යූ එන් එකේ මොකද වෙන්නේ? ඉලක්කමේ සෙල්ලම!

යූ එන් එකේ මොකද වෙන්නේ? ඉලක්කමේ සෙල්ලම!

මචංලා මේක මේ ලංකාවේ යූ.එන් තත්වේ ගැන update එකක් දෙන්න මම කරපු විස්තරයක්.........

දශක 3යුද්ධය අවසානයේ 4 ඊළාම් යුද්ධයේදී ලංකා රජය විසින් අවසානයේ බෙදුම්වාදී කොටි සංවිධානය තීරණාත්මක ලෙස පරාජය කර දැනට වසර 4ක් ඉක්මවූ පසු ලංකා රජයත් ලංකා හමුදාවන්කොටින් අවසාන කිරීමට යෙදුණු යුද්ධයේ දී යුධ අපරාධ කළ බවට ජාත්යයන්තරයේ චෝදනා වලට හසුවෙමින් පවතී.
මේ චෝදනා හමුවේ දැනට ලංකාව අසරණ තත්වයට පත්කර ඇත්තේ ලංකා හමුදා නිරායුධ දෙමළ සිවිල් වැසියන් දහස් ගණනින් මරා දමා ඇතැයි යන චෝදනාව අභිමුවේය. මේ
චෝදනාව දැනට ලාංකික දෙමළ සරණාගතයින් වැඩි ප්රමාණයක් සිටින කැනඩාව, ඕස්ට්රේලියාව, එක්සත්රාජධානිය හා ඇමරිකාව යන රටවල විශාල ප්රතිචාරයක් ලැබුණු ආන්දෝලනයට තුඩුදුන් ප්රවෘත්තියක් බවට පත්විය.
සුගිය අවුරුදු දෙකේ දි මාර්තුවල දී තිරගතවුණු වැනල්ෆෝ විසින් නිෂ්පාදිත killing fields චිත්රපටියත් ලෝකයේ ප්රධාන නගරවල නාලිකාවල විකාශය වීමත් ලංකාවට රෙහිව කටයුතු කරන අයගේම උපක්රමයක් විය.
මෙම චිත්‍රපටිය විකාශය වූයේ ලංකාවට එරෙහිව එක්සත් ජාතීන් ගේ සංවිධානයේ දී අමරිකාව විසින් ගෙනෙන ලද යෝජනාව ට ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදීයි.මෙම වීඩියෝ දර්ශනය සිදුකර ඇත්තේ එම ඡන්ද විමසීම ඉලක්ක කරගෙන බව ඕනෑම කෙනෙකුට වැටහේ.

නමුත් තිබෙන ප්‍රශ්නය නම් දැනට ජාත්‍යයන්තර තලයේ ලංකාවට විරුද්ධව මෙතරම් anti Lankan propaganda තිබුණද මේ පිළිබඳව අපේ රටේ විශේෂයෙන් සිංහල ජනයා අතර ඇති දැනුම සුළුය.

ඇත්තම තත්වය ගතහොත් අද අපේ රට මුහුණ දී තිබෙන ලොකුම අභියෝගය මෙම කොටි හිතවාදීන් විසින් සිදුකරන anti Lankan propagandaවේ. මෙයට බුද්ධිමත් අයුරින් ලංකා රජය ද මුහුණ දී නැත. වෙනත් ආකාරයකින් කිව‍හොත් ලංකා ව දැන් තවත් යුද්ධයකට පැටලී ඇත. එනම් මාධ්‍ය යුද්ධයයි, media war.

මෙන්න මේ කියන අළුත් ආකාරයේ යුද්ධයේදි ලංකාව විශාල ලෙස පසු පසට ගාහාන් තියෙනවා. දැනට සිංගප්පුරුවේ සිටින ලාංකික රොහාන් ගුණරත්නයන් ම පැවසූ පරිදි ලංකාව මේ කියන media war එකින් පැරදී ඇත.
අපි දැනට යූන් එන් එකේ සිටින තත්වය හා ලංකාවට එරෙහිව යූන් එකේ බටහිර මාධ්‍යය වල වෙන්නේ මොනාද යන්න ගැන විමසා බැලීම වටී. මෙම ලිපියෙන් උත්සාහ කරන්නේ එයයි.
 
Last edited:
1. 2009 අග භාගයේ සිට ලංකාවේ යුද්ධයේ අවසන් අවස්ථාවේදී 4000 - 40000 ක පමණ පිරිසක් මිය ගියා යයි මුලින්ම ප්‍රකාශ කලේ Gorden Weiss නැමැත්තායි.

මොහු එවකට ලංකාවේ සිටි යූඑන් නියෝජිතයායි.

