~ මුහුදු මහා විහාරය බලා - පොතුවිල් ~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    ~ මුහුදු මහා විහාරය බලා - පොතුවිල් ~

    ~ මුහුදු මහා විහාරය බලා - පොතුවිල් ~

    M03_zpsd95b9500.png


    මේ වෙසක් පෝදාට පසුදා අපිත් අම්පාරට ගියා. දවස් දෙකක trip එක විදියට තමයි ගියෙ. අවංකවම කිව්වොත් අපි යන trip මහාලොකුවට සැලසුම් කරන්නෙ නෑ. නිවාඩුවක් ලැබුනොත් කොහේ හරි යනව. ඒ නිසාම යන පලාත ගැන පූර්ණ අවබෝධයක් නෑ. ඇත්තටම ඒක පාඩුයි. ඒ නිසාම ගොඩක් වටිනා කියන තැන් වලට අපිට යන්න බැරි වෙනව. මේකත් ඒවගේම තමා ඒත් පුලුවන් උනු ගොඩක් තැන් වලට ගියා.

    mytrip_zpsf4e9a49a.png

    trip එක ගිය සම්පූර්ණ මාර්ගය. සම්පූර්ණ දුර 842km.

    ගමපහ ඉදන් අම්පාරෙ යන්න ක්‍රම කීපයක් තිබුනත් අපි මුලින්ම තෝරගත්තෙ දුරම පාර. ඇත්තටම මුලින්ම හිතුවෙ ඒක තමා ලගම පාර කියල. ඒ උනත් පොලොන්නරුව හරහා යන එකෙන් 100km විතර වැඩි උනා. හැබැයි ඉතිං සම්පූර්ණ ගමනෙම හම්බුනු සියලුම මාර්ග හොදටම හදල තිබ්බ. අවිස්සාවෙල්ලෙ ඉදන් රුවන්වැල්ලට එනකම් තිබුනු මාර්ගය විතරයි පොඩ්ඩක් අබලන්. ඒකත් වැඩිය නෑ. ඉතුරු සියලුම මාර්ග හොදටම තිබුන. අතරමග ගිය සියලුම තැන්වල photos එක්ක තොරතුරු දැන්මොත් ත්‍රෙඩ් එක ගොඩක් ලොකු වෙනව. ඒ නිසා අම්පාරෙ ටික විතරක් දාන්නම්.

    M13_zps65b261f6.png


    අරුගම්බේ බීච් එකේ ගත කරලා එහි “උල්ල” නමැති සුන්දර වෙරළ තීරයේත් ගතකර ඉන්පසු අරුගම්බේ ප්‍රකට පාළම පහුකරල පොතුවිල් හන්දියට අව. පොතුවිල්වලට ආවහම අපිට වැදගත් බෞද්ධ පූජනීය සිද්ධස්‌ථානයක්‌ දකින්න ලැබෙනවා.. ඒ තමයි “මුහුදු මහා විහාරය”.

    ~ මුහුදු මහා විහාරය ~

    M05_zps06cc7d89.png


    නැගෙනහිර පළාතේ පොතුවිල් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිමේ පිහිටා ඇති ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ථේරවාද පන්සලකි. බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිමයක් හා බෝධිසත්වවරුන් හෝ අතීත පාලකයන් යැයි සැලකෙන පිළිම දෙකක් සහිත කැටයම් වලින් යුත් ශෛලමය පිළිම ගෙයක් හා ගල් කනු ඇත. විහාර මහා දේවිය ගොඩ බට ස්ථානය මෙය බවටද ජනශ්‍රැතියේ විශ්වාසයක් ඇත.මෙය අනුරාධපුර යුගයේදී කාවන්තිස්ස රජු විසින් ඉදිකරන ලද බව පිලිගැනේ.

