අස්සයා!-ටිකක් හිනාවෙමු

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අස්සයා!-ටිකක් හිනාවෙමු

    සාලයට වී පුවත්පතක් බලමින් සිටි සැමියාගේ හිස මතට එකවර පතිත වන්නේ සාස්පානකි! සාර්ථක වූ පහර නිරීක්ෂණය කරමින් ඔහු වෙත ඇදෙන්නේ ඔහුගේ බිරිදය.

    makezugirai.jpg


    සැමියා: "මොකද යෝදියෙ මට ගැහුවේ?":angry:
    බිරිද: "මං තමුසෙගෙ සාක්කු අස්කරද්දි කඩදාසියක් අහුවුණා. ඒකෙ Jenny කියල ලියල තිබුණ"
    සැමියා:"අයියෝ...Jenny කියන්නෙ මං ලගදි ඔට්ටු දාපු අස්සයෙක්ටනේ"
    බිරිද::oo:"අනේ sorry"

    කිහිප දිනක් ගතවිය. සැමියා විවේක සුවය විදින වේලාවක ආතල් කුඩු කරමින් දැවැන්ත සාස්පාන් පහරක් නැවතත් ඔහුව සන්තර්පනය කරයි.
    සැමියා:"මොකද ගෑනියෙ ඒ පාර?":frown:
    බිරිද:"තමුසෙගෙ අස්සය අද ගෙදරටම කෝල් කලා"


    =========================================================================================================================

    රැකියාව නිමකොට හවස් යාමයේ ගෙදරට ගොඩවූ සැනින් නිදන කාමරයට ගිය බිරිද දුටුවේ හිසේ සිට කකුල් තෙක් පොරවාගෙන ඇද මත නිදා සිටින දෙදෙනෙකුගේ දෙපා ය. සිය සැමියා තමා නැති අතර වෙන ගැහිනියක සමග යහන්ගත වීම අතටම හසුකරගත් ඇය අතට හසුවූ පොල්ලකින් දෙදෙනාටම ඇති තරම් තඩිබෑවාය. ඇද රෙද්දට යටවී ගුටිකෑ යුවල මදකින් නිසොල්මන් විය.
    කෝපයෙන් පුපුරමින් කුස්සියට ගිය ඈ මෙවර දුටු දසුනින් තුෂ්නිම්භූත විය. සිය සැමියා කුස්සියට වී තේ කෝප්පයක් රස විදී.

    nimg191036.jpg


    "ආ ඩාලිං ඔයා ආවද? දවල් ඔයාගෙ අම්මයි තාත්තයි ආව. මහන්සි හන්ද මං කිව්ව අපේ කාමරෙන් ඇල වෙන්ට කියල. දැන් ඇහැරල ඇති, ගිහින් කතා කරල එන්න"


    =========================================================================================================================

    වයස්ගත මිනිසෙක් බාර් එකකට පැමිණ විස්කි ෂොට් 10ක් ඇනවුම් කරයි. එහි සේවකයා මොහුට ලංවී, "උන්නැහේ මෙච්චර බොන්නෙ, මුකුත් අවුලක්ද?"
    වයසක මිනිසා, "මගේ මල්ලි සමලිංගිකයි (gay) කියල මං අදයි දැනගත්තෙ. එයා මගෙ හොදම යාලුව ව කසාද බදින්න යන්නෙ":baffled:
    ඉන් පසු දිනයේද මෙම නාකි පොර බාර් එකට පැමිණේ.
    "මට විස්කි ෂොට් 12යි"
    සේවකයා ලගට පැමිණ, "ඒ පාර මොකද උනේ සර්?"
    "මගෙ පුතත් gay ඕයි!":frown:
    ඊලග දවසේද මොහු පැමිණේ. විස්කි ෂොට් 15ක් අනුමත වේ. බාර් සේවකයාට මොහුගේ gay පවුල ගැන කලකිරී ඇත.
    "සර් හැබෑටම ඔහෙගෙ පවුලෙ කිසිම කෙනෙක් ගෑණු උදවියට කැමති නැද්ද?"
    "එක්කෙනෙක් ඉන්නව, මගෙ ගෑනි. ඒක දැනගත්තෙ අද ඕයි!":angry:


    =========================================================================================================================

    මිතුරන් 3දෙනෙකු මියයාමෙන් පසු ස්වර්ගයට යෑමට ස්වර්ගයේ ගේට්ටුව ලග හිටගෙන සිටියි. එහි දොරටුපාලක සියලු දෙනා අමතා,
    "මෙහිදී ඔබ සෑම කෙනෙකුටම වාහනයක් ලැබෙනවා. මනුශ්‍ය ලෝකයේ සිටින විට තමුන් විවාහ ජීවිතය ගතකල විදියටයි වාහන දෙන්නේ. තමාගේ සහකරු, සහකාරිට වංචා නොකල අයට හොදම වාහන සහ වංචා කළ ප්‍රමාණයට අනුව බාල වාහන ලැබෙනු ඇති"

    පළමු මිතුරා කෙළිලොල් අයෙකි. අනියම් සබදතා දෙකක් තිබූ ඔහුට ලැබුණේ සෙකන්ඩ් හෑන්ඩ් Suzuki Maruti එකකි.

    දෙවන මිතුරා එතරම් නරක නැත. නමුත් ජීවත් ව සිටියදී කාර්යාලයේ කෑල්ලකට ඔහු පැණි හැලුවේය. එම නිසා ඔහුට Toyota Corolla එකක් ලබාදුනි.

    තුන්වැන්නා ඉතාම අවංක ලෙස සිය බිරිද සමග ජීවත් විය. එය අගය කරමින් ඔහුට අලුත් Lamborghiniයක් ලැබිණ. මේ ගැන අනිත් දෙදෙනා තරමක් ඊර්ෂ්‍යා සහගත ද විය.

    2013-Lamborghini-Aventador-Roadster-door.jpg


    දිනක් පළමු මිතුරන් දෙදෙනාට දැකගන්නට ලැබුණේ
    Lamborghini මිතුරා පාරේ ඉදගෙන හඩන ආකාරයයි.
    "මචං, මොකෝ අප්සට් එක?"
    "වැඩක් නෑ බං ඉදල වැඩක් නෑ! මං අද පාරෙ කාර් එක අරං එද්දි මගෙ wifeව දැක්ක"
    "හොදයිනෙ බං, ඒකිත් මෙහාට ඇවිල්ලනෙ"
    "මොකක්ද බං ඇති හොදේ? ඒකි පැදගෙන ගියෙ පුස් බයිසිකලයක්!"