ලංකා හමුදාව සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කළ බවත් ‍‍රෝහල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවත් මොහු පැවසීය.
පසුව මොහු විසින් ලංකාවේ යුද්ධය කේන්ද්‍ර කොට ගෙන The Cage යයි කෘතියක් ද ලියා පළ කලේය.

ඔහුගේ එම ප්‍රකාශය ‍ලෝකයේ විවිධ ප්‍රධාන මාධ්‍යය වල ප්‍රධාන පුවතක් බවට පත් වූ අතර ලංකාව යුධ අපරාධ කළ බවට චෝදනා නැගෙන්නට ද විය.
මෙම ප්‍රවෘත්තිය ඉතා හොඳින් භාවිතයට ගන්නා ලද්දේ පිට රට සිටින කොටි හිතවාදීන්ය.
 
2. ලංකාව විසින් සිවිල් වැසියන් මරා දමමින් යුධ අපරාධ සිදුකරන බවත්, ලංකා හමුදාව විසින් දෙමළ තරුණියන් ව දූෂණය කරන ලද බවටත් දෙමළ ජනතාව කඳවුරු වල සිර කරගෙන සිටින බවටත් චෝදනා එල්ල වන්නට විය.

ලංකාව එවකට කළු සුදු භේදය තිබූ දකුණු අප්‍රිකාව මෙන් බවත් ලොකයා විසින් මුල් වී දෙමළ ජාතිකයින් ව මුදා ගෙන වෙනම රටක් ලංකාව තුළ නිර්මාණය කළ යුතු බවත් ලෝකය පුරා ප්‍රචාරය කරන්නට විය.
බ්‍රිතාන්‍ය යේ , ඇමරිකාවේ, කැනඩාවේ, ඉන්දියාවේ හා ඕස්ට්‍රේලියාවේ මාධ්‍යය වල මේ පිළිබඳව වැඩි වැඩියෙන් ලියවෙන්නට ආරම්භ විය.
ලංකා රජය යුධ අපරාධ සිදු කළ බවට ත් ලංකාව ජාත්‍යයන්තර යුධ පරීක්ෂන වලට භාජනය විය යුතු බවටත් මත ඇතිවන්නට විය.
 
මාධ්‍යය මගින් ඇති වු මෙම ඇවිස්සීමත් පාදක කරගෙන යූ එන් හිදී ලංකාවෙ තත්වය පිළිබඳව සෙවීමට UN secretary general විසින් කමිටුවක් පත් කරන ලදී. මෙම කමිටුව “Panel of Experts on accountability in Sri Lanka” (Panel of Experts) to advise him on accountability during the final stages of the war in Sri Lanka. The panel was chaired by Marzuki Darusman of Indonesia and also included Yasmin Sooka of South Africa and Steven Ratner of the United States. මෙම කමිටුව විසින් සම්පූර්ණ කරන පද වාර්තාව 2011 දී යු. එන් එකට ඉදිරිපත් කළ අතර එහිදී මෙම කරුණ දක්නට ලැබිණි.
· සිවිල් වැසියන් මිය ගිය ගණන ආසන්න වශයෙන් 40,000 ක් බව පිළීගැනීම. (credible estimate)
කොටින් විසින් සිවිල් වැසියන් human shield එකක් ලෙස තබා ගත් බවට සාක්ෂි නැතැයි පැවසීම. මෙය මානව හිමිකම් සංවිධාන වල ඇසින් දුටු සාක්ෂි හා ලංකා රජය විසින් සපයා දුන් UAV විසින් ගන්නා ලද වීඩියෝ නොසලකා හැරීමක් ය.
 
3. මෙම කමුටුවේ දෙවැනි වාර්තාව 2012 නොවැම්බර් මස අගදී පලවිය. එයට ද සෑහෙන මාධ්‍ය ප්‍රචාරයක් ලොව පුරා ලැබුණු අතර පුදුමයකට මෙන් ලංකාවේ මේ පිලිබඳව සිදුවු ප්‍රචාරය අඩුය. මෙම වාර්තාවේදී සිවිල් වැසියන් මරණයට පත්වු සංඛ්‍යාව 70,000 දක්වා ඉහළ දැමිණි. එලෙසම මෙහිදී යූ එන් එක විසින් උතුරු නැගෙනහිර දෙමළ ජනයා අතහැර දැමීමක් සිදු වීයයි බරපතල ප්‍රකාශයක් ද සිදු විය. එවැනි ප්‍රකාශ මින් පෙර සිදු වූයේ ජන සංහාරය ක් සිදු වූ රුවන්ඩාව සම්බන්ධයෙනි. ඇත්ත වශයෙන් ම ගත් කළ රුවන්ඩාවේ පැවති තත්වය හා ලංකාවේ පැවති තත්වය අහසට පොළව මෙනි.

4. මෙම කමිටු වාර්තාව පදනම් කරගෙන කොටි හිතවාදින් ලංකාවේ මිනිසුන් දහස් ගණනක් අමු අමුවේ මරා දමා ඇති බවත් ලංකාවේ ජාත්‍යයන්තර යුධ අපරාධ පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් කියන්නට ගත්හ. මෙම සංවිධාන උද්ඝෝෂණ පවත් වන්නටත් බටහිර රටවල මාධ්‍යය මගින් මෙම කතාවන් ට වැඩි ප්‍රචාරයක් ලබාදෙන්නටත් විය. එලෙස මහින්ද රාජපක්ෂ ලන්ඩනයේ ඔක්ස්ෆඩ් හිදි කතාවක් කිරීමට තිබියදී උද්ඝෝෂණය කර එය වළැක්වීමටද ඔවුන් කටයුත් කළහ.

5. 2011 දී සිදුවුණු සංගණනයේදි ලංකාව විසින් ප්‍රකාශ කලේ 7000 ක පමණ සිවිල් වැසියන් ප්‍රමාණයක් ඝාතනයට වන්නට ඇත කියායි. එවිට මන්නාරම රදගුරු රායප්පු ජෝසප් පැවසුවේ මිය ගිය ගණන 147,000 පමණ වන බවයි. පසුව කොටි හිතවාදීන් ලංකාව දෙකඩ කරන්නට බලන් සිටින්නන් මෙම 147,000 සංඛ්‍යාව භාවිතා කරන්නට පටන් ගත්හ.
 
6. ලංකාවට විරුද්ධව සිටින වඩා විවෘත දැඩි මත දාරින් දෙපලක් වන්නේ Frances Harrison හා Alan Keenan ය. මොවුන් ලංකා රජයත් හමුදාවන්ද ඉවත් කර අන්තර්ජාතික යුධ අපරාධ පරීක්ෂණයක් සිදු කර ලංකාවේ නායකයින් හා හමුදා නායකයින් ට දඬුවම් පමුණුවා නිදහස් ඊලාම් රාජ්‍යයක් උතු‍රේ ඇති කළ යුතු බව පවසයි.

7. මෙම Frances Harrison නැමැත්තිය 2000 සිට 2003 දක්වා ලංකාවේ බීබීසී නියෝජිතයා ලෙස කටයුතු කළ අතර ලංකාවේ යුද්ධය පිලිබඳව පොතක් ද රචනා කළ අතර එය Still Counting the Dead ලෙස ප්‍රකාශයට පත්විය. එය ට ප්‍රචාරයක් ලබා දීමට කොටි හිතවාදීන් ක්‍රියා කළ අතර එය දෙමළ භාෂාවට පරිවර්තනය ද තමිල් නාඩුවේදී සිදුවිය. මෙම කෘතියේ ලංකා හමුදාව ඉතා ම්ලේච්ඡ ලෙස දක්වා ඇති අතර මෙහිදී ද 147,000 යයි මිය ගිය සංඛ්‍යාව ලබාදී තිබිනි.

8. බ්‍රිතාන්‍ය යේ චැනල් 4 මගින් ලංකාවේ යුද්දය පිළීබඳව චිත්‍රපටි 3ක් දැනට පෙන්වා ඇති අතර පළමුව 2011 දී ත්, 2012 හා 2013 දීත් එය ට අළුතින් දර්ශන එකතු කර ප්‍රචාරය කළහ. මෙහිදී ලංකාවට විරුද්ධව යුධ අපරාධ වලට සාක්ෂි ඇතැයි (මුසාවකි) ප්‍රකාශ කළ අතර සිවිල් වැසියන් වෙත ෂෙල් ප්‍රහාර එල්ල කිරිම, කොටි සෙබලියන් දූෂණය කිරීම, executions කිරීම යනාදිය ගැන චෝදනා එල්ල විය. නැරඹිමටත් ඉතා අපහසු ආකාරයෙන් සංස්කරනය කර ඇති මෙය ලොව වටා මාධ්‍ය වල පෙන්වූ අතර ලංකාවේ නාමයට වැඩිම හානිය සිදු කලේ මෙයයි. මෙය ලංකාවට විරුද්ධව ජන මතයක් ඇති කිරීමට භාවිතා වුනු අතර යුධ අපරාධ සත්‍ය වශයෙන් ම සිදු වී ඇතැයි යන්න සාමාන්‍ය මනස තුළ විශ්වාසයක් ඇති කිරිමක් ද සිදු විය.
 
9. 2013 දී පෙන්වන ලද චිත්‍රපටියේ ප්‍රභාකරන් ගේ බාල පුත්‍රයාගේ සිරුර පෙන්වමින් එය ලංකා හමුදාව විසින් තමන් වෙත භාර වූ පසු සිදු කරන ලද ඝාතනයක් බවත් එය යුධ අපරාධයක් බවත් පවසන්නට විය. මෙය ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඡන්දය විමසන අවස්ථාවේ පෙන්වූ අතර ඉන් ලංකාව පරාජයට පත් වීමටද බලපෑවේය.
10. එම වීඩියෝවත් සමඟ තමිල් නාඩුවේ ක්‍රියාත්මක නාම් තමිලර් සංවිධානය, වෛකෝ, ජය ලලිතා, කරුණා නිදි හා අනෙකුත් කොටි හිතවාදී සංවිධාන කෑකෝ ගසන්නට විය. ලංකාවෙන් ගිය කතෝලික/ බෞද්ධ බැතිමතුන්ට හානි පමුනුවීමත් පසුගිය දිනකදී ලාංකික භික්ෂුවකට පහර දීමත් සිදු විය. තමිල් නාඩුවට එන සියලු සිංහල යින් ට හිරිහැර කරන බව ටත් අනතුරු හැඟවීය.

11. මෙහිදි තවත් කාරණයක් වන්නේ තමිල් නාඩුවේ වෙසෙන සියලු සිංහලයින් මරා දමන බවට පැවසු සීමන් නැමැත්තා ට 2013 යූ එන් සැසිවාර යට සහභාගී වීමට අවකාශ ලබා දීමයි. මෙය ට ප්‍රමාණවත් විරෝදයක් ලංකා රජය විසින් ලබා නොදීමද සැලකිල්ලට ගත යුතුය.
 
12. යුධ අපරාධ චෝදනා වලට පිළිතුරු ලෙස ලංකා රජය විසින් කමිටුවක් පත් කෙරුනු අතර එය උගත් පාඩම් හා සංහිඳියා කොමිසම වේ. ඉන් ලබා දුන් වාර්තාව LLRC වාර්තාව වේ. මෙම කමිටුව 2011 දී රජය විසින් පත් කළ අතර මෙය රජය විසින් පත් කළ බැවින් ලංකා රජයට පාර්ශ්වික වාර්තා වක් විය හැකි බවට මත පළ විය. නමුත් මෙය වාර්තාවක් වශයෙන් ලංකා රජයද විවේචනය කළ අතර යුධ අපරාධ සම්බන්ධයෙන් අභ්‍යයන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටියහ. ඇමරිකාව විසින් 2012 දී හා 2013 දී ඡන්ද විමසීම් වලට පදනම් කර ගත්තේද මෙයයි.

13. 2013 මාර්තු වල පළවූ චැනල් 4 වීඩියෝව මුලික කරගෙන තමිල් නාඩුව පුරා උද්ඝෝෂණ ඇතිවන්නට පටන් ගැනින. මෙම උද්ඝෝෂන වල විශේෂත්වය වන්නේ දේශපාලකයින් ගේ බලපෑමක් නැතිව විශ්ව විද්යාල සිසුන් විසින් ඇරඹීමයි. මෙය පළමුව ලොයෝලා විදුහල ආශ්‍රයෙන් ආරම්භ වූ අතර පසුව ඊට විශ්ව විද්‍යාල සිසුන් ද එක් විය. ‍මෙයට ‍දේශපාලකයින් හා සිනමා තරු එක් වන්නට වූයේ පසු වයි. මෙම උද්ඝෝෂණ වලට අනිවාර්යයෙන් ම බටහිර රටවල සිටින කොටි හිතවාදීන් ගේ මූල්‍යම සහය ලැබී ඇති බව තේරුම් ගත හැකිය. මෙහි ඇති අනෙක් කරුණ නම් මෙම පිරිස විසින් ඉන්දියාවේ අනෙක් ප්‍රාන්ත වලටද (තමිල් නාඩුවේ හැර) මෙම උද්ඝෝෂණ සෙල්ලම ගෙන යාමට හෙසැලසුම් සකස් කිරිමයි. ඉන්දියා ව යනු ඕනෑ දේටත් එපා දේටත් උද්ඝෝෂණය කිරිමට ලෑස්ති පිරිසකි. මෙම උද්ඝෝෂණය ඉන්දියාව පුරා පැතිරුණ ‍හොත් ඉන්දියා රජයට ලංකාව විරුද්ධව වැඩකරන්නට සිදුවිය හැකි බව තේරුම් ගත යුතුය.

කොටින් ගේ හා රට බෙදීමට මාන බලන්නන් ගේ අරමුණ නම් ලංකාව සුළු ජාතීන්ට ඉන්නට නුසුදුසු මහා ජන සංහාරයන් සිදුවන රටක් බවට ලෝකයට ඒත්තු ගන්වා සුඩානය මෙන් ලංකාව දෙකඩ කිරීමයි.