    M09_zps26b8b1f7.png


    මේ කාලයේදී නොසිතූ විදිහට මුහුද ගොඩගලා රටට මහා උපද්‍රවයක්‌ සිදුවූ අතර ඒකට තිබුණු එකම විසඳුම විදිහට හඳුනාගත්තෙ කැලණිතිස්‌ස රජුගේ දියණිය වූ විහාරමහා දේවිය නෞකාවක නංවා මුහුදේ පාකර හැරීමයි. මෙසේ විහාරමහා දේවිය විශේෂිත යාත්‍රාවක නංවා මුහුදේ පාකර හරින ලදී. අවසානයේදී පාවී ගොස්‌ ඇයගේ යාත්‍රාව ගොඩගැසුවේ නැගෙනහිර පළාතේ පොතුවිල්වලට යාබද කෝමාරියට නොහොත් එදා “කුමාරිය” කිවූ තැනටයි. ඉන්පසු එම යාත්‍රාව පොතුවිල් මුහුදු මහා විහාරය දැන් පිහිටි වැලිතලාවට රැගෙන ආ බවයි ජනප්‍රවාදයේ එන්නේ. ඒත් කිරින්ද ගැන කතාකරන විටත් විහාර මහා දේවිය ගොඩබැස්‌ස තැන හැටියට එතැනත් විස්‌තරයක්‌ කරනව. මේ ස්‌ථාන දෙකටම විහාරමහා දේවියගේ කතාව සම්බන්ධ කරනවා. මේකෙන් කොයි කතාව නිවැරදි දැයි හරියට දන්නේ නැති වුනත්, පොතුවිල් මුහුදු මහා විහාරය ඉදිකළේ ඒ සිදුවීම ස්‌මරණය කිරීම සඳහා බවයි කියවෙන්නේ.

    M08_zpsa6155968.png


    එමෙන්ම මුහුදු මහා විහාරය නැගෙනහිර පළාතේ මුස්ලිම්
    අන්තවාදය විසින් ගොදුරු කරගනිමින් පවතින බෞද්ධ සිද්ධස්ථාන අතරින් දැඩි ලෙස තර්ජනයට ලක් වූවකි. වසර දෙදහසකට වඩා පැරැණි දුටු ගැමුණු මහා රාජ යුගයටත් ඔබ්බෙන් ඇරඹෙන මේ ඓතිහාසික විහාර සංකීර්ණය ඓතිහාසික වශයෙන් අතිශයින්ම වැදගත් ස්ථානයකි. 1962 දී පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම භුමියට අයත් අක්කර සිය ගණනකික් අද ඉතිරිව ඇත්තේ ඉතාම කුඩා භූමි ප්‍රදේශයකි. වසර දෙදහසකට වඩා පැරැණි දුටු ගැමුණු මහා රාජ යුගයටත් ඔබ්බෙන් ඇරඹෙන මේ ඓතිහාසික විහාර සංකීර්ණය ඓතිහාසික අධිරාජ්‍යවාදී පාලන සමය තුළ මෙම භූමිය අක්‌කර 264 වපසරියක විහිදී තිබී ඇත. මෙරට විසූ කීර්තිමත් පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු වන චාල්ස්‌ ගොඩකුඹුර මහතා ගැසට්‌ නිවේදනයකින් 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත මගින් අක්‌කර 30 රූට්‌ 3 යි පර්චස්‌ 2 ක භූමි ප්‍රමාණයක්‌ පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙස නම් කරන ලදී. එලෙස වෙන් කළ පුරාවිද්‍යා රක්‌ෂිතයක අද ඉතිරිව ඇත්තේ අක්‌කර පහක පමණ ප්‍රමාණයකි.

    M07_zps3e411b0c.png


    පොලොන්නරු, අනුරාධපුරේ අපේ උරුමය වැඩියෙන්ම තියෙනවා කියලා හිතාගෙන හිටියත් අපේ නියම උරුමය සෑහෙන ප්‍රමානයක් තියෙන්නේ නැගෙනහිර පළාතෙ. එහෙත් පෘතුගීසි කාලයේ ඉදලා අද වෙනකම් මේ ඓතිහාසික වැදගත් ස්ථාන විවිධ ආගමික බලපෑම් නිසා විනාශවෙමින් පවතිනව. මඩකලපු දෙසට තිබෙන බොහෝ උරුමයන් දැනටම විනාශවෙලා අවසන්. දැනට අම්පාර දෙසට තියෙන බොහෝ උරුමයන් තර්ජනයට ලක්වෙලා. අනාගතයේ අනිවාර්යයෙන්ම මේ ඉතුරු ටිකත් අපිට නැතිවෙනවා. හැබැයි එහෙම නැතිවෙනවා කිය කිය අන්තර්ජාලයට වෙලා ඉදන් කෑගැහුවට නම් වැඩක් නෑ. අඩුම තරමෙන් තියෙන තර්ජනය බලන්න යන්නවත් ඕනෙ. ඒ වගේම ඒ තර්ජන එල්ල කරන කණ්ඩායම් වලට කුනුහරපයෙන් හෝ වෙනයම් ක්‍රමයකට බැන්නට මේ තර්ජන නවතින්නෙ නෑ. ඒ සදහා යම් වැඩ පිලිවෙලවක් දියත් කල යුතුයි.

