සීගිරිය, පිදුරංගල - නොදත් දේ -1

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    සීගිරිය, පිදුරංගල - නොදත් දේ -1


    Pidu_big.jpg


    පිදුරංගල ගැන බොහොමයක් දෙනා දන්නවා වෙන්න පුළුවන්. නොදන්නවනම් පිදුරංගල කියන්නේ සීගිරියට ආසන්නයෙම මම හිතන්නෙ කිලෝමීටරයක් විතර දුරකින් තියෙන ශේෂ කන්දක්. සීගිරියට නැග්ගොත් හරි නැත්නම් ලගට ගියත් මේ තැන බොහොම ලේසියෙන් හදුනගන්න පුළුවන් මොකද සීගිරිය අයිති වෙන්න ශ්‍රී ලංකාවේ පහත රට තැනිතලාවට නිසා ඒ ආසන්නයේ තියෙන්නේ එකම කන්ද පිදුරංගල නිසා

    පිදුරංගල ඉතිහාසය අවම වශයෙන් සීගිරියේ කාශ්‍යප රජතුමා රජකම් කරපු කාලය දක්වා දිව යනවා. සීගිරිය ගොඩනැගුවේ කාශ්‍යප රජතුමා කියලා පිලිගත්තට, සීගිරිය කියන්නේ ඊට වසර දහස් ගානකට කලින් ඉදලා යක්ශ ( රාවනා පරපුරේ ) ගෝත්‍රිකයන්ගේ වාසස්ථානයක් කියලා පිලිගැනීමක් තියෙනවා. ඒකට ඇතැම් සාධක ඉතිහාසය ගැන විශ්ලේෂනාත්මකව බැලුවොත් හොයාගන්න පුළුවන්. ඒ ගැනත් කියන්නම්, නමුත් අද මාතෘකාව පිදුරංගල නිසා මම මුලින් පිදුරංගල ගැන කතා කරන්නම්.
    කලින් කිව්වා වගේ පිදුරංගල ඉතිහාසය හුගක් පැරණි වෙන්න පුළුවන් කියලා කියන්න හේතුවක් තමයි දැනටත් මතයක් තියෙනවා සීගිරි චිත්‍ර වල ඉන්නේ පිදුරංගල විහාරය වදින්න මල් අරන් යන කශ්‍යප රජතුමාගේ අන්තංපුරයේ කුමාරිකාවන් කියන එක. මම ඉතිහාසය විශයක් විදිහට හදාරන්නේ නැති නිසා හරියටම කියන්න බෑ. නමුත් සීගිරි කුරුටු ගී ගැන හෙව්වොත් සමහරවිට මේ ගැන තවත් සාක්ශි හොයාගන්න පුළුවන් වෙයි. ඊට අමතරව භික්ෂුන්ට වාසස්ථාන වුන ගල් ලෙන් රාශිය තිබීම හා ඒවායේ කොටන ලද කටාරම් වලින් ( බ්‍රාහ්මීය අක්ශර වලින් ) මේ පුදබිම ක්‍රි.පූ 3 - 1 සියවස් දක්වා පැරණි ඉතිහාසයකට උරුම කියන බවට ලිඛිත සාක්ෂි සපයනවා.
    කොහොම වුනත් ඒ අපි පිදුරංගල ගැන සාමාන්‍යයෙන් දන්න දේ. නමුත් මේ ලිපියෙන් කියන්න යන්නේ ඊට වඩා පිදුරංගල ගැන වෙනස් දෙයක්. මේවාට හුගක් සාක්ශි සපයන්න නොහැකි වුනත් මේ මතයනුත් නිකම්ම බැහැර කරන්න බෑ. ඒ ගැන තීර්ණය කරන එක කියවන ඔබ සතුයි.


    rolling_stone_rock_sigiriya_2.jpg


    පිදුරංගල Google map එකේ බැලුවොත් මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර විදිහකට තමයි පෙනෙන්නේ. ඊට අමතරව පිදුරංගල Google map එකෙන් බලන්න බැරි වුනත් සීගිරියෙන් පිටට ආසන්න වශයෙන් ඒකම අගයක් තියෙන කෝණයකින් ( අංශක 21 ක විතර ) ආනතියක් තියෙනවා. මේක මුළු පෘෂ්ඨය පුරාම ඒකාකාරී වෙනවා. නමුත් බෑවුමේ උඩ කොටසට වෙන්න ටොන් 5,000ක විතර අඩමානයේ, ඒ කියන්නේ අපි දන්න විදිහට සතුරු ආක්‍රමණයකදී පෙරලන්න හදපු උගුලක ආකාරයේ ගලක් ස්ථාපනය කරලා තියෙනවා. මේකේ ජ්‍යාමිතික ගණනයන් පහත් විදිහට ලබාගන්න පුළුවන්. එතකොට බලන්න ආනතිය අංශක 21 බව. ( මෙතන්දි Google Earth බොරු කියන්නෙ නෑ කියලා විශ්වාස කරන්න වෙනවා. මොකද මේ A,B,C .. ස්ථාන වල උස ගණනය කලේ ඒකෙන් )

    pidurangala_triangle_radar.jpg


    1.jpg


    මේ ආනතියටම සමාන වුන නවීන දෙයක් ගැන හොයල බැලුවොත් පහතින් තියෙන ආකාරයේ අභ්‍යවකාශ වස්තු වලින් එන තරංග ග්‍රහණය කරන්න පාවිච්චි කරන රෙඩියෝ දුරදක්න ගැන සොයාගන්න ලබුනා. ( සාමාන්‍යයෙන් චන්ද්‍රිකා ඇන්ටෙනා Satalite Antena ඒ කියන්නේ ඔය Dialog TV වගේ අවස්ථාවලදි ගුවන්විදුලි මධ්‍යස්ථානයකින් / චන්ද්‍රිකාවකින් සම්ප්‍රෙශණය කරන ගුවන්විදුලි තරංග ග්‍රහණයට විවිධ ආනතීන් භාවිතා වෙනවා. නමුත් මම හරියටම දන්නෙ නෑ අභ්‍යවකාශ වස්තූන්ගෙන් එන ගුවන්විදුලි තරංග ග්‍රහණයට ඒවගේ විවිධ ආනතීන් අවශ්යයි කියලා. )

    gru_russian_radar.JPG


    හොදයි, දැන් මෙතන මේ ආකාරයේ තරංග ග්‍රාහකයක් / සම්ප්‍රෙශකයක් සවිකලා නම් ඒකෙන් සම්ප්‍රෙශණය / ග්‍රහණය කරන්න පුළුවන් පරාසය සොයන්න ඊට ලම්භකව අපි රේඛාවක් පෘතුවි පෘශ්ඨය දිගේ බොහෝදුරක් අදින්න පුළුවන්. මෙතනදිත් පාවිච්චි කරන්න වෙන්න Google Earth තමයි. හැබැයි සැලකිලිමත් වෙන්න ඕනේ සිදුවන කෝණයේ සුළු වෙනසකින් රේඛාවේ අනෙක් කෙළවර හුගක් ලොකු ප්‍රමාණයකින් වෙනස් වෙන්න පුළුවන්.

    Line_Sigiriya-Bogota_0.JPG


    Line_Sigiriya-Bogota_1.JPG


    Line_Sigiriya-Bogota_3.JPG


    Line_Sigiriya-Bogota_Atlantis.jpg


    දැන් මේ රේඛාව දිගේ ගියොත් බලාගන්න පුළුවන් අපිට ලෝකයේ හම්බ වෙන තැන්. මේ රෙඛාව ඊජිප්තුවේ ගීසා වල පිරමීඩ අසලිනුත් ඊට පස්සේ ක්‍රි.පූ යුගයේ ඉතා දියුණු ශිෂ්ඨාචාරයක්ව පැවතුණා වගේම ස්භාවික ව්‍යයසනයක් නිසා එක් රැයකින් මුහුදුබත් වුනා කියලා ( ග්‍රීක්යේ හෝමර් කිව්වේ ;) ) විශ්වාස කරන "ඇට්ලාන්ටික්" නගරය තිබුණායි කියා විශවාස කරන අත්ලාන්තික් සාගරයේ මුහුදු කලාපයෙනුත් ඉන් අනතුරුව ලතින් ඇමරිකාවේ එම යුගයේම දියුණු ශිෂ්ඨාචාරයක්ව පැවතුණ මායාවරුන්ගේ ශිෂඨාචරය ගොඩනැගුණ ප්‍රදේෂයෙනුත් යනවා.
    නමුත් මේ සිදුවීමෙන් විතරක් අපිට කියන්න බෑ සමකාලීන ශිෂ්ඨාචාර වුන මේ සියල්ලම සන්නිවේදනය කරන්න මේවගේ උපක්‍රමයක් පාවිච්චි කලා කියලා. මොකද එක හරි ලෝක ගෝලයක් හරි අරන් බැලුවෙත් ඇමරිකාවත් ලංකාවත් තියෙන්නෙ හරියටම දෙපැත්තෙ කියන එක තහවුරු වෙනවා. එහෙනම් රේඩියෝ තරංගයක් ග්‍රහණය හරි සම්ප්‍රෙශණයට හරි ( මායා ශිෂ්ඨාචාරය හා ලංකාව අතර ) එක එල්ලේ කරන්න බැරි වැඩක්. එක්කෝ දැන් මේවගේ දෙයක් කරනවා වගේ මගදි තරංගය ග්‍රහණය කරලා, Amlify කරලා noises නැතිකරලා නැවත සම්ප්‍රෙශණය කරන්න ඕනේ.

