නි.පොලිස්පති වාස් ගුණවර්ධන අත් අඩංගුවට
ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ වුවමනාවට මිනිසුන් පැහැරගෙන ඝාතනය කරන අතර වාරයේ ව්‍යාපාරිකයන්ගෙන් ද මිලියන ගණන් මුදල් රැගෙන කොන්ත්‍රාත් ක්‍රමයට අහිංසක මිනිසුන් පැහැරගෙන ඝාතනය කළ බවට සාක්කි විශාල ප්‍රමාණයක් හෙලි වී ඇති නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අද(10) රාත්‍රී අත් අඩංගුවට ගත් අතර මේ වන විට පැය 72 ක රඳවා ගැනීමේ නියෝග යටතේ රඳවාගෙන ඇතැයි වාර්තා වේ.
පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාගේ නියෝග මත රහස් පොලිස් අධ්‍යක්ෂ ගාමිණී මතුරට සහ රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විසින් නි. පොලිස්පති වාස් ගුණවර්ධන අත් අඩංගුවට ගත්හ. ඔහුගේ සේවයද වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවා තිබේ.
අද උදෑසන 10.30 ට පමණ තෙවන වතාවටත් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිසියට කැඳවූ වාස් ගුණවර්ධනගෙන් සවස් වන තුරුම ප්‍රශ්න කළ අතර සවස 7.30 ට පමණ ඔහුගේ ලේ වල සීනි තත්ත්වය වැඩි වී ඇතැයි කී බැවින් වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර යළි රහස් පොලිසිය වෙත ගෙනාවේ ය. රාත්‍රී 9.00 ට පමණ ඔහු අත් අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග පොලිස්පතිවරයා විසින් නිකුත් කළේය.
වාස් ගුණවර්ධන විසින් කරන ලද කොන්ත්‍රාත් ඝාතන සඳහා යොදා ගත් වාහන 2 ක් ද ඒ සඳහා යොදා ගත් පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ගිනි අවිද අද අත් අඩංගුවට ගෙන තිබේ. ගිනි අවි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයෙන් නිකුත් කරන ලද ගිනි අවි වන අතර මිනි උෂී ගිනි අවි, ටී56 ගිනි අවි, සහ චෙකෝස්ලෝවැකියානු බ්‍රවුනින් පිස්තෝල 4 ක්ද ඊට අයත් වේ. වාහන දෙකින් එකක් පාතාලය විසින් භාවිතා කරන ලද එකකි. අත් අඩංගුවේ සිටින වාස්ගේ ප්‍රධාන ගෝලයා වන උප පොලිස් පරීකෂක බමුණුසිංහගෙන් ලද තොරතුරු අනුව සමහර ඝාතන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ වාහන 2 ක් ද යොදාගෙන තිබේ. ඒවා අත් අඩංගුවට ගෙන නැත.
බමුණුසිංහගේ ප්‍රකාශ අනුව වාස් ගුණවර්ධන මෙම ඝාතන සහ කප්පම් ගැනීම් වසර 2 ක් තිස්සේ කරගෙන ගොස් ඇත. සනාථ වී ඇති සාක්ෂි අතර කොළඹ සවිකර ඇති සීසීටීවී කැමරා වල සටහන් තොරතුරුද වේ. මොවුන් වාහන වලින් පුද්ගලයන් පැහැර ගැනීමට හඹා යන අයුරු, පැහැරගන්නා අයුරු පමණක් නොව පැහැරගත් පුද්ගලයින් වාහනයකින් තවත් වාහනයකට මාරු කරන අයුරු ආදී සීසීටීවී සාක්කි රැසක් මේ වන විට සොයා ගෙන තිබේ.
දෙහිවල ප්‍රදේශයේ නිවාස දෙකක කුලියට සිටි පුද්ගලයන් එළවා ගැනීමට එම නිවාස අයිතිකරුවන්ගෙන් ලක්ෂ 20 සහ ලක්ෂ 10 බැගින් ලබාගෙන ඇතැයිද හෙළි වී ඇත. ලක්ෂ 20 ක් ලබා ගත් අපරාධයේදී බමුණුසිංහට ලක්ෂ 2 ක් ගෙවා ඇති අතර ලක්ෂ 10 ක් ලබා ගත් අපරාධයේදී ලක්ෂයක් ගෙවා ඇත. පොලිස් කොස්තාපල් වරුන්ට ලක්ෂය බැගින් ගෙවා ඇත. මේ අපරාධ දෙකේදී නිවාස වල කුලියට සිටි ගෘහ මූලිකයන් දෙදෙනාම පැහැරගෙන මරා දමා තිබේ.
මීට අමතරව වාස් ගුණවර්ධන විසින් සිදුකර ඇති ම්ලේච්ඡතම ක්‍රියාව නම් උසස් පොලිස් නිලධාරියෙකු ලෙස ඔහු සහභාගී වන උත්සව වලදී හඳුනාගන්නා ව්‍යාපාරිකයන්ගෙන් පසුව කප්පම් ලබාගෙන තිබීමයි. මෙහිදී මොහු යොදා ගෙන ඇත්තේ 'කෝට්ටේ නිශාන්ත' හෙවත් 'චක්කු' නමැති පාතාල නායකයා සහ ඔහුගේ ගෝලයන් දෙදෙනෙක් වන 'චන්දන' සහ 'චාමර' නමැති දෙදෙනාය. උත්සව වලදී හඳුනාගන්නා ව්‍යාපාරිකයන් විසින් තමන්ට දෙනු ලබන visiting card වල තොරතුරු මොහු ඉහත කී පාතාලයාට ලබා දී ව්‍යාපාරිකයා බිය ගන්වා කප්පම් ලෙස ලක්ෂ 20-30 ලබාගෙන ඇත. පාතාලයා ලබා ගන්නා කප්පම් මුදලින් හරි අඩක් වාස් ගුණවර්ධනට ලබා දී තිබේ. යම් හෙයකින් කප්පම් නොදී සිටි ව්‍යාපාරිකයෙක් වේ නම් බමුණුසිංහ සහ පිරිවර යොදවා ඔහුව පැහැරගෙන කප්පම ලබා ගෙන තිබේ. පැහැරගෙන කප්පම් ලබා ගත් බොහෝ දෙනා කප්පම ලබා ගැනීමෙන් පසු ඝාතනය කර ඇත. මේ වන විට 'කෝට්ටේ නිශාන්ත' හෙවත් 'චක්කු' නමැති පාතාලයාට වාස් ගුණවර්ධන විසින් ලබා දී ඇති නම් ලැයිස්තුව 57 ක් තරමි විශාල එකකි. අද රාත්‍රිය වන තුරු 'කෝට්ටේ නිශාන්ත' හෙවත් 'චක්කු' අත් අඩංගුවට ගෙන නැත.
උත්සව වලදී උසස් පොලිස් නිලධාරියෙකු හඳුනාගැනීමට ව්‍යාපාරිකයෙකු උනන්දු වන අතර වාස් ගුණවර්ධන නම් ම්ලේච්ඡයා කර ඇත්තේ එසේ හඳුනාගන්නා ව්‍යාපාරිකයාගෙන් කප්පම් ලබා ගැනීම සහ එය නොදුන්නේ නම් මරා දැමීමයි.
වාස් අත් අඩංගුවට ගැනීම ගැන අද වන විට පළ වී ඇති වෙනත් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ද යමක් හෙළිදරව් කළ යුතුය.
වාස් ගුණවර්ධන අත් අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක ලේකම් වරයා නියෝග කරන ලදැයි ද මහින්ද රාජපක්ෂගේ වුවමනාවට වාස්ට එරෙහිව පරීකෂණ ආරම්භ කළ බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක විසින් පරීකෂණ සිදුකරන ලදැයිද කියමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුට අයත් මාධ්‍ය ආයතනයක කුලී ලියන්නෙකු වන වීර-සිංහයෙකු විසින් ගොතන ලද වාර්තා සම්පූර්ණ අසත්‍යයක් වේ.
කිසිදු මාධ්‍යයක් මේ සම්බන්ධයෙන් මුලදී වාර්තා නොකළ අතර ලංකා ඊ නිව්ස් දිගින් දිගටම කරන ලද හෙළිදරව් කිරීම් නිසා අපරාධ කරුවන්ටත් පරීක්ෂකයන්ටත් පැන යෑමට නොහැකි තැනට පත් විය. ඉහත කී කුලී ලියන්නා වාස් ගුණවර්ධනගෙන් මෙන්ම ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට දැනට අත් අඩංගුවේ සිටින පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේගෙන් ද, අනුර සේනානායක ගෙන්ද මුදල්, නිවාස හදා ගැනීමට බඩු භාණ්ඩ පමණක් නොව උත්සව සඳහා කෑම බීම පවා ලබාගෙන තිඛෙන දූෂිත පොලිස් නිලධාරීන්ගෙන් යැපෙන කුලී හිඟන්නෙකි. හිඟන ජඩමාධ්‍ය කාරයෙකි.
වාස් ගුණවර්ධන අද දිනයේද අත් අඩංගුවට ගන්නවාට දැඩි ලෙසම විරුද්ධ වූයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය ය. රඳවා ගැනීමේ නියෝග සඳහා අත්‍යාවශ්‍ය ආරක්ෂක ලේකම්ගේ අත්සන පවා ඔහු යෙදුවේ නැත. ඒ නිසා ඔහු රඳවා ගැනීමට සිදුවූයේ පොලිසියට ඇති බලතල මත පැය 72 ක් පමණි. එයින් පසුව ඔහුව මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කර රිමාන්ඩ් කළ යුතු වේ. රිමාන්ඩ් කිරීමෙන් පසු මෙම දීර්ඝ පරීකෂණයක් සඳහා ඔහුගෙන් ප්‍රශ්න කිරීම අඩාල වනු ඇත. ඉටිපන්දමක් පත්තු කළ සරසවි සිසුවෙකුට පවා දින 90 රැඳවුම් නියෝග නිකුත් කරන ආරක්ෂක ලේකම් මෙහිදී රැඳවුම් නියෝග නිකුත් කිරීමට පස්ස ගසා තිබේ. මේ වන විටද වාස් වැනි තුප්පහි මිනීමරුවෙකු වෙනුවෙන් නීතිඥ අනුජ ප්‍රේමරත්න සමග නීතිඥ දෙපොලක් පෙනී සිටී. මහින්ද රාජපක්ෂ පවා මුලින්ම කීවේ වාස් අත් අඩංගුවට නොගෙන ප්‍රශ්න කර යවන ලෙසයි. වාස් ගුණවර්ධනට එරෙහිව දැනට හෙලි වී ඇති චෝදනා හෙට(11) සවස 3 ට මරා වෙත ඉදිරිපත් කරන්නැයි මහින්ද රාජපක්ෂ රහස් පොලිසියේ අධ්‍යක්ෂ ගාමිණී මතුරටට නියෝග කර ඇත.
වාස්ගේ ඝාතන ගැන හෙලිවෙමින් පවතිද්දී පොලිස්පතිවරයා වාස් ගුණවර්ධන සහ අනුර සේනානායක යන දෙදෙනාම කැඳවා එල්ල වී ඇති චෝදනාවන්ගේ බරපතල කම දන්වා වාස්ට පොලිසියෙන් ඉල්ලා අස්වන ලෙස කීවේය. එහිදී වාස් කෙළේ එළියට පැමිණීමෙන් පසු සිද්ධිය ගෝඨා ට හෙළි කර ආධාර ඉල්ලීමයි. ඊට හේතු වූයේ පෝද්දල මහසෝන් බෝක්කුව අසල ඝාතනය කළ සිව්දෙනා සහ කහවත්ත ඝාතන වල ඇප මත නිදහස් වූ සැකකරුවන් දෙදෙනෙකු ඝාතනය, මැජෙස්ටික් ප්‍රභා ඝාතනය ඇතුළු ගෝඨාභයගේ උපදෙස් මත කරන ලද ඝාතනද වාස් විසින් සිදු කර තිබීමයි. ඉන්පසු ගෝඨා විසින් පොලිස්පතිවරයාට කියා සිටියේ වාස් ඉල්ලා අස්නොවන බවත් පොලිස්පතිවරයාට කැමති නම් පොලිස්පති ධූරයෙන් ඉල්ලා අස්විය හැකි බවත් ය. ආණ්ඩුව අපහසුතාවයට පත් වන කතා ගොතන්නට එපා යි ද ගෝඨා අවවාද කෙළේය.
රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් මිනීමරන විශාල පිරිසක් අතරින් එක මෝඩ හාල්මැස්සෙක් හසුවී තිබේ. ඔහුව බේරාගත නොහැකි වේ නම් රෙජීමය කරන්නේ ඔහුගෙන් 'ගොඩ යෑම'යි. එය අසාර්ථක වුවහොත් ඔහුගේ කට සදහටම වසා දැමීම සිදු කෙරෙනු ඇත. එවිට බොහෝ කටවල් ඉබේම වැසෙනු ඇත.
රෙජීමය තම කුලී ලියන්නන් ලවා වාස් ගුණවර්ධන විසින් කරන ලද ඔහුගේ කොන්ත්‍රාත් පමණක් හෙලි කොට තමන් විසින් ඔහු ලවා කරවා ගත් මිනිස් ඝාතන වසන් කිරීමේ වෑයමක යෙදෙමින් කරන්නේ 'ගොඩ යෑමේ' පළමු අංකයයි. සැබෑ මාධ්‍ය කරුවන් කරුවන් කළ යුත්තේ සියළු නීති විරෝධී ඝාතන හෙළිදරව් කරමින් සියළු මිනීමරුවන් කොටු කිරීමට තම මාධ්‍ය භාවිතාව යෙදැවීමයි