    M06_zps186437ae.png


    වර්තමානයේ මුහුදු මහා විහාරය සෑහෙන ලෙස විනාශ වෙලා තියෙන්නෙ. ඇත්තෙන්ම ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පන්සලකද කියල හොයා ගන්න බැරි තරමට විනාශවෙලා. ඒ වගේම වෙසක් පෝය දවසෙත් හිටපු සම්පූර්ණ පිරිස ගනන් කිරීමට හැකි තරම් ඉතා සුලු පිරිසක්. විහාරයට අයත් සියලු ගොඩනැගිලි පර්චස් 50ක් තරම් වත් දුරට විසිරිලා නෑ. මේ වන විට බොධීන් වහන්සේ ආරක්ශා කරගනිමින් බොධි ප්‍රකාරයක් ඉදිවෙමින් පවති. එමෙන්ම හමුදා නිලධාරීන් යොදවා ආරක්ශාවද යම් දුරකට තර කර ඇත. මුහුදු මහා විහාරය හා බැදුනු ඛේදවාචක බොහොමයක් අන්තර්ජාලය පුරාම විසීරී තියෙනෙ බැවින් ඒ ගැන නැවතත් ඉදිරිපත් කරන එක තේරුමක් නෑ..

    මුහුදු මහා විහාරය ගැන බොහෝ දෙනෙක් අන්තර්ජාලයේ වගේම,පුවත් පත් වලත් මුස්ලිම් වරු ආක්‍රමණය කරන බවත්, යම් යම් සිද්ධීන් නිසා පිළිගත නොහැකි තොරතුරු මුදා හැරීමත් සිදුකරනව. ඒ වගේම මෙහි මුස්ලිම් අන්තවාදය හිස ඔසවන්නෙ ඔවුන්ගේ හැකියාවට වඩා බෞද්ධ අප හැමගේ නොහැකියාව නිසයි. ඒ පිළිබදව මනාවට ඔප්පුවෙන කරුනු කාරණ බොහොමයක් දැකගත හැකියි.

    M02_zps5e8d7a4b.png


    පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් පුරාණ නටබුන්, එම විහාර භුමිය හා ඒ අවට ප්‍රදේශය පුරා තැනින් තැන විසිරිලා තිබෙනවා දකින්න පුළුවන්. කිසිදු සංරක්ෂණය කල නටබුන් දකින්නටද නැහැ. වැල්ලේ තැනින් තැන මතු වී ඇති නටබුන්ද වෙනවා. අව්වට වේලෙමින්,වැස්සට තෙමමින් දිරාපත් වී පවතිනවා. මේ නටබුන් මුස්ලිම්වරු විනාශ කරනවා කිය කියා දොඩවමින් බැන බැන හිටියට අඩුම තරමින් ස්වභාවික ලෙස සිදුවන විනාශයන් නැවත් වීමටද කිසිදු පියවරක් මෙතෙක් අරගෙන නැහැ. එමෙන්ම මුසිලිම්වරු ආක්‍රමණය කරනවා යැයි කියමින් බොරු අන්තර්ජාල වීරයින් බිහිඋනද සිදු වී ඇත්තේ රක්ෂිත භුමිය වටා මායිමක් නොමැති වීම නිසා, අවට ඉඩම් හිමියන් පුළුල් කරන බවයි. මෙය හෙට දිනයේදීත් සිදුවෙ. එමනිස සිදු කලයුත්තේ හම්බය හම්බයා කියකියා කෑගසමින් ඉන්නවාට වඩා හැකි ඉක්මනින් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මගින් මේ විහාර ස්තානයට අයත් සතර මායිම ආරක්ශාකර දීමයි.

