මරුසිරාගේ ඔලුව

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මරුසිරාගේ ඔලුව

    :D:D:D:D:D:D:D:D:D:love::love::love::love::D:D:D:D:D:D:D:D:D:D

    z_p19-Remembering-1.jpg

    සිරිපාල හා රන්මැණිකායනු සුප‍්‍රසිද්ධ චිත‍්‍රපටයකි. මෙය ප‍්‍රබන්ධ කතාවක් නොවේ. සත්‍ය කතාවකි. මරුසිරා නමින් ප‍්‍රසිද්ධව සිට 1975 අගෝස්තු මස 05 වැනි දින එල්ලා මරා දමන ලද ඞී.ජේ.සිරිපාලගේ කතාව පදනම් කර ගනිමින් සිරිපාල හා රන් මැණිකා චිත‍්‍රපටය බිහිවූවේය.

    z_p15-Learn-04.jpg
    :rofl::rofl:

    ශී‍්‍ර ලංකා අධිකරණ ඉතිහාසයේ එල්ලා මරාදමන ලද අය අතරින් සිරිපාල තරම් කතා බහට ලක්වූ වෙනත් සිරකරුවකු නොසිටින්නට ඇත.

    එල්ලූම්ගහට ගිය මිනිසකුගේ මරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ කොමිසමක් පත්කැර ඇත්නම් ඒ මරුසිරා වෙනුවෙනි. අධිකරණ නියෝගයක් මත එල්ලා මරා දමන ලද පුද්ගලයකුගේ සිරුර අධිකරණ වෛද්‍යවරයකු විසින් නැවත ගොඩගෙන පරීක්ෂණයට ලක්කැර ඇත්නම් ඒ මරුසිරාගේ සිරුර පමණි.

    DSCN0107.jpg

    මෙතරම් ආන්දෝලනයකට හේතු වූ මරුසිරා මරා දැමීම මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම ශී‍්‍ර ලංකාවේ නවතා දැමීමට ද විශාල බලපෑමක් වූ සිදුවීමක් බවට මතයක් පවතී. බන්ධනාගාර ඉතිහාසයේ ඉතාමත් අපකීර්තිමත් සිදුවීමක් ලෙස ප‍්‍රකටව ඇති මරු සිරාගේ මරණය බෙහෙවින් විවාදාත්මකය. මරුසිරා මිනී මැරුම් කිහිපයකම සැකකරුවකු වූයේය. අවස්ථා කිහිපයකදීම පොලීසියට කොටුවූ මරුසිරා ඒ සෑම අවස්ථාවකදීම බන්ධනාගාරයෙන් පැන යාමට සමත් වූයේය අයෝමය කාය ශක්තියක් තිබූ බව පැවසෙන මරුසිරා තෙවරක්ම සිපිරිගෙයින් පැන ගියේය. පැන යන සෑම අවස්ථාවකම සිය පෙම්වතිය වූ රන්මැණිකා සොයා යන ඔහු යළිත් පොලීසියට කොටුවෙයි :P:P . 1974 වර්ෂයේ කරන ලදැයි කියන මිනී මැරුමක් සම්බන්ධයෙන් උසාවියේදී නඩුව විභාගවන අවස්ථාවේ මරු සිරා සිටියේ නිදැල්ලේය. ඔහු තම බිරිඳ රන්මැණිකා සමග සිටි බව පැවසේ. ඒකපාර්ශ්විකව විභාග වූ නඩුව අවසානයේ මරු සිරා එල්ලා මරා දැමීමට නියෝග කැරුණි.
    මරු සිරාට මරණ දණ්ඩනය නියමවී තිබියදී ඔහු පොලීසියට කොටුවූයේය. ඒ අනුව මරුසිරා බෝගම්බර සිරගෙදරට ගෙන එන ලදී. එහි රඳවා තැබූ මරුසිරා එල්ලා මැරීමට නියමිත දිනය වූයේ 1975 අගෝස්තු 05 වැනිදාය.

    DSCN0111.jpg

    බොහෝ දෙනකු පවසන්නේ කොතරම් ශක්තිමත් සහ හිරෙන් පැන යාමට තරම් නිර්භීත අයකු වුව ද මරුසිරා මරණයට අසීමිත බියක් දැක්වූ බවයි. මේ නිසාම මානසික ගැටලූවලට බවා බඳුන් වූ මරු සිරා අවසානයේ මානසික ප‍්‍රතිකාර ලබා ගත්තේය. ඔහුට ලබාදුන් ලාගැක්ටිල් නමැති ඖෂධය වෛද්‍යවරයා විසින් ලබා දීමෙන් පසු ඔහු වතුර ද පානය කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා එතැනින් ඉවත්වීම සිරිත වුව ද වෛද්‍යවරයා නොමග යවමින් බෙහෙත් පෙති විශාල සංඛ්‍යාවක් සගවාගෙන සිටි මරුසිරා එම බෙහෙත් පෙති විශාල සංඛ්‍යාව එකවිට පානය කැර සිහිමුර්ඡා තත්ත්වයට පත්වූයේලූ.
    තවත් පිරිසකගේ අදහස වන්නේ මරුසිරා එල්ලූම් ගසට යැවීමට පෙර දින රාති‍්‍රයේ ඔහු හිරෙන් පලා යනු ඇතැයි බන්ධනාගාර නිලධාරීන් දැඩි බියක් දැක්වූ බවයි. මේ නිසා ඔහු පැන යාම වැළැක්වීම සඳහා බන්ධනාගාරයේ කළ කෝලාහල කරන පුද්ගලයන් දමනය කිරීම සඳහා ලබාදෙන ලාගැක්ටිල් නමැති ඖෂධය විශාල ප‍්‍රමාණයක් මරුසිරාට ලබා දී ඇති බවත් ඒ හේතුවෙන් එල්ලූම් ගහට යද්දී ඔහු සිහිමුර්ජා තත්ත්වයට පත්ව සිටි බවත්ය.
    මරුසිරාගේ මරණය සම්බන්ධයෙන් බන්ධනාගාරයේ සිදුවූ දේ සත්‍ය-අසත්‍යතාව අදටත් දන්නේ එම අවස්ථාවට මුහුණදුන් පිරිස පමණි. මරුසිරා තමන් විසින්ම එකතුකැර ගත් බෙහෙත් පෙති පානය කර ස්ව කැමැත්තෙන්ම සිහිමුර්ජා තත්ත්වයට පත්වූවේ යැයි මොහොතකට නිගමනය කරමු.
    බන්ධනාගාරයේදී යමකු එල්ලා මරා දමන්නේනම් ඔහුගේ ඥාතීන්ට ඒ බව දැන්වීම සාමාන්‍ය සම්ප‍්‍රදායයි. නමුත් මරුසිරා මරා දමන බව ඔහුගේ බිරිඳට හෝ වෙනත් ඥාතියකුට හෝ දැනුම් දී නැත. ඒ වෙනුවෙන් පසු කාලීනව බන්ධනාගාර නිලධාරීන් නිදහසට කරුණු ලෙස පවසා ඇත්තේ මරුසිරා රන්මැණිකා සමග විවාහ වී නොසිටි බවයි.
    අගෝස්තු 05 දා උදෑසන පෝරකය වෙත මරුසිරා ගෙනයාමට පැමිණි බන්ධනාගාර නිලධාරින්ට බරපතළ ගැටලූවකට මුහුණ දීමට සිදුවිය. ඒ කොතෙක් උත්සාහ ගත්ත ද මරුසිරා අවදිකැර ගැනීමට නොහැකිවීමයි. ඔහු තද නින්දකය. කොතෙකුත් කතාකළ ද නැගිටුවීමට උත්සාහ ගත්තද ඔහු නැගිටින බවක් පෙනෙන්නට නැත. අවසානයේ බන්ධානාගරයේ සිය`ලූම උසස් නිලධරීන් පවා එහි පැමිණියහ. ආගමික වතාවත් සිදුකිරීම සඳහා භික්ෂූන් වහන්සේ නමක් ද පැමිණ සිටියහ. අවසානයේ බන්ධනාගාර වෛද්‍යවරයා ද පැමිණ මරුසිරා පරීක්ෂා කළ ද ප‍්‍රයෝජනයක් වූයේ නැත.
    ගිලන් මැස්සක තබා පෝරකය වෙත ගෙන ගිය මරුසිරා එල්ලා මරා දැමීමට කටයුතු කළේ ඔහු තද නින්දේ සිටියදීය. ගිලන් මැස්සේ සිටියදීම ගෙලට තොණ්ඩුව වැටිණි. අනතුරුව අඑගෝසුවා එල්ලූම් ගහ කි‍්‍රයාත්මක කළේය. සිරුර පරීක්ෂාකැර බැලූ වෛද්‍යවරයා කියා සිටියේ එල්ලා විනාඩි 18 ට පසු මරුසිරා මියගොස් ඇති බවයි.
    ‘‘මගේ මිනිහා එල්ලා මැරුවේ නැහැ. මරා දාලා එල්ලූවා ’’ යැයි කියමින් මරු සිරාගේ බිරිඳ රන් මැණිකා මහනුවර නගරය දෙවනත් කරන්නට වූවාය. මහාමාර්ගයේ කෑ ගසමින් විලාප තැබූ ඇය මහා ජන විරෝධයක් ඇතිකළාය. පුවත්පත් මගින් ද කවි කොළ මගින් ද මේ සම්බන්ධයෙන් විශාල ජන විරෝධයක් ගොඩනැගෙද්දී රජයට සිදුවූයෙන් ‘‘මරු සිරා මරා එල්ලූවාද? එල්ලා මැරුවාද?’’ යන්න පිළිබඳ නිවැරදි තීරණයක් ගැනීම සඳහා රජයෙන් කමිටුවක් පත් කැරුණි. මහාභාරකරු මහින්ද ඇහැලේපොල මහතා එහි ප‍්‍රධානියා වූයේය.

    සියලූ සාක්ෂි කැඳවීමෙන් පසුව මරුසිරාගේ මළ සිරුර යළිත් ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කැරුණි. එය භාරවූයේ එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශ ප‍්‍රධානී චන්ද්‍රා අමරසේකර මහතාටය. පසු කලෙක අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරයකු වූ චන්ද්‍රසිරි නිරිඇල්ල මහතා ද ඔහු සමග සිටියේය.
    මරුසිරා එල්ලා මැරුවා ද ? මරා එල්ලූවා ද ? යන්න පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක නිගමනයට එළඹීම මෙම පරීක්ෂණයේ අරමුණ වී තිබිණි.
    කෙසේ වෙතත් එදා වළෙන් ගොඩගත් මරු සිරාගේ සිරුර සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමෙන් පසු ඔහුගේ හිස්කබල පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ තැන්පත් කැර තිබිණි. පසු කලෙක පේරාදෙණියේ සිට කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යා ඒකකයේ ප‍්‍රධානියා බවට පත්ව පැමිණි මහාචාර්ය නිරිඇල්ල මහතා මරුසිරාගේ හිස්කබල කරාපිටිය වෛද්‍ය විද්‍යාලයට ගෙන ආවේය. එය මේ දක්වාම කරාපිටිය වෛද්‍ය පීඨයේ තැන්පත් කැර තිබේ.

    සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වන්නේ මරුසිරා මියගොස් ඇත්තේ එල්ලා දැමීමෙන් නොවන බවයි. ඔහු සිහිමුර්ජා වී සිටියදී එල්ලා දැමීමෙන් අඩි දෙකයි අගල් දෙකක් සිරුර පහළට පැමිණීමෙන් තොණ්ඩුවෙන් ගෙල සිරවී ඔහු මියගොස් ඇති බව ද නිගමනය කැරුණි. එය එල්ලා මැරීමක් නොවන බව අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශය විය.

    අධිකරණයේ නියෝගය වූයේ ‘‘මැරෙනතුරු බෙල්ලෙන් එල්ලා තැබීම’’ යනුවෙනි. බන්ධනාගාරයේදී මරුසිරා ගිලන්මැස්සක තබාගෙනවිත් බෙල්ලෙන් එල්ලා තිබේ. ඒ අනුව අධිකරණ නියෝගය කි‍්‍රයාත්මක කළ බව කොමිසමේ නිර්දේශය වී ඇත. අධිකරණ වෛද්‍යවරයා කුමක් පැවසුව ද පරීක්ෂණ වාර්තාව නිකුත් වීමෙන් පසු ඔහුගේ මරණය සම්බන්ධයෙන් තිබූ ආන්දෝලනය තරමක් යටපත් වී ගියේය.

    එය එසේ වුව ද මරුසිරාගේ මරණය සම්බන්ධයෙන් ගැටලූකාරී තත්ත්වයන් බොහොමයක් තිබේ. මරණ ද`ඩුවම කි‍්‍රයාත්මක කිරීමට නියමිත අයකු වුව ද සිහි මුර්ජා වූයේ නම් ඔහු ගිලන්මැස්සක තබා රැගෙන යා යුත්තේ පෝරකයට නොව රෝහලට බව නොදන්නා කරුණක් නොවේ. එහෙත් එවැන්නක් සිදුවී නැත.
    මරුසිරාගේ හිස්කබල වර්තමානයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ තබා තිබේ. කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ යූ.සී.පී.පෙරේරා මහතා පසුගියදා අපූරු වැඩකට අතගසා තිබිණි. ඒ කරාපිටියේ දැනට ඇති හිස්කබල් එකිනෙක පරීක්ෂාකොට එහි සම්භවය හා ජනවර්ග ලෙස කවර වර්ගයකට අයත් වන්නේ ද යන්න සොයා බැලීමයි.

    මිනිස් හිස්කබලක ස්ථාන සහ දිශාවන් අනුව ලබාගන්නා මිනුම් 29 ක් සංසන්දනය කිරීමෙන් අදාළ නිගමනයන්ට එළැඹිය හැකි බව වෛද්‍ය පෙරේරා මහතා පවසයි.
    විශේෂඥ වෛද්‍ය පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

    ‘‘අපි ලබාගන්නා මිනුම් අනුව පුද්ගලයකුගේ ගැහැණු-පිරිමි බව, කායික ස්වභාවය, උස, වයස, කායික ස්වරූපය, තීරණය කළ හැකියි. දැනට ලෝකයේ විවිධ රටවලින් තම ජනවර්ගයන් සම්බන්ධයෙන් එවැනි මිනුම් ලබාගෙන දත්ත රැස්කැර තිබෙනවා. අපි මේ අවස්ථාවෙදී මරු සිරාගේ හිස්කබලත් පරීක්ෂාවට ලක් කළා. ඔහු ගැන තිබූ කතා බොහොමයක දැක්වුණේ ඔහු ඉතාමත්ම හැඩිදැඩි විශාල ශරීරයකින් හෙබි පුද්ගලයකු බව. එම කථාවල සඳහන්වූ ඔහුගේ අසීමිත කාය ශක්තිය ගැනත් කියවුණා. සැබැවින්ම ඒ සියල්ල සත්‍යයක් බව අපේ පරීක්ෂණයෙන් සනාථ වුණා. ඔහු සාමාන්‍යයෙන් උසැති පුද්ගලයෙක්. අපි හිස්කබල් 113 ක් විශ්ලේෂණය කළා. ඒ අතරින් මරු සිරාගේ හිස් කබල අනිත් හිස්කබල්වලට වඩා විශාලයි. ඒ අනුව තීරණය කළ හැකියි ඔහු අසාමාන්‍ය ශක්තියකින් යුතු පුද්ගලයකු විය හැකි බව.’’
    වෛද්‍යවරයා පවසන්නේ මරුසිරාගේ හිස්කබල ශ‍්‍රී ලාංකික ජන කොටස් හා සන්සන්දනය කිරීමේදී ඒවා සමග නොගැළපෙන බවයි. ඔහුගේ හිස් කබල වඩාත් ගැලපී ඇත්තේ යුරෝපීය ජාතිකයන්ගේ හිස්කබලට බව ද වෛද්‍ය පෙරේරා මහතාගේ නිගමනයයි.
    වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා පවසන්නේ මරු සිරා මරාදමා එල්ලූවාද? එල්ලා මරා දැමුවා ද? යන්න ගැන සොයන්නාසේම මරුසිරා යුරෝපීය ජාතිකයකුගෙන් පැවත එන පරපුරක සාමාජිකයකු ද යන්න පිළිබඳවත් සැකයක් ජනිත වී ඇති බවයි. මියගොස් වසර හතළිහකට ආසන්න වුව ද මරු සිරා තවමත් කතා බහට ලක්වූ චරිතයක් බවට පත්ව තිබේ.
    [/SIZE]

    කතාව හොද නම් අපිටත් සලකලා යන්න අමතක කරන්න එපා...

    :love: C U Guys :love:

    My Other threds

    Supiri gemak
    http://www.elakiri.com/forum/showthread.php?t=1538798

    HOW TO BATH RIGHT WAY
    http://www.elakiri.com/forum/showthread.php?t=1412505

    Ad-Fly කරදරෙන් බේරෙන්න එන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1547110

    Telephone Athal part 1
    http://www.elakiri.com/forum/showthread.php?t=1356895

    Telephone Athal part 2
    http://www.elakiri.com/forum/showthread.php?t=1548972

    Telephone Athal part 3 :P
    http://www.elakiri.com/forum/showthread.php?t=1549103
     
    Last edited:

