තරුද නිහඬය, සඳුද සැඟවී
අඳුරු උණුහුම විඳගනු කෙලෙස
ඉරෙන් වත් දැන් යදිමි සිසිලස
නෙතු පියන් වත් නොදත් මේ දුක
සිහින් ස්වරයෙන් හද බිඳී නුඹ
කීරි ගැහෙනා හඬින් වියැකුන
තනිව සසරේ අතරමං සිත
පියා නෙතුපිය යදින්නට වත්
අහස් කුස නැත පැතුම් පොදි තව
එකෝමත් එක තවත් දවසෙක
අහස් කුස ඉම පෙනෙන නොපෙනෙ
තරම් උසකට මැව් සිහින කඳු
සබඳ නුඹහට සිහිවෙද නොවෙද??
අඳුරු උණුහුම විඳගනු කෙලෙස
ඉරෙන් වත් දැන් යදිමි සිසිලස
නෙතු පියන් වත් නොදත් මේ දුක
සිහින් ස්වරයෙන් හද බිඳී නුඹ
කීරි ගැහෙනා හඬින් වියැකුන
තනිව සසරේ අතරමං සිත
පියා නෙතුපිය යදින්නට වත්
අහස් කුස නැත පැතුම් පොදි තව
එකෝමත් එක තවත් දවසෙක
අහස් කුස ඉම පෙනෙන නොපෙනෙ
තරම් උසකට මැව් සිහින කඳු
සබඳ නුඹහට සිහිවෙද නොවෙද??
Last edited:

