ඉන්දරතන හිමියන් බේරන්නට ගොස් පිළිස්සුණු

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉන්දරතන හිමියන් බේරන්නට ගොස් පිළිස්සුණු

    ඉන්දරතන හිමියන් බේරන්නට ගොස් පිළිස්සුණු ඩයස් කියන කතාව


    600577_10151709084141934_1576483811_n.jpg


    මෙම ශෝකජනක සිදුවීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ විශාල පිරිසක් රැස්ව සිටියහ. ඒ පුන් ‍පොහෝදින දළදා හිමි වැඳපුදා ගැනීමටය. එම පිරිස වෙනුවෙන් මල්, දන්සල්, සිසිල් පැන් දන්සල් හා කිරි දන්සල් ද එම ස්ථානයේ පැවැත්වෙමින් තිබිණි. කටුගස්තොට, කලුගලවත්ත, අංක 33 ඒ යන අංකය දරන ස්ථානයේ පදිංචි ටී.ඩබ්ලිව්.එස්.කේ. ඩයස් (48) මහතා තිදරු පියෙකි. ඔහුද එදින සිය බාල පුතු සංඛ සපුමල් (12) සමග දළදා වඳින්නට පැමිණියහ. ඒ වන විට වේලාව පෙ.ව. 10.45 පමණ විය. ඔවුන් දළදා වඳින්නට මල් වට්ටියක් ගැනීමට සූදානම්වෙද්දී ඒ අසල තිබූ කිරි දන්සලක් සංඛ සපුමල් පුතුගේ ඇස ගැටිණි.

    තාත්තෙ කිරි දන්සලෙන් කිරි බොමු… සංඛ සිය පියාට යෝජනාවක් කළේය. එම යෝජනාවට අවනත වූ ඩයස් සිය පුතු සංඛ සමග කිරි දන්සලෙන් කිරි කෝප්ප දෙකක් ගෙන බොමින් ඉදිරියට පැමිණියහ. ඉන් අනතුරුව සිදුවූ සිදුවීම ඩයස් මහතා විස්තර කළේ මෙලෙසය.

    මමයි පුතයි දන්සලෙන් කිරි කෝප්ප දෙකක් අරගෙන බොමින් ඉදිරියට ආවා. එතකොට සංඝයා වහන්සේ නමක්ද අපේ ඉදිරියට ආවා. උන්වහන්සේ කීවා ගව ඝාතනය හෙළා දකින්න ඕනේ. ගව ඝාතනයට මම විරුද්ධයි. දළදා වහන්සේ ඉදිරියේ අධිෂ්ඨාන පූජාවක් කරලා මම ගිනි තියාගන්නවා කියලා. ඒ හාමුදුරුවෝ එතන එහෙට මෙහෙට ඇවිද ඇවිද කිව්වා. එහෙම කියන ගමන් සිවුර හදාගෙන පෙට්‍රල් කෑන් එකකින් ඇඟට පෙට්‍රල් හලා ගත්තා. ඒ හාමුදුරුවන්ගේ වම් අතේ නිල්පාට ලයිටරයක් තියනවා මම දැක්කා. ඒත් එක්කම සංඛ පුතා ඇහුවා තාත්තෙ මේ හාමුදුරුවෝ මැරෙන්න පෙර බේර ගන්න ක්‍රමයක් නැද්ද කියලා… මට හිතුණා මේ හාමුදුරුවෝ ගිනි තියාගනියිම කියලා. මම ආයෙ දෙපාරක් හිතුවේ නැහැ. බොමින් හිටිය කිරි කෝප්පය අතහැරලා එක පාරටම හාමුදුරුවන් අත තිබුණු ලයිටරය උදුර ගන්න මම ඉදිරියට පැන්නා. ලයිටරයට මගේ අත අඟලක් වගේ තිබියදී හාමුදුරුවෝ ලයිටරය පත්තු කළා. එක පාරටම හාමුදුරුවන්ගේ ඇගේ මහා ගිනි ජාලාවක් පත්තු වුණා. මගේ ඇඟටත් ගිනි ඇවිළුණා. හාමුදුරුවො ගිනි ජාලාවකින් වැසී යන විට මම අහකට පැන්නා. ඒත් සමගම මගෙ ඇඳුම්වලට ගිනි ඇවිළුණා. මගේ ඇඟට ඇවිළුණු ගින්න නිවන්න වත් කවුරුවත් කිට්ටුවට ආවෙ නැහැ.

    මම දළදා වහන්සේ සිහිකරගෙන මගේ ඇගේ තිබුණු ගිනි තනිවම නිවාගන්න උත්සාහ කරමින් දුවන්න පටන් ගත්තා. කවුදෝ කියනවා ඇහුණා ඇඳුම ගලවන්න. ඇඳුම ගලවන්න කියලා. ඒත් එක්කම මම බිම වැටුණා. …. බිම පෙරළෙමින් මම ගින්න නිවන්න උත්සාහ කළා. ඒ අතර තමයි මගේ දෙවනි පුතා එතනට ඇවිත් මගේ ඇගේ තිබූ ගින්න නිව්වේ…….

    මමයි සංඛ පුතයි ගෙදරින් එනවිට මගේ දෙවනි පුතා හිටියෙ ගෙදර. ඒත් සිද්ධිය වුණ තැනට නුදුරින් මම වැටිලා නැගිටින කොට දෙවනි පුතා මගේ ළඟට ආවා. මට තවමත් හිතාගන්න බෑ. මම දළදා වඳින්න එනකොට ගෙදර හිටපු මගේ පුතා මේ සිද්ධිය වෙලාවෙ මගේ ළඟට ආවෙ කොහොමද කියලා. පුතා ඇවිත් තාත්තෙ……. තාත්තෙ……. කියලා මගේ ඇගේ තිබුණු ගින්දර නිවලා දැම්මා. දෙවනි පුතා ඇහුවා මගෙන් කෝ තාත්තෙ ‍පොඩි මල්ලි කියලා. ……. මම කිව්වා සංඛ පුතා මට මගහැරුණා. ඉක්මනට හොයන්න කියලා. මගේ දෙවනි පුතා සංඛ පුතාව සොයාගෙන ආවා මම ඉන්න තැනට. පසුව පුතා මාව ත්‍රීවිල් එකක දාගෙන පේරාදෙණිය රෝහලට ගෙන ගියා. එතනින් මූලික ප්‍රතිකාර කරලා මාව ගිලන් රථයකින් මහනුවර මහ රෝහලට මාරු කර එව්වා……

    මට තවමත් හිතෙනවා මාව බේරගන්න මොකක් හරි අදෘෂ්‍යමාන බලවේගයකින් මගේ දෙවනි පුතා මගේ ළඟට එව්වා කියලා. එදා මගේ පුතා නොහිටින්න මමත් හොඳටම පිළිස්සී මගේ ජීවිතයත් නැති වෙන්න ඉඩ තිබුණා. මම ඉපදුනේ මහනුවර ත්‍රිකුණාමලය විදියේ නිවසක. දළදා හිමිගේ ආශිර්වාදය ලබමින් මම ඉපදුනේ. මම හිතනවා ඒ ශක්තිය ධෛර්යය නිසා මම මේ වගේ දෙයකට පෙළඹෙන්න ඇති කියලා. මම තව තත්පරයක් ඉස්සර වුණා නම් කොහොම හරි හාමුදුරුවො අත තිබුණ ඒ ලයිටරය උදුර ගන්නවා. ඒත් ඉතින් අනේ මම මේක දැක්කෙ ක්ෂණිකව. මේ සිදුවීම වෙලාවෙ හාමුදුරුවො බේරගන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. මම බැලුවෙ හාමුදුරුවෝ අපවත් කරනවාට වඩා උන්වහන්සේ ජීවත් කරවන්නයි. මට ඒ වෙලාවේ කිසිම බියක් දැනුණේ නැහැ.

    මෙම හිමිනම අපවත් වුණා කියලා දැනගත් විට මට මහා දුකක් ඇතිවුණා. අනේ දෙවියනේ මම තව ටිකක් ඉස්සර වුණා නම් මේ හිමිනම අද ජීවතුන් අතර නේද කියලා හිතුණා……..

    මෙම සිදුවීම අවස්ථාවේ අහඹු ලෙස තම පියාගේ ජීවිතය බේරාගැනීමට පියවර ගත් ඩයස් මහතාගේ දෙවනි පුත් ඉරේෂ් දිල්ශාන් (20) මෙසේ කීය.

