ශ්‍රී නුවන් ශේකර

kuvindupahan

Member
Feb 21, 2013
269
19
0
ශ්‍රී නුවන් ශේකර


ශ්‍රී නුවන් ශේකර කුල කුමරුන්ගේ කතා වස්තුව...

179707_523484811052109_568321036_n.jpg



පන්දු වාරයෙන් 35ක් ගිය තැන එළැඹි බල-පහර හෝරාවේ දෙවන පන්දුවේ බල මහිමය වරදවා වටහා ගත් අප ශ්‍රී ජයවර්ධනාභිදාන මහේලොත්තමයානන් දහසක් සිංහ ධජ පතාක මධ්‍යයේ පර සුද්දන් විසින් දවා අළු කළ සඳ,උසින් එතරම් මහා නොවූ මිටින් මේ යයි උසුළු නොකළ හැක්කාවූ ශ්‍රී නුවන් ශේකර කුල කුමරුන් නීල වරණ සිංහ සන්නාහයෙන් සන්නද්දව පිටියට වන.එකල්හි මේ cricket කල්පයේ නොව මීට ඉහත cricket කල්පයකදී පවා සිංහ පෝතකයන්ට උසුළු විසුළු කළා වූ සුනීල ගව-ස්කාර නම් හින්දු අසුර පුත්‍රයා , මේ නම් උසුළුවෙකි සිංහ නායක තෙමේ සිවලුන් සරණ ගොස් ඇත්තේය මේ කොලු ගැටයා රාත්‍රී-මුරකරුවෙක් නොවේ වී ද මු කුමන වෙනසක් කළ හැක්කෙක් වී ද තවත් පිතිකරණයේ නම් දැරූ මහත් බල සපන් සිංහයන් මෙපමණ ඇත අහෝ මෙය සිනා උපදවන සුළු යි නන් දොඩා වහසි බස් තෙපලා යටි සිතින් සහ ශරීර අධෝ පාර්ශවයෙන් සිනාවන්නට විය.

එකල්හි එදා කැන්ගරු භුමියේ පවා තම අනසක පැතිරවූ ශේකර කුල කුමරු තම ධවල වරණ ss පිති අවිය වනන්නට වන,මුල නම් අපහසුය,පර සුද්දන්ගේ උපාය වටහා ගත යුතුමයයි සිතූ කුල කුමරුන් මහත් අභිප්‍රා කොට නොදැවී රැකී,එවක් වන විටත් මහා බල පරාක්‍රමයෙන් විරාජමානව තම විශ්වාග්‍ර batting ප්‍රතිභාව සුර්ය ප්‍රභා මඬුල්ලක් සේ විදා පාමින් හුන් ශ්‍රී සංගාභිධාන කුමාර දෙව්රදුන් හට දිවි දෙවෙනි කොට සහය දක්වීය.

ඉනික්බිති එළඹි පන්දු වාරයෙන් 40ක් වූ කල්පාන්ත සමයෙහි බල-පහර හෝරා නම් කිම Anderson නම් කීම Swann නම් කිමැයි සිංහ නද කොට කල්පාන්තයේ වැටෙනා අනෝරා වර්ෂාව සේ ෂඩ් පහරවල් සහ චතුර් පහරවල් නෙලන්නට වන.මෙසේ සුනීල ගව-ස්කාර නම් හින්දු අසුර පුත්‍රයා හට මහත් සේ නින්දා කොට කෙලවර පයට පැගුනු ධුහුවිල්ලක් සේ සුද්දන් පරදවා පියා මහත් ව්‍යසන කොට නොදැවී සිංහ ප්‍රතිභාව පෙන්වා දහසක් සිංහ ධජ පතාක අභිමුව තම දස්කම් දැක්වූ සේක....


උපුටා ගෑනීම - Sandun Dassanayake(http://goo.gl/349Nb)

මෙය share කරන්න.....

බුකියෙන් හැලුනෙ
repost නම් sowary;)
 
Last edited:

kuvindupahan

Member
Feb 21, 2013
269
19
0
සුනීල ගව-ස්කාර නම් හින්දු අසුර පුත්‍රයා හට මහත් සේ නින්දා කොට කෙලවර පයට පැගුනු ධුහුවිල්ලක් සේ සුද්දන් පරදවා පියා මහත් ව්‍යසන කොට නොදැවී සිංහ ප්‍රතිභාව පෙන්වා දහසක් සිංහ ධජ පතාක අභිමුව තම දස්කම් දැක්වූහ