ලේ පෙරෙමින් සිටි වඳුරා කිලෝමීටර් 70ක්‌ දුර&#34

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලේ පෙරෙමින් සිටි වඳුරා කිලෝමීටර් 70ක්‌ දුර&#34

    ලේ පෙරෙමින් සිටි වඳුරා කිලෝමීටර් 70ක්‌ දුරට ත්‍රිරෝද රථයකින් ගෙන ගිය තරුණයා



    wandu1.jpg


    දූෂණය, භීෂණය, වංචාව හොරකම පමණක්‌ නොව සාරධර්මද පිරිහෙමින් පවතින අද වැනි යුගයක ඔබටත් මටත් විශ්වාස කළ නොහැකි, කිසිවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි උත්තම ගණයේ සත් ක්‍රියාවක්‌ 17 දා හවස 6.30 සිට රාත්‍රි 8.30 වනතුරු කන්තලේ 91 වෙන්ඩ්‍රාසන්පුර ප්‍රදේශයේදී පෙන්නුම් කිරීමට නුවර පේරාදෙනිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්‌ සමත් විය.

    වේලාව 17 දා හවස 6.30 ට පමණ ඇත. හදිසියේම මෙම ලියුම්කරුගේ නිවසට අහල පහල නිවසක පොඩි එවුන් දෙදෙනකු පවසා සිටියේ පාර හරහා ගමන් කළ වාහනයකට වැදුණු වඳුරෙකු තුවාල ලබා ගසක සිටින බවයි. එමෙන්ම වඳුරා අසල සිටින නොහඳුනන පුද්ගලයෙකු කන්තලේ වනජීවී කාර්යාලයේ නොම්මරය මගෙන් ඉල්ලා එන්න කියූ බවත් ඔවුහු කීහ.

    නොම්බරය කොල කැබැල්ලක ලියා පිටත් කළ මා කෝකටත්කියා මා දන්නා හඳුනන වනජීවී කාර්යාලයට ඇමතුමක්‌ රැගෙන සිද්ධිය සිදුවී ඇති වෙන්ඩ්‍රාසන්පුර ප්‍රදේශයට පැමිණෙන ලෙස දැනුම් දුන්නද ඒ වන විට නිලධාරීහු අලින් පැන්නීමේ මෙහෙයුමට ගොස්‌ තිබුණි. ඒ හෙයින් මමද ඉක්‌මණින් වඳුරා සිටි ස්‌ථානයට ගියෙමි. ඒ වන විට මාර්ගය අයිනේ ගමේ විශාල පිරිසක්‌ රැස්‌ව සිටි අතර නාඳුනන වයස අවුරුදු 30 ක්‌ පමණ පෙනුමැති හෙල්මටයකින් මුහුණ ආවරනය කරගෙන සිටි තරුණයකු අර තුවාලවූ වඳුරා දැමූ පොහොර උරයක්‌ද අතේ රුවාගෙන යතුරු පැදියත් අසල සිටගෙන සිටියේය.
    ඔහු සමග කතා බහ කරද්දී තරුණයා කියා සිටියේ හැකි ඉක්‌මණින් සතාව වනජීවී කාර්යාලයට ගෙනයැම සඳහා තමන්ට ත්‍රිරෝද රථයක්‌ සපයා දෙන ලෙසත් ගාන කීය වුණත් තමන්ට ප්‍රශ්නයක්‌ නොවන බවත්ය. ඔහු කීවේ පළාතේවත් නොවන මෙබඳු නන්නාඳුනන පුද්ගලයෙකුගේ මෙම කාරුණික ඉල්ලීමට එකඟවූ මම, මා ගැනද ඔහුට හැඳින්වීමක්‌ කළෙමි. පසුව ත්‍රිරෝද රථයක්‌ රැගෙන කන්තලේ වනජීවී කාර්යාලයට අප දෙදෙනාත් තවත් තරුණයෙකුත් පිටත් වූයෙමු.

    අප යන විටද පිටතට ගොස්‌ සිටි පිරිස පැමිණ නොසිටිය අතර එහි සිටියේ අඩවිවන නිලධාරී රත්නායක මහතා පමණි. රත්නායක මහතා පිරිසට හැකි ඉක්‌මනින් කාර්යාලයට ළඟාවන ලෙසට දැනුම් දුන් අතර මේ වනවිට පැය භාගයකට පමණ ආසන්න වේලාවක්‌ ගොස්‌ තිබුණි. මේ අතර අර තරුණයා අප ත්‍රිරෝද රියෑදුරා හා අනෙක්‌ පුද්ගලයාද කාර්යාලයෙන් පිටතට කැඳවාගෙන ගොස්‌ යම්කිසි සාකච්ඡාවක නිරතවන්නට වූයෙන් යම් සැකයක්‌ ඇතිවූ මමද එම ස්‌ථානයට ගියෙමි. ඔහු කතා කරමින් සිටියේ වඳුරාට ප්‍රතිකාර පමා වුවහොත් ඌ මිය යන්නට ඉඩ ඇති බැවින් ප්‍රතිකාර සඳහා වනජීවියේ මෙම පළාතේ ප්‍රදාන කාර්යාලය වන කිලෝමීටර් 70 ක්‌ පමණ ඈතින් පිහිටි ගිරිතලේට ගෙනි යන්නටය.
    මේ අතරතුර වනජීවී නිලධාරීන් පැමිණි අතර ඒ වන විට වේලාව රාත්‍රි 7.30 ට පමණ ඇත. මෙතෙක්‌ උරය තුළ දඟලමින් සිටි වඳුරාද නිසොලමන්වී සිsටියේය. වන නිලධාරීහු කන්තලේ පශු වෛද්‍ය නිලධාරීහු සෙනවිරත්න මහතාට දුරකථන ඇමතුමක්‌ ගත්හ. ඒ වන විට ඔහුද යම් අවශ්‍යතාවක්‌ සඳහා පිටතට ගොස්‌ සිටි අතර මෙම හදිසි කාරණය දැන්වීමෙන් පසු සතාව කාර්යාලයට රැගෙන එන ලෙසත් තමන් හැකි ඉක්‌මණින් කාර්යාලයට පැමිණෙන බවත් කියා සිටියෙන් වඳුරාද රැගෙන වනජීවී නිල රථයෙන්ම අපි ඔහුගේ කාර්යාලයට ගියෙමු.

    විනාඩි 5 ක 10 කාලයකින් පසුව පශු වෛද්‍යවරයා පැමිණියේය. කාර්යාලයේ සතුන් පරීක්‍ෂා කරන සිමෙන්ති බැම්ම උඩ තියා මෙතෙක්‌ බැඳ තිබූ පොහොර උරය සෙමින් සෙමින් ලිහුවද බැමි සියල්ල ලිහනවාත් සමග මොන තරම් අඩු දඩු කැඩී ඔත්පලව සිටියාද ලේ ගලමින් සිටි වඳුරා කාමරය පුරා දුව පනින්නට විය. කෙසේ හෝ විනාඩි කීපයක දැඩි පරිශ්‍රමයකින් පසු වඳුරා වත්තම්කරගෙන ඌට ප්‍රතිකාර ලබා දෙන්නට පශු වෛද්‍යවරයා සමත්වූ අතර මෙහිදීද සතාව අල්ලා ගැනීමට හා ඌට ප්‍රතිකාර කිරීමට පශූ වෛද්‍යවරයාට නොමඳ සහයක්‌ ලබා දුන්නේ අපේ නොහඳුනන තරුණයාය.

    මේ වන විට වෙනවා රාත්‍රි 8.30 ට පමණ ඇත. ත්‍රිරෝද රථ රියෑදුරුට ඔහුගේ කුලිය ලබාදීමෙන් අනතුරුව මෙම පුද්ගලයා ගැන අප සියලු දෙනාම තොරතුරු විමසුවද ඔහු සඳහන් කළේ තමන් නුවර පේරාදෙණියේ අයෙකු බවත් පරිසරයට හා සොබාදහමට ලැදි ඊට ඇලුම්කරන සත්ත්වවේදියෙකු ලෙස දැනට සේවය කරන බවත් පමණි. සිද්ධිය පුවත්පත් මගින් ප්‍රචාරය කිරීමටද ඔහුගේ කැමැත්තක්‌ නොතිබූ අතර සිද්ධියට මුහුණදී අපෙන් සමුගන්නා තෙක්‌ද ඔහු මුහුණ වසා දමා සිටි හෙල්මටය නම් ගැලවූයේ නැත.

    ත්‍රිමලේ සිට නුවරබලා ගමන් කරමින් සිටියදී කන්තලේ වෙන්ඩ්‍රාස පුර 91 ප්‍රදේශයේදී පාර හරහා පැන්න වඳුරෙකු කාර් එකක හැපී තුවාල සහිතව ලේ පෙරමින් නොන්ඩි ගසමින් ජනපදයේ නිවසක්‌ අසල ගසකට නැගගන්නවා මෙම තරුණ අනිල් මහතා දැක ඇත. පසුව ඔහු තම ගමනද අමතකොට යතුරු පැදිය හරවාගෙන අවුත් ගමේ පිරිස්‌ විශාල පිරිසක්‌ බලා සිටියදී මහත් වෑයමක්‌ දරා මෙම සත්ක්‍රියාවට දායකත්වය ලබාදීම ඇත්තටම වනජීවී නිලධාරීන්ට පශු වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන්ට මෙන්ම අපටද ගැටලුවකි. කෙසේ වුවද සල්ලිවලට තම ආත්ම ගරුත්වය පමණක්‌ නොව රටේද තම අඹු දරුවන්ගේද ජීවිත නන්නත්තාර කර දමමින් මිනී මරණ අය සිටින රටක මෙවැනි මිනිසුන් ගැන ලියන්නටද වචන මදිය.

    පශු වෛද්‍ය සෙනවිරත්න මහතා ප්‍රතිකාර ලබාදුන් අයුරු... හෙල්මටය පැළ`ද සිටින්නේ වඳුරාගේ ගැලවුම්කරුය.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සල්ලිවලට තම ආත්ම ගරුත්වය පමණක්‌ නොව රටේද තම අඹු දරුවන්ගේද ජීවිත නන්නත්තාර කර දමමින් මිනී මරණ අය සිටින රටක මෙවැනි මිනිසුන් ගැන ලියන්නටද වචන මදිය.
    :yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇත්තටම කඳුළු ආවා..
    මෙන්න මිනිස්සු..
    අනේ මේ වගේ මිනිස්සු ඉන්නවනම් ලෝකෙ කොයිතරම් ලස්සන වෙයිද?