    මම රැකියාව කරන්නෙ මහනුවර රැජින හෝටලයේ . එදා මෙම සිදුවීම වුණ දිනයේ මට රැකියාවට යන්න තිබුණෙ දහවල් දෙකට. ඒත් එදා වෙසක් පුන් ‍පොහෝ දින නිසා තාත්තයි ‍පොඩි මල්ලියි මාලිගාවට ආවා. මමත් ඊට ටික වේලාවකට පසුව මගේ මිතුරෙක් සමග මහනුවරට ආවා. මම ටිකක් කලින් නුවරට ආවෙ දළදා මාලිගාවට ගොස් දළදා වැඳගෙන වැඩට යන්නයි. මම මහනුවරට බස් එකෙන් ඇවිත් මාලිගාව ඉදිරිපිට බස් නැවතුම්‍පොළෙන් බැස්සා. එතකොට වෙලාව දහවල් 11.00 ට විතර ඇති. මම එතනින් බැහැලා මාලිගාවට යන්න යන විට බෝ ගහ යට විශාල ගිනි ජාලාවක් දැක්කා.

    මිනිසුන් ඒ මේ අත දිව්වා. මම දැක්කා ඒත් එක්කම හාමුදුරුනමක් ගිනිගෙන කට්ටිය වටවෙලා නිමනවා. ඒත් සමගම කවුද ගිනිගෙන දුවනවා දැක්කා. එයා තනියම ගින්න නිවාගන්න උත්සාහ කළා. මට හිතුණා එයාට උදව් කරන්න ඕනෙ කියලා. මම එතනට ළංවෙලා බලනකොට දෙවියනේ ඒ මගේ තාත්තා. මම ඉක්මනට ඒ ගින්න නිවා දැම්මා. ඒ අසල තිබුණු හෝටලයකින් වතුර ඉල්ලගෙන තාත්තගේ ඇඟට දාලා තාත්තාගේ ඇගේ ඇවිලී තිබූ ගින්න නිවා දැමුවා. ඊට පසුව මල්ලි හෙව්වා. මල්ලියි මමයි තාත්තව පේරාදෙණිය රෝහලට ඇතුළත් කළා. මම පස්සෙ තමයි දැන ගත්තෙ තාත්තා මේ ගින්න නිවන්න ගිහින් තාත්තගේ ඇඟට ගිනි ඇවිළුණා කියලා .

    ඇත්තටම හරිම කනගාටුයි කියන්න. සමහරු කීවා තාත්තා තමයි හාමුදුරුවන්ට ගිනි තිබ්බෙ කියලා. තාත්තා ගියේ හාමුදුරුවෝ බේරගන්න. ඒත් මිනිසුන් මොනව කීවත් කවදාහරි සත්‍ය ජය ගනීවි ඔහු හැඟුම්බරව කීය.

    මෙම හිමිනමගේ ජීවිතය බේරා ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ බවට අද බොහෝදෙනා කතා කරති. තවත් සමහරු මෙම සියදිවි නසා ගැනීම ජීවිත පූජාවක් ලෙස අගය කරති. එහෙත් තම ජීවිතය පරදුවට තබා හිමිනම ගිනිතබා ගැනීම වැළැක්වීමට ගියේ ඒ සිදුවීම දෙස බලා සිටි සිය ගණනක් අතරින් ඩයස් මහතා පමණි. අධික ලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිටින ඩයස් මහතා දෙස බලන්නට අද කිසිවෙක්ද නැත. ඩයස් මහතාගේ පරාර්ථකාමී ඒ වීරත්වය අගය කරන්නටද අද කිසිවෙක් නැත. ඒ බව අප කනගාටුවෙන් වුවද සිහිපත් කළ යුතුය.

    - ගයා වන්නිආරච්චි / Lakbima
    ........................................

    සංස්කාරක සටහන: එතකොට ඉන්දරතන හිමියන්ව බේරගන්න ඔය කියන අදෘෂ්‍යමාන බලවේගයක් ආවෙ නැත්තේ ඇයිදැයි "නයිට්ක්ලබ් බෞද්ධයින්" සහ අබෞද්ධයින් විමසනු ඇත. අප විශ්වාස කරන ආකාරයට ඊට හේතුව වන්නට ඇත්තේ ඉන්දරතන හිමියන් සිදුකළේ පරමත්ත පාරමිතාවක් වීමයි. ඇස්-මස්-හිස්-ලේ-ජීවිත පූජා කරමින් බෝසතාණන් වහන්සේලා වේදනානුස්සතිය වඩද්දී කිසිදු දෙවි දේවතාවෙක් ඊට බාධා කරන්නේ නැත.

    අප මහ බෝසතානන් වහන්සේ ඇස්-මස්-හිස්-ලේ-ජීවිත පූජා කර පරමත්ත පාරමිතා පුරද්දී ඔය "නයිට්ක්ලබ් බෞද්ධයින්" එදත් හිටියානම් ඔවුන් එක් වී උන්වහන්සේව "ඇම්බියුලන්ස්" වල දමාගෙන යනු ඇත. අවසානයේදී සියදිවි නසා ගන්නට හැදුවා කියා හිරේත් දමනු ඇත.

    මමත්වය පසෙකලා... පරාර්ථය සිත්හී දරා... "අවිහිංසාව වෙනුවෙන් මාගේ ජීවිතය පූජා වේවා!" යන දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළ යතිවරයාණෙනි, ඔබවහන්සේ වෙනුවෙන් නැගෙන්නේ සෝ ගඟුලැල් වුවත් නැවත නැවතත් හමුවන්නා වූ මේ සසරේ රුදුරු බව මිදී සසර කෙළවර නිවන දක්වා යාමට, පිරුවා වූ මේ පාරමිතාව උපකාරයක්ම වේවා...!


    උපුටා ගත්තේ සිංහල බෞද්ධයා එකෙන් ...

    ඔය ගිනි තිබ්බයි කියල කෑ ගහපු ඈයෝ කෝ ......:frown::frown::frown:
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    derana ehema pennuwe meya gini thiyenawa wage,eth wena paththakin gaththa video ekaka hodata penawa meya eka uduranna yanawa,lankawe media ewunnam wadakma naha
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    ඔය ගිනි තිබ්බයි කියල කෑ ගහපු ඈයෝ කෝ ......
    :P:P:P:P

    :no:අපේ පොන්න වෙසලගේ හැටිනේ ඕවා
     
    Last edited:

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Puluwan nam hitha hada ganilla....

    saho me rate kaalakanni we.. ge puthalata threnna na naha me ratata wena winashaya......:angry::angry::angry::angry::angry::angry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    reputation_neg.gif
    ඉන්දරතන හිමියන් බේරන්නට... 06-02-2013 09:20 PM ගිනි තියාගැනීම බෞද්ධ ආගමට පටහැන්යි.




    මේක මට ලැබිච්ච එක ප්‍රතිචාරයක් විතරයි.:lol: මට රේප් නම් වැඩක් නැ මචන් කොහොමත්.:lol: ඒ උනාට මම උබ මේ කියල තියෙන දේට උත්තරයක් දෙන්නම්. සහෝ බුදු දහමේ එන විදිහට ගිනි තියා ගැනීම පාපයක් තමයි. ඒ උනාට ඉන්දරතන හිමියන් තමන්ට ඒ පව පුරවාගත්තේ අපි වගේ සැපට කාල.. ජොලියෙන් ඉන්න ගොබ්බයෝන්ට නෙවෙයි. අර අහිංසක වචනයක් කතා කරන්න බැරි තමන්ගේ දුක කියාගන්න බැරි තිරිසන් සත්තු දහස් ගානක් වෙනුවෙන්.:angry::angry:

    උබල කව්රු හරි හිතනවා නම් ඉන්දරතන හිමියන් වැරදි කියල මේක අහපන්..... අපි ගව ඝාතන ගැන මෙච්චර ගැඹුරින් කතා කරන්නේ මේ සිදුවීම නිසා නෙවෙයි ද. මීට කලින් එක හරකෙක් මැරුණට මේ අපි වගේ ගොන්නු ඒවා ගැන කතා කලාද.. නැ නේද...අපි එකෙක් ට වත් ඒ ගැන ගානක් වත් තිබ්බද නැ නේද....... එහෙනං මේ වගේ අකල් මරණ මින් ඉදිරියටත් වෙන එක නවත්තන එක නේද අපි කරන්න ඕනේ. නැතුව මේ හාමුදුරුවන්ගේ සිව්ර පිච්චුනද, ගිනි තියා ගත්තේ lighter එකකින්ද කියල ඔප දුප හොයන එක නෙවෙයි නේද ?????:no::no: