මද හීත හැන්දෑවෙ..(අප්සට් ගී - 1 ) 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මද හීත හැන්දෑවෙ..(අප්සට් ගී - 1 ) 

    මං ලියන පළවෙනි අප්සට් ගීතය :rofl:

    මද හීත හැන්දෑවෙ හොර බැල්ම පා...
    දුර පේන ගේ ලගට විසිවී ගියා......
    ඇගෙ මූන සිහිවී.. පෙම් පාට මතුවී....
    නැන්දම්මගේ මතකෙ බොදවී ගියා......


    රතු රෝස මල ගන්න සීයක් ගියා..
    වැටගාව පොඩි බැම්මෙ ඒ මල තියා....
    දැගලිල්ල වැඩිවී.. සැනසිල්ල නැතිවී..
    අම්මෝ කියා බැම්මෙං වැටිලා ගියා....


    සුදු පාට තරුවැල් අහසින් නැගී....
    හිස මාගෙ ඇඹරී.. කැරකී යතී....ඊ ඊ ...//
    මට ඈත දැකගන්න.. පිලිකන්නෙ ඔබ ඉන්න...
    නැන්දම්මා මකබෑවිලා...........ආ...............


    ඔය මූන දැකගන්න ආවේ සුදා...
    ලග ඉන්න පෙරවාගෙ දැන් බෑ මෙයා...
    මාමන්ඩි ලග එයි.. නැන්දම්මා මතුවෙයි....
    අපෙ ආදරේ කොක්ක වැටිලා ගියා........


    මේ රෝස මල ගන්න... ඔය මාලෙ මට දෙන්න....
    කෝ යන්න මට දෙන්නකෝ..........ඕ හෝ හෝ....//
    නැන්දම්මා උඩයන්න... මාමන්ඩි වෙත දෙන්න...
    මධු පානෙ ලග නෑ සදා....ආ.......


    මගෙ මාලෙ ගෙනියන්න දැගලිල්ල පා...
    රතු රෝස මල් එක්ක ඇවිදින් මෙයා....
    අපෙ අම්මා දැකගන්න... එනකල්ම ඔබ ඉන්න....
    ඉමිටේශන් මාලේ තියා........ ආ......


    මුල් ගීය - මද සීත නළ රැල්ල :dull:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එළකිරි තමයි පුතා
    11.gif
    9.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ මරු බන්......සින්දුවේ තාලෙට නි‍යමටම සෙට් වෙන්න ලි‍යලා ති‍යනවා.......:rofl::rofl::rofl: