය වූ, 1958 අංක 29 දරන සත්ව පනතේ 2 වගන්තිය සහ ප‍්‍රධාන පනත යටතේ සාදන ලද, 1962/08/20 දින 13268 අංක දරන රෙගුලාසියේ 7 වගන්තියෙන් නියම කර ඇති අවශ්‍යතා සපුරා ඇත්ද යන්න විමසා බලා පළාත් පාලන ආයතනය විසින් සෑහීමකට පත්වේ නම්, 6 වැනි නියෝගය යටතේ (ගෝ ඝාතකයෝ ආඥා පනතේ) අවසර පත‍්‍රයක් නිකුත් කළ යුතු බව සඳහන් වේ. (මෙම රෙගුලාසිය, 2000/03/14 දින අංක 1123/7 රෙගුලාසියෙන් ද, 2009/11/26 දින අංක 1629/17 රෙගුලාසියෙන් ද සංශෝධනය වී ඇත.)
1962/08/20 දින 13268 අංක දරන නියෝගයේ 7 වගන්තියෙන් නියම කර ඇති අවශ්‍යතා.
කිසියම් එළදෙනෙකු, මීහරකෙකු හෝ එම වැස්සියක් ඝාතනය කිරීම සදහා පළාත් පාලන ආයතනයක් විසින්, අදාළ සතා,
# විකලාංග සහිත ද
# අභිජනන කටයුතුවලට නුසුදුසු බවටද
# සී සෑම කළ නො හැකි බවටද
# වයස අවුරුදු 12 ඉක්මවා ඇති බවටද
# ස්පර්ශයෙන් බෝවන ලෙඩක් නැති බවටද
# ගර්භිණීව නො සිටින බවටද,
# සතා විසූ ස්ථානයේ සිට 3 km අර්ධ විෂ්කම්භය ඇතුළත, සහතික කරන දිනට මාස 3 පෙර කිසිදු බෝ වන ලෙඩක් නො තිබූ බවටද
ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරිතුමා විසින් සහතික කල යුතුය.
ඊට අමතරව, පහත සඳහන් ලිපිලේඛන පළාත් පාලන ආයතනයට භාර දිය යුතුය,
# ප‍්‍රවාහන බලපත‍්‍රය
# ගව වවුචරය
ඉහත සඳහන් කරුණු අඩුම තරමින් එකක්වත් සැපිරීමට අපොහෙසත් වුවහොත් 6 වැනි නියෝගය යටතේ අවසර පත‍්‍රයක් නිකුත් නො කළ යුතු බව සඳහන් වේ.
මේ අනුව, ඉහත කී, කොන්දේසි සියල්ලෙන් ම කිරි හරකුන් මස් පිණිස ඝාතනය කිරීම, ශ‍්‍රි ලංකාව තුළ නීති මඟින් වළක්වා ඇත.
එළ හරකුන් මැරීම නීති විරෝධියි. වහාම ක‍්‍රියාත්මක වන්න.
එබැවින් දැනටමත් නීතියෙන් අභය දානය ලබා ඇති කිරි හරක්, ලොකු මුදලක් විය පැහැදැම් කර, බේරා ගැනීම පසෙකලා, අප කළ යුත්තේ ඉහත කී නීති රෙගුලාසිවලට පටහැනි ලෙස, එසේ ඝාතනය සඳහා කිරි හරකුන් සූදානම් කර ඇති ස්ථානය සහ තැනැත්තා පිළිබඳව, පොලීසියට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කිරීමයි. 119 අංකයට දැනුම් දී, අදාළ නීතිමය කරුණු කාරණා පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡා කර, එකී නීතිමය ප‍්‍රතිපාදන උල්ලංඝනය කෙරී තිබෙනවා නම්, එම කිරි හරකාට කිසිදු මුදලක් වියදම් නොකරම, නීත්‍යානුකූලව අභය ලබා දිය හැකි ය.
අවශ්‍යය නම්, නීතිඥවරයෙකුගේ සහය ද ලබා ගත හැකියි. හැබැයි එවන් අවස්ථාවල දී නිසි ලෙස නීතිය ක‍්‍රියාත්මක කොට, මේ පුණ්‍යකර්මයට දායක වීම අදාළ නිලධාරීන්ගේද යුතු කමක් වනු ඇත.