    M11_zps3d8f9ff9.png

    විහාරයේ සිට මුහුද පෙනෙන අයුරු

    එක දේශපාලනයෙකු විසින් ඩෝසර් කිරීම හේතුවෙන් මෙම පුරාවිද්‍යා රක්ෂිතයේ අයිතිය නිරවුල් වන තෙක් කිසිදු පාර්ශවයකට ඇතුළු වීම තහනම් කර ඇති බව, පොතුවිල් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක,වසන්ත කුමාර මහතා පවසා ඇත. මුස්ලිම් වරුන්ට ඉඩම් ආක්‍රමණය කරන බවත්, අන්තවාදීන් බවත්,නටබුන් විනාශ කරන බවත් කරන ප්‍රකාශ පැහැදිලිවම කුහක කමකි. 75% වූ බෞද්දයන්ද, රටේ ජනාධිපතිද, මෙය කියවන බෞද්ධ ඔබද කුමන පදනමක් මත මෙම ව්‍යාජ ක්‍රියාවන් පිළිගත්තත්; විහාරය වටා මායිම් ගසා වැටක් ඉදි කර දෙන්න බෞද්ද සමාජයට හැකිවී නැත. සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් දන්සල්,තෝරන් ඉදිකරමින් ලක්ෂ ගණන් මුදල් වියදම් කල මුත් වැටක් ගසා ගැනීමට රු: 20,000 වත් වියදම් වෙන්නේ නැත. සිදු වුයේ වැරද්ද මුස්ලිම් වරුන් මත පටවා ඇග බේරාගැනීමය. ආක්‍රමණයක් එනවා නම් එය නැවැත්වීමට පියවර ගතයුතුව ඇත. නැතුව අපි සිංහයන් අපේ උදාර ලේ දරුණුයි යනුවෙන් පුස් ටෝක් දීදී හිටියාට පලක් නැත. එමෙන්ම ඔවුන්ට බනිමින් හිටියාටටද පලක් නැත.

    M10_zpse13147d0.png

    විහාර භූමියෙ ගොඩගැසුනු වැලිකදු

    වර්තමානය වනවිට විහාරස්ථාන 200 කට අධික ප්‍රමාණයක් පසුගිය අවුරුදු 20 තුල වැසි ගොස්ය. හිමිවරුන් අල්ප වීමත්,විහාරස්ථාන කරා යන ජනයා අඩු වීමත්,හිමි වරුන් විහාරස්ථාන තුල හුදකලා වීමත් නිසා විහාර භුමිය පිළිබද අවධානය හීන වී තිබෙනවා.
    කෙසේ වෙතත් මුස්ලිම් ආක්‍රමණකාරී අන්තවාදීන් ලෙස හුවා දක්වන බොදුනු සමාජය,මම ක්‍රියාවන් ඉස්මුදුනින් පිළිගනිමින් ඉස්ලාමයට පහර ගසන්නට පටන් ගෙන තිබෙනවා.නටබුන් විනාශ කරන බව කියන ඉස්ලාම් විරෝධීන් නොපෙනෙන එක කාරණාවක් තමයි දිනපතාම ලංකාවේ නිදන් හැරීම. විහාරස්ථාන වල පවතින පෞරාණික වස්තු විනාශ කරමින් රන් සෙවීම,
    වටිනා පිළිමයන් ඉතා ඉහල මිල ගණන් වලට විකිණීම. මුහුදු විහාරය පිළිබද කට මැත දොඩවන අය සුළු කොටසක් හෝ ආරක්ෂා කරන්න ක්‍රියාමාර්ගයක් ගන්නේද නැත.

    M12_zps05cc85b2.png

    මුහුදු මහා විහාරස්ථානයේ මෑතකදී විවෘත කෙරුණු අභිනව බුද්ධ ප්‍රථිමා වහන්සේ.

    මුහුදු මහා විහාරයේ චෛත්‍ය රාජයා ඉදිකිරීමේ පින්කමට ඔබත් දායක වන්න.

    මෙම සිද්ධස්තානයේ වැදගත් අංගයක් වන මුලුමනින්ම නටබුන්ව ඇති දාගැබ්වහන්සේ ඉදිකිරීම දැන් ආරම්භකර ඇත. එහි උස මීටර් 65ක් සහ පලල මීටර් 65ක් වේ. මේ සදහා යන වියදම රුපියල් මිලියන 20ක් පමන වේ යැයි ගනන් බලා ඇත.

    එමනිසා මෙම පින්කමට දායකවන්නට කැමති පින්වතුන් තම ආධාර පහත ගිනුම් අංකයට බැරකල හැකි බව ශාසනලයෙන් දැනුම් දෙමු.

    8730026100 - මුහුදු මහා විහාරය කොමර්ශල් බැංකුව පේරාදෙනිය ශාකාව.

    වැඩි විස්තර සඳහා බුදුසරණ පත්තරය බලන්න හෝ පහත මහත්වරු සම්බන්දකරගන්න.

    විශේෂඥ වෛද්‍ය කපිල ගුනවර්දන (ලේකම් - ඓතිහාසික මුහුදු මහා විහාර සංවර්ධන සමිතිය)
    දු.ක. - 0773 626 146
    ඊ-මේල් - [email protected]

    විශේෂඥ වෛද්‍ය විමලසිරි අබේකොන් (භන්ඩාගාරික - ඓතිහාසික මුහුදු මහා විහාර සංවර්ධන සමිතිය)
    දු.ක. - 0773 164 158
    ඊ-මේල් - [email protected]
    Link --->

    stupa2_zps87b63327.jpg


    Stupa1_zps019ad63d.jpg

    ඉදිකිරීමට නියමිත
    චෛත්‍යය
    Link --->

    M01_zps67c5c29f.png

    නැගෙනහිර අවසන් නගරය පානම සුන්දර වෙරළ තීරය.

    බොහෝ කරුනු අන්තර්ජාලය මගින් ලබාගත්තෙ.

    මුහුදුමහා විහාරය පිළිබද තොරතුරු හා එහි ඇති පුරා විද්‍යාත්මක වටිනාකම දැනගන්න මුහුදු මහා විහාරයට යන්න. මෙය සිංහල ජාතියට අහිමි නොවී රැකගන්න වෙර දරන මෙහි වැඩ වසන හිමි වරුන් බැහැ දකින්න. එය නැවතත් නැගෙනහිර ආලෝකමත් කිරීමට; හැකි අයුරින් සහයෝගයක් දක්වන්න.

    අපි අපේ උරුමය රැකගනිමු.
    සම්මාසම්බුදු සරණයි!

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ විස්තර අපිත් එක්ක බෙදාගත්තට ස්තූති‍යි මචන්.....

    තෙරුවන් සරණ‍යි......
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    මේ විස්තර අපිත් එක්ක බෙදාගත්තට ස්තූති‍යි මචන්.....
    තෙරුවන් සරණ‍යි......
    11.gif
    රෙප් ලගදි දීලලු. ස්තූතියි කමෙන්ටුවට.

    අපේ උරුමය!!!
    :yes: 6+

    ;) 6+

    ela.. ela..
    :D 6+

    good post machan..aye daadi Elakiri traveler section eke daana 11+
    Trip එක ගැන වැඩි විස්තරයක් දැන්මෙ නැති නිසා traveler එකේ දාලත් talk එකට මාරු කලා. :rolleyes: Next time දාන්නම්. 6+
    11.gif
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    good post machan. 4 years withara kalin mamath muhudu maha wiharaya balanna gihin thiyenawa. yanakota hitiye eka hamuduru namak witharai. Galle pette hamuduru kenek. a hamuduruwo godak duka hithena kathawak kiuwe. a hamuduruwange mahana wenna kalin jiwithaya gena. hamuduruwo podi kaledi(1991 di withara) gedarata apu pirisak hamuduruwo and thaththawa geta gahala balagena ididdima ammawa dushanaya kalalu. ita passe pihi walin kapala marala. thaththatath keththakin gahala marala. hamuduruwo duwala gihin keleka hengila berila thiyenne. passe thamai mahana wela thiyenne. me tika kiuwe hamuduruwoma thamai.
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ඔබට පින් මචන්, ෆෙස්බුක් එකෙත් ශෙයර් කරමු. අපේ උරුමය අපි රැකගනිමු.
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    good post machan. 4 years withara kalin mamath muhudu maha wiharaya balanna gihin thiyenawa. yanakota hitiye eka hamuduru namak witharai. Galle pette hamuduru kenek. a hamuduruwo godak duka hithena kathawak kiuwe. a hamuduruwange mahana wenna kalin jiwithaya gena. hamuduruwo podi kaledi(1991 di withara) gedarata apu pirisak hamuduruwo and thaththawa geta gahala balagena ididdima ammawa dushanaya kalalu. ita passe pihi walin kapala marala. thaththatath keththakin gahala marala. hamuduruwo duwala gihin keleka hengila berila thiyenne. passe thamai mahana wela thiyenne. me tika kiuwe hamuduruwoma thamai.
    :(:( TFS
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    good post malli tfs
    11.gif
    ජාත්‍යාලයෙන් ඉන්න උන්ගෙන් මේවට කමෙන්ට් නෑ අයියා. හම්බයෝ මරමු කිව්වොත් නම් කුලප්පුකාරයො ඔක්කොම එනව. :rofl: THX Rep පස්සෙ දෙන්නම් ලගදි දුන්නනෙ. :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    11.gif
    ජාත්‍යාලයෙන් ඉන්න උන්ගෙන් මේවට කමෙන්ට් නෑ අයියා. හම්බයෝ මරමු කිව්වොත් නම් කුලප්පුකාරයො ඔක්කොම එනව. :rofl: THX Rep පස්සෙ දෙන්නම් ලගදි දුන්නනෙ. :D
    :rofl::dull::cool:;)