    එහෙම නැත්නම් ඊට වෙනම තක්ෂණයක් පාවිචි කරන්න ඕනේ. ඒ ගැන දෙවනි නූලෙන් දාන්නම්. කොහොම වුනත් මේක මතයක් විතරයි. ඒ වගේම ඒ මතය තහවුරුකරන්න තිබෙන පොඩි සාක්ෂි කිහිපයකුත් විතරයි. ඒ නිසා සංවාදයට විවෘතයි.

    යන්න කලින් මුලින් කියපු සීගිරියෙ රාවනා සම්භන්දය ගැනත් ටිකක් කියන්නම්. මට මේක කැම්පස් ඉන්න කාලෙ ඉතිහාසය ඉගෙන ගන්න ටිකක් දන්න කියන එකෙක් කියපු කතාවක්. ධාතුසේන රජතුමාගෙ අනතංපුරයේ හෙළ ( යක්ෂ ) ගෝත්‍රික කුමාරිකාවන් වගේම ඉන්දියාවෙන් ආපු කුමාරිකාවනුත් ඉදලා තියෙනවා. කාශ්‍යප කියන්නේ යක්ශ ගෝත්‍රික කුමාරියෙක්ගේ පුතෙක්, මුගලන් කියන්නේ ඉන්දීය කුමාරියෙක්ගෙ පුතෙක්. කොහොමටත් ඒ කාලෙත් සීගිරිය රාවනාගෙ පරපුරේ ( යක්ශ ගෝත්‍රිකයන්ගේ ) රාජධානියක්. කාශ්‍යප පියා මැරුවට පස්සේ මුගලන් කාශ්‍යප මරයි කියන බයට යක්ශ ගෝත්‍රිකයන් කාශ්‍යපට සීගිරියෙ, ඒ කියන්නේ එයාලගෙ රාජධානියෙ ආරක්ශාව දුන්න. මේ කතාව බොරු නම් කලා වැව වගේ වැව් හදලා මිනිස්සුන්ට හුගක් ලොකු සේවයක් කරපු ධාතුසේන රජතුමාගෙ ඝතකයා - කාශ්‍යපව මරන්න සෙනා සංවිධානයට මුගලන්ට ඉන්දියාවට පැනලා යන්න වුවමනාවක් නෑනේ. මේකේ දෙවනි නූලෙන් හම්බ වෙමු. ගිහින් එන්නම්. කියවලා බම්ප් එකක් වත් දාන්න.
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බණ්ඩාර නිළමෙ;15142069 said:


    යන්න කලින් මුලින් කියපු සීගිරියෙ රාවනා සම්භන්දය ගැනත් ටිකක් කියන්නම්. මට මේක කැම්පස් ඉන්න කාලෙ ඉතිහාසය ඉගෙන ගන්න ටිකක් දන්න කියන එකෙක් කියපු කතාවක්. මහසෙන් රජතුමාගෙ අනතංපුරයේ හෙළ ( යක්ෂ ) ගෝත්‍රික කුමාරිකාවන් වගේම ඉන්දියාවෙන් ආපු කුමාරිකාවනුත් ඉදලා තියෙනවා. කාශ්‍යප කියන්නේ යක්ශ ගෝත්‍රික කුමාරියෙක්ගේ පුතෙක්, මුගලන් කියන්නේ ඉන්දීය කුමාරියෙක්ගෙ පුතෙක්. කොහොමටත් ඒ කාලෙත් සීගිරිය රාවනාගෙ පරපුරේ ( යක්ශ ගෝත්‍රිකයන්ගේ ) රාජධානියක්. කාශ්‍යප පියා මැරුවට පස්සේ මුගලන් කාශ්‍යප මරයි කියන බයට යක්ශ ගෝත්‍රිකයන් කාශ්‍යපට සීගිරියෙ, ඒ කියන්නේ එයාලගෙ රාජධානියෙ ආරක්ශාව දුන්න. මේ කතාව ඇත්ත නම් මින්නේරිය දෙවියෝ මහසෙන් දෙවියො කියලා මිනිස්සු දේවත්වයෙන් සලකපු රජතුමාගෙ ඝතකයා - කාශ්‍යපව මරන්න සෙනා සංවිධානයට මුගලන්ට ඉන්දියාවට පැනලා යන්න වුවමනාවක් නෑනේ. මේකේ දෙවනි නූලෙන් හම්බ වෙමු. ගිහින් එන්නම්. කියවලා බම්ප් එකක් වත් දාන්න.

    machan kashyapa rajuge thatta dhathusena neda machan ?
    wadagth lipiyak machan,hithanna deyak pdala thiyenawa