ගවයින් මස් පිණිස ඝාතනය කිරීම අප හට මහත් පිළිකුල් සහගත සහ පවුකාර ක‍්‍රියාවක් වුවද, සුද්දන් විසින් පැන වූ නීතිරීති ප‍්‍රකාරව, එය තව දුරටත් නිත්‍යානුකූල වන බැවින්, ආගමික සාමයේ නාමයෙන් ඇහැ කන පියා ගෙන සිටින්නට අපට සිදුව ඇතත්, එකී සහ පහත සඳහන් නීති පිළිබඳ දැන සිටීමද ඔබට වැදගත් වනු ඇත.
* ගවයෙකු ඝාතනය කිරීම සඳහා බලපත‍්‍රයක් ලබාගත් පසු, අදාළ ගවයා ඝාතනය කිරීමට පළමු ගෝ ඝාතක පනතේ 15 වගන්තිය යටතේ නිසි බලධාරියා විසින් නියම කරන ලද කිසියම් පහසු ස්ථානයක ඝාතනයට ප‍්‍රථම පැය 24ක් තුළ ගවයන් මහජනයාට පෙනෙන සේ ප‍්‍රසිද්ධියේ තැබිය යුතුය.
* 14 වගන්තියට අනුව, නිසි බලධාරියා නියම කරන ස්ථානයේ දී හෝ පොදු ගෝ ඝාතන ස්ථානයක දී සහ උදේ 6 හා සවස 6 අතර ඝාතනය සිදු කිරීම කළ යුතුය. කෙසේ වෙතත් මේ ආඥා පනතේ සඳහන් විධි විධානයන් එළුවන්, ඌරන් වැනි සතුන් මස් පිණිස ඝාතනය කිරීම සඳහාද අදාළ වේ.
මේ නීතිය පිළිබඳව දන්නා ගව ඝාතකයින් කරන්නේ, අපල විපත් දුරු කර ගැනීම සඳහා කිරි හරකෙකුට අභය දීමේ පුණ්‍යකර්මය කර ගැනීමට අවශ්‍ය යැයි කියා තමන් හමුවට පැමිණෙන අහිංසකයා වෙනුවෙන්, තමන් හෝ තම ඥාතීන්, ඇති කරනු ලබන එළදෙනකු රැගෙන විත් ලොකු ගාණක් යටි මඩි ගැසීම බව අවධාරණය කරමි.
මෙකී මූලික නීතිරීති පවා නොතකා, මේ දහම් දිවයිනේ අනන්තවත් මස් පිණිස කිරි හරකුන් ඝාතනය කෙරෙනවා වුවත්, නීතියේ සහ දැනුවත් ඔබගේ කනින් රිංගන්නට කට්ට කපටි වෙට්ට පිත්තලයන්ට ඉඩ දෙන්න එපා.
මෑතක දී පුවත්පත්වල පවා පළ කෙරුණු එක්තරා පුවතකින් කියවුණේ, තම කන කර උකස් කර කර එළදෙනක් සහ උගේ පැටියාව බේරා ගත් උතුම් තරුණියකගේ පුවතකි.
මේ පුවත විමසා බැලීමේ දී පෙනෙන්නට තිබෙන බරපතල කාරණා වන්නේ එකී එළදෙන සහ පැටියාව ඝාතනය කිරීම සඳහා අදාළ පළාත් පාලන ආයතනයේ සභාපති විසින් බල පත‍්‍රයක් ලබා දී තිබුණා ද ? ලබා දී තිබුණා නම්, එසේ ඝාතනයට සුදුසු බවට නිර්දේශ ලබා දුන්නේ කවුද ?, තම පැටියාට කිරි දෙමින් සිටි එකී එළදෙන තවදුරටත් පැටවුන් බිහි කරන්නට බැරි, අබල දුබල, සී සෑම කළ නො හැකි, වයස්ගත එළදෙනක් බවට අදාළ කොට්ඨාසයේ පශු වෛද්‍යවරයා සහතික කර තිබුණා ද ? එසේ නම් ඒ කෙසේ ද ? මේ කාරණා ටික විමසා බැලූවා ද ? යන්න ගැටලූ සහගත ය.
ඉහත කාරනා මෙහි ලියා තැබුවේ කිසිවෙකු හෝ අපහසුතාවයට පත් කිරීමට නො වන බවත්, නූතන කච්ඡපුට පරපුරේ ඇත්තන් අපේ කනෙන් රිංගන්නේ අපගේ නොදැනුවත්භාවය නිසා බව අවධාරණය කිරීමට බවත් සැලකුව මනාය.
උපුටාගැනීමකි . . .

ඒත් කියන්න තියෙන දේ දාන්න තියෙන දේ නොදා ඉන්නත් බැහැ නොවැ...