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෆ්ෆා....... මම මේක බුක්මාර්ක් දාගත්තා....... මේක මෙහෙම හදිස්සියේ කියෝලා බෑ..... ඔන්න 11කින් සැලකුවා එහෙනං......... ;)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රන් මැණිකේ ආදර මගෙ බිරිද පෙම්බර රන්වන් මගෙ දරු සුරතල් පැටියා සුන්දර
    ඇස් වැහෙන්නට පෙර හුස්ම යන්න ඉස්සර ආසයි දකින්න මුහුණ රුබර
    ඇත්තෙන් ඔහුනම් දැරුවේ මෙ ශ්‍රි ලන්කවේ දාමරික වැඩ කරලා නේද යලුවේ
    එල්ලලාද මැරුවේ මරලාද එල්ලුවේ මේ ප්‍රේහෙලිකාව කවුද විසදුවේ

    නිර්භිත මරුසිරා කියන්න්නෙ කවුද සුමිතුරා මිණි මර මරා හැන්ගි සිටියා
    රට පුරා සිරිපාල නම් ඒයා මරුසිරා යැයි කියා ඉතිහාසෙට නමක් එක් කරා

    tfs:cool:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මං අහලා තියෙන විදියට ලංකාවේ වැඩිම වේලාවක් පෝරකයේ එල්ලලා තියලා තියෙන්නේ මරු සිරාව තමයි.

    පෝරකයේ මනුස්සයෙක්ව එල්ලා තබන්නේ අලූගෝසුවා යන තනතුරු නාමයෙන් හදුන්වන ලබන පුද්ගලයෙක් කියලා අපි දන්නවා. එකල මෙම බන්ධනාගාරයේ අලූගොසු තනතුර දැරු පුද්ගලයා මරුසිරා ඇතුලූව පුද්ගලයෝ ගණනාවක්ම එල්ලා මරාදමා තිබෙනවා. එය තමයි ඔහුට පැවරෙන රාජකාරිය.

    නමුත් දෛවයේ සරදමකටද මන්දා මේ අලූගෝසු තනතුර දැරු පුද්ගලයා මිය
    න්නේ උගුරු දණ්ඬේ ඇතිවන පිළිකා තත්වයක් නිසා. අපි කවුරුත් දන්නවා පෝරකයේ එල්ලා තබන අයෙක් මිය යන්නේ උගුර දණ්ඩ කැඩියාමෙන් කියලා. මෙහි ඇති තවත් විශේෂත්වය තමයි මේ පිළිකා තත්වය හැදෙන්නේ පුද්ගලයින් 1,000,000 එක් අයෙකු වගේ සම්භාවිතාවක් තිබිමයි.

    උගුර දණ්ඩ කැඩෙන තෙක් මිනිසුන් එල්ලා මරණයට පත්කිරිම තම රාජකාරිය ලෙස කල අයෙකුගේ මරණයට හේතුව වන්නේ උගුර දණ්ඩ ආශි‍්‍රත දුර්ලභ ගණයේ පිළිකාවක්වීම දෛවයේ සරදමක් නොවන්නේද ?
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    ගොඩාක් වටිනා ලිපියක් මචන්,
    මම ගොඩක් කල් ඉඳලා මේ පුද්ගලයා ගැන විස්තරයක් හොයා හොයා හිටිය.
    දර කපන මිනිහෙක් ගාව වැඩ කරපු අහිංසක මිනිහෙක්ලු මෙයා. මිනිස්සුන්ගෙන් වෙච්ච කරදර නිසාම දාමරිකයෙක් වෙලා තියෙන්නේ.

    අනිත් එක තමයි දවසක් Dr. හරිස්චන්ද්‍ර මහත්තය කිව්වා එයාට මරුසිරා එක්ක කතා කරන්න අවස්ථාව ලැබුනා කියල මනෝවෛද්‍යවරයෙක් විදියට. ඒ වෙලාවේ මරුසිරා කියල තියෙනවා හොඳින් ජීවත් වෙන්න කොච්චර උත්සාහ කලත් මිනිස්සු තමන්ට කරපු දේවල් නිසා මේ වගේ තත්වයකට පත්වුණා කියල.

    සෑහෙන අහිංසක පෙනුමක්ලු තිබ්බෙත්. අර Passive Character එකක් තියෙන පුද්ගලයෙක්ට දරා ගන්න බැරි තරම් පීඩනයක් සමාජයෙන් එල්ල වෙනකොට ඒ පුද්ගලයා Aggressive Character එකක් වෙනවා කියන එකට උදාහරණයක් විදියට අපිට campus එකේදී මරුසිරා උදාහරණයට දුන්න.